පසුගියදා කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි මා කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පිහිටි ඉඩම් අංශයට, උදැසන 9.00 ට පමණ පැමිණියේ මාර්ගයක් සම්බන්ධ ගැටළුවක් නිරාකරණය කර ගැනීමටය.
අදාළ නිලධාරිනිය පැමිණෙන තුරු පැය භාගයකටත් වඩා රැදී සිටී මා හට දක්නට ලැබුණේ කිසිදු රාජකාරියක් නොකර නිකරුනේ කාලය ගතකරන නිලධාරීන් හා නිලධාරිනියන් පිරිසකි, ඔවුන්ගේ ක්‍රියාවන්කීපයක් මාගේ ජංගම දුරකතන කැමරාවේ මෙසේ සටහන්කර ගත්තෙමි.
මෙහි එක් ජායාරූපයක නිලධාරිනියක් පුවත්පතක් බලමින් සිටින අතර ඇයට පිටුපසින් සිටින නිලධාරියා දීර්ඝ දුරකථන සංවාදයකය.
අනෙක් ජායාරූපයේ සිටගෙන සිටින නිලධාරිනිය තමන්ට පෙරදින සිදුවූ රසවත් සිදුවීමක් සහෝදර නිලධාරීනියන්හට පවසන්නීය.
ඔවුන් තම රාජකාරිය පසෙක දමා ඇයගේ කතාවට සවන් දෙන අයුරු අනෙක් ජයරුපයෙන් දැක්වේ.
තමන් උපයන වැටුපට සරිලන සේවයක්වත් නොකරන මෙවන් සේවක පිරිසක් සිටින තාක්කල් අපගේ රාජ්‍යයසේවයට දෙවියන්ගේම පිහිටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක මහත්තයෙක් ඉස්පිරිතාලෙක ෆොටෝ ගන්න ගිහින් කුඩුවේත් හිටියා. පුදුමයි ඔබතුමා බේරිලා ආපු එක. (නි)
කතාව ඇත්ත. නමුත් බලන්න කෙනෙක් නැහැ. (නි)
මේ කට්ටියගේ කවුද කියලා බලලා දඬුවම් කළා නම් අනිත් කට්ටිය බයටම් හැදෙයි (නි)
මේ තැන් වල හරි නායකත්වයක් නැතිකම වෙලා තියෙන්නේ. මිනිස්සු ඕනෑ ඕනෑ විදියට හැසිරෙනවා. ගොඩක් ආණ්ඩුවේ සේවකයන්ට කිසිම විනයක් නැහැ. ඇත්තටම අප්‍රසන්නයි (නි)
සමහර උදවිය ඉන්නවා ලංකාවේ ඉපදිලා, මෙහෙම හැදිලා වැඩිලා පස්සේ වෙන රටකට ගිහිං නිවාඩුවට එහෙම ආයේ ලංකාවට ආවම ලංකාව පහත් කරලා සලකන උදවිය. තමන් ජිවත් වන රට හොදයි, අප්පා බලන්න එපැයි ඒ දියුණුව. එව්වනේ රටවල් කියමින් ලංකාව හෑල්ලු කරති. ඒ රට හා ලංකාව සන්සන්දනය කරති. මම නං එවැනි පුද්ගලයන්ට කිසිම ගරුසරුවක් දක්වන්නේ නැත. අනික මම වැඩ කරන්නේ ගුවන්සේවා සමාගමක. නිතර රටින් යනවා එනවා. ඉතින් මටත් විවිද වැඩ රාජකාරි සදහා රාජ්‍ය ආයතන වල සේවය ලබා ගැනීමට සිදුවනවා. මා නං එවිට අදාල ආයතනයෙන් ඊමේල් මගින් විමසා බොහෝ කටයුතු සිදුකරගෙන තිබෙනවා. අනික මම තව දෙයක් මේක බලන අයට කියලා දෙන්න කැමති. දැන් බොහෝ රාජ්‍ය ආයතන වලින් කරගන්න තිබෙනා වැඩකටයුතු ඉන්ටර්නෙට් හරහා කර ගන්න පුළුවන්. එවිට ඉතා පහසුවෙන් නිවසේ හෝ ඔබගේ කාර්යාලය සිට එව්වා ඉටු කරගන්න පුළුවන්.(අ) විදුලිබිල්, ජලබිල් ආදිය අන්තර්ජාලය හරහා ගෙවන්න පුළුවන්, මා මෙලෙස මාගේ සියලුම බිල් ආදීය ගෙවන්නේ එසේ. මගේ චේතනය එනවා බැංකුවට. එම බැංකු ගිණුම අන්තර්ජාල පහසුකම් සදහා සක්‍රිය කොට තිබෙන්නේ.
99% රාජ්ය සේවය මේ අයුරින් තමයි. පසුතැවෙන්න එපා. (නි)
ලෝකේ කොහෙත් ඕකයි වෙන්නේ (නි)
ප්‍රසන්න, අපේ රටේ ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ සිට කා.කා.ස. දක්වා මේ විදියට ඉදගෙනවත් ඉන්නවා. පළාත් සභාවකට යන්න බලන්න උදේ 10 ට වත් සමහර ඒ වගේ දොරවල් ඇරලා නැහැ. සමස්තයක් වසයෙන් ගත්තහම සියලුම රජයේ කන්තෝරුවල එකම විදියට තමයි වැඩ. කොහොමත් හදන්න බැහැ. පොඩ්ඩක් ඇති ස්ට්‍රයික් කරන්න.ජම්මෙට වැඩියේ ලොකුයි පුරුද්ද කියලා හිත හදාගෙන ඉන්න. (නි)
මම හිතන්නේ හැම රජයේ කන්තෝරුවක්ම මෙහෙම නැහැ.මමත් කෙටි නිවාඩුවකට ලංකාවට ආ වෙලාවේදී බුත්තල ප්‍රාදේශීය සභාවේ ඉඩම් අංශයට ගියා ඔප්පුවක වැඩකට.මට ලැබුන සේවය අති විශිෂ්ටයි. ඉතාම ක්‍රියාශීලී සේවක පිරිසක් මම දුටුවා. හරියට එංගලන්තයේ කන්තෝරුවක් වගේ. මට මගේ රට ගැන ආඩම්බරයක් හිතුනා. (නි)
මෙයා අපේ රාජ්‍ය සේවය පිනිසයි. කරුණාකර බේද නොකරන්න.(නදී)
තොග ගණන් රස්සාවල් දුන්න කියල පම්පෝරි ගහන්න රාජ්‍ය ආයතන ඔහේ පුරවනවා. හුඟ දෙනෙකුට තමන් ඉගෙන ගත්තු දේට ගැලපෙන රැකියාවල් නෙවෙයි ලැබිල තියෙන්නේ. එතකොට පඩි ගන්න ඕනේ නිසා වැඩට ආවත් රැකියාව ගැන තෘප්තියක් නැහැ. ලංකාවේ රාජ්‍ය සේවය සුදු අලියෙක් වෙලා තියෙන්නේ මේ නිසයි.(නදී)
බල සේනාවට හරි රාවනා බලකායට හරි කියන්න. හොද පිලියමක් ලැබෙයි.(නදී)
මමත් නිවාඩුවකට ලංකාවට අපු දවසක මටත් මේවැනි දෙයක් උනා 2012.07.12. දින. කොටපොල ඉඩම් කාර්යාලයේදී. මට උදේ 9.00 ඉදං දවල් 1.00 දක්වා ඉන්න සිදු උනා. නිලදාරීන් මහජනතාව ගැන මීට වැඩිය හිතන්න ඕනා. මහජන බදු වලින් පඩි උදවිය.මා සතුව එ අයගේ පින්තූරද ඇත.(නදී)
ඔබේ අත්දැකීම ලංකාවේ සුලබ දෙයක්. පිට රට වැඩ කරන අපට පිට ජාතික්‍කයන්ගෙන් මීට වැඩි සේවයක් ලබෙනවා. එය රට ඉන්නේ කව්රුත් දන්නවා. මටත් මෙවගේගේම අත්දැකීමක් ලැබුනා. විමල් වීරවංශ මහතාගේ නිවාස සංවර්ධන අධිකාරියෙන්. ඇමති තුමනි ඇයි අපට ඔබලාගේ දුරකථන අංක දෙන්න බැරි. අසාධාරනයක් උනාම කෙලින්ම කතා කරන්න. නිවාස අදිකාරියේ එක විදුලි සෝපානයක සේවකයෙක් තියල වෙන් කර තියනවා ලොක්කන්ට විතරක් ගමන් කරන්න. කොහමද අපේ ලංකාව?(නදී)
ප්‍රසන්න,ඔබ කරපු වැඩේ නම් නියමයි තවත් මේ වගේ විස්තර පත්තර වලට දාන්න කියල හැමදෙනාටම කියමු. එත් හැබැයි හෙට අනිද්දා ඉදලා කාර්යාල වලට සේවයක් ලබා ගැනීමට එන අයට හෑන්ඩ්පොන් ගෙන ඒම සපුරා තහනම් කියල ලොකු බෝඩ් එකක් ඉස්සරහම දාවිද දන්නැහැ.(නදී)
ගොඩක් ප්‍රා.ලේ කාර්යාල වල මෙහෙම තමයි. මමත් දැකල තියෙනවා. ආසියාවේ ආශ්චර්යනේ. ඒ නිසා අපිට ඒව දිහා බලන් ඉන්නව හැර වෙන කරන්න දෙයක් නෑ. මේ රටට හොද කොන්ද පණ තියෙන නායකත්වයක් තිබුණ දවසකට රට හෑබෑවටම ආසියාවේ ආශ්චර්යට පත් වේවි.(නදී)
අය්යෝ ප්‍රසන්න, ඕක හැමෝම දන්නා සාමාන්‍ය දෙයක්. (නදී)
නියම වැඩක්.(නදී)
මේ පින්තුරය ලංකාවේ වෙන්න බෑ. මොකද ලංකාවේ රාජ්‍ය ආයතන වල මේ වගේ අය නෑ. අනිවාර්යේන්ම මේක රජය අපහසුතාවයට පත් කරන්න කරපු කොම්පියුටර් ජිල්මාට් එකක්.(නදී)
කන්තෝරුව, කන්තොරුව මා වැඩකරන. එතන තමයි මහෙට ඇති විනෝද උයන.(නදී)
රජයේ සේවකයෝ වැඩ නොකරන බව දනිමි. එය අදත් එදත් එසේමය. ඔබ පාරේ ප්‍රශ්නෙත් විස්තර කලා නම් හොදයි නේද? මේ පින්තුර දෙකෙන්ම වැඩ නොකරන බව පැහැදිලි වෙන්නේ නැත. පුද්ගලික පහරක් නම් අසාධාරනයි.(නදී)
අනේද කියන්නේ. ලංකාවෙ කවද්ද හරියට රාජ්‍ය සේවය ක්‍රියාත්මක වුනේ.(නදී)
ඈයි මීට කලින් මේ වගේ දේවල් දෑකල නෑත්ද නිකන් යනව මනුස්සයො වෑඩක් බලාගෙන යන්න.(නදී)
