IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මාතලේ පොත් බෙදාදීමක් මැතිවරණ කොමිසමේ නියමයෙන් නවතී


මහේෂ් කීර්තිරත්න

මාතලේ ප්‍රදේශ කිහිපයක අඩු ආදියම්ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීමේ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගයෙන් නතර කළ බව පොලිසිය කියයි.


නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබිණි.
ඡන්දයක් ප්‍රකාෂයට පත් කර තිබියදී එවැනි වැඩසටහන් පැවැත්වීම නීති විරෝධී බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි.

 



අදහස් (16)

මාතලේ පොත් බෙදාදීමක් මැතිවරණ කොමිසමේ නියමයෙන් නවතී

Champika Saturday, 16 December 2017 08:31 AM

සිල් රෙදි බෙදුවානම් හාමුදුරුවන්ගෙන් වත් සපෝට් එකක් ගන්න තිබුනා

:       1068       302

samanSaturday, 16 December 2017 12:58 PM

මැතිවරණ වාසි බලාගෙන ඇමතිකම් බෙදන එක නවත්තන්න ක්‍රමයක් ඔය මැතිවරණ කොමිසමට නැත්ද?

:       0       180

RaveendraSaturday, 16 December 2017 03:07 PM

සමන් මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. මැතිවරණ වාසි බලාගෙන ඇමැතිකම් බෙදන එක නවත්තන්න ක්‍රමයක් අවශ්‍ය වන්නේ නැත. මක්නිසාදයත් සිල් රෙද්දකටත් , පොතකටත් වඩා අඩුවටිනාකමක් "මූසල ඇමැති පට්ටම්වලට" තිබෙන නිසා බැවින්ය. කෙසේ වෙතත් අල්ලස අල්ලසම තමා එහි කිසිදු වෙනසක් නොමැත. මොන දෙය වුණත් මෙම " බූරුවන්, අම්බරුවන් තේරීමේ මහා තරගය" අතරතුර අපහට අනේකවිධ නාට්‍ය, කෙටිකථා ආදියෙන් සිත් අමන්දානන්දනයට පත්කර ගැනීමට හැකිවනු ඇත.

:       0       911

පුලන්නාSaturday, 16 December 2017 11:23 PM

ලංකාවේ දේශපාලන කියාවලිය අනුව මිනිසුන්ගේ අදීන බව නැතිකර ඇත. සමහරුන් අනුන්ගෙන් ලබාගැනීමටම පුරුදුව ඇත. කොළඹට ආසන්න නගරයක සමෘද්ධි ලාභින් වෙනුවෙන් සමෘද්ධි නියාමක කොම්පැනියක ඒජන්ත ලෙස කටයුතු කර "රෙදි සෝදන යන්ත්‍ර","හෝම් තියටර් සිස්ටම්" ආධාර මුදල්වලින් ගෙවන ලෙස අරන් දෙන ලදී. ජීවත් වීමට අපහසුතා නිසා නොමිලේ ලබාගන්න මුදල් කොම්පැනිවලට ගෙවනවා. මේ ක්‍රමය නැති කිරීමට දේශපාලකයන් මෙන්ම සමහර පුද්ගලයන්ද අකමැතිය.

:       0       132

Kumari Saturday, 16 December 2017 09:09 AM

චන්දයක් එනකොට නැති බැරිකම අදායම අඩුකම ඔක්කම පෙන්න පටන්ගන්නවා.

:       0       430

Namal Saturday, 16 December 2017 09:14 AM

පසුගිය ජනාධිපතිවරණයේ දි ලක්ස්මන් සිල් රෙදි බෙදුවා...

:       1       323

ManojSaturday, 16 December 2017 11:22 AM

ගිය ආණ්ඩුවේ සිල් රෙදි බෙදුවා. ලක්ෂ්මන් මේ පාර පොත් බෙදනවා. මේක තමයි අපි ඉල්ලපු වෙනස... ජයවේවා !!!

:       6       333

Bebadda Saturday, 16 December 2017 10:13 AM

බියර් මුදලාලි හාල් පොත් බෙදන්නේ නැතිව, ඡන්දෙට බියර් බෙදුවා නම් මීට වැඩිය හොඳයි.

