IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මන්ත්‍රී ඇඹිලිපිටි පොලිසිය නිරුවත් කරයි

‘ඇඹිලිපිටිය පොලිසිය ඉස්සරහ පාරේ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම තියනවා. පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරින් සම්බන්ධවෙලා පොලිස් ස්කෝඩ්එක ඇතුව ඇඹිලිපිටියෙන් ගංජා අදිනවා. ඇඹිලිපිටියේ හොරට ගස් කපන්නේ පොලීසියේ ඉහළ නිලධාරින්ගේ සහාය ඇතුව. ගණිකා වෘත්තිය ඇඹිලිපිටියේ කෙරෙනවා. වැටත් නියරත් ගොයම් කනවා නම් ඒ බව කාට කියන්නද? මෙවගේ මහ කාලකණ්නි තත්ත්වයක් තියෙන්නේ අද. ඇතැම් පහළ දේශපාලකයන් පොලීසිවලට බලපෑම් කරන බව මම දන්නවා. ඒ බලපෑම් මත නිලධරයන්  පරල වෙලා.‘ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනි රෝහණ මහතා එසේ පැවසීය.

රුපියල් ලක‍්ෂ එකසිය විස්සක් වැය කර ඇඹිලිපිටිය නගරයේ අලූතින් ඉදිකළ සුරාබදු කාර්යාලය විවෘත කරමින් සිකුරාදා  මන්ත්‍රීවරයා  එසේ කීවේය.



අදහස් (0)

මන්ත්‍රී ඇඹිලිපිටි පොලිසිය නිරුවත් කරයි

සම්පත් Monday, 17 June 2013 09:39 AM

ඔය ඔක්කොම කට්ටිය එකයි කියන දේ නෙමේ කරන්නේ.(ස)

:       0       0

සාදි Sunday, 16 June 2013 01:12 PM

රුවන්පුර පුරවැසියෙක් විදියට මට අහන්න තියෙන්නේ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුවන ඔබට කරන්න දෙයක් නැත්නම් හුදී ජනයින් වන අපිට කිව්වා කියල අනේ අපි මොනොව කොරන්ඩද ?(නදී)

:       0       0

අපොන්සු Sunday, 16 June 2013 01:14 PM

ඇයි කලිනුත් කිව්වනේද මේ වගේ දේවල් ලෝකේ ඕනෑම රටක වෙනවා කියලා. සද්ද නොකර කරබාගෙන ඉන්නකියලා. ආයිමත් කියවා ගන්න ඕනද?(නදී)

:       0       0

සෆ්ර් Sunday, 16 June 2013 09:18 PM

මම මේ නොදන්නා නිසා අහන්නේ , ලංකාවේ පොලිසියේ අය ඇදුම් අදිනවද ? (අ)

:       0       0

ජය_ජර්මනිය Sunday, 16 June 2013 01:16 PM

එහෙනම් කියමු බලන්න ඊළඟ ඡන්දෙට කටවුට් ගහන්න කොහොමද සල්ලි හම්බ කරන්නේ කියලා.(නදී)

:       0       0

වසන්ති Sunday, 16 June 2013 01:20 PM

ඔබ තුමාට මේක තේරුනට ලොකු උදවියට එහෙම තේරුමක් නැහැ. එකනේ ස්වාදීන ආයතන නොපිහිටුවන්නේ.(නදී)

:       0       0

චමි Monday, 17 June 2013 12:44 PM

එල එල ඔබට අපේ ප්‍රණාමය (අ)

:       0       0

මංජු Sunday, 16 June 2013 01:36 PM

ඔන්න කෙල පාර මුනටම එනෝ.(නදී)

:       0       0

රුවන් Sunday, 16 June 2013 01:39 PM

පොලිස් ලොක්කෝ කුඩු,කසිප්පු,ගංජා, හා වෙනත් නීති විරෝධී ස්ථාන වලට ඇතූල්වන්නේ හරියට සිංහයෝ වගේ සාමාන්‍ය ජනතාවට පේන්න. නමුත් ජරාව අරගෙන එලියට එන්නේ බල්ලෝ වගේ. පොලිසිය හරියට නීති ක්‍රියාත්මක කෙරුවොත් ඔය සියලුම ජරාවැඩ නවත්වන්න පුළුවන්. මුලින්ම පොලිස්සියේ සියලුදෙනාගේ වත්කම් පරික්ෂා කරන්න ඕනේ.(නදී)

