IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මතුගම තරුණයෙක් හොර නෝට්ටු මාරයෙක් හදයි

හොර නෝට්ටු හඳුණා ගැනීමේ කුඩා උපකරණයක් නිපදවු  මතුගම ශාන්ත මේරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අසුරමුනි චන්දන පසංජිත් (35) ඊට පේටන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කර ඇත. සැබෑ නෝට්ටු හා හොර නෝට්ටු හඳුනා ගත හැකි බව කියන අඟල් එකයි කාලක් දිග පළල ඇති මෙම උපකරණය තම පසුම්බියේ දරැගෙන යා හැකිය. රේඩියම් රසායනයට සංවේදී බවක් දක්වන මෙම උපකරණය සැබෑ නෝට්ටු හඳුනා ගන්නේ එහි ඇති රේඩියම් වලිනි. කොල එළියක් දක්වමින් සැබෑ නෝට්ටු හඳුනාගන්නා යන්ත්‍රය හොර නෝට්ටුවකට කිසිම සංඥාවක් නිකුත් නොකරයි. නව නිපැයුම් කොමිසම කොළඹ බණ්ඩාරනායක සම්බන්ත්‍රණ ශාලායේ සහස්‍ක් නිපැයුම් ප්‍රදර්ශනයේදී මෙම යන්ත්‍රය ප්‍රදර්ශනය කරන බව ද කියයි. රුපියල් දහසකට අඩු මුලකින් මෙම යන්ත්‍රය නිශ්පාදනය කළ හැකි බව කියන ඔහු පොකට්ටුවද සමග රුපියල් 1500කට මිල කළ හැකි බවත් සඳහන් කරයි.



අදහස් (0)

මතුගම තරුණයෙක් හොර නෝට්ටු මාරයෙක් හදයි

මහින්ද Monday, 01 October 2012 12:47 AM

මම හිතන්නේ නෑ මේකට අවසර ලැබෙයි කියලා ,,,,.(ස)

:       0       0

ලංකා Monday, 01 October 2012 12:56 AM

ලංකාවේ සිටින දක්ෂයින්ට රජයේ අවස්ථාවක් නුදුන්නහොත් ඔවුන්ගේ මිළ කළ නොහැකි දක්ෂතා පිටරට වලට වෙන්දේසි වේවි. (නි)

:       0       0

ලලිත් Monday, 01 October 2012 01:48 AM

ෂූවර්. මේ ළමයාට පේටන්ට් බලපත්‍රය දෙන්නේ නැහැ. (නි)

:       0       0

ධම්මික Monday, 01 October 2012 01:52 AM

අයියෝ මල්ලි, පේටන්ට් එක අරගෙනම වැඩේ එළියට දැම්මා නම් තමයි හොද. (නි)

:       0       0

නිසාර් Monday, 01 October 2012 02:01 AM

මෙම තරුණයාව ආරක්ෂා කිරීම අපේ රටේ වගකීමක්. (නි)

:       0       0

සුපුන් Monday, 01 October 2012 04:03 AM

ඒ කාලේ හදට ගල් ගැහුවට මේ කාලේ මතුගම හොද වැඩකාරයෝ ඉන්නවා. (නි)

:       0       0

සිල්වා Monday, 01 October 2012 07:07 AM

රට යන විදියට මෙවන් උපකරණයක් සැදුවා යැයි කියා දිවුරුම් පෙත්සමක් මගින් දැනුම් දෙන්න වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

වරුණ Monday, 01 October 2012 07:49 AM

අපේ රටේ හොරුන්ට තමයි තැන .(ස)

:       0       0

ඩිලනි Tuesday, 06 November 2012 12:50 PM

සුබ පැතුම් මල්ලියෝ .අපේ පාසලට ආඩම්බරයක්...සුබ පැතුම් (ස)

:       0       0

තුසිත Monday, 01 October 2012 08:26 AM

මගේ සුභ පැතුම් අයියා. (නි)

:       0       0

සරා Monday, 01 October 2012 08:34 AM

මේක රජයෙන් අනුමත වෙන්නේ නැහැ. ඕන ඔට්ටුවක්. අපරාදේ මේ තරුණයාට තිබුනේ මේක පිටරකටක ගිහින් එලිකරන්නයි. ඒ රට වල මහ බැංකුවෙන් මේ සදහා ආධාර කරයි. .(ස)

:       0       0

හසී Monday, 01 October 2012 09:04 AM

නියම වැඩක්.... දෙන්න තැනක්.... (නි)

