මාතර ගොඩගම සිට මත්තල අධිවේගී මාර්ගයේ යටියන හිඟුරුපත්තල පළමු පිවිසුම දේශපාලනඥයකුගේ ඕනෑකම අනුව කිරින්දේ වළකන්ද මුරුතගස්පිටියේ පිහිටුවීමට යතියි ප්‍රදේශවාසීහු විරෝධය පළ කරති.
හිඟුරුපත්තල පිවිසුම අහිමි කිරීමට එරෙහිව ලබන ඉරිදා උද්ඝෝෂණයක් පැවැත්වීමටද යයි.
වළකන්දේ භූගෝලිය පිහිටීම අනුව කඳු ,බෑවුම් ඇති හෙයින් අලුතින් පාරක් කැපීමට සිදු වන බව වැසියෝ කියති.
දක්ෂිණ අධිවේගී මාර්ග ඉංජීනේරුවරයකු පැවසුයේ අවසර නොමැතිව මාධ්‍ය සමඟ තමන්ට කතා කළ නොහැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලකන්ද කියන්නේ මිනිස්සු නැති කුරුදු ඉඩම් තියෙන පාලු පළාතක් . (දී)
වළකන්ද කියන්නෙ මිනිස්සු නැති පළාතක්ද? එහේ ඉන්නෙ මිනිස්සු නෙමෙයිද? (නි)
අධිවේගී මාර්ගයට ජාතික සැලැස්මක් හදන්න. පෞද්ගලික අවශ්‍යතා ඉටු නොවන ලෙස... (ස)
මතින්, ඔය කරදර සිය කැමැත්තෙන් මන්ත්‍රී තුමාලා එයාලගේ ගමට අරගෙන ගියාට මොකක් කරන්නද? වෙනත් රටවල මිනිස්සු නම් ඔය වගේ පිවිසුම් එයාලගේ ගම මැදින් දානවට අකමැතියි. අනික ඔය කියන වාසි වලට වඩා අවාසි වැඩි බවයි මගේ අදහස. දාලම බලන්නකෝ ඒකේ තරම. නමුත් තේරුම් යනකොට ප්‍රමාද වැඩි වෙයි. (නදී)
ඔය ඇමතිට ඡන්දයකට ඇවිත් දිනින්න කියන්න.(නදී)
අපේ රට කනවා ..... (නි)
නියමය් නිමල් ජයසිංහගේ සටහන (අ)
මාටින් සහෝදරයා, යන්නේ කොහෙද, මල්ලේ පොල්.
ගම් 18 අපිට නම් හරිම සතුටුයි. හොද තීරණයක්. (අ) rugam
මහාචාර්යවරු කියපු දේවල් අහල තමයි මෙච්චර කල් වැඩ කලේ ...උපාලි නිකන් ඉන්න ඔය මහාචාර්යවරුන්ගේ වැදී බණ කියන්නේ නැතිව. උද්ඝෝෂණය කරලා වෙඩි කාල ඉල්ලීම් දිනගත්තහම .නිකන් උද්ඝෝෂණ වලට නොගිහින් හිටිය උපාලිලා වගේ අයටත් ඒවායේ වාසි ලැබෙනවා. එහෙම උනා කියල උද්‍ඝෝෂණය කරලා වෙඩි කාල ජිවිත් පරිත්‍යාග කරපු මිනිස්සුන්ගේ සටන දිහා සරලව බලන එක අලුගෝසුවෙකුටත් නොවෙන තරම්. (ස)
හැමදේම තිරණය කරන්නේ මේගොල්ලොනෙ.....(ස)
ලලිත් දැන් ඔය පිවිසුම වෙන ගමක් මැදින් දාපුවම ඒ ගමට ඔය කියන කරදර නැද්ද ...ලිං මැඩියෙක් වගේ හිතන්නෙ නැතිව මේකේ තියෙන වාසි ගැනයි හිතන්න ඕන, එහෙම වාසි ගැන දන්නා, ඔයා වගේ මිනිස්සුයි මේ පෙළපාලි යන්නෙ. (ස)
මේ චන්දෙන් පස්සේ කුරුණෑගල, මාතලේ ,මහනුවර, නුවර එලිය ,පුත්හලම වගේ ප්‍රදෙස වල ලයිට් බිල් නැවත වැඩි කරන්නයි මිනිසුන්ගේ පඩි අඩු කරන්ඩ කියල පෙළපාලි සන්වින්දනය කරමු. (දී)
හිඟුරපත්තල උනත් මුරුතගස්පිටියේ උනත් ඒතරම් ප්‍රශ්නයක් කරගන්න දෙයක්ද මේක? වෙන වැඩ නැතුවට, (අ)