ඔහේ කවුරුහරි ඇමති කෙනෙක් එක්ක ප්ලෑන් එකක් ගැහුවද එයාට ලකුණු දාගන්න? ඇයි ඉපදුනේ ලංකාවෙ නෙමෙයිද? රට යන්න පාස්පෝට් හදන්න ග්‍රාමසේවක ළඟට ගියේ නැද්ද? එතැනින් අනෙක් කන්තෝරුවලට ගියේ නැද්ද? එතකොට සුපිරි සේවයක් තිබුනද? තව අවුරුදු සීයක් ගියත් මේක මෙහෙම තමයි. වවුලගෙ ගෙදර ආවානම් එල්ලිලා ඉන්න දැනගන්න.(නදී)
රාජ්ය පරිපාලන ඇමති ගේ පඩිය කැපුවහම් ඔක්කොම හරි.(නදී)
නියමයි අපි හැමෝම මේ වගේ ෆොටෝ අරගෙන දාන්නේ ඕනේ.(නදී)
අපගේ රාජ්‍යය සේවයට දෙවියන්ගේම පිහිටයි.(නදී)
ගුවන්තොටුපලේ බියුරෝ කාර්යාලයට සල්ලි ගෙවන්න ආපු කාන්තාවකට පරුෂ වචනයෙන් බැන්න මම ඇහැටම දැක්කා. බැනපු කාන්තාවත් ගැබිණි කාන්තාවක් වෙරළු ගෙඩියකුත් කකා හිටියේ ඒ මොහොතේ. මුන් අපෙන් කාල අපිටම ගහන ගුණමකුවෝ. මාද්‍යවේදීන්ට අපේ උපහාරය තොරතුරු හෙළිකිරීමට.(නදී)
ලංකාදීප මෙවෙනි නෙව්ස් සදහා වෙඩි ඉඩකඩක් ලබා දෙන්න.රාජ්ජ සේවයේ පවතින රෙකියාවේ සුරක්ෂිට බව නිසා තමි මොහුන් මෙහෙම කරන්නේ. ප්රෝවැටේ සේච්ටෝර් එකේ කුරුත් කරන්නේ නේ. කරොත් හෙට ගෙදර. මෙයාල අපෙන් පඩි අරගන අපටම මෙහෙම කරනවා. යහපත් රාජ්ජය සේවකයන් සිටින බවද අමතක නොකළ යුතුයි (අ)
ඕක නම් සම්පුර්ණ ඇත්ත තමා, මටත් ඔහොම සිදුවීම් බොහොමයක් උනා ලංකාවට ආපු වෙලාවේ. හැබැයි දැන් ඉතින් අපිත් කරන්න ඕන පින්තුර දාලා ඒ අයව ප්‍රසිද්ධ කරන්න ඕනි,(අ)
මරු වැඩක්. හැමකෙනෙක්ම මේවගේ, රජයේ කාර්යාලයකට ගිහාම ෆිල්ම් කරලා, ඇමතිතුමාට යවන්න. (අ)
හරි හරි රජයේ කාර්යාලයක් නම් මේක හරි. පරිපාලන සේවයේ අය කියන්ෙන නම් ඒ අය පරිපාලනය දන්නවා කියලයි. (අ)
ඔය ප්‍රා:ලේ කියයන ඇතැම් නිලධාරීන් දිසාපති නියෝගවත් පිළිපදින උදවිය නෙවේ,ලිපිගොනු රැගත් මිස්ලා දොරළඟ පෝලිමේ ,වැඩේට ආපු උදවිය එළියේ පෝලිමේ,ලොක්කා දුරකතනයේ එල්ලිලා.වැඩේ කරගන්න පියුමට ,ගානක් දුන්නොත් මිනිහා අමාරුවේ..කන්තෝරු ලස්සනයි.වැඩ කැතයි. (අ)
ප්‍රසන්න මහතාණනි, අපි ඔබගේ කැපවීම අගය කරනවා, නමුත් ඔබෙත් පොඩි දුර්වල කමක් තියෙනවා. ඒ කාර්යාලයේ ඉන්න ය කිව්වොත් අපි අපේ දිව ආහාරය වෙලාවේ කියලා එහෙම කරේ. ඒ නිසා ඔබට තිබ්බේ ෆොටෝස් ගන්න හොදට වෙලාවත් වැටෙන කැමරාවක් හෝ හොද උපාංග වැඩි අත් දුරකතනයකින්. එතකොට මේ කට්ටියට බොරුනම් කරන්න බැහැ. එහෙමනත්නම් මේ කට්ටිය කිව්වොත් අපි රාජකාරි පටන් ගන්න ඉස්සෙල්ල එහෙම කර කියල. ඔබගේ අදහස ලියල එවන්න. (අ)
ඕවා මොනවද? මම මේ මාසයකට කිට්ටුවෙන්න බලන් ඉන්නවා අපේ ප්‍රාදේශීය සබාවේ සභාපතිතුමා වෙළද බලපත්‍රය අත්සන් කරනකන්. සල්ලි ගෙවලා සති 3ක් වෙනවා (නි)
මේ ගොල්ලෝ ඉන්නකල් රට දියුණු වෙන්න නෑ පින් පඩි ගන්න පින් (අ)
කම්මැලි සේවකයෝ ටිකක් (අ)
හැබැයි ඉඳහිට හොඳ මහත්ම මහත්මීනුත් ඉන්නවා. (නි)
අසිරිමත් ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ ඔහොම වුනාට වෙන රටවල ඔහොම වෙනවද ? ලංකාවේ රාජ්‍ය සේවයේ යෙදී සිටින්නන් බහුතරය රටටවත් තමන් වැඩ කරන ආයතනයටවත් වැඩක් කරන්නේ නැත. මහජන මුදලින් යැපෙන කරන රැකියාව ගැන අවබෝදයක් නැති රට ගැන නොහිතන කොටසක් (නි)
ප්‍රසන්න, මොණර කොලයක් පෙන්නුවෙ නැද්ද? (නි)
මෙන්න තවත් උදාහරණයක්. මම ඩුබායි වල සේවය කරන අතර දින 5 නිවාඩුවකට ලංකාවට ගියෙමි. එන්.ආර්.එප්.සී C ගිණුමකින් මුදල් ගැනීමට ජ ඇල පිහිටි රජයේ බැංකුවකට ගොස් අදාල අංශය වෙත ගියෙමි. නිලදාරණිය ඩොලර් මාරුකරගැනීමට පැමිණි සුද්දියකු සමග බර කතාවක්ය. මම පසෙකට වී සිටියෙමි. විනාඩි කිහිපයකින් මගේ පෝරමය පුරවා ඇයට දුනිමි. ලොග් පොතක් පෙරලා සටහන් කර ගමන් බලපත එය සමග තබා ඇය වෙනත් වැඩක්ය. විනාඩි 15 පමණ පසු ඇය පියන් මාර්ගයෙන් කලමනාකරු වෙත පොත යැව්වාය. නැවත විනාඩි 15 පමණ පසු පොත ලැබුණි. පසුව කළමනාකරු අත්සන් කරන ලද පෝරමය මුදල් කවුන්ටරය වෙත දී නැවත රැගෙන එන ලෙස දැන්වීය. මා හිතන විදිහට එදින විශ්‍රාම වැටුප් දිනයක් හෙයින් මහලු අම්මලා තාත්තලා දිග පොලිමේය. මමද එයට එක්වී පැයකට පමණ පසු සටහනක් දමන ලද පෝරමය ඇයට ලබාදුනි. නැවත ඇය විනාඩි කිහිපයක් තබාගෙන සිට පියන් මගින් තවත් කුමන තැනකට පෙරසේම පොතත් සමග එය යැව්වය. පැය බාගයකට පමණ පසු පොත ලැබුණි. දැන් ගිහින් සල්ලි ගන්න ඇය පැවසීය. නැවත මම අර දිගු පෝලිමට වී පැය එකහමාරකට පමණ පසුව මුදල් ලබාගතිමි. මා එහි ගතකල කාලය පැය තුනකට ආසන්නය. පසුදින එවැනිම මුදල් ගැනීමක් සදහා මීගමුවේ පුද්ගලික බැංකුවකට ගියෙමි. මා වෙනම කාමරයකට කැදවා ඔවුන් විසින්ම පෝරමය පුරවා මට තිබුනේ අත්සන යෙදීම පමණි. පසුව තේ කෝප්පයක් පිළිගන්වා විනාඩි 15 පමණ මුදල් මගේ අතටම ලැබෙන්න සැලැස්වීය. මෙමගින් ලංකාවේ රාජ්ය ආයතනවල කාර්යක්ෂම බාවය මොනවට පැහැදිලිවේ.(නදී)
සමහර කට්ටිය මිනිස්සුන්ට කතා කරන්නවත් දන්නෙ නැහැ (නි)
මට නම් මේක විශ්වාස කරන්න බැහැ. සමහරවිට වෙන රටක වෙන්න ඇති (නි)
බුදුදහමේ ශරීර හොරු ගැන මොනවද සදහන් කරලා තියෙන්නේ. දන්නා කෙනෙක් කියාදෙන්න. මේක අයත් වෙන්නේ හොරකමක් ගනයටද.එහෙම නම් නිකන් ඉදලා පඩි ගන්න එකට බුදුදහම අනුව ලැබෙන ආනිසංස මොනවද? (නි)
මන් දන්නා උපාධිදාරියෙක් වැඩ කළා පුද්ගලික ආයතනයක දැනට අවුරුදු 10 පමණ පෙර. එවකට ඔහුගේ පඩිය 45000 සහ අනෙකුත් දීමනාත් සමග. උපාධිදාරින්ට රැකියා දෙද්දී මොහු ඒ රැකියාවක් හොයාගෙන ගිො රුපියල් 6000කට. මොකද්ද රහස.පෙන්ෂන් එකයි අයිස් ගැහිල්ලයි නොවේද? (නි)
කෝ මගේ කොමෙන්ට් එක?(අ)
අයිස් ගහලා හොරට පඩි ගැනීම බුදුදහමේ මොන පාපකර්මෙටද අයිති වෙන්නේ? ඉස්ලාම් ආගමේ මොන පාපකර්මෙටද අයිති වෙන්නේ? ක්‍රිස්තියානි ආගමේ කොහාටද අයිති? එහෙමත් නැතිනම් මෙය පාපකර්මයක් නොවේද? මේවට ස්වභාව ධර්මෙන්වත් දඩුවම් නැද්ද. (නි)
අම්මප මේ කාර්යාල වල වැඩ නොකරන එහෙත් මෙම කාර්යාල ලග ඇති තේ කඩවල ඉන්නවා කාක්කෝ. අන්න ඒ කාක්කෝ එක්ක මේ ඉන්න ය ලොකු සම්බන්දතා පවත්වනවා. වැඩක් කරගන්න ඕන නම් අර කාක්කා බැහැ දකින්න ඕන.රස්සාවක් කරන අයටවඩා හොදින් කාක්කෝ ජිවත් වෙනවා.ඔන්න අපේ රටහැබැයි හැමෝම පුද්ගලිකරණේ එපාලු (අ)
පගාව ගන්නත් ගෑනු පිරිමි බේදයක් නැහැ දැන්. කකුලක් උස්සලා එහා පැත්තෙන් තියන්න පැයක් යනවා. රන්බණ්ඩා,සීලවතී,ගුණවතී,හීන්බණ්ඩා කිය කියා කියව කියවා ඉන්නවා.කරන්නේ උද්ගෝෂණ.යන්න වෙනම අපායක් හොයාගනිත්වා! (නි)
සදරුවන්, ඔය කතාව කිවුවද කියවුනාද? මොකෝ අපේ කියන හැමදේම හොද වුනත් නැතත් අති උතුම් කියන සහ දියුණු රටක හොද දේටත් කුහකකමින් පහත් කරන ඔහෙලා වගේ අයට මෙහෙම දෙයක් වැරදීමකින් හෝ මදුවිත තොලගාපු වෙලාවක කියවුනොත් තමා ඉතින්. (නි)
