
(සුජිත් හේවාජුලිගේ)
පාඩු ලබන මත්තල ගුවන්තොටුපොළේ විවිධ ආයෝජන කටයුතු සඳහා දෙස් විදෙස් ආයෝජකයන් 19 දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර ඇතැයි වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ලංකාදීපයට පැවසීය.
මේ අයගෙන් මිල ගණන් ඇතුළු සියලු විස්තර ඇතුළත් ආයෝජන යෝජනා කැඳවීමට කටයුතු සූදානම් කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.
හොඳම ආයෝජන යෝජනා සඳහා ඉඩකඩ සලසා දීම මෙහි අරමුණ බව කී අමාත්‍යවරයා ආයෝජන යෝජනා සම්බන්ධයෙන් පොදු ආකෘතියක් සකස් කරන බවද සඳහන් කළේය.
මත්තල ගුවන් තොටුපොළ රටට බරක් නොවන තත්ත්වයට පත්කිරීමේ රජයේ සහ ජනාධිපතිවරයාගේ අපේක්ෂාව අනුව තමා කටයුතු කරමින් සිටින බවද අනුර කරුණාතිලක මහතා කීවේය.
මත්තල ගුවන් තොටුපොළේ ගුවන්තොටුපළ මෙහෙයුම් ගුවන් යානා අලුත්වැඩියා, ගුවන් පුහුණු පාසල සහ අවට අනෙකුත් කටයුතු සඳහා මෙසේ ආයෝජන යෝජනා කැඳවනු ලැබේ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දිනකට රුපියල් ලක්ෂ හැටත් හැත්තෑවත් අතර දැවැන්ත පාඩුවක් ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන් ඉක්මනින් මේකට මොකක් හරි කරන්න. නැත්නම් සුදු අලියෙක් වෙනවා.
රටේ බංකොලොත් කරපු රාජපක්ෂ ගුවන් තොටුපළේ ලොකු විහිළුවක්, “ Southern Gateway--මත්තල” කිව්වනම් සාධාරණයි.
රටේ සැමගේ අවධානය පිණිසයි !!!!!මේ අපේ රටේ වත්කම්, ඉඩම් වැනි දේ කිසිම විටෙක '' යුදෙව් '' ජාතිකයින්ටවත් ඊස්රායලයටවත් බද්දටවත් දෙන්න එපා...!!!! අද ඇල්බේනියාවේ සිදුවෙලා තිබෙන ප්රශ්නය හෙට අපේ රටේ සිදුවෙන්නට ඉඩතිබෙනවා .විශේෂයෙන්ම ගරු ජනාධිපති තුමාගේ අවධානය පිනිසයි
පාඩු ලබමින් ආයතන පවත්වාගෙන යන්නාවූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වන්නට පුළුවන "අසල්වැසි රටක් සමග නොව" ලෝකයේ දියුණු ආර්ථිකයක් පවතින රටක් හෝ රටවල් සමග ගිවිසුම් ගතවීම වැදගත්