ජනතාව ඉල්ලන දේවල් කවදාවත් ජනතාවට ලැබෙන්නේ නැහැ. ජනතාවට ලැබෙන්නේ නොඉල්ලපු දේවල්.පළාත් සභා, අධිවේගී මාර්ග,වගුරු බිම් ගොඩ කිරීම. ජනතාව සතු ඉඩම් බහු ජාතික සමාගම් සතු කිරීම කැලෑ විනාශය ආදිය කිහිපයක් පමණයි. නොඉල්ලපු ඒවා ලැබුණ විදිය ජනතාව දන්නවා.අන්තිමට ලැබුනේ රතුපස්වලින්. (නි)
මේක ඉතින් ලංකාවනේ (නි)
උපාලි , ඔබ දක්වල තියෙන අදහස හරි වටිනවා ප්‍රස්නේ තියෙන්නේ , ඒ තරම් උගත් බුද්දිමතුන් පිරිසක් අපේ රට පාලනය කරනවද කියන එකනේ ? එහෙම උගතුන් හිටියනම් අර මරපු දරුවෝ දෙන්නා තාම පාසල් යනවා නේද ? කොරන උද්ඝෝෂණයක් ගෙවල් වලට වෙලා කොරන්නයි තියෙන්නේ නැත්නම් අර ගංගොඩවිල වඳුරා වැලිවෙරියෙන් ඔය පැත්තට එයිද කව්ද දන්නේ?(නදී)
බන්දුල, මං කලින් කිව්වා නේද? ඔබ නැත්නම් කට්ටිය ඔබට අඬගහල ඇදල ගන්නවා කියල. හ්ම්. මොනවා වුනත් උද්ඝෝෂණය කරන පිරිස (විතරක් නොව අපිත්) තේරුම් ගත යුතු කියමනක් අපේ මහාචාර්ය වරයෙක් දවසක් කිව්වා. "ඕනෑම ව්‍යාපෘතියක් සාර්ථක වීමට නම් - සමාජමය වශයෙන් අවශ්‍ය විය යුතුය, තාක්ෂණික වශයෙන් ශක්‍ය විය යුතුය, ආර්ථික වශයෙන් සාධනීය විය යුතය සහ (වැදගත්ම දේ) දේශපාලනික වශයෙන් පිළිගත හැකි වියයුතුය." මේක ඉංග්‍රීසියෙන් නම් එලිසමයක් එක්ක ලස්සනට කියවෙනවා. මොක වුනත් මහත්වරුනි, මේක විශ්ව සත්‍යයක්. (නදී)
කොහොමත් හැමදේම වෙන්නේ එයාලගේ ඕනෑකමටනේ.ඔය වගේ දේවල් වෙන්නේ අපේ රටේ පමණි. (අ)
ඔය පිවිසුම ගම මැදින් දැම්මට පසුව වෙන කරදර ඔයාල දන්නේ නැහැ. ගමේ හොරකමක් කරලා නැතිනම් පාරේ යන ළමයි හප්පලා තප්පරෙන් පැනල යන්න පුළුවනි. වාහන ගමන වැඩි උනාම දුම නිසා පරිසර දුෂණය වැඩි වෙනවා. දුවිලි විමානේ. වාහන වලින් විසිකරලා යන බෝතල් ටින් බෙලෙක්ක කොළ පත්තර පාර පුරා. අහල පහල ගම්වල සේරම් වාහන ඔතනින් යන්න ගත්තහම සද්දේ නිසා මහා රාත්‍රියෙවත් නිදාගන්න වෙන්නේ නැහැ. මොකද ලංකාවේ වාහන එලවන්නේ හෝන් එකෙන් නේ.එතුමාගේ ගම මැදින්ම දාගන්න කියන්න. (අ)
බන්දුල පෙරේරා වැනි අය පෙළපාලි ගියේ පාරවල් වහගෙන විදුලි බිලට පක්ෂයි,එයාලට රජයෙන් බත් පැකට් අරක්‌කු,මුදල් සහ ආයතනයේ නිවාඩු සමග දීමන ලැබුන,!එයාල බලාගෙන ඉන්නේ තව එසමාන වැඩමුළු රැලි කවද පමිණෙයිද කියල ඇගිලි ගැන ගැන (අ)
රංගිකා මහත්මියගේ ප්‍රශ්නය මටත් ඇත. ප්ලැටිනම් ඇඩ් එකට අදහස් ඇතුලත් කිරීමට ඇති බොත්තම වැසි යන අවස්ථා නිසා බොහෝ දැන්වීම් වලට කිසිවක් ලිවීමට බැරිය. කතෘ තුමාගේ අවධානය මෙයට යොමු වේවා. (නදී)
කතා කරන්නත් අවසර ඕනෙද? (අ)
බන්දුල පෙරේරා, මේ උද්ගොෂණයයි වතුර ඉල්ලලා කරපු උද්ගොෂණයයි සමාන කරනවා එහෙම නෙවෙයි තේරුම් ගන්න.(නදී)
රට කනවා.(නදී)
ප්ලැටිනම් ඇඩ් එක නිසා අදහස් ඇතුලත් කරන්න බැරියෝ.(නදී)