ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී තමා නොතකා කටයුතු කරන්නේ නම් ඇමැතිකමින් අස් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට තමා සූදානම් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ලංකාදීපය ට පැවැසීය.
හිටපු ජනාධිපතිනියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය සහා සංහිඳියාව සඳහා වූ කාර්යාලය තම අමාත්‍යංශ කටයුතුවලට දිගින් දිගටම ඇඟිලි ගසමින් සිටින බවට චෝදනා කළ හෙතෙම සියල්ල ඉවසා සිටීමට තමා පඹයෙකු නොවන බව කීය.
තම අමාත්‍යංශය තිබියදී ජාතික සංහිඳියාවට වෙනම කාර්යාලයක් අවශ්‍ය නැති බවත් මේ සම්බන්ධයෙන් මැදිහත් වී කඩිනම් පියවරක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද ගනේෂන් මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා කරන්නෙම අනුන්ගේ ඒවාට ඇඟිලි ගහන එක. (නි)
මෙන්න ඉතින් මනෝ ගනේෂනුත් එයාගේ උතුරු පළාත් මහා ඇමති වගේ රජයට එරෙහිව කචල් දාන්න සුදානම් වෙනවා. ඇමතිකමෙන් අස්වෙලා ගිහින් එයා මොනවා කරන්නද යන්නේ කියලා මුලින්ම හිතුවොත් නරකද? (නි)
දැන් මෙයා බාබා වෙන්න හදනවා.(හේ)
ඉස්සර මොනවා වුණත් පහුගිය කාලේ මනෝගනේෂන් මහත්මයා බොහොම මධ්‍යස්තව වැඩ කළා. එවැනි දෙමළ දේශපාලන නායකයින් එළවගෙන නැවත අන්තවාදීන් ගෙන්න ගන්න එක නොකළ යුතුයි. (නි)
කොහොමත් ඉතින් එයාලා එහෙමනේ.... (නි)
මේ ගොල්ලන්ට ලෝක දෙකක් නැහැ. එක අරමුණයි. එක ලෝකයකටයි සිහින දකින්නේ (නි)
මෙයාගේ වැඩ ගැන අපි එදා ඉඳන්ම ඉන්නේ දෙලොවක් අතර. (නි)
නූපන් කෙනයි, මැරුන කෙනයි ඇරෙන්න වෙන කිසි කෙනෙක් විශ්වාස කළනොහැක. (නි)