:       0       0

ක්‍රිෂාන් කෞෂල්‍යය Sunday, 16 June 2013 01:43 PM

මේ කතා විහිලු දේශපාලනයයි පොලිසියයි අපේ මව්බිම දිනෙන් දින විනාශ කරනවා.(නදී)

:       0       0

රංජිත් සිල්යා Sunday, 16 June 2013 01:55 PM

මේ දෙගොල්ලොම එකගෙයි කනවා. බොරුවට මාධ්‍යට බයයි කියනවා විතරයි. ඔය එකක්වත් නඩු දාල ඔප්පු කරලා නෑනේ. උනුත් හොරු. මුනුත් හොරු. අපිත් මෝඩයෝ. නායකයෝත් මෝඩයෝ. ඔහොම යන්.(නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 16 June 2013 02:02 PM

කරන්න බැරි ඒනම දෙයක් ජනාධිපතිට කරන්න පුලුවන් නේද? ඇයි තවත් පරක්කු ? නැත්නම් මේවට වග කියන්න වෙයි.(නදී)

:       0       0

සමන් මැද්දගේ Sunday, 16 June 2013 02:08 PM

ඡන්දයක් ලග එනවද? කල්පනාවෙන් ඉන්න.(නදී)

:       0       0

රසස් Sunday, 16 June 2013 10:10 PM

වත්තල පොලීසියත් එහෙම තමයි. ලොක්කා හොද උනාට පොඩ්ඩො හොරු. හොරු ඈල්ලුවම බඩු ටික පොලිසියේ අය මාටියා ගහනවා. හොරා ටික දවසක් පොලීසියේ තියා ඉදලා මුකුත් හම්බ උනේ නෑ කියලා ගෙදර යවනවා. එක්කෝ අයිතිකාරයට හම්බ වෙච්ච බඩුවලින් ටිකක් දීලා හොරා ගෙදර යවනවා. ස්තානාදිපතිතුමා සම්මන්ත්‍රනයකට රෑස්වීමකට ගියොත් කසිප්පු කඩ ඔක්කොම අරිනවා.(නදී)

:       0       0

මහවැලි Sunday, 16 June 2013 10:23 PM

අසේල, ඔබ තුමාගේ පෑන කඩු පතකි. මගේ ආචාරය!(නදී)

:       0       0

කමල් Monday, 17 June 2013 10:09 AM

එකට කාලා පාවා දීමක් වත් ද? (ස)

:       0       0

සුමිත් Monday, 17 June 2013 10:10 AM

ලංකාවේ පොලිසිය අපිට දැන් එපා වෙලා.. මීට වැඩිය සාදාරන ආයතනයක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

සේනානායක Sunday, 16 June 2013 02:45 PM

රට කරවන්නනම් මසුරන් නැතිව බැරි වටිනා තියන දෙය විකිණිය යුතුය රටේ.(නදී)

:       0       0

බංඩාර Sunday, 16 June 2013 03:23 PM

මත්කුඩු මත් පැන් නිසා බාල අපරාද වැඩියි. සිංහලයා නැති කරන්න අපිට මේවා අසල් වැසියෝ ගෙනත් දෙනවා. මේවා සංවිදානාත්මකව කරන වැඩ. පාසැල් අතුලෙත් ඇතිවන්නේ ඒ ආනිසංසයි.(නදී)

:       0       0

අසේල Sunday, 16 June 2013 03:25 PM

අවබෝධ කරගත යුතු යථාර්ථයක්‌ තිබේ. මේ අප අත්විදින්නේ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් කොන්ත්‍රාත් ගෙන කුලියට මිනීමරන රටක, නඩුකාර හාමුදුරුවරුන් නඩු දිනවීම සදහා කප්පම් ගැනීමට ගොස්‌ අල්ලස්‌ කොමිසමට කොටුවී බන්ධනාගාර ගතවන රටක ජීවත්වීමේ අසිරියයි. මේ හෙළිදරව් වන්නේ අපේ ප්‍රාර්ථනාවන්හි ස්‌වරූපයයි. මේ කිසිවක්‌ අහම්බයන් නොවේ. ඔවුන් අප අතර ආකෘස්‌මිකව, හුදකලාව පහළවන්නේත් නොවේ. මේ අප විසින් කැටයම් දමා නිපදවා ගත් සුරුවම්ය. අප ජීවත් වන්නේ අප විසින්ම නිර්මාණය කරගත් මෙවැනි නිමැවුම් පිරිවරාගෙනය. අපරාධකරුවන් යෑයි උපකල්පිත පුද්ගලයින් පාරවල් අයිනේ මැරී සිටින විට, බලයේ අවශ්‍යතා මත මිනිසුන් සාධක රහිතව අතුරුදන් වනවිට ඒ බිහිසුණු අනීතික වටපිටාවෙන් ත්‍රිල් ගෙන හුරේ දැමූ සමාජයකට ලැබිය යුතු දේ වාස්‌ ගුණවර්ධනලා ඒ ආකාරයෙන්ම ලබා දී තිබේ. දැන් කළ යුත්තේ කන් කෝදිරි නොගා එය පිළිගැනීමය.(නදී)

