පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා කිහිපයක අය වැය දිනා ගැනීමට නොහැකි වු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු යැයි ඇඹිලිපිටිය නාගරික මන්ත්‍රී (එජනිස) විජිත පුංචිහේවා මහතා පැවසීය.
ඔහු මේ අදහස් පළ කළේ 27 වැනිදා පැවති නගර සභා මාසික සභා රැස්වීම අමතමිනි.නගර සභාපති වේවැල්දුවේ ඥාණ ප්‍රභ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරද්දන්න ඡන්දය දුන්නු මන්ත්‍රීලගේ දුෂන අක්‍රමිකතා හොයන්න යනවලු. මේක නම් පුදුම රටක්. (නදී)
වාසනාවට රටේ ඡන්දයක් පැරදුනේ නැත්තේ. නැත්නම් කියයි ජනධිපතිතුමාටත් ඉල්ලා අස්වෙන්න කියා. (ත)
පොළොන්නරුවේ විතරක් නෙමෙයි මුළු රටේ හැම තැනකම වගේ අය වැය පරාදයි. දැන් හැමෝම එකතු වෙලා යු.එන්.පී එකට බලය දෙන්න.(නදී)
මේ දවස් වල එපා වාහෙලාගේ ලැයිස්තුවක් හදනවා හොදි බෙදන්න. එතකොටවත් යයිද කියල බලන්න.(නදී)
මෙයාට පොඩි කැපිල්ලක් තියෙනවා මේ ලගදී ඉදන්.(නදී)
තප්පුලන්නේ ගොනා බව දන්නා මෛත්‍රිපාල ඇමතිතුමා උපේක්ෂාවෙන් නිහඬව ඉන්නවා. (නදී)
මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා ඉතා හොඳ කෙනෙක්.(නදී)
කව්ද මේ බුද්ධිමතා.(නදී)
අයින් වෙන්න ඕන අය ඉන්නවා. නමුත් මෛත්‍රීපාල කියන්නේ අවංක කෙනෙක්. ඔය කියපු කෙනාගේ කැරැට්ටුව කොහොමද දන්නවද? (නදී)
සිරිසේන ඇමති තුමා අනතුරු ඇගෙව්වා නේද අය වැය පරදින ආයතන ගැන. එතුමාගේ දිස්ත්‍රික්කයෙත් පැරදිලා නේද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (නදී)
මෙම කථාව කියපු මහත්මයා එක්සත් ජාතික පක්ෂයේද? පරන ශ්‍රි ලංකා නිදහස් පකෂිකයො මෛත්‍රිට ආදරෙයි. දැනගන්න මෛත්‍රි ගියොත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් දෙකඩ වනවා.(නදී)
හැබැයි ඇඹිලිපිටියත් පැරදුනා. ඕකට කාටවත් දොස් පවරලා වැඩක් නැහැ. පැරදිච්ච හැම තැනකම උනේ සාමුහික වගකීමක් නැති එක හා සභාපතිගේ අත්තනෝමතික තීරණ.(නදී)
නම පුංචි උනාට ලොකු කතාවක්නේ බය නැතිව කියලා තියෙන්නේ ? (නදී)
මල්ලි සුදු වෑන් වල යන්න ආසද ? (නදී)
පහත තැනින් යයි ගලා ජලේ. හැමදා නියන් එකදා වැහි වලාවේ.(නදී)
ඔක්කොම කුණු එතුමාගේ ඇග උඩට දාන්න එපා.(නදී)
අපේ අනාගත අගමැති තුමාට ඔහොම කරන්න එපා. එතුමාට ජනතාව ආදරෙයි, එතුමා අහිංසකයි. අපි එතුමා සමගයි.(නදී)
බනින්නේ ඔහුව පන්නා ගන්න.(නදී)