IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මුදල් ඇමැති ඇතුළු 14කට යළි නොතීසි

ලයන් බෲවරි සිලෝන් ලිමිටඞ් සමාගම ඇතුළු තවත් සමාගම් හතරකට රුපියල් කෝටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන නොවැම්බර්  7  වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස  මුදල් ඇමති රවි කරුණානායක ,රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාට හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 14 දෙනෙකුට නියම කරමින් අභියාචානාධිකරණය අද (12) දෙවැනි වරටද  නොතීසි නිකුත් කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අද (12) අධිකරණයේ පෙනී සිටින ලෙස එම වගඋත්තරකරුවන්ට නියම කරමින් මීට පෙර නොතීසි නිකුත් කර තිබූ නමුත් එම නොතීසි නිසි පරිදි ලැබී නැති බවට අවධානය යොමු කළ අභියාචානාධිකරණය මෙලෙස යළි නොතීසි නිකුත් කරනු ලැබීය.

මාස හතරක කාලයක් සඳහා රේගු බදු සහන ලයන් බෲවරි සමාගම ඇතුළු තවත් සමාගම් 4කට ලබාදීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600කට ආසන්න මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය විසින් මෙලෙස නොතීසි නිකුත් කරන ලදී.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා  මහතා ඉදිරියෙහි පෙත්සම කැඳවිණි.



අදහස් (0)

මුදල් ඇමැති ඇතුළු 14කට යළි නොතීසි

ටිකිරි Thursday, 13 October 2016 01:51 AM

නියඟය නිසා වතුර නැති අයට සහනයක් විදියට බියර් මිල අඩු කරන්නද මේ වගේ වැදගත් තීරණයක් ගත්තේ. ජනතාවට පුළුවන් වතුර නැත්නම් බියර් බොන්න. සිගරට් වෙනුවට අරක්කු බොන්න. ජල ප්‍රශ්නයට හොදම විසඳුම දුන්නේ අපේ ආණ්ඩුවෙන්. (නි)

:       0       0

සජී Thursday, 13 October 2016 02:05 AM

පුළුවන් නම් මේකටත් මහින්ද මහත්තයාව ගාව ගන්න (අ)

:       0       0

අසාද් Thursday, 13 October 2016 04:35 AM

ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුත් අදිකරණයට ගෙන ඒමේ මේ වෙනසට අපි ගරු කරනවා.අපි බලාපොරොත්තු වු වෙනස මෙයයි.පහුගිය ආණ්ඩුවෙන් නිතිය වල්වැදී තිබුණු බව මහින්ද වාදීන් හැර සැවොම දන්නා කරුණක්. (ම)

:       0       0

එඩ්වඩ් Wednesday, 12 October 2016 04:38 PM

මුදල් ඇමති ගැන අපි දන්නවා. ආයේ අමුතුවෙන් මොනවා ලියන්නද? (නි)

:       0       0

සුසන්ත Wednesday, 12 October 2016 06:17 PM

කමක් නැහැ. අපි පටි තද කරගෙන ඉන්නම්. (නි)

:       0       0

සිරි Wednesday, 12 October 2016 07:44 PM

"අන්තෝ ජටා බහිජටා" කිවුවලු (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 12 October 2016 08:17 PM

රවී කරුණානායක මහතා දේශපාලනයට ආවේ කුමන අරමුණකින්ද? ඔහු හොඳ ගණකාධිවරයෙක්ලු නේද? ඔය මුදල් ජනසවිය වාගේ අඩු ආදායම් ලබන අහිංසක දුප්පතුන් සඳහා යොදන්න බැරිද? (නි)

:       0       0

දහම් Thursday, 13 October 2016 12:14 AM

මුදල් ඇමති ගැන මුළු රටම දන්නවා. මතකද කලින් වෙළෙඳ ඇමති වෙලා ඉන්න කාලේ සතොසට සිදුවුණ දේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 953 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1569 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1423 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1211 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site