:       0       0

ධනුෂ්ක Monday, 17 June 2013 12:56 AM

ගිනි අවි සහ ගිනි කෙලි ... (නි)

:       0       0

ජෝයි Sunday, 16 June 2013 04:06 PM

දිනෙන් දින උග්‍රවන ජනතා අප්‍රසාදය නොමගට හැරවීමේ කුට උපක්‍රම මේවා මේවා අපට කියල අත පිහදාගන හරියනවද. අනික කවුද පොලිසිය මාරුවෙන් මාරුවට දෙසපාලනි කරනේ කලේ ? (ත)

:       0       0

දුටුගැමුනු Sunday, 16 June 2013 04:50 PM

මහත්මයාණනි, ඔබ තුමාට බොහෝම ස්තුතියි මේ හෙලිදරව්වට. කරුණාකර ඉහළට මේ බව පුද්ගලිකවම සැල කොරන්ඩ. තීන්දුවක් ගනීවිද කියා බලමු.(නදී)

:       0       0

බංඩාර Sunday, 16 June 2013 05:25 PM

අපේ රටට කුඩු එන්නේ ඉන්දියාවෙන්. ලංකාවේ ඇතුලේ කුඩු බෙදන්නේ වැඩියම පළාත් සභා මන්ත්‍රීලා. රටේ වැඩියම කුඩු ගහන්නේ සිංහලයෝ. පළාත් සභා වහාම නීති ගත කළ යුතුයි. ඉන්දියානු ජාතිවාදයට එරෙහිව නැගී සිටිමු.(නදී)

:       0       0

කමල් Sunday, 16 June 2013 05:41 PM

වැටත් නියරත් ගොයම් කනවා නම් ඒ බව කාට කියන්නද? (අ)

:       0       0

වරුණ Monday, 17 June 2013 08:06 AM

කාගේ උනත් තියෙන වරද කියන්න ඕනේ (දී)

:       0       0

උපාලි Sunday, 16 June 2013 05:57 PM

ඔහොම කතා වරින්වර ඇහෙනකොට අපටත් හරි සන්තෝසයක් දැනෙනවා. දයා කියනවා වගේ මේවා සමහරවිට එක පැන් පහරින් ඉවර කරන්න පුළුවන් බව අපටත් පෙනෙනවා. සමහර දේවල් ක්ෂණයකින් විසඳෙන හැටි බැලුවාම. ඒක එහෙම නොවෙන්නේ ඇයි කියන එක නම් රාජ්‍ය රහසක්.(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 16 June 2013 11:56 AM

මෑතක පළවූ බොහෝ වාර්තා වලින් පෙනෙනවා ලංකාවේ පොලිසියේ ලොකු ප්‍රශ්නයක් තියෙන බව. මෙවන් අවස්ථාවල වෙන රටවල් කරන්නේ ස්වාධින කොමිසමක් පත් කරනවා මේ ගැන හොයා බලන්න. එවැනි කොමිසන් වාර්තා ඊට පසුව ක්‍රියාත්මක කරනවා. නමුත් අවාසනාවකට වගේ අපේ රටේ කවුරුවත් එහෙම දෙයක් ගැන ඉල්ලන්නෙත් නැහැ. රජය ඒ වගේ දෙයක් කරන්න අදහසකුත් නැහැ. මේක අපි කාගේත් අවාසනාව. (නදී)

:       0       0

මාරසිංහ Sunday, 16 June 2013 12:00 PM

මෙන්න බයිලා.(නදී)

