IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මිත්තණියගේ ශ්‍රී ලාංකික කෑම වට්ටෝරුව ඕස්ට්‍රේලියානු මිණිබිරියට ජයගෙනේ

 
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 9 - 14ත් අතර දරුවන් සඳහා පැවැත්වෙන ඉවුම් පිහුම් තරඟාවලියක ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලාංකික ආහාර සැකසුමක් ඉදිරිපත් කළ ජෝර්ජියා නම් දැරිය සමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ වෙසෙන තම මිත්තණියගේ උපකාරයෙන් මෙම ආහාර වේල සකස් කළ බව අවුරුදු 11 වයසැති ජෝර්ජියා පවසයි. 

"Junior MasterChef Australia 2020" නමින් හැඳින්වෙන මෙම තරඟාවලිය ඕස්ට්‍රේලියාවේ Channel 10 නාලිකාව විසින් සංවිධානය කරන රියැලිටි වැඩසටහනකි.

තරඟය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ජෝර්ජියාට ඩොලර් 25,000කත්‍යාගයක් හිමිවී තිබේ.

තරඟයේ අවසාන වටය වෙනුවෙන් ඇය සකස් කර ඇත්තේ කහ බතක්, ඌරු මස් ව්‍යංජනයක්, කජු ව්‍යංජනයක් පිපිඤ්ඤා සලාදයක්, පපඩම් සහ වම්බොටු ව්‍යංජයකි. අතුරුපස සඳහා දේශීය රසකාරක මිශ්‍ර චොක්ලට් සහ පොල් අයිස්ක්‍රීම් සකස් කර තිබිණි.

තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසු ජෝර්ජියා මොස් පැවසුවාය,

"මෙම තරඟය ජය ගැනීම මට විශාල පුදුමයක්, මගේ ආච්චී මට විවිධ ශ්‍රී ලාංකික ආහාර සෑදීමට කියා දුන්නා, මගේ ජයග්‍රහනයට පාර පෙන්නුවේ ඇයයි, මගේ ආච්චිත් සීයාත් මට ඉතා සමීපයි, ඔවුන් දෙදෙනාම ශ්‍රී ලාංකිකයින්,"

ඇයට ලැබුණු ත්‍යාග මුදලට කුමක් කරන්නේ දැයි විමසූ විට මෙසේ පැවසීය,

"එය මට පාවිච්චි කිරීමට හැකිවන්නේ වයස 18ක් වූ පසුවයි, ඒ ගැන හිතන්න තව අවුරුදු හතක් තියෙනවා, කෙසේවුවත් සංචාරය කරන්නත් අවන්හලක් ඉදිකිරීම සඳහාත් එම මුදල යොදාගන්න මම තැමතියි,"

(ඩේල් මේල් ඇසුරිණි - 085)

 



අදහස් (4)

මිත්තණියගේ ශ්‍රී ලාංකික කෑම වට්ටෝරුව ඕස්ට්‍රේලියානු මිණිබිරියට ජයගෙනේ

KA KUMARANAYAKA Tuesday, 10 November 2020 05:40 PM

ඉතා හොඳයි දියණිය, ශ්‍රී ලංකාව සමඟ ඉදිරියට යන්න .....

:       0       14

Perera Tuesday, 10 November 2020 06:39 PM

ඔන්න දක්ෂතා පිළිබිඹු වන වැඩසටහන්.

:       0       14

Raveendra Wednesday, 11 November 2020 06:13 AM

ඔබට අපගේ උණුසුම් සුබපැතුම් පුතේ........

:       0       0

nuwan Wednesday, 11 November 2020 10:13 AM

ලංකාවේ සූකර මාංශ වලින් රෙසිපි නෑනේ.. මිත්තනිය පොෂ් සමාජෙ වෙන්න ඕනේ මේ කියන විදියට..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 1279 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 356 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 2603 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 324 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 746 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2641 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 619 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1766 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site