:       0       0

සරත් Monday, 01 October 2012 09:13 AM

විශිෂ්ටයි. ඉදිරියේදී තවත් දියුණු කරගමු. (නි)

:       0       0

ශලිනි Monday, 01 October 2012 09:20 AM

රේඩියම් කියන්නෙ විකිරණශීලි දෙයක් සහ මිල අධික දෙයක්,එතකොට නෝට්‍ටුවේ ඒවා තියෙන්නෙ කොහොමද?අල්ලන අයට cancer හැදෙන්නෙ නැද්ද? .(ස)

:       0       0

දමිත Monday, 01 October 2012 09:43 AM

සුභ පැතුම්. තව තවත් නව නිර්මාණ ලෝකෙට ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා.(ස)

:       0       0

රවී Monday, 01 October 2012 09:44 AM

මල්ලි නියමයිනේ. හැබැයි මල්ලි මේකට රාජ්‍ය අනුග්‍රහය නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේක "මේඩ් ඉන් චයිනා"‍ නෙමෙයිනේ. (නි)

:       0       0

රාජපක්ෂ Monday, 01 October 2012 09:59 AM

පරිස්සමින් , සුදු වෑන් එකකින් උස්සන් යාවිද දන්නේ නෑ . ඔබට මගේ සුබ පැතුම් (ස)

:       0       0

රොශාන් Monday, 01 October 2012 10:26 AM

නියමයි කොල්ලෝ ...පරිස්සමින් ..සුබ පැතුම් (ස)

:       0       0

අශ්රෆ් Monday, 01 October 2012 10:47 AM

මෙවන් හැකියාවන් ඇති තරුණයින්ට අත දිය යුතුයි (නි)

:       0       0

අනුර Sunday, 30 September 2012 05:55 PM

සුබ පැතුම්. නමුත් රාජ්‍ය අනුග්‍රාහයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේක මේඩ් ඉන් ශ්‍රී ලංකානේ. පිටරට රකක් නම් 1500 ට 15000 ක් දීල හරි ගනීවි. (ස)

:       0       0

චන්දන Sunday, 30 September 2012 05:57 PM

නියම වැඩක් .. අපේ සුභපැතුම් (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 30 September 2012 06:13 PM

වැඩ කාරයාට බොරු බැහැ. (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 30 September 2012 06:20 PM

තව දේවල් සොයාගන්න. ඔබත් රටත් පෙරටම ගෙනයන්න. (ස)

:       0       0

අමිල Sunday, 30 September 2012 06:32 PM

උණුසුම් සුභ පැතුම්... (ස)

:       0       0

ලලිත් කටාර් Sunday, 30 September 2012 06:29 PM

කියලා වැඩක් නැහැ. මහත්මයෝ ඔබට සියලු ජය. බලධාරීන් මේ වගේ දක්ෂයන්ව හඳුනාගෙන වැඩිදියුණු කිරීමට අත දිය යුතුයි. (ස)

:       0       0

දයා සෞදි Sunday, 30 September 2012 06:35 PM

විශිෂ්ඨ නිපැයුමක්. ජාතයන්තර ප්‍රචාරයක් ලැබී නිපැයුම්කරුට සාධාරණයක් ලැබීමට සැලැස්සුවොත් යෙහෙකි. (ස)

:       0       0

යොහාන් Sunday, 30 September 2012 06:52 PM

අද තියෙන හොර නෝට්ටු වල හැටියට ඔය යන්තරය ලග තිබෙන්නම ඕනේ. (ස)

:       0       0

තිලක් ඇලපාත Sunday, 30 September 2012 06:51 PM

එළකිරි වැඩක්. මගෙන් සුබ පැතුම් (ස)

:       0       0

සිල්වා තාබුක් Sunday, 30 September 2012 06:57 PM

හොද වැඩක්. මාධ්‍ය තුලින්මයි ප්‍රචාරය දෙන්න ඕනේ. ජය වේවා !!!! (ස)

:       0       0

ප්‍රින්ස් Sunday, 30 September 2012 07:05 PM

විශිෂ්ඨයි. හොඳ උපකරණයක්. (ස)

:       0       0

චමින්ද - සෞදි අරබිය Sunday, 30 September 2012 07:25 PM

ඔය නිශ්පදනයට අතදිලා දියුණු නොකලොත් පිට රටින් ඇවිත් තුට්ටු දෙකට අපෙන් අරන් දහස් ගානකට අපිටම විකුණයි. එතකොට නම් අපෙ අය පොර කකා ගනීවි. (ස)

