මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති සිය පළමු නිල සංචාරය අරඹමින් අද දහවල් යූ එල් 195 දරණ සාමාන්‍ය ගුවන් යානයකින් ඉන්දියාව බලා පිටවත් ගියේය.
අමෙරිකා සංචාරයේ සිටින විදේශ ඇමැති මංගල සමරවීර, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක, ජනාධිපති ලේකම් පී බී අබේකෝන් මහත්වරු ඇතුළු දස දෙනෙක් මේ සංචාරයට එක්වෙති.
නවදිල්ලියේ සාකච්ඡා හමාරයේ ජනපති බුද්ධගයාවේ හා තිරුපති කෝවිලට ද යෑමට නියමිතය.
ශ්‍රී ලංකා ජනපති ලංකාවේ සාමය හා සංහිඳියාව යන ප්‍රධාන මාතෘකා ගැන නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති සමඟ සාකච්ඡා කරනු අතැයි ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය පවසයි.
දෙරට නායකයන් අතර හරවත් සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි ද එම සාකච්ඡා පිළිබඳ ගිවිසුම් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිත යැයි ද ඉන්දියා විදේශ අමාත්‍ය ප්‍රකාශකයෙක් කියයි.
ආර්ථිකය සාමය හා ශ්‍රී ලංකා සංහිඳියා ගැන ශ්‍රී ලංකා ජනපති සාකච්ඡා කරනු ඇතැයි ද ශ්‍රී ලංකාව සැබෑ සංහිඳියාවක් මත අවංක පදනමක් ඇති කරනු ඇතැයි ද ඉන්දියාව කියයි.
ඉන්දියා ජනපති ප්‍රනාබ් මුඛර්ජී ශ්‍රී ලංකා ජනපති වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ බෞද්ධයන් ඉන්දියාවේ තිරුපති කෝවිලට යන්නේ ,හිටපු ජනාධිපතිතුමාත් ගියා , නව ජනාධිපතිතුමාත් යනවා (බ)
ජනදිපතිතුමනි මහින්ද වුණ බාරය අලුත් කරන්නම් එපා රනිල් අගමැති තුමාට බාරයක් වෙලා එන්න
ලාංකීය ඉරණමේ සුබ වෙනසකට කලාපීය දේශ පාලනයේ අපේ තැන අපි ගත යුතුය (ස)