පුරවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මාතලේ ඓතිහාසික මැක්ඩොවල් ඉංග්‍රීසි බලකොටුවේ කසල කළමනාකරණ ව්‍යාපෘති හා පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකරගෙන යතියි නගර වැසියෝ කියති.
1803දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකැරුණු මේ බලකොටුව යුද මධ්‍යස්ථානයක් විය.
1948 බ්‍රිතාන්‍ය විරෝධී අරගලයේදී මාතලේ කැරැල්ලට නායකත්වය දුන් වීර පුරන්අප්පු හා ගොන්ගාලේගොඩ බණ්ඩාද එහි සටන්වලට සම්බන්ධ වූහ.
මාතලේ මහනගර සභාම මෙම ඉදිකිරීම් අරඹා ඇත.
මහනුවර පුරාවිද්‍යා කාර්යාලය එම ඉදිකිරීම් නතර කරන ලෙස දන්වා ඇතත් අදත් එහි ඉදිකිරීම් සිදු විය.
මධ්‍යම පළාත භාර පුරා විද්‍යාල අධ්‍යක්ෂ එල් එම් ගුණසේකර මහතා පැවසුවේ අදම එහි නිලධරයකු යවන බවයි.
නගරාධිපති හිල්මි මොහොමඩ් මහතා කියා සිටියේ ඉදිකිරීම් සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැති බවයි. එහි කසළ කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයාලා කරන දේවල්..!(නු)
ඇයි ඉතින් මේ වගේ අය නගර සභාවට පත් කරගන්නේ ? (නි)
තව ටික කාලෙකින් අපිට ලැබෙයි කිරි පැණි. (නි)
මුස්ලිම් එකක කරනකොට හා හූ ගාලා ආගමටත් ගාව ගන්නවා. ඉතිහාසය විනාශ කරන්නේ අපි නෙවෙයි. (ස)
අපේ අතීතය (දී)
මහනුවර පැත්තේ පුස්තකාලයකත් දැන් කසල කළමණාකාරණය කරනවා. (නි)
ජාතියේ ඛේදනිය ඉරණමක ලකුණු. වහා නැගිට අපේකම රැකගමු. මහේෂ්, ඔබ අවදියෙන් සිටීම අපිට සවියක් . (නි)
නියම සිංහලයො නම් කෑගහලා නැගී සිටිය යුතුයි. (නි)
කට්ටියම එකතුවෙලා කරන්නකෝ හොද උද්ඝෝෂණයක්. (නි)
මේ දේවල් වලට විරුද්ධව සටන් කරන්න වුණත් ඉදිරිපත් වෙන්නෙ ලංකාවෙ ඉතිහාසය ගැන දන්න අයයි. (නි)
කණගාටුයි ශ්‍රී ලංකා! (නි)
කොහොමත් හිල්මිලාට පුරාවිද්‍යා දේවල් සම්බන්ධයෙන් කිසි ප්‍රශ්ණයක් නැති බව දන්නවා... පුරන්අප්පුලා ගොන්ගාලේගොඩ බණ්ඩලා වදයක් බවත් දන්නවා..!(නු)
පෞරානික දේවල් රැකගැනිම සියලු රටවැසියන්ගේ වගකිමක්.අවුරුදු 210 පරණයි. රැකගනිමු.(නු)
ඉංග්‍රීසි ආණ්ඩුව අපිව විනාශ කරන්න හදපුවා මේවා.. මේවා විනාශ කරලා දාන්න ඕන.. මේක ඉස්සර පුරන්අප්පු වීරයාට හිසරදයක් වූ තැනක්..!(නු)
1948 කැරැල්ල..?(නු)
දැං ඉන්නේ ඒ කාලේ සිටිය නියම වීරයන් වූ පුරන්අප්පුලා ගොන්ගාලේගොඩ බණ්ඩලා නොව අද රටට ආවේනිකව දේශපාලනීකරණය වූ අපුලා සහ බණ්ඩලා බව කවුරුත් දන්නා රහසකි..!(නු)
මාතලේ ඉන්න සිංහල මිනිස්සුන්ගෙන් අහලා බැලුවනම් ඇත්ත දැනගන්න තිබ්බා, හිල්මිට මුස්ලිම් පල්ලි ටික ඇරෙන්න වෙන කිසිම දෙයක් වැදගත් නෑ (අ)
නිසල් ඔබ හරියටම හරි (අ)
පසුගිය දිනවල එක්කෙනෙක් ඉතිහාසය පාසල් විශයෙන් ඉවත් කළා.. (නු)
ඉන්ග්‍රීසින් මේ රට පාලනය කලානම් මීට වැඩිය පුරාවස්තු ආරක්ෂා වෙනවා..!(නු)
මෙයාලා කොහොමද දන්නේ අපේ ඉතිහාසයේ වටිනාකම.. (නු)