රාජ්‍ය නොවන සංවිධානයකින් කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැත්වූ වැඩමුළුවකට එමින් සිටි යාපනයේ මාධ්‍යවේදීන් හත් දෙනකු රැගත් වෑන් රියක ගංජා පැකට්ටුවක් තිබීම නිසා ඔවුන්ට එම වැඩමුළුවට සහභාගීවීමට නොහැකි විය. මාධ්‍යවේදීන් පවසනුයේ ඕමන්ත මුරපොළේ දී යුද හමුදාවෙන් මෙම ගංජා පැකට්ටුව වාහනයට දැමූ බවයි. එහෙත් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
ඕමන්ත පොලීසියේ දී ඒ ගැන මාධ්‍යවේදීන් පොලීසියට පැමිණිලි කළ ද පොලීසිය පැමිණිල්ල ලියා ගැනීම ප්‍රමාද කළ බවත් එහෙත් පැය ගණනකට පසුව එය ලියාගත් බවත් මාධ්‍යවේදීහු කියති.
රියදුරා ඇප පිට මුදාහල බවත් පොලීසිය කියයි. මේ අතර එම වැඩමුළුව කඩාකප්පල් කළ බව සංවිධායකයෝ කියති. 30 ක 40 ක පමණ පිරිසක් පැමිණ පුවත්පත් ආයතනය ඉදිරිපිට විරෝධය පෑ බවත් ඒ අනුව වැඩමුළුව නවතා දැමූ බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මාධ්‍යවේදීන් කියන්නේ ඇත්තක්ද? (නි)
අනේ මේවා කියන්නේ මේ අපිටනේ! (නි)
රාජ්‍ය නොවන සංවිධානවලින් අපේ රටට කරපු තරම් කළේ අදටත් විසඳගන්න බැරි තරම් ප්‍රශ්න. (අ) .
බන්දුල මල්ලි, මම හැමදාම ගන්නේ රාජ්‍ය නොවන සංවිධානවල පැත්ත (අ)
මේ රටේ කරපු තරම්නරක වැඩ කළේ ඔය රාජ්‍ය නොවන සංවිධාන නේද. (අ)
ඒ පාර මාධ්‍ය වේදියොත් ගංජා අදිනවා කියලද කියන්නේ? මන්ත්‍රීවරු, පොලිසියේ ඇත්තෝ ,හමුදාවේ මහත්තුරු ගංජා ඇද්ද කතා නම් අපි දන්නවා. ඒත් මේ වගේ කතාවක් නම් ඇහුවමයි. (නදී)
අපි දුටුගැමුණුගේ පුතා රජකමට පත් කරමුද? මේ වගේ දේවල් කවදාවත් වෙන්නේ නැතිවෙයි (නදී)
මත් කුඩු පාන් පිටිවෙන, කසිප්පු වතුර වෙන රටේ ඕකත් වැඩක්ද? (නදී)
වැඩේ නම් බරපතළයි (නි)
මොකක්ද ඔය රාජ්‍ය නොවන සංවිධානය? ඒ ගැනත් ටිකක් හොයලා බැලුවොත් නේද හොඳ? (නි)
රාජ්‍ය නොවන සංවිධානය මොකක්ද දන්නෙ නැහැ (නි)
මොකද ආණ්ඩුව මාධ්‍යට මෙච්චරම බය? (නදී)
දැන් එතකොට කවුද හරි? (නි)
දැන් රූපවතියෝ, මේ කවුරුන් ඇත්ත කියනවාද කියලා ඔබතුමී හරියටම දන්නවද? (නි)
වැඩේ කරලා තියෙන්නේ ආධුනිකයෝ රංචුවක් වගෙයි. නැතිනම් නම් ආයුධ පෙන්නන්නනේ එක්ක යන්නේ. (නදී)
මේ රාජ්‍ය නොවන අර වේදීන් මේ වේදින් තමයි ඒ කාලේ කිලෝ ගණන් පුපුරන ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කලේ. (නදී)
අනේ අපේ රටට වෙච්ච දෙයක්. තව සාමය සංහිදියාව වගේ වචන තියෙනවද ලංකාවේ තත්වේ ලෝකෙට කියා පාන්න (නදී)
කරලා තිබෙන වැඩේ නම් මහා අසික්කිත තුප්පහි වැඩක්. (නදී)
මේ වගේ වැඩ අනුමත කරන්න බැහැ. අසික්ක්තිත වැඩ කවුරු කලත්. (නදී)
රාජ්‍ය නොවන සංවිධාන කරන වැඩ බැලුවහාම ගංජා නොතිබුනයි කියලා අපිට විශ්වාස කරන්න අමරුයි.(නදී)
මාද්‍ය මර්දනය කරන්න හැමෝම දගලනවා. බැරි වෙන කොට ඉතින් මේ වගේ බාල වැඩ වලින් හරි අපේ මාද්‍ය පාලනය කරන්න ඇතැම් පිරිස් වෙර දරනවා. පසුගිය කාලේ හමුදාවේ අය ගංජා ඇදපුවා පත්තරේ දමලා තිබුන නිසා රිදෙන්න ඇති. කමක් නැහැ බොරුවට ආයුෂ අඩු වග අපි ඉගන ගත්තේ බුදුන්ගේ කාලේ. අදටත් ඒ වදන් බලගතුයි. ඔබට ජය. (නදී)