(අප්සරා යෝසිත් විජේසූරිය)
එළැඹෙන සැප්තැම්බරයේදී පළාත් සභාවල නිල කාලය අහෝසිවීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් ප‍්‍රකාශ කරන බවත් මැතිවරණ කල් දමන්නේ නැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය පවසයි.
“පවතින ව්‍යවස්ථාදායක අණපනත් හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එම පළාත් සභා මැතිවරණය පැවත්වීම වැලක්වීමට නම් එය තීරණය කළයුත්තේ ජනමත විචාරණයකින් අනුව හෝ අධිකරණ තීන්දුවකින් පමණයි. වෙනත් කිසිඳු ක‍්‍රියාමාර්ගයකින් එය කළ නොහැකියි.“
“ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීමට ආකෘති පත‍්‍ර භාරගැනීම මේ දිනවල කරනවා. පවතින ගංවතුර ආපදා හමුවේ වුවද ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම ජූලි 31 දක්වා සිදුකරනවා. අවතැන්ව සිටින පිරිස සම්බන්ධව දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ නිර්දේශ මත සුදුසු පරිදි ඡන්දහිමි නාමලේඛන ලබාගන්නවා.“යැයි ඒ මහතා කීය.
ගංවතුරින් එකතු වූ ප්ලාස්ටික් ඇතුළු නොදිරින අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව කීය.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මැතිවරණ කල් දමන්නේ නැහැ
Senarath Sunday, 11 June 2017 04:56 AM
මැතිවරණ කල් දමන්නේ නැහැ... කිව්වට මේ මොකක්ද කරන්නේ? ඔබතුමාටත් ඒ දවස්වල නිතරම මැතිවරණ තියන කොට කිව්වනේ වැරැද්දක් කළොත් කකුලට නෙමෙයි ඔළුවටම වෙඩි තියන්න කියලා.. නේද?
Appuhami Sunday, 11 June 2017 05:17 AM
වැඩ බැරි ටාසන්ලා කියන ඒවා වගේනේ... කොහොමද ගණන් ගන්නේ? තව ටිකක් කඩේ යන්නකෝ...
sediris Sunday, 11 June 2017 09:12 AM
කෝ එහෙනම් ඉක්මනට මැතිවරණය තියන්නකෝ ....
saman Sunday, 11 June 2017 10:20 AM
මේ විහිළු කතාවලින් වසර ගණනාවක් තිස්සේ විවිධ අභියෝගවලට මුහුණ දෙමින් නියමිත කාලයට ඡන්ද තබමින් ජනතාවගේ විශ්වාසය දිනාගත්ත මැතිවරණ දෙපාර්තමේන්තුවත් බාල්දු වෙනවා...
siri Sunday, 11 June 2017 12:02 PM
ඔබතුමා කොහොම කීවත්, මැතිවරණය තියන්නේ පවතින ආණ්ඩුවනේ. ඇයි එහෙම නම් මෙහෙම විහිළු සපයන්නේ? ඒ කා සඳහාද?