රජරට පවතින නියගය ගලේවෙලටද ඉතා දරුණු ලෙස බලපා ඇත.
වතුර නැතිව බණ්ඩි ගොයම් අක්කර ගණන් මැරී ගොසිනි.ගොඩ භෝගවල ඉරණම ද එයයි.
වැව් අමුණු සිඳී ගොසිනි. ළිංවල ද පතුලේ වතුර ටිකක් තාමත් ඇත.මිනිසුන් හරකුන් ඇතුළු අනෙකුත් සත්තු ද පානීය ජල හිගයට මුහුණ පා සිටිති.
ගලේවෙල බබරගස් වැව වෙල් යායේ වී ඇටයක්වත් මෙදා නොලැබෙතියි ගොවියෝ මැසිවිලි නගති.
බුද්ධ භෝගවල දැන් හරකුන් බදිනවා යැයි පද්මා කුමාරී ගෙවිලිය කියන්නීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත් මොකට කනවද ? ඔය වේලිච්ච පිදුරුටික කන්න පුළුවන් අය කොයි තරම් නම් ඉන්නවද ? දෙවියොත් දැන් කට්ටියටම සුදුසුම කෑම වගේ එවන්නේ! (ස)
විශම බලය හමුවේ පින් පවා මැකෙනවා.(අ)
ගිය ආත්මයේ කළ පින් පව් අනුව තමයි මේ ආත්මයේ ලැබෙන්නේ.ඒ නිසා මේ ආත්මයේ පින් දහම් කරන්න, ලබන ආත්මයේ සැප විඳින්න. (නි)
ඔය පිදුරු ටික ගෝනි වල අසුරලා එවන්න ක්‍රමයක් තියෙනවා නම් හාල් වලට වඩා හොඳ මිලක් ලැබෙනු ඇත. (නි)
මේක ලංකාවේ ආස්චර්ය (නදී)
මේ ගම මගේ ගමට අල්ලපු ගම මේ අය මම දන්නවා , ගමක කෙනෙක් හැටියට ගමේ දුක මම හොදට දන්නවා පායනකොට නැතිවෙන්න පායනවා , වහිනකොට උල් දිය දානකම් වහිනවා , නමුත් වැඩිපුර ගොවිතැන් කරන අය ලග මුදලුත් තියෙනවා , මොකද ගොඩක් අය එළවලු වගා කරන්නේ වගා ළිං වලින් ,මම දුක් වෙනවා මගේ ගමටත් ,පළාතේ අයටත් තියෙන ප්‍රශ්න ගැන , නමුත් මොනවා කරන්නද මමත් රට ආවේ ගොවිතැන් කරලා ගොඩ එන්න බැරි නිසා (නදී)
බුදු දහමින් ටිකෙන් ටික ඈත් වෙනකොට අප රකින පරිසරයත් වෙනස්වෙනවා. මම අහල තියන විදියට අපේ පාරම්පරික ගොවි මහතුන් පවුල් පිටින් අන්‍ය ආගම් වෙලා ඉතින් ප්‍රතිපලය ? (නදී)
මේ ගැටලුවට සම්බන්ද රජයේ ආයතන සහ උසස් වැටුප් ලබන දස දහසක් හිටියත් පලක් නැහැ ....!! දළදා සමිදුන් ගේ පිහිටෙන් මේ ප්‍රදේශයට වැසි වසිනට ආශිර්වාද කරමි ..!! (අ)
මමත් ගොවිපවුලක , දුක, සැප හොඳට අඳුනනව. පාරවල් නෙවේ හදන්න ඕනේ , අපට ජීවත්වන්න වතුර වැදගත්ම දෙය. රජවරු වැව ,ඇලදොළ හැදුව, ඒවා වැඩිදියුණු කර වගා කළහොත් ලස්සන රටක් අපට ඉතිරි වේවි. (අ)
