IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මාධ්‍යවේදී රියට ගංජා දාලා

රාජ්‍ය නොවන සංවිධානයකින් කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැත්වූ වැඩමුළුවකට එමින් සිටි යාපනයේ මාධ්‍යවේදීන් හත් දෙනකු රැගත් වෑන් රියක ගංජා පැකට්ටුවක් තිබීම නිසා ඔවුන්ට එම වැඩමුළුවට සහභාගීවීමට නොහැකි විය. මාධ්‍යවේදීන් පවසනුයේ ඕමන්ත මුරපොළේ දී යුද හමුදාවෙන් මෙම ගංජා පැකට්ටුව වාහනයට දැමූ බවයි. එහෙත් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

ඕමන්ත පොලීසියේ දී ඒ ගැන මාධ්‍යවේදීන් පොලීසියට පැමිණිලි කළ ද පොලීසිය පැමිණිල්ල ලියා ගැනීම ප්‍රමාද කළ බවත් එහෙත් පැය ගණනකට පසුව එය ලියාගත් බවත් මාධ්‍යවේදීහු කියති.

රියදුරා ඇප පිට මුදාහල බවත් පොලීසිය කියයි. මේ අතර එම වැඩමුළුව කඩාකප්පල් කළ බව සංවිධායකයෝ කියති. 30 ක 40 ක පමණ පිරිසක් පැමිණ පුවත්පත් ආයතනය ඉදිරිපිට විරෝධය පෑ බවත් ඒ අනුව වැඩමුළුව නවතා දැමූ බවත් දැනගන්නට ඇත.



අදහස් (0)

මාධ්‍යවේදී රියට ගංජා දාලා

නිහාල් Monday, 28 July 2014 12:23 AM

මොකක්ද ඔය රාජ්‍ය නොවන සංවිධානය? ඒ ගැනත් ටිකක් හොයලා බැලුවොත් නේද හොඳ? (නි)

:       0       0

දේශාන් Monday, 28 July 2014 01:30 AM

වැඩේ නම් බරපතළයි (නි)

:       0       0

පෙරේරා Monday, 28 July 2014 02:47 AM

මත් කුඩු පාන් පිටිවෙන, කසිප්පු වතුර වෙන රටේ ඕකත් වැඩක්ද? (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Monday, 28 July 2014 03:17 AM

අපි දුටුගැමුණුගේ පුතා රජකමට පත් කරමුද? මේ වගේ දේවල් කවදාවත් වෙන්නේ නැතිවෙයි (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 28 July 2014 04:18 AM

ඒ පාර මාධ්‍ය වේදියොත් ගංජා අදිනවා කියලද කියන්නේ? මන්ත්‍රීවරු, පොලිසියේ ඇත්තෝ ,හමුදාවේ මහත්තුරු ගංජා ඇද්ද කතා නම් අපි දන්නවා. ඒත් මේ වගේ කතාවක් නම් ඇහුවමයි. (නදී)

:       0       0

ලුම්බිණි Sunday, 27 July 2014 08:21 AM

මොකද ආණ්ඩුව මාධ්‍යට මෙච්චරම බය? (නදී)

:       0       0

රූපවතී Sunday, 27 July 2014 09:37 AM

මාද්‍ය මර්දනය කරන්න හැමෝම දගලනවා. බැරි වෙන කොට ඉතින් මේ වගේ බාල වැඩ වලින් හරි අපේ මාද්‍ය පාලනය කරන්න ඇතැම් පිරිස් වෙර දරනවා. පසුගිය කාලේ හමුදාවේ අය ගංජා ඇදපුවා පත්තරේ දමලා තිබුන නිසා රිදෙන්න ඇති. කමක් නැහැ බොරුවට ආයුෂ අඩු වග අපි ඉගන ගත්තේ බුදුන්ගේ කාලේ. අදටත් ඒ වදන් බලගතුයි. ඔබට ජය. (නදී)

:       0       0

කපිල Monday, 28 July 2014 06:27 AM

මේ රටේ කරපු තරම්නරක වැඩ කළේ ඔය රාජ්‍ය නොවන සංවිධාන නේද. (අ)

:       0       0

රංජිත් Sunday, 27 July 2014 09:45 AM

රාජ්‍ය නොවන සංවිධාන කරන වැඩ බැලුවහාම ගංජා නොතිබුනයි කියලා අපිට විශ්වාස කරන්න අමරුයි.(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 27 July 2014 09:48 AM

මේ වගේ වැඩ අනුමත කරන්න බැහැ. අසික්ක්තිත වැඩ කවුරු කලත්. (නදී)

:       0       0

රූපවතී Monday, 28 July 2014 06:42 AM

බන්දුල මල්ලි, මම හැමදාම ගන්නේ රාජ්‍ය නොවන සංවිධානවල පැත්ත (අ)

:       0       0

සත්‍යපාල කටාර් Sunday, 27 July 2014 10:35 AM

කරලා තිබෙන වැඩේ නම් මහා අසික්කිත තුප්පහි වැඩක්. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 28 July 2014 07:11 AM

රාජ්‍ය නොවන සංවිධානවලින් අපේ රටට කරපු තරම් කළේ අදටත් විසඳගන්න බැරි තරම් ප්‍රශ්න. (අ) .

:       0       0

බන්දුල Sunday, 27 July 2014 10:56 AM

අනේ අපේ රටට වෙච්ච දෙයක්. තව සාමය සංහිදියාව වගේ වචන තියෙනවද ලංකාවේ තත්වේ ලෝකෙට කියා පාන්න (නදී)

:       0       0

කුමාර් Sunday, 27 July 2014 11:10 AM

මේ රාජ්‍ය නොවන අර වේදීන් මේ වේදින් තමයි ඒ කාලේ කිලෝ ගණන් පුපුරන ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කලේ. (නදී)

:       0       0

අපොන්සු Sunday, 27 July 2014 12:01 PM

වැඩේ කරලා තියෙන්නේ ආධුනිකයෝ රංචුවක් වගෙයි. නැතිනම් නම් ආයුධ පෙන්නන්නනේ එක්ක යන්නේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 27 July 2014 03:06 PM

දැන් රූපවතියෝ, මේ කවුරුන් ඇත්ත කියනවාද කියලා ඔබතුමී හරියටම දන්නවද? (නි)

:       0       0

හෂාන් Sunday, 27 July 2014 03:22 PM

දැන් එතකොට කවුද හරි? (නි)

:       0       0

එරංග Sunday, 27 July 2014 03:36 PM

එතකොට මාධ්‍යවේදීන් කියන්නේ ඇත්තක්ද? (නි)

:       0       0

සම්පත් Monday, 28 July 2014 09:30 AM

අනේ මේවා කියන්නේ මේ අපිටනේ! (නි)

:       0       0

අබේරත්න Sunday, 27 July 2014 04:54 PM

රාජ්‍ය නොවන සංවිධානය මොකක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 697 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3609 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1296 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2245 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site