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩක් ඔහොම තමා. (නි)
පිට රට යන අය එහෙ අපේ රටට වඩා ආරක්ෂාවක්( ත්‍රස්තවාදී තර්ජන නොව හොරකම්,ලිංගික අනතුරු,මුදල් මංකොල්ල වැනි.) ලබනවා. ලංකාවේ වෙරළක ඇවිදින්න පුලුවන්ද. එහෙ තමන් ඉපදුන රටට වඩා හොද සේවයක් ලැබෙනවා.මේවා කිවුව ගමන් අපි අපේ රට පහත්කලයි කියනවා. (නි)
මම විදේශ සේවා කාර්යාලට ගමන් බලපත්‍රයේ ඔවුන්ගේ මුද්දරය ගහගන්න ගිය වෙලාවෙත් මෙවැනිම දෙයක් වුනා. එතැන හිටපු කාන්තාවන් තුන්දෙනෙකුත් මේ අයුරින්ම මගේ කාලය කා දැම්මා.මම ඒ ගැන ඇසුවිට විවිධ හේතු කිව්වා. අන්තිමේදී එක උස මහත කාන්තාවක් කිව්වා මේවායේ අගේ තිබෙන්නේ ඔයගොල්ල පෙට්ටියෙන් ලංකාවට එන්න වෙනකොට කියලා. මම වැඩිය කතා කරන්න ගියේ නැහැ, මොකද මම ඔවුන්ට බැන්නා කියලා පොලිසියට කියලා මට කරදරයක් කලොත් ආයේ රස්සාවට එන්න නොලැබෙන නිසා. නමුත් එයාලා හිතන්නේ නැහැ ඒගොල්ලෝ රස්සාව කරන්නේ, අපෙන් ගන්න මුදල්වලින් කියලා. (නි)
මෙතැන් ප්‍රතිචාර දාපු හැමෝම කියන්නේ ඕවා ඔහොම තමයි කියලා. ඉතින් කවදාවත් මේවා වෙනස් වෙයිද? මේ පින්තුර ටිකවත් ප්‍රයෝජනයට අරන් පරීක්ෂණයක් කලානම් අනිත් අයත් බයට උනන්දුවෙන් වැඩ කරයි මීට පස්සේ (නි)
මේ මිලානෝ පිටිගල සහ වෙරෝනා චතුල මොන වගේ දෙන්නෙක්ද මන්දා? (නි)
ඇමතිතුමා වගේම කර්යක්ෂමයි.(නදී)
අපොයි කට පරිස්සම් කරගන්න.මොනවා හරි කියන්න ගිහින්, ලොක්කෝ මොනවා හරි කරන්න ගිහින් අන්තිමට වෙන්නේ මොනවා හරි වෙනකම් බලන් ඉන්න වෘත්තීය සමිති පාරට බැසීමයි. හැබැයි ජනවාරි පළවැනිදා දිවුරුම් දෙන්නේ බෝධිසත්වයෝ වගේ.ඒ වුනාට වැඩ ? ඔන්න ඔහොමයි දියුණු වෙන රටකට රාජ්‍ය සේවයෙන් දෙන තල්ලුව. දියුණු වෙයිද රට ? (නි)
මොරටුව නගර සභවත් එහෙම තමයි. අර මහත ඈවිදගන්න බෑරි සුදු නෝනා ජරාවක් නෑත්නම් වෑඩ ඈත්හෙම නෑහෑ.(නදී)
මම මගේ විශ්‍රාම වැටුප හදා ගන්න උදේ 8.45 ට ගියා. 9.20 ට මගේ කාර්ය හරියටම ඉටු කරලා දුන්නා. මට හරි සතුටුයි. හැම තැනම ඔය වගේ නැහැ. (නි)
ලංකාවට වැරදුණු තැන ඕක තමයි.රජයේ සේවකයෝ පින් පඩි ගන්නවා, අසරණ මහජනයා බදු ගෙවනවා (නි)
ශ්‍රී ලාංකිකයෝ කියන්නේ මේ ගොල්ලන්ට තමයි (නි)
පිටරට ගිය අය කතාකරන්නේ හරියට තමන් මහදැනමුත්තෝ ලංකාවේ ඉන්න අහිංසකයෝ රබ්බඩ අයියලා කියලා වගේ. තමුන් ඔය රටට ආවේ අර රජයේ සේවකයෝ හම්බකරන තුට්ටු දෙකෙන් ගෙවපු බදුවලින් දුන්න නිදහස් අධ්‍යාපනේට පින් සිදුවෙන්න. අපරාදේ ලංකාව දියුණු කරන්න දන්නා ඔක්කොම කට්ටිය ඉන්නේ පිටරටවල් වලට වෙලා. සුද්දගේ ඩොලර් ටිකත් රෝල් කරගෙන ඔහෙටම වෙලා ඉන්න. දුප්පත් අපිට මේ විදිහ හොඳයි. (නි)
තවතවත් චීනෙන් ණය ගෙනාවහම මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි. (අ)
තමුන්ගේ උපාධියට ගැලපෙන රැකියාව ලැබෙන්නේ නැත්නම් ,රැකියාවට ගැලපෙන උපාධියක් හෝ පුහුණුවීමක් ලබාගන්න. ඒක තමන්ගේ යුතුකමක්. ලෝකයේ තියෙන එකම රට ලංකාව , උපාධි ලැබුනහම රජයේ රැකියා දෙන්න ක්‍රියාකරන. මෙය වහාම නිවැරදි විය යුතුයි. තමන්ගේ රැකියාව හරියට කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනෙක්ට දීලා යන්න ඕනෑ. මෙයාලගේ වැඩ තහනම් කළ යුතුයි. අනෙක් අයට ආදර්ශයක් වෙන්න. අපි බදු ගෙවන්නේ එයාලට පඩි ගන්න. රාජ්‍යසේවය රැකගන්න එක රජයේ වගකීමක් වගේම ඒක අපෙත් වගකීම. මේ වගේ දේවල් වලට විරුද්ධව හදනගන්න ඕනෑ. හැමදේටම කාගේ හරිපිට වරද පටවලා ඉන්නේ නැතුව අපේ වගකීම අපි ඉටුකරන්න ඕනෑ. (නි)
නුවන්, පෙරේරා, මේක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්න අපේම වරදින්. මොකද අපි මේවට විරුද්ධව කතා නොකරන නිසා. අපි බලන්නේ කොහොම හරි අපේ වැඩේ කරගන්න විතරයි(කීයක් හරි දීලා හෝ ). දේශපාලනයේදීත් එහෙමමයි. අපි එයාලව ඒ තැන් වලට පත් කරන්නේ රට ගැන හිතලා නෙමෙයි. අපිට පෞද්ගලිකව වැඩක් කරගන්න පුලුවන්ද කියලා හිතලා. එතනයි අපිට වැරදිලා තියෙන්නේ. මේවා නිවැරදි කරන්න අපේ වගකීමකුත් තියෙනවා. පෙලපාලි, පිකටින් කරන්න ඕනෑ මේ වගේ දේවල් වලට විරුද්ධව. අපි හඩ නැගුවොත් අපිට මේවා නිවැරදි කරගන්න පුළුවන්. අපි නිවැරදි තීරණ ගත්තොත් අපිට අපේ රට දියුණු කරන්න පුළුවන්. (නි)
ඔය කියන්න හදන කතාවේ ඇත්තක් තිබෙනවා. ලියාපදිංචි තැපෑලෙන් එන ලියුම් හොරකන් කරන එකත් මෙහි අලුත් අංගයක් (නි)
දැන් තාක්ෂණයේ දියුණුවත් සමග මේවා ඉතා ලෙහෙසියෙන් නිවැරදි කළ හැකිය. සීසීටීවී කැමරා සවිකිරීමෙන් බොහෝ අඩුපාඩු නිවැරදි කළ හැකිය. තවමත් ලංකාවේ බාවිතා වෙන්නේ යල්පැනපු ක්‍රමයි. විශාල ප්‍රමාණයේ ලිපිලේකන රාක්කවල තබාගෙන වැඩකිරීම ඉතාම අකාර්යක්ෂමය. ඒ වෙනුවට තොරතුරු තාක්ෂණික ක්‍රමවේද යොදාගත හැකිය. (නි)
මේ මට වෙචිච දෙයක්. රට ඉඳල දාපු බඩු ටික ගන්න ට්‍රොය්කෝ එකට ගියා, විශ්වාස කරන්න පැය 5 රස්තියාදුව බඩු ටික අරගෙන ඉවර වෙනකොට. අත්සන් 30 විතර වැදිලා කොළ ටිකේ. ලස්සනම වැඩේ මගේ යාලුවෙක් ඇවිත් එයාගේ බඩු ටික පැය බාගෙන් අරගෙනත් ගියා. මම එතන හිටිය නිලදාරියෙකුට කිවුවා කීයක් හරි වැඩියෙන් අරන් හරි අපිටත් ඒ වගේ අපේ වැඩේ ඉක්මනට කරලා දෙන්න කියලා, එතකොට රටටත් ආදායමක් එනවා නේද කියලා (නි)
දේශපාලන හෙන්චයියන්ගේ පන්දමකින් පත්වුන උන් ටිකක් වෙන්න ඇති.(නදී)
රජයේ නිලධාරීන් කාර්යක්ෂම කරන්න නොයෙකුත් වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා. ඒවා නිකම් කාලේ කා දමන ඒවා බව මම අත්දැකීමෙන් දන්නවා. ප්‍රසන්නගේ ක්‍රමය නම් පලදායකයි කියල හිතෙනවා. මම කියවල තියෙනවා, සුද්දන්ගේ පාලනය තියෙන කාලේ පොලිසියෙන් කරපු මිනීමැරුමක් යටගහන්න හදන කොට රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරයෙක් යෝජනාවක් ගෙනාව කියලා. ඒ කාලේ හිටපු ඩවුබිගින් කියන පොලිස්පතිගේ පඩිය රුපියලකින් අඩුකරන්න. ඒ වැඩේ ඉතාම ප්‍රතිපලදායක වුනා. නරක නැහැ දැනුත් කරනවා නම්.(නදී)
සඳරුවන් ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. මමත් ඔය වගේ කතා අහල තියෙනවා. ඔතන ඉන්නේ එතරම් උගත් අය නෙවේ කියලා. ඒ වගේම විනීතව කතා කරන්න දන්නෙත් නැති කටිටියක් කියලා මමත් අහලා තියනවා.(නදී);
මේ වගේ ෆොටෝ ඕනෑ තරම් එවන්න පුළුවන්. අපි එවූවොත් දානවද? තරහකට එහෙම නෙමෙයි මෙහෙම අහන්නේ (නි)