මෙයට ඇති එකම පිළියම වැව් හාරා රොන් මඩ ඉවත් කිරීමයි. එයට තිබෙන හොඳම අවස්ථාවද මෙය වුණත්, අපේ රටේ මේ වැඩේට ප්‍රතිපාදන වෙන්කරගෙන වැඩේ පටන් ගන්නා විට ඊළඟ වැස්ස පටන්ගෙන ඉවර වේවි. ඉක්මන් පියවරක් ගත්තොත්, විශේෂයෙන් ස්වෙච්ඡා සමිති සහ සංවිධාන මඟින් මේවා කඩිනම් කරගන්න පුළුවන්. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තොත් අනාගතය ගොඩගන්න පුළුවන්, මෙවැනි දේ නැවත සිදුවුණොත්. බලධාරීන්ගේ නෙත් යොමුවේවා! (නි)
හෙලෝ උදාර, මනුෂ්‍යන්ගේ දුකේදී විහිළු මෝඩ කතා කියන්න එපා. ඔබේ සැපත් මගේ සැපත් පින ගෙවී අවසන් වීමත් සමගම අනිත්‍ය වී යනු ඇත. (ස)
ඒ ප්‍රදේශයේ උදවිය එකතු වෙලා පන්සිල් සමාදන් වෙලා 'වැහි පිරිත' කියන්න. එතකොට වැස්ස වහිනවා. මේක අත්දුටු දෙයක්. (ස)
තුන්වෙනි පින්තුරයෙන් සියලු බලාපොරොත්තු සුන්බව පිලිබිඹු වෙනව. පුංචි දරුවන්ගෙ සිනාහඬ කෙලිලොල් බව මේ සියල්ල මකා දමනව. (ස)
මේක දැක්කම මට මතක් වෙන්නේ ඉස්සර කාලේ. කලට වැසි ලැබිලා රට සශ්‍රීක වෙනවා. දැන් රක්ෂිත ගිනිතියනවා. ඉතින් කොහෙද වැසි ලැබෙන්නේ. (නි)
රටට බත සපයන ගොවි රජවරුන්ගේ පරාජිත මුහුණු දැක්කම පුදුම දුකක් හිතෙන්නේ. අටලෝ දහමට අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා ගොවි මහතුනේ. දැන් ඉතින් රජයේ වගකීම මේ මිනිසුන්ට වගා පාලු රක්ෂණයක් දෙන එකයි (නි)
ගොවි මහත්වරුන්ගේ මුහුණින් ගොඩක් දේ කියවෙනවා (නි)
ෂා නියමයි දැන් හාල් හිඟයක් ඇතිවෙනකොට පිටරටින් හාල් ආනයනය කරලා කොමිස් ගහගන්න පුළුවන් අපට. (ස)
ඉතා කණගාටුයි, මේ රටේ මිනිස්සු කරන අපරාධ දුෂණ නිසා මෙසේ දෙවියන්ගෙන් දඬුවම් ලැබෙනවා ඇති. දැන් තියෙන්නේ මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සියලුම වැවු හාරා වැවු ටික ප්‍රතිසංස්කරණය කරන එකයි. එතකොට අපිට පසුව බෝට්ටු තරඟ උනත් මේ වැව වල තියන්ඩ පුළුවන්. මෙය විහිලුවට හෝ සරදමට ලියූවක් නොවේ. කරුණාකර වැව් ටික හාරා රොන් මඩ ඉවත් කර දෙන්න. (ස)
තම ජීවිතය සරිකර ගන්නා ගමන් අපට ද බත සපයන ඔබලාගේ වත්මන් තත්වය ගැන කණගාටුයි. ඉක්මනින් නියඟය නිමාවී හොඳින් ජීවිකාව කර ගැන්මට වාසනාව උදාවේවා'යි පතමි. (ස)
අපි වහින කන් කාර් රේස් බලමු (නදී)
තව බාර් ලයිසන් දුන්නම හරි. (නදී)
වේවා ශාන්ති !නොවේවා කේන්ති !ඉවසීමෙන් සැනසීම ලැබේ (නි)
හොඳින් පන්සිල් සමාදම් වෙලා වැසි පිරිත කියන්න. වැසි ලැබේවි. මම මේක අත්දැකපු දෙයක්. (නි)
අනේ දෙවියන්වත් පිහිට වෙලා වැස්ස වස්සවන්න ... (නි)
දුක හිතෙනවා, අර අහිංසක මුහුණ දැක්කම (නි)