ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් අත් කර දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තිය පුළුල් කිරීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රමුඛතම කාර්යය යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (12) ‘සාර්ථකත්වය, සම්බන්ධ වීම හා වෙනසකට වෙළෙඳාම‘ මැයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ලෝක අපනයන සංවර්ධන සම්මේලනයේ ආරම්භක සැසිවාරය අමතමින් පැවැසීය.
රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරමින්, ආදායම් ඉහළ නංවමින් රැකියා දස ලක්ෂයක් බිහි කිරීමටත් මධ්‍යම පන්තියට වත්මන් ආණ්ඩුව ප‍්‍රමුඛත්වය දී තිබෙන බව ද වික‍්‍රමසිංහ මහතා කීවේය.
එම කරුණු ඉටු කරන අතරේම ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ව්‍යාපාර, මූල්‍ය හා සැපයුම් දාම කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා ද සැලසුම් කරමින් සිටින බව කී අගමැති පසුගිය වසරක කාලයේදී අනාගත සැලසුම් සකසමින් ඒ සඳහා පදනම යෙදූ බවද අයවැය සැලසුම් කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කරන බව ද කීවේය.
සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඇතුළු මහත්ම මහත්මීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රටේ 70 % ක් ඉන්නේ දුගී ජනතාව (බ)
එකනේ එහෙම මධ්‍යම පන්තියේ හිටපු කොලුවෙක් වසර කිහිපයකින් ලංකාවේ ලොකුම ධනවතෙක් කළේ හරි ලේසියෙන්, බැඳුම්කර සෙල්ලමක් දාලා! (බ)
නියම කතාව! (නි)
ඇයි ඉතින් මේ පන්ති භේදයක් හදාගෙන? ලංකාවම එකම පන්තියක් කරන්නකෝ. (නි)
මෙතුමා දන්නවද දන්නේ නැහැ රටේ ජනතාවගේ කී දෙනෙක් ඔය කියන පන්තියට අයත් වෙනවද කියලා. අනෙක රටක් තියෙන්නේ එක පන්තියකටද? අපි දන්නවා එතුමලා නම් අයිති එක පන්තියකට කියලා. (නි)
රටේ අනාගතය ඉතා අස්ථාවරයි (ම)
මමත් ආර්ථික වශයෙන් අයිතිවෙන්නේ ඔය කියන මධ්‍යම පන්තියට තමයි. එහෙත් සමාජයක් වශයෙන් පන්ති භේද අපිට අවශ්‍ය නැහැ. (ම)
බුදු අම්මෝ මුළු රටටම මේ දීල තියෙන හරිය ඇති. (ම)
ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා දුප්පත්කම නැති කරන්න බැලුවා. දැන් අපි පන්ති භේදයක් හදමු. (ම)