මාතර කරගොඩඋයන්ගොඩ රජගල්ගොඩ තොටුපොළක රෙදි සෝදමින් සිටි දෙදරු මවක (23) කිඹුලකු විසින් ඩැහැගන්නා ලදැයි පොලිසිය කියයි.
නිල්වලා ගඟේ කිඹුලනට ගිය වසරේ මිනිසුන් පස් දෙනකු බිළි වූ බව වාර්තා විය.
මාතර කරගොඩඋයන්ගොඩ රජගල්ගොඩ තොටුපොළක රෙදි සෝදමින් සිටි දෙදරු මවක (23) කිඹුලකු විසින් ඩැහැගන්නා ලදැයි පොලිසිය කියයි.
නිල්වලා ගඟේ කිඹුලනට ගිය වසරේ මිනිසුන් පස් දෙනකු බිළි වූ බව වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයලා බලන්න තල්ල සුදු බෙල්ලේ ගෝමර තියන පැටියාද කියලා අක්කේ, ඔබට නිවන් සුව ! (ස)
අයියෝ! ඉක්මන් පිළියමක් යෙදුවේ නැත්නම් තව කී දෙනෙකුගේ ජීවිත නැතිවෙයිද දන්නෙ නැහැ (නි)
අනේ මන්දා මිනිස්සුන්ට අලි කරදර මදිවට කිඹුල් කරදරත්... නාන තොටුපළවල් ටිකට ආරක්‍ෂිත වැටවල් ටිකවත් හදලා දෙන්න (නි)
මෙය තුල කිසියම් ජීව විද්‍යාත්මක නියමයක් පදනම් වී ඇති බව පෙනේ.එනම් ස්වබාවික වර්ණනය වීම, පරිසර පද්ධතියක් තුල යම් සත්ව වර්ගයක් අසීමිත ලෙස වර්ධනය වීම, එහි ස්වබාවික පාලනය ක්‍රියා විරහිත වීම වැනි යමක් දක්නට ඇත. මෙය පරික්ෂණාත්මකව සොයා බැලීම සහ පරිසර පද්ධතියේ තුලිතතාව බිදී ඇති පුරුක සහ පුරුක් දාම සොයා බැලීම, එයට පිළියම් නිර්දේශ කිරීම අප රටේ ජෛව විද්වතුන්ට, සත්ව ජීව විද්‍යා පීට ඇති සරසවි වල ඇදුරුවරුන්ගේ සහ සිසුන්ගේ ජාතික සහ සමාජීය මෙහෙවරක් වන්නේය. පරිසර චක්‍ර බිදී යාමට උදාහරණ ලෙස අතීතයේ හිගුරාන සිනි කම්හලේ උක් වගාව වල් ඌරන්ගෙන් වන හානිය මැඩීමට ඉවක් බවක් නැතිව වල් ඌරන් මරණ ලදී. එහි පල ලෙස මෙම ප්‍රදේශ වල සර්ප ගහනය අධික වී සර්ප දෂ්ට කිරීම් බහුල විය.අවසානයේ හිගුරානට වෙනම සර්ප විෂ වෙනුවෙන් ප්‍රතිකාර සායනයක් ලබා දීමට සිදු විය.උක් වනාහි අලින්ගේ ප්‍රිය ජනක ආහාරයකි. අද සෙවනගල උක් වගාව ඇත්තේ සුප්‍රකට අලිමන්කඩක් තුලය.එබැවින් මෙම ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම නැවතිය නොහැක. (නි)
මාතර ගඟේ සිටිනා කිඹුලිගේ පැටියා පුංචි කමට ළමයකු දැහගෙන සිටියා කවුරුන් කොහොම කිව්වත් ඒ කොයි හැටියා මිනි නොකාවිද කිඹුලියකගේ පැටියා (නි)
පවු පොඩි දරුවෝ දෙන්නා (අ)
අහිංසක දරු දෙන්නා දෙවියෝ බලත්වා! (නි)
ඉතාම කණගාටු දායක සිද්දියක්, හැමදේටම බලපාන්නේ දුගී දුප්පත්කම සමහර ගෙවල්වල ජල පහසුකම් නැහැ. එසේ තිබුනත් බිල් පත් ගෙවාගන්න ක්‍රමයක් නැහැ, ගෙවල් වල හරියට අග හිඟ කම්. තරුණ මවට නිවන් සුව පතමි. (ත)
මේ නැති වෙන්නේ මිනිස් ජීවිත නේද? (නි)
ඉතාමත් කනගාටු සිද්දියක්. අනේ මන්ද, කියන්නත් මොකක්ද වගේ. සුදුසු ප්‍රදේශයක වාසය කරන්න කියල තියෙන්නේ එක නිසා තමයි. (ස)
අපි කලිනුත් කිවුවා මේ නාන තොටුපළවල් වල ජනතාව පරිහරණය කරන සීමාවටවත් කම්බි දැලකින් කොටු කරන්න කියලා.ඒ සදහා ප්‍රාදේශීය සභා වලට වියදම් වන්නේ සුළු මුදලක් (නි)
අනේ මන්දා. සමහර වෙලවකට හිතෙන්නෙ, අපි අපිගැනම නොසැලකිලිමත් කියලයි. මමත් ඔය ගගේ නාල තියෙනවා, හැබැයි පොඩිකාලේ. ඉස්සර කැලෑ බදව තමයි කිඹුල්ලු හිටියෙ, කිරල කැලේ වගෙ. ජනාවාස, වගාකටයුතු නිස දැන් කැලෑ එලිපෙහෙලි වෙලා. මට මතකයි, මේ කිඹුල් කරදර නිසා සමහර තොටුපොලවල කොටුවක් බැන්ද. දැන්නම් ඒවා දිරල ගිහිල්ල. මම දන්න විදියට ලිං වතුර අහේනියක් නැහැ. හැබැයි සමහර තැන්වල කිවුල තියෙනව. සංවිධානාත්මකව මේ සඳහ විසදුමක් සොයගන්න ඕන. (අ)
මෙම ලිපිය ඉතාම වැදගත්ය. (නි)
කොටි ඉවරයි අලි ආවා, මදුරුවෝ ආවා.. ඒ පාර දැන් කිඹුල්ලු (නි)