:       0       0

මල්සරා Sunday, 16 June 2013 12:00 PM

රට කරවන ඔබතුමන්ලත් මෙහෙම කියනවනම් අපිට මොනවද අපේ රට ගෙන කියන්න වෙන්නේ (ත)

:       0       0

ගාමිණී-සිරි Sunday, 16 June 2013 12:07 PM

දැන් ලැබෙන ආරංචි අනුව ,ඇඹිලිපිටියේ පමණක් නෙවේ ,රටේ හැම තැනම ,වෙන්නේ එකම දේ තමයි. කියලා වැඩක් නැහැ! අන්තිමේ පැමිණිලි කරු අමාරුවේ..(ත)

:       0       0

රවිනාත් Sunday, 16 June 2013 12:09 PM

මම නම් කැමතියි ප්‍රාදේශීය දේශපාලකයෝ පොලිසියත් එක්ක ගැටෙන එකට. බළල් වලි න්‍යාය අහල තියෙනවද? බළල්ලු දෙන්නෙක් පොරකන කොට ඉතිරි වෙන්නේ වලිග විතරයි. කුණු දේශපාලුවන් සහ එක ගෙයි කන දූෂිත පොලිස් නිලධාරිනුත් අවසන් වූ දවසට යහපත් පුරවැසියාට සහනයක් ලැබෙයි. (නදී)

:       0       0

මහවැලි Sunday, 16 June 2013 12:12 PM

මන්ත්‍රී තුමා, පොලිසිය නිරුවත් වෙලා දැන් ගොඩක් කල්නේ. ඔබ තුමාගේ නිරුවත් කිරීම බොහොම ප්‍රමාද උනා කියලා හිතෙන්නේ නැති ද ? දොසක් වේ නම් ගැත්තහුට සමා වන සේක්වා!(නදී)

:       0       0

සරත් Sunday, 16 June 2013 12:22 PM

ගෙදර බල්ලා පාරේ යන මිනිස්සු කනවනම් ගෙදර මිනිහා වග කියන්න ඕනේ. ආණ්ඩුවේත් දේශ පාලෙනෙන් ඉන්න ඒ අයෙගේ වැඩ ගැන ලොක්ක වග කියන්න ඕනේ. පන බයට කවුරුත් කතා කරන්නෙ නැහැ.(නදී)

:       0       0

සේනක සිඩ්නි Monday, 17 June 2013 04:37 PM

ඒක හන්දනේ ඔයාගේ කට්ටිය පනාමුරේදී පොලිසියේ අයට එලව එලවා ගැහැව්වේ. ගහපු එකම තමයි හොඳ . එනවා මෙතන. (නදී)

:       0       0

ඩී.උපුල් Sunday, 16 June 2013 12:23 PM

මෙහෙම කියන ගමන් සුරා බදු කාර්යාලයක් නොවැ විවෘත කරලා තියෙන්නේ හැබෑට.(නදී)

:       0       0

උපුල් Sunday, 16 June 2013 12:25 PM

මන්ත්‍රී තුමා ට බොහොම ස්තුතියි. මේ ගැන ඔබ තුමාට වඩා ඉහල තැන නොදදන්වා ඇති? ඒකයි ප්‍රස්නේ. ඔබ තුමා ඇත්ත කීම ගැන මගේ මනාපය.(නදී)

:       0       0

සමන් Sunday, 16 June 2013 12:28 PM

අනේ ඇමතිතුමෝ ඕව කොහෙත් තියෙනවාඅ. මම කියන්නම් ඕනනම් තලංගම හොරණ බොරලැස්ගමුව මොරටුව තව කොච්චර කිව්වත් ඔච්චරයි. ඕවා නැත්නම් කොහොමද ආණ්ඩුවේ පඩියෙන් මාලිගා හදන්නේ. ඕනා නම් හොයලා බලන්න තලංගම ස්ථානාධිපති ගෙයක් හදනවා ජා ඇල කොහොමද කියලා. මුළු බත්තරමුල්ලේ ඉදල මාලබේ වෙනකම් ඉන්න ව්‍යාපාරිකයන්ට හරි කරදරේ. මෙයාව කොහේටවත් මාරු කරන්න හැදුවොත් ඇමති තුමා බේරනවා. කාට කියන්නද ගෝඨාභය මහත්තයා දැම්මා කියලා එයා කියනවා එයාව හොල්ලන්න කාටවත් බැහල්ලු මේක ප්‍රසිද්ද රහසක්ද?  එකත් මම දන්නේ නැහැ.(නදී)

