IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මෙතෙක් තිබූ අවිනිශ්චිතම මැතිවරණය මෙවරයි‘

වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීරණයට චන්ද්‍රිකා, රාජිත, අර්ජුන වැන්නවුන් මෙතරම් විරුද්ධ වුවත් හුරු පුරුදු පරිසරය හා නිදහස් සන්ධානයේ  නායකයන් විසින් කළ බලකිරිම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට තීරණය කළ බවත් පක්ෂය ඇතුළින් කරන බල කිරිම තදින් දැනුණු ජනපතිවරයා ගන්නට තිබු එකම විකල්ප තීරණය මෙය බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ලංකාදීප එසැණට පැවැසීය.

නිදහස් සන්ධානය එකට එකතු විම එක්සත් ජාතික පක්ෂයට විශාල තර්ජනයක්  බවත් ජනවාරි 8 වැනිදා ජනතාව බලාපොරොත්තු වු වෙනසට මේ වන විට ජනතාවගේ එතරම් සතුටක් නොමැති බවත් මෙවර මැතිවරණය ලංකාවේ මෙතෙක් තිබූ අවිනිශ්චිතම මැතිවරණය විමට හැකි බවත් අත්තනායක මහතා කීවේය.

 



අදහස් (0)

‘මෙතෙක් තිබූ අවිනිශ්චිතම මැතිවරණය මෙවරයි‘

වින්සන්ට් Sunday, 05 July 2015 09:19 AM

අපිටත් හිතා ගන්න බෑ දැන් මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

එල්.කේ.එස් චන්ද්‍රසිරි Saturday, 04 July 2015 03:45 PM

රබර් බෝලේ තොච්චර වතුරේ ගිල්වන්න හැදුවත් නැවත නැවත උඩ එනවා (නදී)

:       0       0

ඩයස් Saturday, 04 July 2015 03:47 PM

ඔබතුමා මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්දයට ඉදිරිපත් වන්න. එතකොට ජනතාවගේ සිතුම් පැතුම් තේරේවි. (නදී)

:       0       0

සුසන්ත Saturday, 04 July 2015 03:52 PM

තිස්සට පිස්සු නැත්නම් ශෝක්.(නදී)

:       0       0

අසිත Saturday, 04 July 2015 04:02 PM

මොන බලපෑම් ආවත් කොන්ද කෙළින් තියාගෙන තීරණයක් ගතයුතුයි. නැත්නම් අන්තිමට වෙන්නේ නිකන්ම නිකන් අවලංගු කාසියක් වෙන එක විතරයි. (නි)

:       0       0

සජිත් Saturday, 04 July 2015 04:03 PM

ඒක නම් සහතික ඇත්ත. (නි)

:       0       0

ජයසේන Saturday, 04 July 2015 04:29 PM

ඔබට මෙවර කීමට ඇත්ත මෙපමනද? (නි)

:       0       0

රනුක Saturday, 04 July 2015 04:51 PM

මහින්ද මහත්තයගේ ජයග්‍රහණය පිළිබඳ අපිට නම් කිසිම අවිනිශ්චිත බවක් නැත. (නි)

:       0       0

කණිෂ්ක Saturday, 04 July 2015 04:52 PM

අනේ මගේ කට! (නි)

:       0       0

සිල්වා Saturday, 04 July 2015 04:56 PM

ආ ආ මේ මෙයානේ... මම මේ කල්පනා කර කර හිටියේ මෙයා කොහෙද කියලා... (නි)

:       0       0

ටෙනිසන් Saturday, 04 July 2015 05:06 PM

මගේ මතකයේ තිබෙන මුල්ම මැතිවරණය 1960 මාර්තු මැතිවරණයයි. එතැන් සිට තිබුන මැතිවරණ අතරින් අවිනිස්ච්ත මැතිවරණයක් වුයේ 1965 මැතිවරණයයි. මැතිවරණ දිනට පසුදින උදෑසන 7 වනවිට කොළඹින් සැතපුම් හයකට එපිටින්වූ දෙහිවල නගරයෙහි ප්‍රදාන පක්ෂ දෙකේ ආදාරකරුවන් තෙවරක් මාරුවෙන් මාරුවට රතිංඥා පත්තු කළා. අවසානයෙහි එජාපය තවත් පක්ෂ හයක් සමග එකතුව පිහිටවූ රජය හත්හවුල නමින් ප්‍රකට වූවා. තිස්ස අත්තනායක මහතා කිවූ පරිද ඉන්පසු පැවැත්වෙන අවිනිස්චිතම මැතිවරණය මෙයයි. එමෙන්ම ඉතා සතුටින් කිව යුතුයි එදා මැතිවරණ හරිම සුන්දරයි. (නදී)