මම එක වතාවක් ඔය වගේ තැනකට ගිහින් එතන ප්‍රාදේශීය ලේකම් තුමියට මැඩම් කිව්වේ නැහැ කියල හොඳටම බැනුම් ඇහුවා. (නදී)
මේ තොරතුරු ඉදිරිපත් කරන මහත්මයා පවසන්නේ ඇත්තක්ම විය හැක. ඒ සමඟම ඊට ප්‍රතිචාර විදිහටත් බොහෝමයක් අදහස් යොජනා පළ වී ඇත. හෙට අනිද්දාට අපේ කාර්යාලයෙත් පින්තූර මේ විදිහට දමන්නට බැරිකමක් ද නැත. මහජන මුදලින් ඉගෙන ගෙන මහජන මුදලින් පඩි ගන්න අපි මහජනයාට සේවය කළ යුතුය. ඒ උනත් මහත්තුරුනේ පපුවේ සිදුරක් තියෙන කිරි බොන වයසේ දරුවෙක් ඉන්න අම්මාකෙනෙක් දවසකට කිලෝමීටර් හතලිහක් විතර දුර ගෙවාගෙන සේවයට එන, මාසෙකට දෙවතාවක් වකුගඩු සායනයෙන් ප්‍රතිකාර ගන්නා කළමනාකරණ සහකාර, සංවර්ධන නිලධාරි මහත්තුරු ඉන්න "අවධානම්" සීමාවටත් එහාට වකුගඩු නරක් වෙච්චි කාර්ය මණ්ඩල නිලධාරීන් ඉන්න දේශපාලන පන්දම් කාරයන්ගේ උවමනා එපාවල් ඉටුනොකිරීම නිසා උදහසට ලක්වෙච්චි අඩුම තරමේ වෙලාවට කෑම එකක් තේ එකක් බොන්ට බැරි මිනිස්සු ඉන්න, තිබහට තිබුනත් බොන්ට බැරි වතුර තියෙනථ තියෙන සීමිත සම්පත් වලින් අසීමිත දේවල් කරන, ඇඟ ඇතුලේ පිළිකාවක් තියෙන බව දැන දැන හිනාවෙලා වැඩකරන නිලධාරින් ඉන්න කාර්යාල කවදාවත් නුඹළාට මුණ නොගැසේවී. මොකද? ඒවා කවදාවත් ඔය කැමරාවල සටහන් වෙන්නේ නෑ. ඒවා සටහන් වෙන කැමරා තාම හදලා නෑ. කොහොම නමුත් බොහෝ කයිවාරු කාරයන්ගේ උප්පත්තිය සුජාත කිරීමේ කටයුත්තේ සිට මරනේ නිරවුල් කිරීම දක්වාත්, සමෘද්ධියේ සිට ආපදා සහන දක්වාත්, ..පුද්ගල හැදුනුම්පතේ සිට ඡන්ද අයිතිය තහවුරු කර ගැනීම දක්වාත්, අනවසර නිරවුල් කිරිමේ සිට දීර්ඝ කාලීන බදු හෝ නිදහස් දීමනාපත්‍ර දක්වාත්, බොහෝ දේ කෙරුනේද කරන්නේද කෙරෙන්නේද මේ පොළොවට කිසිදු බරක් නැති,රටට ණය නැති,දේශාභිමානී,පරහිතකාමී,මුදල් මත්තේ නොයන ඔබතුමන්ලා තුමියන්ලා "පහත්"යැයි සළකන රාජ්‍ය සේවයෙන් මිසක වෙනත් කිසිවකින් නොවන බවත් යටහත්ව පවසමි.(සමහරවිට කයිවාරු ගහන සමහර අයව උස්මහත් කරපු අප්පච්චිලත් කරේ කන්තොරු රස්සාවක් වෙන්න ඇති..)(නදී)
මේක ලංකාවේ සාමාන්‍ය දෙයක්. මම ලංකාවට එද්දී ගුවන්තොටුපොළේ මහත්තුරු මට ලංකාවට විසා දීලා තිබුනේ එක දවසකට. අපහු යද්දී තමා මමත් දැක්කේ. ඉතින් අපසු යද්දී හරියට සමහරු ලස්සන කාන්තාවෝ දිහා බලනවා වගේ ඉහේ ඉඳන් දෙපතුලට යනකල් මගේ දිහා කන්න වගේ බලාගෙන හිටියා. අන්තිමට එයාලගේ වරද පිළිඅරගෙන පිටවෙන්න අවසර දුන්නා. (නදී)
ඕක ඉතින් පුදුම වෙන්ඩ දෙයක් යැ? ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ අනන්‍යතාවය තහවරු වෙන්නේ ඕකෙන්නේ (නි)
වැඩිය කතා කලොත් රාජකාරියට බාදා කළා කියලා පොලිස් කුදුවෙත් ලගින්න වෙනවා. දඩුවම් කරන තුරු වැඩ වර්ජනයකුත් කරනවා.එතකොට තමයි රාජ්‍ය සේවයේ උපරිම ප්‍රතිපල ලැබෙන්නේ. (නි)
සි සි ටි වී හයි කරමුද ?(අ)
මට නොතේරෙන දේ නම් මෙහෙම ක්‍රමේකට ඍජුව සහ වක්‍රව චන්දය දීම මගින් සහයෝගය පලකරන මේ රටේ බත් කන ජනතාව ඇහුවොත් ඇත්තෙන්ම ඇමරිකන් විරෝදියෝ,බටහිර විරෝදියෝ, අපි ගැන ආදී තක්සේරුවෙන් ඉන්න මානසික රෝගියෝ.(අ)
අදිකාරියක් තියන පුද්ගලික ආයතන වලත් තත්ත්වේ මිට වඩා වැඩි වෙනසක් නැහ .මේ රටේ කරුමේ ඕක තමා.(අ)
රජයේ සේවකයන් මිනිස්සුන්ගෙන් ගුටිකන දවස වැඩි ඇතක නෙවෙයි (අ)
මගේ රටට දළදා හිමි සරණයිම තමා...(අ)
මේ රැකියා දෙන එක වගේම ගන්න එකෙත් ආගමික ආනිසංස නැද්ද.(අ)
හරක් මස් කන්න බය, අරක්කු ටිකක් බොන්න බය, කැසිනෝ වලට බය ඔය බෞද්ධ කට්ටියගෙන් මන් අහන්නේ. පන්දම් අල්ලලා නිතියානුකුල නොවන අන්දමින් රැකියා ගැනීමත්, එවැනි ක්‍රමයක් ඡන්ද සහ හුරේ දැමිලි හරහා අනුමත කිරීමත්, අයිස් ගැහිල්ලත් වරදක් නොවේද?.(නදී)
ඉංග්‍රීසියේ "නෙපටිසම්" කියන වචනෙට සිංහල තේරුමක් නැහැ මයේ හිතේ. (අ)
ඊනියා බටහිර විරෝදී නඩය කෝ.... තමන්ගේ වැරදි හදා නොගෙන වෙනරටවලට හැමදේටම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියන්න එපා. (අ)
හැමතැනම පන්ති බෙදේ, නිලදාරිවාදේ වගේම අපේ සංස්කෘතියෙන් අපට උරුම වුන "නෙපටිසම්" කියන සම්බන්දතාවේ මේ වගේ දේවලට මහත් බාදාවක්. ගමේ කෙනා,අපේ කෙනා,පවුලේ කෙනා, දන්නා අදුනන කෙනා හෝ දේසපාලන පන්දම්, මිතුරාගේ මිතුරා බිරිදගේ මල්ලිගේ අක්කගේ යාළුවා වැනි සම්බන්දතවලට සලකන පුරුදු නිසයි අපට මෙහෙම වෙන්නේ.(නදී)
තමන් කල සේවය ගැන තමන්ටම අවංකව සුතුටු වෙන්න පුලුවන්නම් ඒක තමයි නියම සේවය, ආත්මෙට වංචා කරලා ජිවත් උනොත් එක කවදාහරි විදවන්න වෙනවා. ගන්න පඩියටවත් වැඩ කරන්න.(නදී)
අපේ රටේ පන්ති භේදේ, නිලධාරිවාදේ, සහ ආණ්ඩුවේ රැකියා වලට ඇති ඊනියා "ප්රෙස්ටිජියස්" තත්වේ විනාස කිරීමට නම් එක විදිහක් ලෙස මන් නම් දකින්නේ පෞද්ගිලක කාරනේ. මොකෝ මෙවැනි මත සංවර්ධනයට බාදාවක්. එහෙම නැතිව මේ "ගුරුකුල ජුන්ටාවල්" විනාස නොවේ.(නදී)
සුද්ද මෙහෙ එන්න කලින් අපේ රටේ හිටපු මහදැන මුත්තෝ කුලවාදේ මත පදනම්වෙලා මිනිස්සු බෙදල දාල හිටියා. සුද්ද ගියා විතරයි කුල වාදේ වෙනුවට පන්ති බේදෙයි , නිලදාරිවාදෙයි පටන් ගත්තා. රජයේ රස්සාවක් කරනවා කිවම කට්ටිය උදේට යන්නේ එලිසබෙත් මහා රැජින වගේ. හැබැයි කරන්නේ අයිස් ගසා වංචා සහගතව මුදල් ඉපයීම.(නදී)
මේ වගේ අය ලංකාවේ ඉන්නකම් ලංකාව දියුණු වෙන්නේ නැහැ .හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් හැකියාව ඇති කර ගන්න.(අ).
මේවගේ ෆොටෝ දිනපතා ගියොත් මේවා නවතිනවා.(අ)
මෙම කාර්යාලයේ ලොකු අය හොඳ නම් මෙහෙම වෙන්නේ නැහැ. මම නීතිය අකුරටම කළ පරිපාලන නිලදාරී මහත්වරු කිහිප දෙනෙකු යටතේ සේවය කල අයෙක්. (නි)
මේ ලිපියට බහුතරයක් ප්‍රතිචාර දාලා පන්ඩිත කතා කියවන්නේ තමන්ගේ කන්තෝරු වල නිකන් ඉන්න ගමන්ම තමයි. අපේ මිනිස්සු ඔක්කොටම වඩා දක්ෂයි විවේචනයට (නි)
නිරන්ජන්, විවේචනය නැතුව වෙන මොනවා කරන්නද? (නි)
ඔවා ප්‍රශ්න
නිරන්ජන් ලොස් ඇන්ජලිස් වෙලාව දැන් වෙලාව රෑ 8.43.මන් අද පැය 13 වැඩ කරලයි ආවේ. පැය 5 වැඩි පුර වැඩ කල.ඕවර ටයිම් හම්බෙන්නේ පැය 3 පමණයි.ඉතුරු පැය 2 වැඩ කලේ නිකන්. ඒ ඕවර රයිම් සල්ලි යන්නේ අන්ගොලාවේ වතුර ප්‍රොජෙක්ට් එකකට. මෙහෙ පින් කරන්නේ එහෙමයි.වැඩ කරන්නේ එහෙමයි.(අ)
වන්දි බට්ටකන් කරලා රස්සාවල් ගත්තු අයට කියවද්දී පොලව පළාන් යන්න හිතෙනවා ඇති. එහෙම අය තමා මේ පක්ෂක්ග්රාහිව ලියන්නේ.හරියට විදුලිය වැඩිකලාට පක්ෂව පෙළපාලි ගියා වගේ....(අ).