:       0       0

කල්ප Sunday, 16 June 2013 12:29 PM

පොලීසිය නිරුවත් වෙලා විතරක් නැවතිලා නැහැ දැන් අසුචිත් කනවා.(නදී)

:       0       0

නීල්-රානා Sunday, 16 June 2013 12:29 PM

පොලිස් අත්අඩංගුවේදී මිස්සු මැරෙනවා, මිනී මරන්න පොලිස් ලොක්කෝ කොන්ත්‍රාත් ගන්නවා, කංසා වැවීම හා ප්‍රවාහනයට පොලිස් ආරක්ෂාව, පොලිස් නිලධාරීන් කුඩු හා කසිප්පු මුදලාලිලාගේ සාක්කුවේ. දැනට උසාවියට ඉදිරිපත් කරන්නෙත් පොලිසියට ඕන නඩු විතරක් නිසා නුදුරු අනාගතේම විද්‍යුත් මාධ්‍යයෙන් ජනතාව සිය අවනඩු උසාවියට කියනකොට පොලිසියක් කුමටද? ඒ නිසා රටට අවශ්‍යවන්නේ වර්තමානයේ ක්‍රියාත්මක වන ආකාරයේ පොලිසියක් නොවන බව ඉස්තිරයි.(නදී)

:       0       0

ජයසිංහ Sunday, 16 June 2013 12:35 PM

පොලිසියේ නිලධාරීන්ට පවුල් රකින්න පඩිය මදි. වෙන අයට වැරදි කරන්න හොදනම් මොකද එයාලට බැරි .(නදී)

:       0       0

චින්තක Sunday, 16 June 2013 12:40 PM

ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි බය වෙන්නේ මොකටද

:       0       0

කැන්ඩියන් Sunday, 16 June 2013 12:40 PM

සමහර ඇමති වරු පොලිසිය නිරුවත් කරනවා . සමහර ඇමති වරු මන්ත්‍රී වරු ඔවුන්ම නිරුවත් වෙනවා . හොඳ නරක දෙකම රිය සක වගේ . අපේ පොලිසිය ගොඩක් වෙලාවට ඔවුන්ම නිරුවත් කර ගන්නවා . වෙන අයට එක කරන්න අවශ්‍ය නැහැ . (ත)

:       0       0

සමීර Sunday, 16 June 2013 07:47 PM

පුදුම වෙන්න දෙයක් නැහැ, අපේ කට්ටිය පාතාලේ අයව ආයුද බලන්න එක්ක ගිහින් මැරුවම හුරේ දැම්මා, නීතිය බල්ලට ගියා. ලොකු කට්ටිය වෙනුවෙන් කරපුවා දැන් පොලිස් කාරයෝ තමුන් වෙනුවෙන් කරනවා. ලගම උදාහරණෙ වාස්. සිවිල් සමාජේ දැන් හිරි වැටිලා තියෙන්නේ, අපි වපුරපු දේම තමා ඔය නෙලා ගන්නේ.(නදී)

:       0       0

ජයසිංහ Sunday, 16 June 2013 12:43 PM

කවුද සර් එව්වේ කියක් ඕනද හැන්දවෙලා සෙට් වෙමු. එහෙනම් මේක තියාගන්න පස්සේ බැරිය සෙට් වෙන්න. ඔය ටික ඇති පොලිසිය බැලන්ස් කරන්න.(නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 16 June 2013 12:42 PM

කෝටිගණන් වටිනා කාර්යාල ඕන නැහැ ඔය සුරා හල බලපත් නැති කලානම් මහ ජනතාවගේ මුදල් ඉතුරුයි.(නදී)

:       0       0

ඉෂාන් Sunday, 16 June 2013 12:47 PM

ඔබට ජය වේවා! (නි)

:       0       0

සභාර් Sunday, 16 June 2013 08:10 PM

පොලිසියත් දැන් හරාම් වෙලා.(අ)

:       0       0

වීරකෝන් Sunday, 16 June 2013 08:10 PM

ප්‍රකාශය නම් හොඳියි .එත් ඉතින් කොහොම විශ්වාස කරන්නද...යටින් ගේම ගෙනියනවද දන්නේ නෑ වගේ..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 57 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 233 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 132 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3976 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 531 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2109 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site