:       0       0

අනිල් රෝහණ Saturday, 04 July 2015 05:43 PM

ජනාදිපතිතුමා දන්නවා එතුමා වටා ඉන්න අනිත් මන්ත්‍රී වරුන්ට මේ පාර අත්වෙන ඉරණම සහ ඔවුන්ට තිබෙන ඡන්ද පදනම. නොවටිනා රුපියල් දහයේ කොලේට වඩා තඹ වලට විකුනන්න හරි තඹ සතේ වටිනවා කියල එතුමා දන්නවා (නදී)

:       0       0

නන්දිතා Saturday, 04 July 2015 06:52 PM

මග සිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී. ජනාධිපතිතුමාට වෙලා තියෙන්නේ මේ ටික. (නදී)

:       0       0

ලකී Saturday, 04 July 2015 06:57 PM

කාට කොහොම උනත් ඔබට නම් අවිනිශ්චිතයි අත්තනායක මහත්තයෝ (නදී)

:       0       0

මහේෂ් Saturday, 04 July 2015 07:00 PM

අර පහුගිය දවස්වල කරපු බොරු ප්‍රචාර අපට අමතකයි කියලද හිතුවේ. (නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 04 July 2015 07:16 PM

මේ ප්‍රධාන පක්ෂ දෙක හැරෙන්නට මිනිසුන් වෙනත් විකල්පයකට යායුතුයි (නි)

:       0       0

තමර Saturday, 04 July 2015 07:52 PM

මම නම් නිශ්චිතව දන්නවා වෙන දේ (නි)

:       0       0

චන්දා Saturday, 04 July 2015 08:41 PM

මෙතුමාගේ අතීත දේශපාලන කියුම් කෙරුම් වල තිබු ප්‍රෝඩාව එතුමාට පහළට ඇද දැමුවා. (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 04 July 2015 09:26 PM

තිස්ස අත්තනායකට ඒ ගැන අටුවා ටීකා කියන්න අමුතුවෙන් අවශ්‍ය නැහැනේ? (නි)

:       0       0

සෑම් Saturday, 04 July 2015 09:57 PM

දේශපාලන වශයෙන් තමාගේ ගෙල තමාම සිඳගත් අයත් ඉන්නවනේ! (නි)

:       0       0

නන්දසේන Saturday, 04 July 2015 09:58 PM

මටත් හිතෙනවා මෙතුමා කියන දේ නිවැරදියි කියලා (නි)

:       0       0

අයිවන් Saturday, 04 July 2015 10:12 PM

තමාගේ පක්ෂය බලය රැකගන්න රටට මොනවා වුණත් කමක් නැත. ඔය හැමෝම ජනතාව රවටනවා. මේ ක්‍රමය වෙනස් කරන්න පොරොන්දු දීලා ඒකමයි කරන්නේ. ජනතාව අපේ රට බේරාගන්න බුද්ධිමත්ව කතිරය ගසනු ඇතැයි සිතමි (නි)

:       0       0

ප්‍රීති Saturday, 04 July 2015 10:59 PM

මේ සැරේ මෙතුමා ඡන්දය ඉල්ලන්නෙ නැද්ද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 04 July 2015 11:34 PM

මේ තිස්ස අත්තනායක වගේ මිනිසුන් දේශපාලනය කරනවාට වඩා හොඳයි කුඹුරකට බැහැලා වල් පැල උදුරනවා නම්. මෙවෙනි පුද්ගලයන් දේශපාලනයේ යෙදෙමින් කරන්නේ බොරුව ඇත්ත කරමින් ඇත්ත බොරුව කරමින් එම පද්දතියම විනාස කිරීමයි. මොහු එදා කල හොර අත්සන් මගඩියට වෙනත් රටක නම් මෙලහකට එල්ලුම් ගහේ. මොවුන්ව දේශපාලනයෙන්ම තුරන් කර දමන්න බුද්දිමත් සියලු දෙනා පෙළ ගැසෙන්න. (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 04 July 2015 11:41 PM

ඒ වගේම පක්ෂයක තියාගන්න බය හිතෙන මෙතෙක් පහල වූ භයංකර අවිනිශ්චිත පුද්ගලයාත් මොහුයි (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 05 July 2015 12:17 AM

රටේ ජනතාව බුද්දිමත් උනොත් ජනවාරි 8 වෙනිදා වගේ විශාල ලේ වැගිරීමක් වලක්වා ගන්න පුළුවන් (නදී)

:       0       0

රණසිංහ Sunday, 05 July 2015 12:39 AM

ලංකාවේ දේශපාලනය කියන්නේ පුදුමාකාර විහිළුවක්. හැමෝගෙම තියෙන්නේ බල තණ්හාව (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Sunday, 05 July 2015 01:01 AM

ඔබතුමාගේ දේශපාලන අනාගතය අවිනිශ්චිත බව නම් අපි හොඳටම දන්නවා. (නි)