:       0       120

erdi Saturday, 16 December 2017 10:17 AM

ඔබලා සතුටුවෙන්න... අපේ රටේ ජනපතිලා ගැන. මහින්ද මහතා ඉන්නකොට මුළු මාතලේ පළාතේම ලොක්කා වෙලා එතනෝල් බෙදුවා. මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා මේ පුද්ගලයාව මාතලේ ප්‍රධාන සංවිධායක කරලා එතනෝල් නීත්‍යානුකුල කලා. ජරා වැඩ කරලා හරක්ට කන්න සල්ලි තියෙද්දී අහිංසක මිනිස්සු රවට්ටන්න ඕනෙම පහත් වැඩක් කරන තක්කඩි තමයි..

:       36       360

sampath Saturday, 16 December 2017 10:27 AM

මගේ නම් මතය මේවා මැතිවරණ නීතියට පටහැනි වුණත් යහපත් දේවල්... ඔය කාගෙන් මොනවා ගත්තත් ලංකාවේ මිනිස්සු ඡන්දේ දෙන්නේ තමන් පරම්පරාවෙන් හුරු වෙලා තියෙන පක්ෂයකට සහ පරම්පරාවකටයි. අන්තිමේ අර දරුවන්ට පොත් ටික නැති වුණා විතරයි. නත්තල් සීයා එන්නේ ඡන්ද කාලෙටද දැන්?

:       169       49

SamanSaturday, 16 December 2017 11:49 AM

මෙවන් මතයන් දුටු විට දෑසට කදුළු පැමිණේ (සතුටට හෝ දුකට). පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (විශේෂයෙන් ඇමතිවරුන්) සිටින්නේ රටේ ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කර ඒවා ක්‍රියාත්මක කිරීමට මිස රටේ අන්ත දරිද්‍රතාවය තම වාසියට ගැනීම නොවේ.

:       0       57

රනවි Saturday, 16 December 2017 11:34 AM

බලය ගන්න කලින් සිල් රෙදි පොත්පත්? ලැබුණට පස්සෙ එතනෝල්වලින් සලකයි. මේ වගේ විෂබීජ නසන්නේ නැතුව තවත් පතුරවන්න අනුබලය දුන් ජනපතිට ජයවේවා..!!!

:       0       258

parakkrama - Adelaide Saturday, 16 December 2017 01:02 PM

ඉඩෝරයක්, නියඟයක් තිබුණා නම් වතුර බෝතල් ටිකක්වත් බෙදන්න තිබුණා. කොහෙද ඉතින් එහෙම තත්ත්වයක් නැහැනේ. බොන්න වතුර ටිකක් දෙන එක ඡන්ද අල්ලසක් නෙවෙයි නේද?

:       0       81

Pradeep Liyanage Saturday, 16 December 2017 02:43 PM

එතකොට අර ජනාධිපති තුමා එක එක අයට ඇමතිකම් දෙන්නේ ඡන්ද වාසි ගන්න නෙමෙයිද? නැත්නම් එ්ක ජනපති බලතලවලට අනුව නීතිවිරෝධී නැද්ද? දුප්පත් ළමයෙකුට නව පාසල් වාරයට නොමිලේ පොත් ටිකක් ලබා ගන්න තිබුණු අවස්ථාවක් නැති වුණා.

:       0       175

පිටිගල මිලානෝ Saturday, 16 December 2017 02:52 PM

එක පැත්තකින් ඇල්කොහොල් බෙදලා දරුපවුල් විනාශ කරන අතරම ඡන්දෙ කිට්ටුව පොත් බෙදලා ඒ අයගෙම ඡන්දෙ හොරකම් කරන්න හදනවා. ඡන්ද දායකයිනි ඔබේ ඡන්දය හොරුන්ට සහ අපරාධකාරයින්ට පාවිච්චි කරන්න එපා.

:       0       1982

Nandalal DE SILVA - France Sunday, 17 December 2017 10:37 AM

පසුගිය වසර තුනක පමණ කාලයක් තිස්සේ නොන්ඩි ගසමින් ඇවිදින යහපාලන රජයේ මේ ඇමතිවරයා මීට කලින් මෙම අසරණ පවුල්වල දරුවන් දැක්කේ නැද්ද? සමහර විට හොඳ නැකතක් නොතිබුණද දන්නේ නැහැ මේ අඩු ආදියම් ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීමේ උත්සවය පවත්වන්න !! පොතේ තිබුණේ "ඡන්ද පොරොන්දු ඇතුළත් 'ගජබින්න අලංකාරයේ' මුල් කොටසද ?" කොහොම වුණත් "පොත දාන්න" ගිය එකෙන් පහර වැදුනේ අසරණ දරුවන්ටයි !!

:       0       327

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 17 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 64 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 242 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 174 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 536 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 222 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 493 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site