IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් මරන හයක්

තරිඳු ජයවර්ධන

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමෙන් 17 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවත්, ඉන් හය දෙනකු මිය ගිය බවත් ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් ‘ලකාදීපයට‘ පැවසීය.

මිය ගිය හය දෙනා අතර අවුරුදු 13ක පාසල් සිසුවකු සහ අවුරුදු 14 හා 15 වයස්වල සිසුවියන් දෙදෙනකු ද සිටින බව එම ප්‍රකාශකයා කීවේය. 

අද දහවල් 2.30ට පමණ මීතොට මුල්ල කුණු කන්දේ කොටසක් නාය යෑමෙන් නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් යට වන්නට ඇතැයි සැක කරේ. ඉන් නිවාස රැසක සිටි පිරිස් දිව ගොස් දිවි බේරා ගත් බව ප්‍රදේශවාසියෙක් කීවේය.

අද රාත්‍රී අඳුරේම යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කළ අතර රාත්‍රී 9ට පමණ හමුදා මෙහෙයුම් තාවකාලිකව නතර කැරිණි. එහෙත් ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක් නිවෙස් සෝදිසි කරන අයුරු දක්නට ලැබිණි.

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව ප්‍රදේශවාසීහු අවස්ථා කිහිපයකදීම විරෝධතා පැවැත්වුවද දේශපාලන කඹ ඇදිල්ල නිසා එය ඉවත් නොකළ බවත්, අද උදේ වන තුරුම කුණු ගෙනැවිත් දැමූ බවත් ප්‍රදේශවාසියෙක් කීවේය.

කුණු කන්ද කඩා වැටීමත් සමඟ කුපිත වූ පිරිසක් කුණු කන්ද මුදුනේ තිබූ බැකෝ යන්ත්‍ර දෙකකට ගිනි තැබීය.

රාත්‍රී 10 පමණ වන විටත් මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලය අසල ප්‍රදේශවාසීහු පිරිසක් රැස්ව සිටියහ.

අවට පොලිසි රැසක විශාල පිරිසක් ද පැමිණ සිටිති. එම ප්‍රදේශයේ සිටි තම ඥාතීන් ගැන විස්තර රාහුල විද්‍යාලයයේ පිහිටවා ඇති මධ්‍යස්ථානයට ලබා දෙන ලෙස යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා ඉල්ලයි. 



අදහස් (6)

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් මරන හයක්

siri Friday, 14 April 2017 10:29 PM

කණගාටුදායක පුවතක්, දේශපලකයනි, දැන්වත් අවදිවවූ.

:       0       1

abaran Friday, 14 April 2017 10:55 PM

පුවත් පත් වලින් (විශේෂයෙන් ලංකාදීපයෙන්) ඔය කුණු කන්ද ගැන කතා කරන්නේ අද ඊයේද ? දහජරා දේශපාලකයන්ට බලය ලැබුනාම ඒ අය හැමවෙලේම බලන්නේ තම තමන්ගේ පවුල් ප්‍රශ්ණ ගැන මිසක් ජනතාව ගැන නොවෙයි...කොයි පක්ෂය බලයට ආවත් ඔය දේ නවත්වන්ට බැහැ ...මට නම් ඔය සුදු ඇඳගත්තු දේශපාලකයෝ දැක්කහම ඔය කුනුකන්දටත් වඩා අප්‍රසන්නයි ..ගඳයි ....අප්පිරියයි....ජුගුප්සාජනකයි.....

:       0       0

Saman Saturday, 15 April 2017 01:44 AM

රන්ජන්ට බලතල ඇතිව මේවාගෙ දේවල් බාර දුන්නොත් නම් , එයා මේව ජනතාවගේ පැත්තෙන් විසඳාවි.

:       0       0

dias Saturday, 15 April 2017 02:49 AM

බස්නාහිර මහාඇමතිතුමෝ දැන්වත් කොළඹ කුණු ප්‍රශ්නෙට විසදුමක් න්න. පොලිතින්වලට බදු පනවා එම මුදල් යොදවා ජපානෙන් හෝ ජර්මනියෙන් තාක්ෂණය ගෙන ප්‍රතිචක්‍රීය වැඩ පිළිවෙලක් ඇති කරන්න. නැත්නම් කොළඹ කුණු උතුරු කොලබට බාන්ඩ

:       0       0

waruna Saturday, 15 April 2017 06:44 AM

මුළු ලංකාවේම කුණු ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි. පළාත්පාලන ආයතන මේ පිළිබඳව සොයාබැලිය යුතුයි.

:       0       1

.karunaratne dissanayake Saturday, 15 April 2017 11:54 AM

කාබනික පොහොර හදන්න පුළුවන්කම තිබියදී දේශපාලනඥයො වෙනත් දේවල් කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 834 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 849 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1467 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 601 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1343 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 687 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 25 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site