. හරක් මස්, අරක්කු, විතරද පෙනෙන්නේ. ශරීර හොරකම,අයිස් ගැහිල්ල,නිකමන් සේ ඉදිමින් වංචා සහගතව මුදල් ඉපයීම ගැන අඩුම ගන්නේ කනගාටුවක් වත් නැද්ද. එහෙම තිබේ නම් චන්දවලදී කතිර පිට කතිර ගසා මෙවැනි ක්‍රම අනුමත කරන්නේ මන්ද...(අ)
මමත් පළාත් සභා රාජ්‍ය සේවකෙයක් තමයි. ඒත් මගේ රාජකාරියට අදාළව කවුරු හෝ රාජකාරියක් කර ගන්න ආවොත් එම වැඩේ නොපිරිහෙලා ඉටු කරනවා. රාජ්‍යසේවයේ සේවක අතිරික්තයක් තියෙන්නේ. පෞද්ගලික අංශය හා සසදන විට එක් සේවකෙයකුට ඇති රාජකාරි ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඔය වෙග් රූප රාමු බහුලව දකින්න පුළුවනි. හැබැයි හැමෝම ඔහොම නැහැ. එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඹක්කොම මකුණො මරන්නේ?(අ)
ඔබාමාගේ ආරක්ෂාව සපයන ආරක්ෂක අන්සේ පවා පෞද්ගලිකයි. ලංකාවේ පුද්ගලික විස්වවිද්‍යාලයක් වත් හදන්න දෙන්නේ නැහැ.ඒ ඇයි... දැන් මේ තියන එකාදිකාරි මාෆියාව,අයිස් ගැහිල්ල,පින් පඩි ගනිමින් ලොව වැඩිම නිවාඩු ඇති රටේ "ප්රෙස්ටිජියස්"රජයේ රැකියා කරමින් රටම බංකොලොත් කරන අයයි ඉන්නේ (අ)
කොයි ආයතනයත් එකයි.(ස)
හැදුනුම්පත් කර්යාලේ අවට කාක්කෝ, හැම ප්‍රාදේශිය සබාවක් අවටම කාක්කෝ, රේගුව අවට කාක්කෝ, මෝටර් රථ කාර්යාලේ අවට කාක්කෝ, ඉඩම් කාර්යාලේ අවට කාක්කෝ, ගුවන් තොටුපොල අවට වගේම ඇතුලෙත් කාක්කෝ, අනෙක් හැම රාජ්‍යායතනවලම කාක්කෝ, මේ කාක්කෝ පෝෂණය කරන්නේ ඇතුලේ ඉන්න අය.(ස)
හැමෝම මෙහෙම නේ. නමුත් බලදාරින්ගේ අවදානය යොමුවේවා. (ස)
වෙන රටවල නිවාඩු ලැබෙන්නේ තමන්ට අයත් උත්සව වලට පමණි. උදාහරණ ලෙස එංගලන්තේ වැඩකරන අයිරිෂ් කෙනෙක්ට සෙන්ට් නිකලස් දේ කියන නිවාඩුව නොලැබේ.ලංකාවේ මුස්ලිම් අයට සිංහල අවුරුදුත්, සිංහල අයට තයිපොන්ගල් නිවාඩුත් ඇත.තයිපොන්ගල් කුමක්ද කියාවත් සිංහල අය නොදනී. (නි)
ලංකාව ලොව නිවාඩු වැඩිම රටවලින් එකකි.ඡන්ද ගුණ්ඩු ලෙස වරින් වර මෙම නිවාඩු නිතියානු කුල වී ඇත.දේශපාලකයන්ට පමණක් බැන වැඩක් නැත.හේතුව දේශපාලකයෝ කරන්නේ අපේ රටේ කම්මලියන්ගේ සිතැගි වලට අමතන එක.කුසිතයෝ පිනවීමට නිවාඩුවක් හැර වැඩි පැයක් වැඩ කිරීමට කියා වැඩක් නැත.(අ)
මිගමුවෙත් ඔය වගේමයි (අ)
ලංකාවේ රාජ්‍ය සේවය ගැන මට ලිවීමට ඇතිදෙය සදහන් කළාට එය මෙහි ඇතුලත් නොකරනු ඇත. එනිසා එය නොලියමි. අද පිටරට ඉන්න අයට ගරහන ඔය කණ්ඩායම දන්නේ නැහැ අද රටේ මුලික අදායම මොකක්ද කියලා. රට දියුණු කරන්න වැඩ කරපු නිලධාරීන් ඉන්න ඇති. අද නම් සියලු නිලධාරීන් ගැන කියන්න තියෙන්නේ නරකම තමයි. මම රටවල් තුනක ඉදල තියෙනවා. ඒවත් සමග බලද්දී ලංකාවේ රාජ්‍ය සේවය අහසයි පොලවයි වගේ තමයි. (නි)
ඇතැම් අයතන වෙබ් අඩවියක් ඇරඹූ සැනින් හිතන්නේ දැන් අපි දියුණුයි කියා... සමහර වෙබ් අඩවි නඩත්තු කරන්නේ නැහැ.ඒවායේ තියෙන්නේ යල්පැනගිය තොරතුරු.අයකිරීම් දැනට අවුරුදු 10 පමණ පෙර කල අය කිරීම්.(අ)
ලංකාවේ හිට් විකට් කියල නාට්‍යයක් ගියා.ඉන්ගම්මාරුව කියලත් නාට්‍යයක් ගියා.මේවයේ කතාකරන්නේ මේ අඳුරු තත්වේ.... නාට්‍ය නෙවේ මොනවා පෙන්නුවත් මේ හුනියමෙන් ගැලවෙන්න වෙන්නේ නැහැ.හැබැයි අපි තරම් උතුම් ජාතියක් මේ මිහිපිට නැතෙයි කියල තමා ඉන්නෙ.(අ)
මටත් එක්තරා රාජ්‍ය ආයතනයක සිදුවීමක් මතක් වුනා. හොඳ වෙලාවට එදා මට නිවාඩු දවසක්. මුලින් ඇහුවම මගේ ප්‍රශ්නය ගැන එහෙම ෆයිල් එකක් නැහැ කිව්වා. මා අදිටන් කර ගත්තා කිසිම ජරාවක් නොදෙන්න. මට නොයෙකුත් මහත්තුරු, නෝනාවරු ගාවට යන්න කිව්වා. පැය 4 ට විතර පස්සේ අන්තිමට නැති වෙච්ච ෆයිල් කවරය එලියට ආවා.(නදී)
ලංකාවේ රාජිය ආයතන වගේම ඇතැම් එකාදිකාරියක් ඇති පවුද්ගලික ආයතන උනත් තත්වය අන්තිමයි.හේතුව වැඩක් කරගන්න නම් එහි නිලදාරිය අදුනන කෙනෙක් හරහා දුරකථන අමතුක් වත් දීල යන්න ඕන. මේ කිසි සම්බන්ද තාවයක් නැති නම් සල්ලි විසි කරන්න ඕන.(ස)
මතුගම ප්‍රාදේශීය කාර්යාලයේ ක්‍රමයත් මිට වඩා වැඩි වෙනසක් නැහැ.(නදී)
පිරිමින්ටත් දැන් දරු ප්‍රසුත නිවාඩු දෙනවද? . මට මතකයි එහෙම එකකට ලෑස්ති උනා. කාවින්ද ඔය තත්වේ ඔය ආයතන වල පමණක් නෙවේ මේ රටේ පොදු තත්වේ. ඔය ලෙඩ්ඩු ලංකාව හැම තැනම ඉන්නවා. ඒ අසරණ කම අනුකම්පාව දිනාගන්ට පාවිච්චි නොකරන්න. මොකෝ පඩි ගෙවන්නේ ඒකයි. ඒ පඩිය මදි නම් ඉවත් වන්න.(නදී)
ගිය අවුරුද්දේ පමණක් රාජ්‍යය ආයතන පහක පාඩුව කෝටි 18500. ඉතුරු ආයතන වල පාඩුව තව ගණන් බලා නැහැ. දැන් ඔය ලංකා,කවින්ද්‍ර,සේනක වගේ අය කියන්නේ අපි වැරදි උනත් ලාංකීය වීම නිසාම බොරුවට හෝ අගය කරමින් පුරාජේරු ගසමින් සාජ්ජ පවත්වමින් ඉදිමු කියාද. ඒකට කියන්නේ කුහක කම නොවේද?.(නදී)
කවින්ද්‍ර, සේනක ලංකාවේ ඔය රාජ්ය ආයතන නොතිබුනා නම් එම රාජකාරිය කිරීම සදහා වෙනත් ව්‍යූහයක් සහිත ආයතනයක් ඒ වෙනුවට තිබෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ව්‍යූහය වෙනස් කරන්න ඔයාලා ඉඩ නොදීම. හැබැයි තියන ව්‍යූහෙට අනුව වැඩද නොකරයි. ඉතින් අපි දෙස් දෙවොල් නොතියා මොකෝ කරන්නේ.(නදී)
ඔය ෆොටෝස් අරගෙන දාපු එකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. රට ඉදන් ඇවිත් මෙහෙ හදන්න එනවා මෙහෙ තියෙන්නේ දේශීය ක්‍රමය විජාතික බලවේග එනවා උන්ගේ ක්‍රමය මෙහෙ හදන්න ඒවා බෑ මෙහෙ. (ස)
මා දන්නා ලෙස සිංහල බාසාවේ කාලකන්නියෝ කියන්නේ අන් අයගේ කාලය කාදමන අයට. එවැනි කාලකන්නියන්ට ගරුත්වය යන නමින් පන්තිබෙදේ පැතිරවීමට ඉඩ දෙන්නේ ඇයි? නිලදාරිවාදේ වැපිරීමට ඉඩ දෙන්නේ ඇයි? ඒ අපේ බයාදුකමද ? කොන්දපන නැති කමද ? පන්තිබෙදේ නිසා අපේ හිතේ හටගත් හිනමානේද ? (ස)
මටත් රජයේ සේවකයෝ එපා වෙලා තියෙන්නේ. ඉඩම් ගැටලුවක් විසදා ගන්න අවුරුදු දෙකහමාරක් තිස්සේ දුක් විදිනවා. තාමත් ඒක විසදිලා නැහැ. මේ ගැන කියන්න ඉන්න අයත් ඔක්කොටම වැඩිය හොරු. මිනිස්සුන්ට හෙනගැහිලා ගියත් එයාලට කමක් නැහැ. (නි)
මේ වගේ කීපයකටම මටත් මුණපාන්න සිදුවුණා. ඉඩමක් සම්බන්ධ වැඩකට මම ගියා ඔය රජයේ ආයතනයකට. ඒ යනකොට මහදවල් ලයිට් දාලා ෆෑන් දාලා නමුත් පුටු හිස්. බලන් ඉදලා බැරිතැන අහපුවම කිවුවා කෙනෙක්, කට්ටිය හිටපු සභාපතිතුමගේ මගුල් ගෙයක ගිහින් කියලා. ඒ අංශයේ අය දැන් ඒවි කියලා. ඒත් උදේ ඉදලා බලා හිටියත් අන්තිමේදී හවස 2.30 පමණ වෙනකොට සියලු දෙනා පැමිණියත් මා හට එය ඉටුකිරීමට නොහැකි වුණේ එයට තවත් පුද්ගලයෙකුගෙන් අනුමත කිරීමක්ද ඇවැසි බව පවසමින්ය. මා එසේ අනුමත කරගත් පසු හවස 3.30 ට පෙර රැගෙන එන ලෙස කිවුවා. එසේ නොහැකි වුනොත් නැවත හෙට දින පැමිණෙන ලෙස මට කිවුවා. රජයේ ඉස්පිරිතලේදීද මෙවැනි දේම සිදුවේ. රජයේ සේවය යනු පඩියත් සැපත් ගැනීමකි (නි)
ලංකාවේ රජය සේවය ඇල්මරුන එකක් සේවකයෝ නිදි කිරනවා.(ස)
මේ වගේ තැනක් මමත් දැක්කා. ඒ එක්තරා පළාතක පළාත් සහා කන්තෝරුව (නි)
මටත් මේ වගේම අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා 2010 දී, මගේ විදේශ කාර්ය ගාස්තු ගෙවන්න මගේ අම්මා ගියේ. මොකද මම ඒ වෙනකොටත් වැඩ නිසා. ඒ වෙලාවේදී ඉතාම පහත් විදිහට කතා කරලා ටිබුණා, මොකද මම නැති නිසා. මගේ අම්මා කියලා තිබුනා කලින් සැරෙත් මගේ අම්මා තමයි ගෙව්වේ කියලා. ඒ තැන හිටපු ගැහැනු කෙනා මහා පහත් විදිහට බැනලා තිබුනේ, මොකද හිතලා තියෙන්නේ මගේ අම්මා බොරු කියන්නේ කියලා. මගේ අම්මා මේක කිව්වහම මම එතනට ගියා නිවාඩුවක් දාලා, මට හොඳටම තරහා ගියා ඒත් අම්මා නිසා ඉවසුවා. (නි)