:       0       0

නිමල් Sunday, 05 July 2015 01:33 AM

ජනතාවට අවශ්‍ය වෙලා තිබුණේ ඡන්දයක් නෙමෙයි. ඡන්ද ක්‍රමයේ වෙනසක්. අපෙන් ඡනදෙ අරන් දිනලා ගිය අයට ජනතාවගේ අවශ්‍යතාවය වැදගත් නෑ. ඔවුන්ට වුවමනා ඔවුන්ගේ මඩිය තර කරගන්ටයි. නැවතත් හොරු, තක්කඩි, මැරවරයෝ ටික රජ වෙයි. ජනතාවට පිරිසිඳු හුළං ටිකත් නැති වෙයි. 1977 ට පෙර තිබූ ලංතාවේ ප්‍රජාතන්ත්‍රවාදයටවත් යන්නට ඇයි මේ ජනතාවට වුවමනාවක් නැත්තේ. ලංතාවේ මිනිසුන්ට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ද පුද්ගලවාදයක් ද යන්න නම් මට අපැහැදිලි යි. කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් පෙර මැතිවරණයන්ට වඩා විශාල රැවටීමකට දැනටමත් අසුවී ඇති බව නම් පැහැදිලිය. දූෂිතයන් රටක් පාලනය කරන ලෝකයේ එකම රට ලංකාවයි. මෙය වටහා දීම ජනමාධයයේ වගකීමකි. (නදී)

:       0       0

දම්මි Sunday, 05 July 2015 01:40 AM

දුෂණ චෝදනා තියෙන,කුඩු විකුනපු ,මිනීමරු ,එතනෝල් ,මෙගා ඩීල් අයට මෛත්‍රී මහත්තය මේ පාර නාම යෝජනා දෙන්නේ නැහැල්ලුනේ. ඒ ගොල්ලෝ වෙනම මහින්ද මහත්තයත් එක්ක ඉල්ලන එක සාදාරනයි. මොකද මේ හොරුන්ට පාර්ලිමෙන්තුවට රිංගුවේ නැත්තම් හිර ගේ තමයි. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 05 July 2015 01:42 AM

මහින්ද මහත්තයා මේ පාරත් පැරදුනොත් අපි කොහොම හරි බස්නාහිර මහා ඇමති කරමු. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 05 July 2015 01:52 AM

මෙයාට වැරදිලා. ජනතාවගේ සිතුම් පැතුම් මෙයා ඔතරම් හඳුනනවා නම් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් කම දාල යනවද එම වෙලාවේ. මේ තීරණය ගත්තේ ජනාධිපති තුමාද, සන්ධානේ ලේකම්තුමාද කියල විමසා බලල මේ වගේ ප්‍රකාශ කලොත් නේද හොඳ. නැත්නම් ඔබතුමාගේ ප්‍රකාශ අර හොර අත්සන් ගොඩටම වැටේවි නේද? (නදී)

:       0       0

දිසා Sunday, 05 July 2015 02:10 AM

මහින්දගේ ලනුව උගුරටම ගිල්ලා මෛත්‍රී , දැන් ඔබට වෙලා තියෙන්නේ ,මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී ..යන දෙයමයි ....(ම)

:       0       0

අමරවීර Sunday, 05 July 2015 02:57 AM

දේශපාලනය කලකිරුණු සමාජයක් එක්ක ඡන්දය කරන්න වැඩක් නැහැ. එක්කෙනෙක් වත් විශ්වාස කරන්න බැහැ. අපි ඡන්දේ දුන්නේ ඇයි කියලා හිතෙනවා. (ම)

:       0       0

ක්‍රිෂ්ණා Sunday, 05 July 2015 03:43 AM

තිස්සගේ ඔපීනියන් අරං මහින්ද එක සැරයක් ඇ‌න ගත්තා.දැන් චුට්ටක් සද්දේ වහලා ඉන්නවද තිස්ස. (බ)

:       0       0

තමීර Sunday, 05 July 2015 03:53 AM

දිසා අපි බලමු කව්ද අන්තිමට අනාගන්නේ කියලා. මෛත්‍රී හීන් නුලෙන් වැඩේ ගෙනියන හොඳ බුද්ධිමතෙක්. මහින්දට හැරෙන්නවත් බැහැ.(ම)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 05 July 2015 04:47 AM

මෛත්‍රි මහත්තයගේ කණ්ඩායම සන්ධානෙන් ඉදිරිපත් නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විතරක් තරඟ කලොත් මොකක් වෙයිද? (ම)

:       0       0

ප්‍රසාද් Sunday, 05 July 2015 04:47 AM

අයියෝ තිස්ස............. (ම)

:       0       0

සඳුන් දුෂාන්ත Sunday, 05 July 2015 05:36 AM

මාරයි (බ)

:       0       0

හැරිස් Sunday, 05 July 2015 06:11 AM

අවිනිශ්චිත නැහැ. මහින්ද එනවම තමයි (බ)

:       0       0

කමල් Sunday, 05 July 2015 07:02 AM

තිස්ස තිස්ස මේ මෝඩ කතාව හැර වෙනත් මෝඩ කතා තියේද?(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1246 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 71 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1196 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 193 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2049 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32313 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23830 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 448 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 206 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site