IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මුද්‍රණයේ බෙදිල්ල විගණනයෙන් එළියට

(ජේ.කේ.එල්. චාමින්ද)

රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුව විසින් අයවැය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් සමස්ත අතිකාල දිමනා හා වෙනත් දිමනා ගෙවිම් සදහා ඉකුත් වර්ෂයේ දි (2023) අනුමත ප්‍රතිපාදන ඉක්මවා සියයට 60.39ක් වැඩියෙන් වියදම් කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුවේ සේවකයන් සදහා ඉකුත් වර්ෂයේ (2023) සහ මෙම වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස දෙකද ඇතුළුව අතිකාල හා වෙනත් දිමනා ලෙස රුපියල් එකසියපනස්නමකෝටි,දශලක්ෂ හැත්තෑහය දහස්,අටසිය අනුපහක මුදලක් (1,591,076,895) ගෙවා තිබුණි.

මෙම වර්ෂයේ (2024) ජනවාරි හා පෙබරවාරි මාස දෙක තුල අතිකාල හා වෙනත් දිමනා ලෙස රුපියල් දහතුන්කෝටි,තිස්හයලක්ෂ,දාසයදහස්,නමසියඅසුහතක මුදලක් (133,616,987) ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

2023 වර්ෂයේ දි අතිකාල හා වෙනත් දිමනා ලෙස අයවැය මගින් රුපියල් අනුනමකෝටි, විසිලක්ෂයක (992,000,000) ප්‍රතිපාදන අනුමත කොට තිබුණි.

මුදල් අමාත්‍යංශය විසින් 2023 වර්ෂයේ ජනවාරි 27 වැනිදින නිකුත් කරණු ලැබු අයවැය චක්‍ර ලේඛය මගින් අතිකාල හා නිවාඩු දින වැටුප් සහ වෙනත් දිමනා සදහා ප්‍රතිපාදන අවම වශයෙන් සියයට හයකින් අඩුකළ යුතු බවට අවධාරණය කර තිබුණි.

එමෙන්ම ආයතන අධ්‍යක්ෂකගේ කිසිදු අනුමැතියක් තොරව මුද්‍රණ දේපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේ දි සිය සේවකයින් සදහා කෑලි ගණනට දිමනා ලෙස රුපියල් අසුඑක්කොටි,හතලිස්හතරලක්ෂ,හැත්තැහයදහස්,අටසියහැත්තැඑකක ( 814,476,871) මුදලක් ගෙවා තිබුණි.

ආයතන අධ්‍යක්ෂකවරයා විසින් කෑලි ගණනට දිමනා ගෙවන ලෙස අනුමකකොට ඇත්තේ 2018 වර්ෂයට පමණක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම නිෂ්පාදන තත්ත්වය නගා සිටුවිම සදහා ගෙවනු ලබන දිමනා දැනට සේවකයෙකු ලබන වැටුපෙන් සියයට 65ක් වන සේ 2018 වර්ෂය දක්වා අනුමත කොට තිබුණි. එහෙත් රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුවේ සේවකයින් සදහා ඔවුන්ගේ මාසික වැටුපෙන් සියයට 65 ඉක්මවා සියයට 102 සිට සියයට 353 දක්වා විවිධ වර්ගයේ දිමනා මාසිකව ගෙවා තිබුණි.

මුද්‍රණ දේපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරින්ට වාණිජ මුද්‍රණ දිමනාව ගෙවිමේ දි කොන්දෙසි තුනක් සපුරාලිය යුතු බවට අමාත්‍ය මණ්ඩල තිරණයේ දක්වා තිබුණි.

එහෙත් 1998 වර්ෂයේ සිට මෙකි කොන්දෙසි තුන සපුරාගෙන නොතිබුණි. එහෙත් 2023 වර්ෂයේ දි මෙකි කොන්දෙසි සපුරාගෙන නොමැතිව වාණිජ මුද්‍රණ දිමනාව ලෙස රුපියල් එක් කෝටි,හැත්තැහතරලක්ෂ,විසිනමදහස්,දෙසිය හතලිස්හතරක මුදලක් (17,429,244) ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

 



අදහස් (8)

මුද්‍රණයේ බෙදිල්ල විගණනයෙන් එළියට

madhu Saturday, 08 June 2024 05:02 PM

ඒ වුණාට ඡන්ද පත්‍රිකා ප්‍රින්ට් කරන්න සල්ලි නැහැ කිව්වේ ලොක්කි.

:       1       36

Deiyange malli Saturday, 08 June 2024 07:20 PM

ඇත්තෝ කතිබොති නැත්තෝ සුසුම් ලති ඒත් හැමදාම නැත්තෝ ගැන නොබලන ඇත්තෝම හැමදාම නැත්තන්ගේ කතිරයෙන් බලයට පත්ව උපරිමයෙන් කතිබොති නැත්තෝ හැමදාම ඇත්තන්ට කඹුරති

:       4       29

මැක්ස් Saturday, 08 June 2024 09:30 PM

දේශපාලකයින් දෙසටම ඇඟිල්ල දිගු කරගෙන ඉන්න අතරේ අනිත් අය කරලා තියෙන හරිය නරකම නෑනේ...!

:       0       2

SL Saturday, 08 June 2024 11:10 PM

මේවා වුණාට පස්සේ බලලා වැඩක් නැහැ. ඇමැතියෙක් ඉන්නවා. එයාට රාජ්‍ය ඇමැතියෙක් ඉන්නවා, නියෝජ්‍ය ඇමැතියෙක් ඉන්නවා ලේකම්ලා ඉන්නවා. මේවා ඔවුන්ගෙන් අයකරගන්න ඕනේ.. මොන කරුමයක්ද අප්පා? හැම රජයේ ආයතනයක් ම මේ වගේ... රනිල් මොනවද කරන්නේ !!

:       0       0

රංබොඩ Saturday, 08 June 2024 11:33 PM

රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්. රජයේ ආයතනවල ගැහිලිවල හැටියට ලංකා මාතාව වල දමා ඒ මත ගසුත් පැළවෙන්න ඕනෑ...

:       0       0

LALITH Sunday, 09 June 2024 04:05 AM

දෙබරෙට ගලක් ගහලා චන්ද කොල අච්චු ගහන ඵක අවුල් කරල චන්දෙ නොතිය ඉන්න යනවද? නැතිනම් වැඩේ අවුල් කරල පුද්ගලික සමාගමක් හරහා ඩුප්අලිකේට් එක්කලා අච්චුගස්සලා ගෙදර ඉදන්ම කතිරේ ගහලා වෙන පෙට්ටියකට දාලා පෙට්ටි පිටින්ම මාරැ කරන්න යනවද? දුර දක්නා නුවන කියන්නේ ඔව්වට තමයි. නේද රාලාමි.

:       1       1

Chandimaal Sunday, 09 June 2024 03:05 PM

ඡන්දේට කලින් මුද්‍රණය කරපු කරලා ඡන්දේ අවුල් කරන්න යනවාද?

:       0       0

අමල් Sunday, 09 June 2024 04:11 PM

ගොඩක් හාන්සි වෙන්න වුණා.., ඔය කෝටි 159 ගන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 118 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 66 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 187 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 385 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 202 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 610 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 496 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site