IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


මන්නා-කතුරුවලින් අයිය-මලෝ- බිරින්දෑවරු ඇනගෙන

 


 
(රේඛා තරංගනී ෆොන්සේකා)
 
සිය අයියාගේ බිරිඳට කතුරෙන් ඇණ, අයියා මන්නයෙන් කපා තුවාල සිදුකළ මල්ලී, නෑනා, නැන්දම්මා යන තිදෙනෙකු ඇතුළු තවත් සැකකාරයන් තිදෙනකු අද(28)පාන්දර පහරදීම සිදු කල මන්නයද සමග තෙලවලදී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.
 
මෙකී පහරදීමට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස අතර ඉකුත් සතියේ බන්ධනාගාර වල ඇති වූ කොරෝනා තදබදය හේතුවෙන් රජය ලබාදුන් සහනය මත නිදහස් වී පැමිණි සැකකරුවෙකුද සිටින බව පොලිසිය පැවසීය.
 
හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇති මෙම සැකකරු බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ සතියක් බව පොලිසිය පවසයි. බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණි අයෙකු හා එක්ව සංවිධානාත්මකව සිදුකල පහරදීම හේතුවෙන් මෙම සැකකරුවන් සංවිධානාත්මකව තවත් අපරාධ සිදු කර ඇති දැයි පරීක්ෂණ පවත්වන ලෙස ගල්කිස්ස ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගෙන් අඟුලාන පොලිසියට උපදෙස් ලැබී ඇති බව පොලිසිය පවසයි.
 
ඉඩම් ආරවුල් මුල් කරගෙන මෙම සිද්ධිය ඇතිවී තිබේ

අදාළ පහර කෑමට ලක් වූ පුද්ගලයා සහ පහරදීම සිදුකළ සොහොයුරා එකම නිවසේ කාමර දෙකක දිවි ගෙවා ඇති අතර මොවුන් අතර එකී නිවසට අයිතිවාසිකම් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන් වලදී ආරවුල් ඇති වී ඇති බව පොලිසිය පවසයි.මෙවරද අදාළ සොහොයුරන් දෙදෙනාගේ බිරින්දෑවරු අතර මුලින්ම කතුරකින් පහර දීමේ සිද්ධියක් ඇති වී ඇති අතර පහරකෑමට ලක්වූ කාන්තාව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට යොමු කර පැමිණිල්ල විභාග කරමින් සිටියදී අදාල බාල සොහොයුරා විසින් වැඩිමහල් සොයුරාට ද මන්න පහරක් එල්ල කර ඇති බව පොලීසිය පැවසී ය.
 
මේ වන විට දෙදරු පියෙකු සහ මවක වන මෙම අඹුසැමියන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ 27 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.මෙම පහරදීම සඳහා බාල සොහොයුරා විසින් පිටස්තර පුද්ගලයන් තිදෙනකු සහ බිරිඳගේ මව ද සම්බන්ධ කොට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
 
මෙම ආරවුල ඇතිවූ බව සඳහන් කරන නිවස පිහිටි සයුරැපුර නිවාස සංකීර්ණය  මාසයකට ආසන්න කාලයක් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් හුදෙකලා ප්‍රදේශයක් ලෙස දීර්ඝ කාලයක් වෙන් කොට තැබු කලාපයක් බව පොලිසිය පැවසීය.ආරවුල සඳහා සම්බන්ධ වූ බව කියන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී කොරෝනා නීතිරීතිවලට අනුව කටයුතු කරමින් වැටලීම සිදු කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවද පොලිසිය පැවැසීය.
 
පහරදීමෙන් පසු පොලිසිය මඟ හරිමින් සිටි මෙම සැකකරුවන් ගල්කිස්ස තෙලවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලීසිය පැවසී ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා සහ සැකකාරිය අද දින මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් කරන පොලිසිය පහරකෑමට ලක්වූ අඹු සැමි යුවල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ද වැඩිදුරටත් පැවසීය.
 

 



අදහස් (1)

මන්නා-කතුරුවලින් අයිය-මලෝ- බිරින්දෑවරු ඇනගෙන

චමින්ද Tuesday, 29 December 2020 01:50 AM

හිරගෙදර ඇමතිගේ සංකල්පයට අනුව හිරගෙවල්වල ඉඩනැති නිසා හිරකරුවන් 8000ක පිරිසක් නිදහස් කළේ කුමටද පැහැදිලි නැහැ. නමුත් කියන්න කැමතියි. ඉදිරියේදීත් මෙවැනි නිදහස ලැබූවන් නිසා තවතවත් මෙවැනි දේ අනන්තවත් සිදුවෙන්න පුළුවන් කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 අප්‍රේල් මස 28 17 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 442 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 248 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 384 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 752 0



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 944 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 419 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 566 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site