මද කිපීම නිසා තම ‘සීදේවි‘ ඇතින්න පන්සලට මීටර 300ක් ඈතින් පොල්වත්තක බැඳ දමා සිටිය දී ඇතින්න හා තමා මරණයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් අනුව ඇතින්නගේ දම්වැලක් ගලවන්නට ගත් උත්සාහයක් ගැන පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ කොළොන්නාවේ සුමංගල හිමියන් මහරගම පොලිසියට පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කියයි.
දම්වැල ගලවන්නට ආ පුද්ගලයාගේ සෙරප්පු දෙකක් එහි තිබී ඇතැයි එම සෙරප්පුද පොලිසියට ඉදිරිපත් කරමින් පැමිණිල්ල කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමංගල හිමියන් පවසා ඇත්තේ ඇතින්නද මරා තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවයි.
පන්සලේ දියුණුව ගැන වෛරයෙන් පසුවන පිරිසක් මේ කුමන්ත්‍රණය පිටුපස සිටින බව ද ඒ හිමියන්ගේ පැමිණිල්ලේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුරජානන් වහන්සේ ධර්මය දේශනා කලේ සසර යමින් බැදී සත්වයින් එයින් මුදවා සසරින් එතෙර කිරීමටයි. උන්වහන්සේ ගේ නාමයෙන් අලියෙකුට තබා කුහුබියෙක් වත් යමින් බද දැමීම නියම බෞද්ධයෙකුට අනුමත කල හැකිද (නදී)
ස්වාමින් වහන්ස, අපි ඔය ඇතින්න සත්තු වත්තට භාර දෙමුද?ප් රජනක විභවය ඇති සතුන් තනිකඩ කිරීමෙන් අනාගත ශ්‍රී ලාංකික ඇත් පරපුර නැති වීමට ඉඩ ඇති නිසා (නදී)
කිසිම තිරිසන් සතෙක් ඇති දැඩි කිරීම හාමුදුරුවරන්ට තහනම් කරලා විනය නීතියක් තියෙනවා නේද (නදී)
මෙතන සත්ව උද්‍යානයක් වගේ කියලා රේඩියෝ නාලිකාවක ප්‍රචාරය උනා මතකද ? ඇවිල්ලම බලන්න (නදී)
ඔබ වහන්සේ පිලිබඳව මේ රටේ උගත් ගිහියන් තුළ ඇත්තේ විශාල කලකිරීමක්. පක්ෂ දේශපාලනය, අසපු මාලිගා ඉන්ද්‍රජාලික බොරු ලෝක වලට මිනිස්සු ගෙනයන පුජා වලින් බුදුදහමට කරපු හානිය අපමනයි (නදී)
ඇතින්නක් මද කිපිලා කියල අහපු පළමු වතාව (නදී)
මේක අහල අපේ ගැහැණු උදවියත් කිපුනොත් තමා වැඩේ (නදී)
මම මේ නොදන්නාකමට අහන්නේ. මද කිපුණ සතා ළඟට දම්වැල ගලවන්න වුණත් යන්න පුලුවන්ද? (නි)
සම්පත්, සරත් කටින්ද කතා කරන්නේ බුදුහාමුදුරුවන් වහන්සේ පුස් පැටියෙක්වත් සුරතලයට හදල නෑ. උන්ට සුදුසු උන් ඉපදුන පරිසරය. (නදී)
වැවුරුකන්නල පන්සලේදී බුදුරැස් විහිදුවන්න ගිහින් ලෙඩක් දාගත්තා නේද ටික කලකට ඉහතදී. දැන් සත්තු වත්තක් දමාගෙන. අනේ අපිට බුද්ද සාසනය ගැන කලකිරවන්න එපා හාමුදුරුවනේ. පින් සිද්ද වෙනවා. (නදී)
මෙතන ඉන්න අය ඇතා / ඇතින්න ගේ වෙනස දන්නෙත් නැහැ වගේ? අලියා /ඇතා මොන වගේද කියල හොයල බලන්න (නදී)
සමන්ත-පියසිරි- ඔයාල දෙන්නගෙම ප්‍රශ්නයට පිළිතුරක් ගන්නට ඔයාල දෙන්නගේ නෝනලා දෙන්නගෙන් විමසලා බලන්න. (නදී)
මේ හාමුදුරුවන්ට මේවගේ ප්‍රශ්න කාලයෙන් කාලයට තියෙනවා. ඒවා උන්වහන්සේ රටේ ජනතාවගේ අවදානය සහ අනුකම්පාව ලබාගන්න කරන දේවල් වෙන්න ඇති. නැතිනම් ඇතින්නකට මදකිපෙන්න බැරි බව වගේම ඇතුන්නි ලවා හාමුදුරුවන්ව ඝාතනය කරන්නත් බැරි බව ඕනෑම පුද්ගලයකුට තේරෙනවා (නදී)
අපි නම් එදා ඉඳලාම වඳින්න යන්නේ වැඩි සැරසිලි නැති , අප්‍රසිද්ධ සිල්වත් විනයධර , දේශපාලනයට කිසි සේත්ම සම්බන්ධ නැති හිමි වරුන් වැඩ සිටින මේ ප්‍රදේශයේ කුඩා පන්සලකට. ආගම අදහන්න යන කාරියත් ඉෂ්ඨ වෙනවා. අපේ ලේ කෝප වෙන්නෙත් නැහැ. (දී).