මේ කතාව නම් පිළිගන්න පුළුවන්. හුදෙක් රාජ්‍ය ආයතනවල සේවකයෝ මෙවැනි ආකාරයට වැඩ කරනවා. එය වැඩියෙන් පිටරට ඉදන් එන අයට තේරෙන්නේ ලැබෙන කෙටි නිවාඩුවෙන් ඔවුන්ගේ වැඩකට රාජ්‍ය ආයතනයකට ගියාම තමා. (නි)
ප්‍රසන්න ඔයාගේ අදහස් බොහොම වැදගත්. නමුත් එයාලව එහෙම පන්නන්න බැහැ. ආයතන ප්‍රධානියටවත් එයාලා යටත් නැහැ. ඔයා කියන විදි හට අපි විරුද්ධ වෙන්න ගියොත් සතියක් තුල අපිට වීසා එන්නත් පුළුවන් (නි)
ගොඩාක් හොඳ වැඩක් .මුනු හන්ගන්ඩ ඕනේ නැ පේන්ඩ දන්න.මේ ඔක්කොම ‘අර්ධ රාජ්‍ය සේවා‘ කරන්න ඕනේ. (ස)
තමන් හරියට වැඩ නොකර එහි වරද පිළිනොගෙන වරද සාධාරණීකරණය කරන්නට දහසක් දේ කියන අයට මගේ බලවත් අප්‍රසාදය.ඔබ ඔය කියන හේතු නිසා හරියට වැඩ නොකරනවා නම් පීඩනයට ලක්වන්නේ ඔබලාටත් වඩා අමාරුවෙන් ජීවත්වන තවත් අහිංසකයන රැසක්මය. මගේ පවුලේ සහෝදර සහෝදරියන් රැසක්ම රජයේ රැකියා කරන අයයි.ඔවුන් සියලු දෙනාටම රැකියා ලැබුනේ වයස තිස් ගණන් වලදී.එතරම් පසුවී රැකියා ලැබුනේ දේශපාලන හේතු නිසා.අපට දෙමුපියන්ගෙන් ලැබුනේ ආදරය සහ අධ්‍යාපනය පමණය.ගෙයක් දොරක් ඉඩමක් කිසිවක් මුදලක් දෙන්නට රජයේ සේවකයෙකු වූ මගේ පියාට නොහැකි විය.නමුත් රජයේ රැකියාව අවංකව කරමින් කිසිම විටක වංචනිකව සතයක්වත් නොගෙන අප පවුල දැන් ඉතා හොදින් ජීවත් වන්නෙමු.ඔබ ගෙනෙන තර්ක කෙසේවත් පිළිගත නොහැක. කළ යුතු වන්නේ තමන්ගේ යුතුකම කිරීම තුලින් ඔබ වැනිම අමාරුවෙන් ජීවත්වන තවත් අයට නිසි සේවය කිරීමයි.වැඩ නොකර සිටීමට හේතු දැක්වීම නොවේ." නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටයක් ඉල්ලීම" නොවේමය. (නි)
නූතන ලෝකයේ බොහෝ දෙනෙකු සියලු දෙයකම අගුණ සොයති.මම ද රාජ්‍ය සේවකයෙක්මි. එබැවින් මම මෙහි අදහස් දක්වා ඇති බොහෝ දෙනෙකුගේ අදහස් ප්‍රතික්ෂේප කරමි. ඇතමුන්ගේ අභිප්‍රාය පවතින රජය විවේචනය කිරීමයි. ඇතමුන් පොදුවේ රාජ්‍ය සේවයම මේ කාරණය නිසා සුදු අලියෙක් යැයි කියනු ලබයි. කෙසේ වෙතත් මාගේ අදහස නම් අපේ රටේ පවතින්නේ බ්‍රිතාන්‍ය රාජ්‍ය සමයේ සිට පැවැත එන රාජ්‍ය සේවයකි. එහි පැය අටක සේවා මුරයට එදා කළ වැඩ අද පවතින නූතන යන්ත්‍ර සූත්‍ර අනුව පැය කිහිපයකින් කළ හැකි නොවේද?.. අනික අද ප්‍රාදේශිය ලේකම් කාර්යාල සඳහා බොහෝ රාජකාරි පැවරී ඇත. කොසේ වෙතත් මම තවත් එක් කාරණයක් අවධාරණය කරමි. එනම් රාජ්‍ය සේවකයා රාජකාරි කරනුයේ තමාට පවරණ ලද රාජකාරි ලැයිස්තුවකට අනුවයි. එය දන්නේ රාජ්‍ය සේවකයින් පමණි. බොහෝ රාජ්‍ය සේවකයින් අනිත් අයගේ වැඩ කරනුයේ ඒ වැඩ තමාට පැවරේ නම් පමණි. තමාට අදාල නැති වැඩ කිරීම රාජ්‍ය සේවය තුළ බැනුම් අසන ක්‍රියාවකි. ඇතැම් විට ඔහුට හෝ ඇයට ඒ වෙනුවෙන් නිදහසට කරුණු කීමට සිදු වනු ඇත. රාජ්‍ය සේවය යාවත්කාලින කළ යුතුය යන මතයට මම එකග වෙමි. (නි)
රාජිය ආයතනවල ෆේස්බුක්, ට්විටර්, ස්කයිප් බ්ලොක් කරන්න. කාලය කන තවත් දෙයක් මේක. අනික අන්තර්ජාලේ ආණ්ඩුවේ බිලට දාල රට ඉන්න නෑදෑයොත් එක්ක කතාව. හැබැයි එක්සෙල්, වර්ඩ්ස් වගේ සරල දේවල් වත් දන්නේ නැහැ.(ස)
වැඩ නොකරන අය රාජ්‍ය සේවයෙත් ඉන්නවා පුද්ගලික අංහයෙත් ඉන්නවා. ඒක ඒ මිනිස්සුන්ගේ ජන්මයෙන් ආපු වරදක්. ඉතින් රාජ්‍ය සේවයේ ඒ වගේ අය වැඩිද පුද්ගලික අංශයේ වැඩිද කියලා කවුද දන්නේ. මිනිස්සුත් එක්ක ගැවසෙන හින්දායි රාජ්‍ය සේවකයො මෙහෙම බැනුම් අහන්නේ.හැම රාජ්‍ය සේවකයාම පන්දම් අල්ලලා නෙමෙයි එන්නේ. එහෙම එන පිරිසකුත් ඉන්නවා. බහුතරයක් විභාග පාස් කරලා එන්නේ. මොකද පුද්ගලික අංශය වගේ ඇදුනුම්කමට යන ඒවා මාණ්ඩලික නිලධාරින්ට බැහැ. එහෙම එන්න බැරි වුණ අය රාජ්‍ය සේවයට හැමදාම වෛර කරනවා.මම හිතන්නේ රාජ්‍ය සේවයට ඇවිල්ලා අඩු පඩියට වැඩ කරනවාට වඩා පුද්ගලික අංශයේ වැඩ කරන එක හොඳයි. (නි)
වලල්ලාවිට මීට ඒහා.(නදී)
මානක්කාර නිලදාරීන්ගේ නිලදාරිවාදේ, පන්ති බේදේ, රැවුම් ගෙරවිලි වලින් බේරෙන්න පොලිසියට කළා වගේ මානව හිමිකන් නඩු පනවන්න. අපේ රටේ අය ඇයි එසේ නොකරන්නේ. දෙතුන් දෙනෙක් එහෙම නඩු කිවොත් ඉබේටම මෙයාල අපට දන ගහනවා.(නදී)
දැන් රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න ජනාධිපති ළඟටම යන්න ඕනා. ආශ්චර්යමත් ලංකාවක්.(නදී)
සියලුම රාජ්‍ය සේවා ලබාගැනීම සදහා ජනාධිපතිතුමන් මුණගැසෙන්න.(නදී)
මේ "හෙළ කුල සිරිතට ඇල් හාලේ බත් කෑම" තිත්ත උන නිසා තමයි අපි රට දාල ගිසින් වෙන රට වල පුරවැසි භාවය අරගෙන ඉන්නේ. මේවා සියල්ලම ලංකාවේ මිනිසුන්ගේ වැරැද්ද. හැබයි ආණ්ඩුවනම් අධිරාජයා වාදීන්ට බැන බැන ඉන්නවා. අඩු ගානේ රටේ මිසුන්න්ට වත් හරියට සලකනවා.(නදී)
අපි කුමක් හෝ අඩු පාඩුවක් පෙන්නලා දුන්නාම අපිට කියන දෙයක් තමයි උපන් රටට ගරහන්න එපා කියලා. ඇත්තටම අපි කරන්නේ ගැරහහීමක් නොව, වැරැද්දක් නිවැරදි කරගන්න වැරැද්ද පෙන්නලා දීමක් විතරයි. කරුණාකරලා වැරදියට තේරුම් ගන්න එපා (නි)
ඔබ තුමා අතේ මාරු සල්ලි තිබුනේ නැද්ද ? (ස)
දමලා තියන අදහස් වලින් මිනිස්සුන්ට ලංකාවේ රජය ආයයතන වල තත්වය පේනවා. වග කියන්න ඕන ඉහල නිලධරීන්. (ස)
ලංකාට මන් හිතන්නේ මානසික ලෙඩක්. ලංකාවේ රාජ්‍ය සේවකයෝ හොඳ කට්ටිය ඇති 1% ක් විතර. 99% ක් ම ඇවිල්ලා කරන්නේ මේ පින්තුරවල දාල තියෙන දේවල් තමයි. මේ වගේ කාලකන්නි රටක් මේ ආසියාවේම නැහැ. ඒක නං සුවර්. (නදී)
මොනයම් සුළු දෙයකට හරි මේ අය හරි දක්ෂයි වර්ජනය කරන්න. පින් පඩි ගන්නේ. මහජනයාට සේවයක් වෙන්නෙම නැත.(නදී)
දැන් නීතියක් දායි කැමරා පෝන් ගේන්න එපා කියලා.(නදී)
හැබැයි හැමතැනම ඔහොම නැහැ. වැඩකරන තැනුත් තියෙනවා. ඒත් ගොඩක් තැන්වල ඔහොම තමා. ලංකාවේ විතරක් නෙමේ අනිත් රටවලත් ඕක තියෙනවා. හැබැයි ඔය හැම දෙයක්ම නවත්තන්න පුළුවන් හරියට වැඩ ටික හොයලා බලන ලොක්කෙක් හිටියා නම්. බයට හරි වැඩ කරනවා එතකොට. කව්ද මේවට වගකියන්නේ (නි)
රුවන්වැලි සෑය වගේ බත් එකක් රෑට කාලා නිදාගන්ට. පස්සට එලිය වැටෙනකොට නැගිටලා කන්තෝරුවට එන්ට. ඒ ඇවිත් පැයක් ගෙදර විස්තර කියන්න. තේ බොන්න. හිනවෙන්න. කැකිරිපලන්න. පත්තර බලන්න. දවල්ටත් කොත ගහලා බත් එකක් කන්න. පැය 2 ක් විවේක ගන්න. ටිකක් කුරුටු ගාන්න. තේ බොන්න කයිවාරු ගහන්න. ගෙදර යන්න.(ස)
අනුෂ, පවතින රජය විවේචනය කිරීමේ අදහසක් නෙවේ තියෙන්නේ. මේකට ආණ්ඩුව මොකද්ද කින දේ වැදගත් නැහැ. මොන ආණ්ඩුව තිබුනත් අකාරියක්ෂමතාවේ සදාතනිකයි. ඔයා මේ සංවාදේ දේශපාලනිකව දකින්න එපා.(නදී)
මන් නම් පුද්ගලිකව රාජ්‍ය ආයතන කියන හොර ගුහා දකින්නේ ඡන්දවල දී පාලකයන්ගේ කටු ලෙවකන වන්දිබට්ටයන්ගේ ගුබ්බැයම් ලෙස. ඒවායේ ඉන්න අය කරන්නේ රට කාබාසිනියා කරදමමින් පිළිකාවක් ලෙස මේ රටේ අසාර්ථකත්වය වැපිරීම. නිලදාරිවාදයේ, පන්තිබෙදයේ මුරදේවතාවෝ ලෙස.(නදී)
කාලය රන් හා සාමානයි, කාලය කන අයට සිංහලෙන් ලස්සන වචනයක් තියෙනවා. මෙව්වා ජාතික අපරාද, මේවට විරුද්ධ වෙන්න හෝ වටලන්න කව්රුත් නැ.(ස)
මාලක ලොස් ඇන්ජලිස්, හරිම ආදර්ශමත් ඒ ක්‍රමය නම්. (නි)
පින් පඩි ගන්න අය (ස)
