IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


මන්ත්‍රීවරුන් ගේ පෞද්ගලික පනත් යෝජනා 40 ක් පමණ ගොඩ ගැසිලා


(තිළිණි ද සිල්වා )

යහපාලන රජය විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරිම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ පෞද්ගලික පනත් යෝජනා 40 ක් පමණ ගොඩ ගැසි ඇති බව පාර්ලිමේන්තුවේ සභානායක ,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පෞද්ගලික පනතක් ලෙස ආගමික හා සුබසාධන,වෘත්තීය ආදි සංවිධාන සංස්ථාගත කර ගැනීමට 1948 සිට තිබු අවස්ථාව මෙමඟින් ඇහිරි ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

යහපාලන රජය විසින් 2018 දි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කර මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාටද පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කර යහපාලන රජය වෙනස් කර ඇති ස්ථාවර නියෝග පෙර පැවැති තත්වයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සභානායක , අමාත්‍ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කර ඇති මෙවැනිඇතැම් පනත් වසර හතරකටත් වැඩි කාලයක් ස්ථාවර නියෝග කමිටුවට ඉදිරිපත් නොවී තිබෙන බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දේ.
 

 



අදහස් (1)

මන්ත්‍රීවරුන් ගේ පෞද්ගලික පනත් යෝජනා 40 ක් පමණ ගොඩ ගැසිලා

Rata Perata Friday, 18 December 2020 05:11 PM

තාමත් යහපාලන කිය කියා ඉන්න වැඩ බැරි කාලකණ්ණි ටිකක් පත්වෙලා ඉන්නේ... ඒත් කිසිම පරක්කුවක් නැතිව 20 නම් සම්මත කරගත්තා. මෙ අය හිතනවා ඇති අපි කන්නෙත් තණකොළ කියලා.

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 193 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 342 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 2942 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 473 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2128 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 478 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 290 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1715 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site