IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මාතරින් කලා ලෝකයට එක්වන මල්සේයා රුවි දිසානායක

 2016-09-28-ent-30

මාතර කඹුරුපිටිය ප්‍රදේශයෙන් කලා ලෝකයට එක්වී ඇති මල්සේයා රුවි දිසානායක මේ වනවිට ටෙලිනාට්‍ය රැසකම සිය රංගනයෙන් දායකත්වය ලබාදී ඇත. ටෙලිනාට්‍යවලට අමතරව චිත්‍රපට දෙකකද රඟපෑ ඇති මල්සේයා, නිරූපණ ශිල්පිනියක ලෙසද කටයුතු කරන්නීය. දැනට විසි තුන්වන වියේ පසුවන ඇයගේ කලා කටයුතු පිළිබඳව ඇය සමගින් කළ සංවාදයකි මේ.

 

ඔබගේ අධ්‍යාපනය තත්ත්වය හා ලබා ඇති පුහුණුවීම් පිළිබඳව සඳහන් කරනවානම්?

2016-09-28-ent-31මගේ ගම් පළාත දකුණේ මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ. මාතර කඹුරුපිටිය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවා. පාසල් යන කාලේ නම් මම වැඩිපුරම ආස කෙරුවේ නැටුම්වලට. සාමාන්‍ය පෙළින් පස්සෙ තරුණ සේවා සභාව යටතේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව අවුරුද්දක පාඨමාලාවක් හැදෑරුවා. ඊට අමතරව ප්‍රේමසිරි හේවාවසම් මහතා යටතේ රූපලාවණ්‍ය පාඨමාලාවක් NVQ ලෙවල් 4 දක්වා ඉගෙන ගත්තා.

 

මේ වෙනකොට රඟපා ඇති ටෙලි නාට්‍ය හා චිත්‍රපට මොනවද?

2014 වර්ෂය වෙද්දී මම පුද්ගලික ආයතන රැකියාවක් සඳහා කොළඹට එන්න සිද්ධ වුණා. එහිදී තමයි මට මේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. දැන් මේ වෙනකොට මම ‘දෙරණ’ නාළිකාවේ ආටක මාරයි නවය හමාරයි, හිරු රූපවාහිනියේ ‘ආටක නාටක’, සිරස රූපවාහිනියේ ‘උතුම් පැතුම්’, ස්වරණවාහිනියේ ‘හංස පිහාටු’, ‘සි රජ’, ජාතික රුපවාහිනීයේ ‘ළබැදියේ’ ආදී ටෙලිනාට්‍ය රැසකම රඟපෑමෙන් දායකත්වය ලබාදී තියෙනවා. ඊට අමතරව තිරගතවීමට තිබෙන ‘සංසාරේ පිපාසය’ හා ‘ඩොක්ටර් නවරියන්’ යන චිත්‍රපටවලත් රඟපා තියෙනවා. මම මුල් කාලයේදී තරුණ සේවා සභාව මගින් සෑම වසරකම පවත්වන ලද අභිරූපණ රංග, වේදිකා නාට්‍ය වැනි තරග ඉසව්වලට දිගටම වගේ ඉදිරිපත් වුණා. එදා ඒ තුළින් ලබා ගත් අත්දැකීම් පසුව මගේ මේ කලා කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට ලොකු ශක්තියක් වුණා.

 

මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු

කලාව කියන්නේ ඉතා ලොකු දෙයක්. ඒකෙ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉදිරි කාලසීමාවේදී මම තවදුරටත් මේ සම්බන්ධව ඉගෙන ගෙන කලා ලොවේ දිගු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මම මේ වෙලාවේ මට මේ තරම් දුරක් එන්න අත හිත දුන් සියලුම දෙනාම මතක් කරනවා.

 

රෝහණ ආරියරත්න - හම්බන්තොට

 

2016-09-28-ent-29
2016-09-28-ent-28



අදහස් (0)

මාතරින් කලා ලෝකයට එක්වන මල්සේයා රුවි දිසානායක

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 220 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1086 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 109 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1769 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4177 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 146 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39526 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1189 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site