සිසිටිවී කැමරා සහ අනෙකුත් තාක්ෂණික මෙවලම් හරහා පාලනයකට යටත් කර කාර්යක්ෂමතාවය වැඩි කිරීම හොදයි.නමුත් එහෙම නැති වුනයි කියා වෙන රටවල වගේ ස්වයංව අවංකව වැඩ කිරීමේ ගුණය මේ මිනිස්සුන්ගේ හිතෙන් ගිලිහුනේ කොහොමද. (නි)
සේනක ඇගිල්ල ස්කෑන් කරලා උදේට වැඩට එන අයගේ පැමිණීම ලකුණු කරන්න හැදුවා. එකට උද්ගෝෂණ කලා. තමන්ගේ නිල ඇදුමට යන්තමින් හෝ සමානව පහල ශ්‍රේණියේ නිලදාරියගේ නිල ඇඳුම වෙනස් උනොත් එකටත් උද්ගෝෂණ. ඒ පන්ති බේදේ නොවේද. කාපු පිඟාන හෝදන්න බැහැයි කියා උද්ගෝෂණ කළා. (ස)
සේවයක් නොකර වැටුප් ගැනීම අදත්තා දානයයි. ඒ අයට නැවට මනු ලොව ඉඩ නැත. තිරිසන් අපාය ඉපදෙන බව දැනගන්න. අපි සැමට මෛත්‍රීය කරමු (නි)
සියයට 99ක්ම තමන්ගේ අවශ්‍යතාව සපුරා ගත් විට බනින එක තමයි ක්‍රමය. (නි)
සුරාජ් , මාව දැනුවත් කලාට ස්තුතියි.හැබැයි මම මේ ප්‍රස්නේ අහනවා.හරක් මස් වලට විරුද්ධ අය, නයිට් ක්ලුබ් වලට විරුද්ධ අය අදත්තා දානයට විරුද්ධ නැත්තේ ඇයි.බොරුවට, වංචාවට, කුහකකමට,මෝහයෙන් ගහන කතිරේට විරුද්ධ නැත්තේ හෝ විරුද්ද වුනත් එය කෙදිරියක් පමණක් වී පෙළපාලි නොයන්නේ ඇයි. (නි)
බොහොම හොදයි (නි)
මමනම් කැමති නැහැ අපේ රජයේ සේවය පහත් කරලා කතා කරන්න ඔබලා දන්නවද රජයේ සේවකයන්ට ලැබෙන වැටුප එදා වේල කන්නත් මදි .ඉතින් එනිසා අපිට සුපිරි සේවයක් බලපොරෝතුවන්න බැහැ..(ස)
දෙන පඩියට මීටත් වඩා සේවයක් අපේක්ෂාකරන්න පුලුවන්ද? (ස)
එහෙමත් ලංකාවේ සේවකයින්ට දොස් කියන්න එපා. පිටරටක ඉදලා ලංකාවට ගිහාම සමහරු කාර්යාලවල වැඩ කරන අයට මහා ලොකුවට කතා කරනවා.තමන් කාරුණිකව එයාලට කතා කරනවා නම් ඒ අයත් හොදින් වැඩේ කරලා දෙනවා.අපි ලංකාවට ගිය හැම විටකම ලංකා බැංකුව වගේ තැන්වල හරිම උනන්දුවෙන් අපේ වැඩ කරලා දුන්නා. (නි)
රාජ්ය සේවයේ බොහෝම විෂමතා තියෙනවා. ඔය කාර්යාලයේ ඔතන විතරක් බලල මදි තව පැත්තක් තියෙනවා මිනිස්සුන්ට ඔලුව ඔස්සන්න තරම් වැඩ ගෙදර ගිහිනුත් වැඩ කරනවා. ෆයිල් එකක් කොලයක් දෙන්නෑ ඒ වුනත් තමුන් ගේ කාර්යය කිසිම අතපසු වීමකින් ප්‍රමාදයකින් තොරව කරනවා, රාජ්‍ය සේවකයෙක් සේවය කරන්නේ පැය 3 යි කියලා සමහර උසස් රාජ්‍ය නිලධාරි කියල තියෙනවා. ඒත් වැඩකරන නිලධාරින් ගේ රාජ්‍ය සේවය පැය 10කටත් වැඩිය නිවාඩුවක් ගන්න නෑ. මේකේ ප්‍රශ්නෙ තියෙන්නේ රාජ්‍ය පරිපාලන මාණ්ඩලික නිලධාරින්ගේ රාජ්‍ය සේවය කලමණාකරණය කරන්න ඔවුන්ට තේරෙන්නෙ නෑ. නිලධාරි 5ක් ඕන තැනට දෙන්නේ 3යි, 1 ක් ඕන තැනට 4ක් දෙනවා. ප්‍රින්ටරයක් කොල ඕන තැනට එකක්වත් නෑ. ඉස්සරවෙලා කරන්න ඕන හරි විදියට කළමණාකරණය පුලුවන් විදියට ඉහල නිලධාරින් පත් කරන්න ඕනා. ලංකාවේ පරිපාලන සේවය අහෝසි කරල සාධාරණ විදියට මහජනතාවට සේවය කරන්න පුලුවන් අයව පත්කරන්න ඕනා. ජනාධිපති තුමා නිරභය තීරණයක් අරගෙන ඒක කරන්න ඕනා. ඔය වගේ කොට්ඨාශයක් ඉන්නවා ඒ වුනත් කාර්යාලයම තුලම ඔලුවක් උස්සන්න බැරිතරමට වැඩකරන නිලධාරීන්ට ඒක අවමානයක්, මේ මහත්තය කියන දේවල් හිතන්න ඔන නෑ ඔය මිනිස්සු නිකන් නිවාඩුවට ඇවිත් කාර්යාලයේ හිටගත්ත ගමන් වැඩේ කරන්න ඕන කියන අය. වැඩේ කලත් නැතත් වාචාල කමට කියවනවා හරියට ඇමෙරිකාවේ පරිඝණක කරපු බැංකුවක ඔන් ලයින් වැඩකරනවා වගේ. මෙයාගේ කතාවේ ගත යුත්තක් නෑ. ඒ වුනාට ලංකාවේ කාර්යාල ක්‍රමය ඇතුලින් කුණුවෙලා තියෙන්නේ ඒක නිරවද්‍ය කරන්න ඕන ඒක බොහොම බරපතල වෙනස්කමක්.(නදී)
මෙහි පලවී ඇති චායාරූප සහ පුවත සත්‍ය එකක් යැයි මා පිලිගනිමි. මෙවැනි දේවල් තමා අපේ රටේ අද සිදුවන්නේ. සමහරු මේ ලිපිය සහ අදහස් කියවලා මේකට විරුද්ධව අදහස් ලියපු අයට බනිනවා රජයේ සේවකයන්ගේ ක්‍රියාව සාධාරනීකරය කරමින්. මෙහි ඉතාමත් පැහැදිලි වෙනවා මෙම කාර්යාලයේ සිදුවෙමින් තිබෙන දේවල්. මේ මහත්මයාට මම ස්තුති වන්ත වෙනවා මේ වගේ ඡයාරූප පල කිරීම පිළිබඳව. අපි එඩිතර වුනොත් අපිට පුළුවන් පොලීසියේ හෝ දේශපාලන සහාය නොමැතිව මෙවැනි කාලකන්නි, කම්මලියන්ව ගෙදර යවන්න. ලංකාදීප මාධ්‍යට උත්තමාචාරය.(නදී)
මේක තම පුද්ගලික අංශය වෙනස.මොකද පුද්ගලික අංශයේ උසස් කිළධාරීන් මනා කල්පනාවෙන් ඉන්නේ. මොකද පුද්ගලික අංශය ප්‍රධාන අරමුණ වැටුපට සමාන්තරව නැවත ආයතනයට ලැබෙන වාසිය මොකක්ද කියන එක. මේ මගේ අවරුදු 10ක පෞද්ගලික අංශයේ අත්දැකීමෙන් කියන්නේ. උදාහරණ හැටියට තමන් ඉන්න පුටුවෙන් අඩුගානේ විනාඩි 10 කට හරි යනවා පරිඝනනකයේ මොනිටර් එක ඕෆ් කර යන්න ඕනෑ. (නි)
රාජ්ය අංශයේ හොදම සේවය දැනට ලබාදෙන්නේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන්(1919) විතරයි.. ඇයි අනිත් අයටත් බැරි හැදෙන්න.(නදී)
එක පුරප්පාඩුවකට 10 ක් බදවාගැනීමේ ප්‍රතිපල තමයි මේ.(නදී)
රජයේ වැටුප් මදි නම් ඉල්ලා අස් වෙන්න. එතනට බැන බැන එතන වැඩේ නොකර ඉන්න එකෙන් වෙන්නේ පළාතම ගදගසන එක. ඔවුන් අස් වුනොත් තව 100 විතර එළියේ ඉන්නවා ඕව කරන්න. අනික පඩි ගැන දැනුම්වත් කරනවනේ රස්සාවට යනකොට. ගිහින් චාන් චුන් ගාල වැඩක් නැහැ යන්න කලින් හිතන්න ඕන.(නදී)
රන්ජනී පාරිභෝගික සේවා කියන දේ සේවකයෝ අපෙන් බලාපොරොත්තු වෙනවද අපි සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙනවද. මේ මිනිස්සුන්ට "හොස්පිටලිටි" කියන ඒවා උගන්වන්න.චෝදනා හැසිරවීමට උගන්වන්න. එහෙම නැතිව අපි පහට නැමෙන්න ඕන නැහැ. පන්ති භේෙදයට මුක්කු ගහන්න ඕන නැහැ.(ස)
ඔය ක්‍රමය රාජ්‍ය සේවයේ පමනක් තියෙන දෙයක් නෙමේ.(ස)
ඇත්තටම මේ වගේ දේවල් පත්තර වල දාන්න ඕනේ.(ස)
කවින්ද මහතා රාජ්‍ය සේවකයින්ට තිබෙන සෞඛ්‍ය ගැටළු හා අනෙකුත් ගැටළු ගැන විශාල විග්‍රහයක් කර තිබුණා. නමුත් එහි සදහන් සියලු දේ රටේ සියලු පුරවැසියන්ට පොදු ගැටළු බව කාරුණිකව පිළිගන්න. ලංකාවේ බහුතරයක් රාජ්‍ය සේවකයින් යහපත් ආකල්පයකින් හා පිරිසිදු චේතනාවකින් තම කාර්යයේ නොයෙදෙන බවත් ඔවුන්ගෙන් සේවයක් ලබාගැනීමට පැමිණෙන අය හට ගෞරවයෙන් නොසලකන බවත් ප්‍රකටව පෙනෙන්න තිබෙන කරුණකි. තවද ඔවුන්ගේ දැනුම කාලීනව ප්‍රගුණ කර නොගැනීමද, යාවත්කාලීන නොවීමද ]කණගාටුවට කරුණකි .රාජකාරිය දේවකාරිය මෙන් සලකා සේවය කරන කාර්යක්ෂම සේවකයින් බහුතරයක් පෞද්ගලික ක්ෂේත්‍රෙය් සිටිනා බවද ඉතා පැහැදිලි ලෙස පෙනෙන්නට තිබෙන කරුණකි.(නදී)
එන්.එස්.බී නම් එහෙම නැහැ , ජාතික ඉතිරි කිරීමේ බැංකුව , එහෙම නැහැ, ජාතික ඉතිරි කිරීමේ බැංකුව , එහෙමෙ නැහැ ළමයෝ , තාමත් එහෙම තමා. ඔව් ඔව් ඔව්.(නදී)
පෙර තිබූ ගෞරවනීය රාජ්‍ය සේවය දැන් නැහැ. කිසිම විනයක් නැහැ. කථා කරන්න දන්නේ නැහැ. ලොක්කෝ කියන අයත් කවුද වාගේ, පාලනය දන්නේ නැතිද, පාලනය කරන්න දෙන්නේ නැද්ද? රජයේ කාර්යාලයකට වැඩක් කරගන්න ගිය මට වයසවත් නොබලා මචං කියලා තමයි කථා කලේ. මචං නරක වචනයක් නොවුනත් සුදුසු වචනයක් නොවේ. (ස)
ලංකාවේ රාජ්‍ය සේවය හොඳයි කියන අයට තේරුම් ගන්න පුලුවන්නම් හොඳ පිළිතුරු ටිකක් තියෙනවා නේද? (ස)
පාර්ලිමේන්තුවේ අය මේ දොරෙන් ඇවිල්ලා අත්සන් කරලා අනෙක් දොරෙන් පිටවෙන බව දන්නවද? අත්සන් කරන්නේ පැමිණීමේ දීමනාව ගන්න. තවත් අය ගෙදර අයත් එක්ක ඇවිල්ලා රජ ආහාර තුට්ටු දෙකට කාලා අත්සන් කරලා යනවා. මේවා කව්රුත් දන්නවා. ඒත් පිළියම් නැහැ. අපේ රටම විනාසවෙලා.(නදී)
