IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


මත්පැන් සාදයකට සැරසුණු සිසුන් අත්අඩංගුවට

( ප‍්‍රදීප් කුමාර ධර්මරත්න )

මහනුවර ප‍්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනකු අමතර පංති යන මුවාවෙන් කෑගල්ල පින්නවල අලි අනාථාගාරය අසල කුඩා දූපතකට ගොස් මත්පැන් සාදයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී අද(15) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.

එක් සිසුවකුගේ උපන්දිනය වෙනුවෙන් මෙලෙස මත්පැන් සාදයක් පැවැත් වීමට සූදානම් වෙමින් සිටියදී කෑගල්ල පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම සිසුන් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඔවුන් සතුව තිබී මත්පැන් බෝතලයක් සහ සිගරට් පැකට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඔවුන්ගෙන් හත් දෙනකු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අය වන බවත් එක් සිසුවකු 10 වසරේ සිසුවකු බවත් පොලිසිය පවසයි.

එම සිසුන් කෑගල්ල පොලිසියට රැගෙන විත්  ප්‍රකාශ ලබාගෙන ඔවුන්ගේ දෙමාපියන් කැඳවා බාරදීමට පොලිසිය කටයුතු කර ඇත.

 



අදහස් (11)

මත්පැන් සාදයකට සැරසුණු සිසුන් අත්අඩංගුවට

dilip Tuesday, 15 August 2017 10:01 AM

හොද වැඩක් ! පොලිසියට තැන්ක්ස් !

:       172       308

අජන්ත Tuesday, 15 August 2017 10:13 AM

මොන නිතිය යටතේද අත්තදන්ගුවට ගත්තේ? ලංකාවේ මත්පැන් බොන්න අවම වයස සීමාවක් නෑනේ.සමහර විට ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් බිමට උත්සහ කරපු නිසා වෙන්න ඇති. ලක්ෂ 1620 ගෙයක් පගාවට ගත්ත එක්කෙනවත් මේ විදිහටම අල්ලයිද?

:       538       540

aveendraTuesday, 15 August 2017 03:56 PM

අජන්ත මයාවෙත, මේ දරුවෝ ඔබේත්, මගේත්, අපගේත්, ලංකා මාතාවගේ දරුවන් බැවින් සහ පෙම්බර ලංකා මාතාවගේ අනාගත දරුපරපුර. මෙවැනි වැරදිවලට නීතියට වඩා අනාගත පරපුර යහමගට යොමුකිරීමට පොලිසිය මේ අවස්ථාවේ කල ක්‍රියාව අගය කරමි. සැමවිටම පොලිසිය මහජන දෝෂාරෝපනයට ලක්වන බව අප සියලු දෙනා දන්නා කරුණකි.

:       115       231

jantaha anura Tuesday, 15 August 2017 10:49 AM

වේවැල් පාර නොදීම වැරැද්දක් , මත පැන් උවදුර ට දෙසපලකයන් රජයේ නිලදාරීන් මුදල් ඇමති ඇතුළු නිලදාරීන් වගකිව යුතුය

:       58       102

madu Tuesday, 15 August 2017 11:01 AM

ලැජ්ජයි මේ රටේ පොලිසිය ගැන. ලොකු හොරු පැත්තක ඉද්දි කිරිකජු කොල්ලන්ව අල්ලනව.

:       345       299

perakumTuesday, 15 August 2017 02:05 PM

ලොකු හොරු ඇල්ලුවොත් කොර්ට් එක තියල ගෙදර යන්න වෙන බව පොලිසියේ මහත්තුරු දන්නවා

:       66       38

Rohitha Tuesday, 15 August 2017 11:56 AM

"මත්පැන් බෝතලයක් සහ සිගරට් පැකට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ" ඔන්න ඕවා ටමඊ දැන් පොලෝසියේ මහතුරුන්ට තියෙන රාජකාරි! ලංකාවේ වෙන අල්ලන්න අපරාද නැතුවද?

:       335       242

darshana Tuesday, 15 August 2017 02:47 PM

මේවා කොලු කාලේ කරන ඉතාම සරල දෙයක්නේ.

:       205       81

sunil Gampola Tuesday, 15 August 2017 04:54 PM

අජන්ත මදු රොහිත මල්ලිලා අදහස් ප්‍රකාශ කරද්දි වගකීමෙන්. පාසල් දරුවන් කරන වැඩ වලට උදව් කරන්න එපා

:       100       204

වින්ධ්‍යා වීරසේකර Wednesday, 16 August 2017 12:25 AM

මම පුතුන් හතර දෙනෙකුගේ අම්මා කෙනෙක්. පොලිසියට මගේ ප්‍රණාමය! සමහරුන්ගේ ප්‍රතිචාර හරිම මෝඩ සහගතයි. ලොකු අපරාධ ඇල්ලුවේ නෑ කියලා පොඩි පොඩි නීති විරෝධී සදාචාර විරෝධී ක්‍රියා මැඩලීම වැරදියි කියන මෝඩ තර්කයක සමහරුන් ඉන්නබව පේනවා. පොලිසියට පුළුවන් බාල වයස්කාරයන් මත් පැන්, මත් ද්‍රව්‍ය භාවිතය නිසා අත් අඩංගුවට ගන්න. අනිත් කාරණය නම් ළමයින්ට නීති මගින් කටයුතු කළේ නෑනේ. මව් පියන් ගෙන්නලා භාර දීලා. බොහොම හොඳයි පොලිසිය කරපු දේ.

:       0       101

ධම්ම Wednesday, 16 August 2017 04:33 PM

මහනුවර ප‍්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනකු බය නැතිව මේ වැඩේ කලේ පොලිස්පතිතුමා ඉස්කෝලේ අයියා කෙනෙක් නිසා වෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 141 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 110 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 237 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 113 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 222 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site