IMG-LOGO

2025 මාර්තු මස 05 වන බදාදා


මාදැල අදිමින් තිබු ට්‍රැක්ටරය පෙරැළී රියදුරා මරණයට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළේ මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් අද( 18 ) උදෑසන  පෙරළි යාමේන් එහි රියදුරා ට්‍රැක්ටරයට සිරවි මරණයට පත්ව ඇති බවත් අසාධ්‍ය තත්වයෙන් සිටි සහයකයා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව උඩප්පුව පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ පුප්පුපාඩුව කොත්තන්තිව් පදිංචි ඉරසුර ආරච්චිගේ අජීත් නිලන්ත නැමති ධීවරය කාර්මිකයකු හා රියදුරේකු ලෙස සේවය කරන  අයකු බව කියයි.

පල්ලිවාසල්පාඩුව සමාගම් දැල නමින් ප්‍රසිද්ධ මාදැල මුහුදේ එලා එය ට්‍රැක්ටර් වලට සවිකර ඇති වින්ච් නැමති ආධාරක උපයෝගි කර ගනිමින් මාදැල ගොඩට අදිමින් සිටියදී නොසිතු ලෙස එකවර ට්‍රැක්ටරය උඩකුරුව පෙරළි රියදුරු හා සහයකයා එයට යටවි සිටි බව කියයි.

කෙසේ වෙතත් කඩිනමින් එම ස්ථානයෙ තිබු තවත් ට්‍රැක්ටරයක් හා මාදැල ඇදිමට සිටි අනිත් ධීවරයින් සමග එක්වි ට්‍රැක්ටරය උස්සා මෙම දෙදෙනා ඉවත් කර කඩිනමින් කොත්තන්තිව් රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුනද ඒ වන විටත් ට්‍රැක්ටරයෙ රියදුරා මරණයට පත්ව සිටි කොත්තන්තිව් රෝහලේ වෛද්‍යවරුන් පවසයි.

මාදැල් ඇදිම සදහා ධීවරයින්ට අමතරව ට්‍රැක්ටරයට සවි කරනු ලැබ ඇති වින්ච් නැමති ආධාරකය ධිවර පනත අනුව තහනම් නමුත් මේ වන විට මාදැල් ඇදිමට යොදා ගන්නා ධීවරයින් සංඛාවා අඩු කිරීමට මෙලෙස වින්ච් සවිකල ට්‍රැක්ටර් රථ භාවිතා කිරිම බහුල වී තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවිමේන් මරණයට පත්වු අය විවාහකයකු බවත් ඔහු දෙදරු පියකු බවද කියයි.

 

 



අදහස් (1)

මාදැල අදිමින් තිබු ට්‍රැක්ටරය පෙරැළී රියදුරා මරණයට

චන්දිම Wednesday, 19 February 2025 12:01 PM

මේ ගොඩක් දෙනා ටැක්ටර් පැදවූවාට එහි ස්වභාවය දන්නේ නැහැ. ටැක්ටරයකින් මෙවැනි ඇදීමක් කළයුතු වන්නේ රිවස් කිරීමෙනි. නැතිනම් වෙන්නේ පිටිපස බර රෝද දෙක එක තැන කැරකෙද්දී සාපේක්ෂව බර අඩු ඉදිරිපස රෝද සහ එන්ජිම උඩට එසැවීමත් සමග පසුපස රෝද මඳක් ඉදිරියට යාම සමග ටැක්ටරය උඩුකුරුව පෙරලී යාමයි. නමුත් ඇදිය යුතු බර ටැක්ටරයේ ඉදිරිපසට සම්බන්ධ කර ටැක්ටරය පසු පසට ගමන් කළා නම් මොන තරම් බලයකින් ඇද්දත් ටැක්ටරය පෙරළෙන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ඉෂාරා සොයා දෙන්නෙකුට ලක්ෂ 12ක්
2025 මාර්තු මස 04 671 2

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙ


ඉන්ධන බෙදුම්කරුවෝ පැය හයක ප්‍රකාශයකින් පසු පිටව යති
2025 මාර්තු මස 04 877 0

ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වර


අසාධාරණ වැඩ වර්ජන එපා
2025 මාර්තු මස 04 851 5

දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්


ගාල්තැන්නෙන් තවත් සැක රියක් සොයාගනී
2025 මාර්තු මස 04 1050 0

ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය


හෝටල හිමියෙක්ට පහරදුන්නැයි අයි පී ගේ වැඩ තහනම්
2025 මාර්තු මස 04 616 1

වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර


මන්ත්‍රි සුජිවගේ පෙත්සමේ තීන්දුව 11 වැනි දා
2025 මාර්තු මස 04 467 0

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසි


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20052 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 127 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 447 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 530 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site