තමන් ලබන වැටුපට සරිලන්න වැඩක් නොකරන නිසා තමයි වැඩි හරියක් රාජ්‍ය සේවකයන් පිරිහෙන්නේ (නි)
(ලංකා ) ඔයාට ඉන්ටෙනෙට් තිබ්බා කියලා ලංකාවේ හැමෝටම ඉන්ටෙනෙට් නැහැනේ, ඔයා කියන විදියට ඔයාට රාජ්‍ය සේවය හොද වුනාට, මේ රටේ බහුතරය රාජ්‍ය සේවයට දොස් කියනවා. හැමතැනම අල්ලස ,දුෂණය පිරිලා.(නදී)
මෙවැනි රජයේ කාර්යාල සහ නිලධාරීන් පිලිබදව ලංකාදීපය හරහ ජනතාව සහ රජය දැනුවත් කරමු. ලංකාදීප ඔන්ලයින් පුවත් පත මගින් පාඨක අපේ අදහස් හුවමාරු කරගන්න ලේසියි. අනිත් පුවත්පත් වල පුවත් කියවන්න විතරයි පුළුවන් (නි)
මෙම රූපයේ ඉන්න මහත්මයා ජංගම දුරකතණයකින් කතා කරන බව පෙනේ. බෝහෝ අවස්ථාවල තම පෞද්ගලික දුරකතන වලට එන / ගන්නා ඇමතුම් සේවාදායකයන්ට හිසරදයකි. ඒවා ඔවුනට වැදගත් නොවන බැවින් ඉවසා සිටිමට සිදුවේ' කාර්යාලවල ජංගම දුරකතන සීමා කිරීම හෝ තහනම් කිරීම වැදගත්ය. හදිසි ඇමතුමක් නම් රාජකාරි දුරකතණයට දිය හැක. ඒවා භාවිතය කැම පැයට සීමා කල හැක. තවත් නොමනා පුරුදුද්දක් නම් කාර්යාලයට පැමිණ ආහාර ගැනීමයි ගැබිනි මවකට මෙසේ කිරිම සාධාරන නමුත් අන් අයට කාර්යාල වේලාවේ මෙසේ කිරීම සාධාරනද? කැම පැය ඇත්තේ දහවල් 12-01 අතරය. උදේටද පැයක් භාගයක් සේවා කාලයේන් උදුරා ගනී. ආහාරය නිසා කිසිවක් කිව නොහැකි නමුත් කාර්යාලවලට ප්‍රමාදව පැමිණ සමහර අය උජාරුවේන් තවත් තැනකට ගොස් උදේ ආහාරය ගනී. සේවා දායකයෝ බලා සිටිති. මෙහි සෞඛ්‍යමය හානිය නම් අවදිවී පැය 3 ක් පමණ ආමාශය හිස්වී තිබීම නිසා ගැස්ට්‍රයිටිස් වැලඳීමේ හැකියාවයි. මෙම නරක පුරුද්ද ලෝකයේ වෙනත් රටවල තිබේ දැයි මම නොදනිමි. උදෙන්ම ආහාර ගැනීම කළ නොහැකි බවටකෙනෙකුට තර්ක කල හැකි නමුත් අමාරුවෙන් හෝ එයට අනුගතවීමෙන් එය කල හැකි බව ඉඳුරා ප්‍රකාශ කල හැක. එයට වෙලාවක් නොමැති නම් එම වේලාව රාජකාරිවේලාවෙන් උදුරා ගැනීම සාධාරන නැත.(නදී)
අපේ අම්මත් රාජ්‍ය සේවයට කැපවී සිටින ඉහල නිලදාරිනියක්. ඒ නිසා සමස්තයක් වශයෙන් ඔහොම ප්‍රකාශ කිරීම සාදාරන නැහැ. (නි)
පහල රාජ්‍ය සේවක නිලදාරීන්ගෙන් වන නිහඬ සේවය කවුරුවත් ඇගයීමකට ලක්කරන්නේ නැහැ. (නි)
මේක ඇත්ත වෙන්න ඇති. ඒත් ඔක්කොම එහෙම නැහැ.(නදී)
ලංකා, මම ඔබේ අදහස් වලට එකඟ නැහැ. අපි රට හිටියත් ලංකාවේ හිටියත් අපේ රටට ආදරෙයි. ඒකයි මේවා ලියලා හරි අපේ අයව හරි මගට ගන්න හදන්නේ.(නදී)
හැම දේකම දෙපැත්තක් තියනවා නේද? රාජ්‍ය සේවකයිනුත් මේ රටේ දුක් විදින මනුෂ්‍ය කොට්ටාශයක් එයාලගේ ජිවිතත් හරිම දුක්බරයි. මම මෙහෙම කියන්නේ මමත් රාජ්‍ය සේවයේ නිලදාරිනියක් නිසයි. හැබැයි අපි ලගට එන සේවා ලාබින්ගේ අවශ්‍යතා ඉටු කිරීම අපගේ පරම යුතුකම බවත් අපි සිහි තබා ගත යුතුයි. කාර්යාල පරිසරය විදිමත් ලෙස සංවිදානය කර ගැනීම ආයතන ප්‍රදානියාගේ වගකීම. ප්‍රදානියා ආදර්ශමත්නම් ආයතනය තුල සේවා සැපයීම ඉහල අගයකට ගෙන එන්න පුළුවන්. මම මෙහෙම කියන්නේ අත්දැකීමෙන්. දෙපාර්ශ්වයම අනිත් පාර්ශවය පිලිබදව මානුෂිකව බලනවානම් රාජ්‍ය සේවය වඩාත් පලදායි වේවි.(නදී)
හැම දේකම දෙපැත්තක් තියනවා නේද? රාජ්‍ය සේවකයිනුත් මේ රටේ දුක් විදින මනුෂ්‍ය කොට්ටාශයක් එයාලගේ ජිවිතත් හරිම දුක්බරයි. මම මෙහෙම කියන්නේ මමත් රාජ්‍ය සේවයේ නිලදාරිනියක් නිසයි. හැබැයි අපි ලගට එන සේවා ලාභීන්ගේ අවශ්‍යතා ඉටු කිරීම අපගේ පරම යුතුකම බවත් අපි සිහි තබා ගත යුතුයි. කාර්යාල පරිසරය විදිමත් ලෙස සංවිදානය කර ගැනීම ආයතන ප්‍රදානියගේ වගකීම. ප්‍රදානියා ආදර්ශමත්නම් ආයතනය තුල සේවා සැපයීම ඉහල අගයකට ගෙන එන්න පුළුවන්. මම මෙහෙම කියන්නේ අත්දැකීමෙන්. දෙපාර්ශ්වයම අනිත් පාර්ශවය පිලිබදව මානුෂිකව බලනවානම් රාජ්‍ය සේවය වඩාත් පලදායි වේවි.(නදී)
දැන් හැමෝම මේ රාජ්‍ය සේවය රාජ්‍ය සේවය කිය කියා ගල් ගහන්න ගල් හොය හොයා බිම අතපත ගාන්නේ ලංකාවේ රාජ්‍ය නොවන සේවා හොද නිසාද? රාජ්‍ය සේවයේත් රාජ්‍ය නොවන සේවයේත් දෙකේම තියෙන ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් මේ. මීට සම්පූර්ණයෙන් විරුද්ධ අන්තයේ ඉතා කාර්යක්ෂමව වැඩ කරන රාජ්‍ය ආයතන අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. මගේ පුද්ගලික අත්දැකීම් වුණත් ඕනෑ තරම් තියෙනවා. (නි)
ලංකා,ඔයාගේ පඩිය බෑන්ක් එකට ගියාට ඔයාගේ බිල් ඉන්ටෙර්නෙට් හරහා ගෙව්වට, අපේ ගම්වල ඉන්න දුප්පත් අහිංසක මිනුසුන්ට වැඩ කරගන්න ඔය ආයතන වලට අනිවාර්යයෙන්ම එන්න වෙනවා. ඔයාගේ ලොකුකම කියවන්නේ නැතුව දුප්පත් අහිංසක මිනිසුන් ගැන හිතලා කතා කරන්න. (නි)
ආපසු සුද්දටම රට බාර දෙමු, ටික කාලෙකට හරි. හදලා දීල යාවි! (නි)
හොද වැඩක්.අනිත් මිනිසුන්ට ආදර්ශයක්. මෙහෙම පින්තූර දාන එක ඉතා හොඳයි. අනිත් කාර්යාල වලත් පින්තූර දාන්න ඕනේ. කාර්යාලයේ නම දාන්න අමතක කරන්න එපා.(ස)
නාමල්, මට හිතිලා නොදා හිටිය ටික ඔයා දාලා. මට හරි සතුටුයි (නි)
කරුණාකර මූනවල් සෙන්සර් නොකර නියම පින්තූර දමන්න, පාරෙ යද්දි අඳුනා ගන්න. ඒ වගේම තමන්ට අසාධාරණය වුනු ආයතනයේ නියම නම හෙළි කරන්න. (නි)
හැම රාජ්‍ය සේවයක්ම එහෙම නෙමේ.ඔය දේශපාලන හෙන්චියෝ (අ)
අදහස් දක්වපු කීප දෙනෙක්ම කියල තිබුන ලංකාවේ පිනට ඉගෙන ගෙන, පිටරට රස්සා කරන එක ගැනත්.ඒ කතා තනිකරම ද්වේශයෙන් සහ ඉරිසියාවෙන් කියන දේ. ලංකාවේ පිනට ඉගෙන ගන්න වියදම් වුණ මුදලට අපි නය නැහැ. මොකද ලංකාවේ ප්‍රධාන ආදායම වන විදේශ විනිමය උපයන්නේ අපි නිසා.එත් බදු මුදලින් පිනට ඉගෙන ගෙන , බදු මුදල් වලින්ම පින් පඩි කන රාජ්‍ය සේවකයෝ(හැමෝම නොවේ, නමුත් බහුතරයක් ) මොන වගේ කාලකන්නි ණය කාරයෝද ? "නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි" කියන්න වගේ, ලංකාවේම ජීවත් වෙන මිනිස්සුන්ට නොපෙනුනාට වෙන රටවල ඉඳල එන අයට ඔය වෙනස පේනවා.මොකද ඒ රටවල දකින්න ලැබෙන කාර්යක්ෂම කම ගැන ලංකාවේ ඉන්න මිනිස්සුන්ට අත්දැකීම් නැතිනිසා.පිට රටවලට හෝ පිටරට රැකියා කරන මිනිසුන්ට පාච්චල් කරන එක නොව කල යුත්තේ ඒ හොඳ දේවල් අපේ ආයතන වලටත් ආදේශ කර ගැනීමයි. ඒත් මුදුන් මුල කුණු වූ ගසක් වැනි වූ රාජ්‍ය පාලනයක් ඇති අපේ රට කවදා මුල් අල්ලා අතු රිකිලි ලියලා වැඩේද .එය සිහිනයක් පමණි (අ)
ඔවා කාට කියන්නද එතින් (අ)
මේ ප්‍රතිචාර ඉරිසියාව නිසා ලියපුවා. කව්ද දන්නේ මෙය දිවා අහර විවේකයද කියලා? පියුන් මහත්තයා.(නදී)
ලංකා කියල කෙනෙක් අදහස් දල තියෙනවා අපේ රට හෑල්ලූ කරන්න එපා කියලා. ඒ මතයට විතරක් එකග වෙනවා. එයා ලියල තියෙන අනිත් අදහස් සමස්ත ලාංකිකයන්ටම වලංගුවෙන්නේ නැහැ. ඔක්කොමලා එයාගේ මිම්මෙන් මනින්න අමාරුයි. එදා වේල කන්න නැති කොච්චර ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවද? (නදී)
අනේ මේ පව්කාර මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මේ වින කරන්නේ තමන්ගේ දරුවෝ, දරුවන්ගේ දරුවෝ ජීවත්වෙන රටට කියලා.දරුවන්ට ලස්සන රටක් හදා දුන්නා කියලා මේ මිනිස්සුන්ට සතුටෙන් මැරෙන්න පුලුවන්ද? (නි)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් විය හැක. (නි)
නියම රාජ්‍ය සේවය යනු කුමක්දැයි ඔබ වටහා ගෙන නැත.ගගෙන් වතුර බී මූදට ආවඩන ආත්මාර්ථකාමියෙක් මෙවැනි පුකාශ කරයි.රටේ පිට කොන්ද වූ රාජ්‍ය සේවය නිසා අදටත් රට රැකී තිබේ (දී)