:       0       0

නිරාන් සෞදි Sunday, 30 September 2012 08:27 PM

බහුතරයක් විදියට ගත්තොත් ලාංකිකයන් විතර දක්ෂ අය වෙන කිසිම රටක නැහැ. සෑම ලාංකිකයෙකුටම මේ දක්ෂකම නිතැතින්ම පිහටා තිබෙනවා. (ස)

:       0       0

නිසල් Monday, 01 October 2012 05:18 PM

මෙච්චර වටිනා දෙයක් ඇයි මෙහෙම අඩු මුදලකට දෙන්නේ? (නි)

:       0       0

කමල් Sunday, 30 September 2012 09:16 PM

එහෙනම් මේක රේඩියම් සංවේදකයක් විතරයි. මුදල් හඳුනාගන්නා යන්ත්‍රයක් නොවේ. බොහොම ලේසියෙන් වංචා කරන්න පුළුවන් වෙයි. (ස)

:       0       0

ආරිස් Sunday, 30 September 2012 09:21 PM

බලපත්‍ර අරගෙන දියුණු කරන්න. ලංකාව තුළම හොඳ ඉල්ලුමක් ලැබෙයි. (ස)

:       0       0

දිලූෂ සොයිසා Sunday, 30 September 2012 09:34 PM

මගේ සුබ පැතුම්......... විශිෂ්ඨ වැඩක් . (ස)

:       0       0

මොහොමඩ් නියාස් Sunday, 30 September 2012 10:00 PM

ලොකු ව්‍යාපාරිකයන්ගේ බඩට ගල් පහරක් තමයි. (ස)

:       0       0

පාලිත වීරතුංග Sunday, 30 September 2012 10:17 PM

සියළු බැංකු මෙය දිරි දීමක් වශයෙන් ගනිත්වවා............. !!!!!!!!!!!!!!(ස)

:       0       0

තුවාන් Sunday, 30 September 2012 10:30 PM

ටිකක් පරිස්සම් උනොත් තමයි හොඳ. දන්නවනේ හෙර සල්ලි අච්චු ගහන අයට දේශපාලන රැකවරණය තියෙනවා කියලා. (ස)

:       0       0

නුවන් Sunday, 30 September 2012 10:36 PM

මුලින්ම මේක හදපු මහත්මයට මගේ හද පිරි ස්තුතිය ,සතුට පිරිනමනවා .ඒ අලුත් දෙයක් ලංකාවේ මිනිහෙක් විදිහට අපට දායාද කලාට . එත් මේකේ අව්ලක් තියනවා .මේක වැඩි කාලයක් හොර නෝට්ටු වලට පිලියමක් වෙන එකක් නෑ.මොකද මේක හොර නෝට්ටු අල්ලන උපකරණයකට වඩා Radium detector එකක් කිව්වොත් නිවැරදියි .එතකොට radium තියන ඕනෑම නෝට්ටුවක් හොද නෝට්ටුවක් විදිහට පෙන්නනවා .හොර නෝට්ටු වල radium ගාල තිබුනත් එකත් හොද නෝට්ටුවක් විදිහට පෙන්නනවා . radium ගාපු සල්ලි ගහන්න සාමාන්‍ය මිනිහෙකුට ලේසි නෑ .මොකද රේඩියම් හොයාගන්න amarui එත් අපේ අයියල එකත් කරයි කොහොමහරි . එක තමා තියන අව්ල.සමහර විට මේක හදපු මහත්මය ඔය උපකරණෙ හදල ඇත්තේ විකිරනශිලත්වයට සංවේදී වෙන්න වෙන්න ඇති .එහෙම උනොත් නම් හොරුන්නට වැඩේ ලේසියි .මොකද එතකොට රේඩියම් ම ඕන නෑ .කොහොම උනත් මේක හදපු මහත්මයට මේක දියුණු කරගන්න අවස්ථාව ලැබෙන්න කියල මම සුබ පතනවා .එහෙම නැතුව මේකේ අඩුපාඩු කියල විසි කරලා දාන්න නරකයි . .(ස)

:       0       0

සේනානායක Sunday, 30 September 2012 11:21 PM

විශිෂ්ට වැඩක්. කාලීන අවශ්‍යතාවයක්. (නි)

:       0       0

විජේරත්න Sunday, 30 September 2012 11:23 PM

ඔහුට තැනක් දෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 119 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 145 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 156 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 567 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 900 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 270 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39761 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site