ඇතින්නන්ට මද කිපෙනව කියල මම ඔය ඇහුවමයි (දී)
මොකද වෙන්නේ එතකොට (දී)
අහිංසක මිනිසුන්ට බොරු චෝදනා එල්ල කරන්නේ ඇයි හාමුදුරුවනේ (නදී)
අන්න බබෝ ඇතින්නියක් මද කිපිලා සිටින්නියක් ඇත් ගොවුවා ලඟට නොයයි ගම් වැසියෝ යදම් බිඳී...(නදී)
අනේ මෙහෙමත් කට්ටිය? (නි)
දැන් මොකක්ද මේ ගැන කරන්නේ? (නි)
දියුණුව මනින්නේ එහි සිටින අලි ඇතුන් සංඛ්‍යාවෙන් ද ? (අ)
වන්නිනායක හරියටම හරි (නදී)
පාර්ලිමේන්තුවට ගියෙත් සසර කෙටි කර ගන්න වෙන්නැති. (නදී)
අපේ බුද්ධ සාසනයට ගිය කල. මහන දම් පුරන්නේ ඇයි කියෙන එකේ තේරුමවත් කියල දෙන්නවත් කවුරුවත් නැද්ද (නදී)
අැයි දෙයියනේ හාමුරුවන්ට අලි ඕනේ මොකටද ? (නදී)
ගැහැනු සත්තු එහෙම වෙනවාද? (අ)
ඇතින්නියන්ට මද කිපෙනවා කියලා ඇහුවේ අදමයි ..(අ)
නැවත වරක් සසර කෙටිකර ගැනීම සදහා මොනක්‍රමයකින් හෝ කරලියට වඩිනු මැනව හනි හනිකට. නිහඩව ගතකල කාලය මදෑ (නදී)
ඔය පන්සලට ගියාම ඒක පන්සලක් ද, සත්තු වත්තක්ද කියල හිතෙනවා. අසරණ සත්තු ගොඩක් ඉන්නවා හිරකරගෙන (නදී)
අම්මාගේ කිරි බොමින් සිටින අලි පැටව් පැහැරගෙන ගොස් ගස් බැඳ හාමතේ තබා, පොලු වලින් පහරදී නොයෙක් ශාරීරික හිරිහැර කර හෙම්බත් කරයි. ඒ සතාගේ ඔද තෙද බිඳ දමයි. වහල් වැඩට සිරකරුවෙකු ලෙස යොදා ගැනීමේ ආරම්භක පියවර මෙයයි. මේ තිරශ්චීන ක්‍රියාවලියට ගොදුරු වූ සතා ආගමික කටයුතුවලට යොදා ගැනීමෙන් ආගමට සිදුවන්නේ ඉතිහාසගත කැළලකි.(නදී)
බුදුන් වැඩ හුන් දෙවුරම් වෙහෙරේ අලි ඇතුන් ගැට ගහල හිටිය බවක් කොතනකවත් සදහන් වෙලා තිබුනද ? නිවන් මාර්ගයට ලබන දියුණුව නම් අත් ඇරීම මිස ගැට ගැසීම නොවෙයි (නදී)
ඇතින්න මද කිපිලා පලමුවතාවට මෙහෙම දෙයක් අහන්න ලැබුනේ (අ)
මේ ඇතින්න අර හිටපු පැටියගේ අම්ම වෙන්න ඇති. එම නිසා වෙන්න ඇති අතිනක් මදකිපෙන්නේ. මේ බොරු කාටද ? (අ)
අමිලගේ අදහස සහතික ඇත්ත.සතුන් හිර කරගෙන ඉන්නේ තට්ටු තුනක් විතර උස දැල් ආවරණ යෙදු ගොඩනැගිල්ලක.එහි මැකෝ වැනි පක්ෂීන් රාශියක් හිර කරගෙන ඉන්නවා.(අ)
පහුගිය දවස්වල ඔය පන්සලේම නේද අර ඇත් පැටියත් නීති විරෝධිව ඉදලා අරන් ගියේ. (නදී)
අම්මාගේ කිරි බොමින් සිටින හරක් පැටව් පැහැරගෙන ගොස් ගස් බැඳ හාමතේ තබා, පොලු වලින් පහරදී නොයෙක් ශාරීරික හිරිහැර කර අවසානයේ මරා දමා රස කර කර ගිල දමයි. මේ තිරශ්චීන ක්‍රියාවලියට ගොදුරු වූ සතා ආහාරයට ගැනීමෙන් අදාල ආගමට සිදුවන්නේ ඉතිහාසගත කැළලකි. (නදී)
මේ අපිට අල්පේච්ඡ ජීවිත ගත කරන්න බන කියන හාමුදුරුවරු නේද? (නදී)
හාමුදුරුවනේ, ගොඩක් අය හාමුදුරුවන්ටත් බුදු බන උගන්නනවා. ගණන් ගන්න එපා, ඔබතුමා වැඩ පිලිවල ඉදිරියටම කරගෙන යන්න. (නදී)
මෙතන ඉන්න කට්ටිය මේ කෑගහන්නේ හාමුදුරුවෝ අලියා මරල කන්න හැදුවා වගේ නේ. ඔයාල ගෙදර බල්ලොත් ඇති කරනවා නේද උන්ව ආදරයෙන් බලාගෙන, කෑමත් දෙනවා නේද ? (නදී)