පානදුරේ හොරේතුඩුවේ පන්සලකින් වංචා කළැයි කියන රුපියල් 21000ක් ආපසු ගෙවීමට එකඟ වූ මතුගම ප්‍රාදේශීය සභා මන්ධාන මන්ත්‍රී බොන්දුපිටියේ නාගතිස්ස හිමියන් අත්අඩංගුවට ගන්නැයි පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද වරෙන්තු නිකුත් කළේය.
ඒ හිමියන් අද අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි.
ඇපකරුවනට ද නොතීසි නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හාමුදුරුවනේ, ඔය ගත් සල්ලි ටික ගෙවලා දාලා මන්ත්‍රීකමෙනුත් අයින් වෙලා මොකක්හරි සුදුසු රැකියාවක් හොයාගෙන ජීවත් වුණොත් හොඳ නැද්ද? (නි)
නිමයි. (අ)
ප්‍රාදේශීය සභා වලට යන්නේ ගමට සේවයක් කරන්න නෙමෙයිනේ.(අ)
අපේ සසුනට බුදු සරණයි! (නි)
සසුනට ගිය කලක්! (නි)
කලියුගයේ දෙවියන්ගේ පිහිටයි" (අ)
නරක මිනිසුන් (දේශපාලකයන්) ඇසුරු කිරීමට ගියාම හාමුදුරුවරුත් නරක් වෙනවා. (අ)
අපේ බුදු සසුන වසර 2500 ට පස්සේ විනාශ කිරීමට ඉඩ තියන්න එපා! (අ)
මෙම චෝදනාව සත්‍යයක් නම් , මෙවැනි අයට චන්දය ඉල්ලීමට අවස්ථාව ලබා දෙන්නෙත්, මෙවැනි අයට චන්දය දෙන ඡන්ද දායකයනුත් සිටින්නේ අසිහියෙන්ද? (අ)
කොසොල් රජ සිහිනයක් දැක "සුවමිනි ඉතාම වටිනා සුවද හමන ඉතාමත් අනර්ග සදුන් කොටයක් දුගද හමන කුණු මෝරු කලයකට හුවමාරු කරනවා සිහිනෙන් දුටුවා." යයි බුදුන්ට පවසුවිට උන්වහන්සේ එය පැහැදිලිකර දුන්නා. අද අපි එක හැබැහින්ම දකිනවා.(අ)
අනේ මන්දා... (අ)
අනේ අපේ ශාසනය! (නි)
කෝ මේවට කෑගහන අය නැද්ද? (නි)
මේ හාමුදුරුවෝ දහම් පාසලේදිවත් අර ගිරව් දෙන්නගේ කතාව අහල නැතිව ඇති (අ)
මේවාට එන්.ජි .ඕ කුමන්ත්‍රණ කියන අය නැද්ද? (නි)
ඇත්තටම බැරිද ඔය එක එක සේනා හා බලකායන් එකතුවෙලා බෞද්ධයන්ව ආගම දහමට ලැදි කරවන වැඩපිළිවෙලක් කරන්න? (නි)