IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මනාලයා හමුදාවේ : මනාලිය උතුරේ

දකුණේ සිංහල  හමුදා කෝප්‍රල්වරයෙක් හා මුලතිවි නැවත පදිංචි තරුණියක අද(30) මුලතිවි තන්නිරුටිරු කිතුනු දේවස්ථානයේදි කිතුනු චාරිත්‍රානුකූලව යුග දිවියට ඇතුළු විය.

මුලතිවි ශ්‍රී ලංකා යුද හමුදා 23 වන පාබල හමුදා කෝප්‍රල්  සිරිමල් ප්‍රසංග කුමාර (22)  හා මුලතිව් මුල්ලියාවේලි පොන්නගර්හි මේරි තෙරේසා (20) නව යුවළයි.

23 වැනි පාබල හමුදා අණදෙණ නිළධාරි කර්නල් සචින්ද්‍ර විජේසිරිවර්ධන මහතා පැවසුවේ තම බලකායේ  නිළධාරියා මුලතිවි මුල්ලියාවේලි පොන්නගර් පදිංචි මේරි තෙරේසා සමග ප්‍රේම සමිබන්ධතාවයක් පවත්වන බැවි තමන්ට පැවසීමෙන් පසුව තමන් ඒ සමිබන්ධයෙන් මුලතිවි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එල්.බි.ආර් මාර්ක් මහතාට පැවසීමෙන් අනතුරුව මුලතිවි ආඥාපතිවරයා ඒ සමිබන්ධයෙන් ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක ලේකමිතුමන්ගේ ආශිර්වාදය හා මගපෙන්වීම යටතේ මුලතිවි ආරක්ෂක සේනා ආඥාපතිතුන්ගේ මෙහෙයවීමෙන් මුලතිවි යුධ හමුදා සියලු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ ආශිර්වාදය හමුවේ යුද හමුදා කෝප්‍රල් සිරිමල් ප්‍රසංග කුමාර නිළධාරියාගේ විවාහ කටයුතු සංවිධානය කළ බවයි.

කෝප්‍රල්ගේ පියා වන එස්.සිරිපාල හා එස්.ගීතා දෙමාපියන් පැවසුවේ තම පවුලේ දෙවැනි දරුවා වු සිරිමල් ප්‍රසංග කුමාර මුලතිවි  තරුණියක් සමග අතිනත ගැනීම සමිබන්ධයෙන් තමන් මහත් සතුටට පත් වන බවයි.

වැඩසටහන් අවස්ථාවට මුලතිවි දිසාපති එන් වේදනායගමි මහතා, 64 සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.ඩී.බී.පනන්වල මහතා,ආරක්ෂක සේනා මූලස්ථාන මුලතිවි පාලන අංශයේ බ්‍රිගේඩියර් ටි.පී.ජයවර්ධන මහතා,591 බළසේනාධිපති බ්‍රිගේඩියර් එස.කේ.ජී.එන්.බී. ඇහැළමල්පේ මහතා,593 බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්.වීරවර්ධන මහතා, විවාහපත්  යුවළගේ දෙපාර්ශ්වයේ ඥාතීහු,මුලතිවි ප්‍රදේශවාසීන්, මුලතිවි ආරක්ෂක කලාපයට අයත් උසස් යුධ හමුදා නිළධාරීන්  ඇතු`ථ විශාල පිරිසක් සහභාගි වි සිටියහ.
 

 



අදහස් (0)

මනාලයා හමුදාවේ : මනාලිය උතුරේ

කුමාරසිරි Monday, 01 July 2013 11:35 AM

සිංහල දමිල ජාතිවාදීන්ට ගහපු කනේ පාරක්. 13 වැනි පනත සම්මත කර ගැනීමෙන්වත් , පොලිස් බලතල දීමෙන්වත්, වාර්ගික සමගිය ඇති කරන්න බැහැ. මෙන්න වැඩ . (දී)

:       0       0

සංජීව Sunday, 30 June 2013 04:33 PM

සුබ මංගලම්! (නි)

:       0       0

හේරත් Sunday, 30 June 2013 11:47 PM

හඳ ගිලුනට කමක් නෑ..ඉර ගිලුනට කමක් නෑ සංසාරේ පැතූ ලෙසට ආදර සයුරේ කිමිදියන් මලේ. (නි)

:       0       0

මිලාන් Monday, 01 July 2013 11:41 AM

ආගම දෙකක අය විවාහ වීම ඉතා හොදයි. නමුත් අද මේවගේ අනිත් අය හිතන්නේ නැහැ (දී)

:       0       0

නිශා Monday, 01 July 2013 11:46 AM

ඔබ දෙපලට සුබ මංගලම්. පුතා,ආගම ජාතිය ජීවිතයට ප්‍රශ්නයක් කරනොගන්නා තරමට උසස් මානසිකත්වයක් ඔබට ලැබේවායි පතමි. අනාගතයේදී ඔබේ දරුවන්ටත් ඔබටත් ලාංකීය සමාජය තුල ජීවත්වීමට අවශ්‍ය ධෛර්ය ලැබේවායි පතමි. (දී)

:       0       0

ටෙනිසන් Sunday, 30 June 2013 04:41 PM

නව යුවලට සුබ මංගලම්සහ දිගාසිරි.සොයුර ඔබ වැනිම වූ රටට වැඩ ඇති දරු කැලක් ලක් මාතාවට දායාද කිරීමට වාසනාවන්! (නි)

:       0       0

මංජු Tuesday, 02 July 2013 08:07 AM

සුභ අනාගතයක් ! (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 30 June 2013 04:41 PM

සුභ මංගලම්! (නි)

:       0       0

චන්දන Sunday, 30 June 2013 04:44 PM

සුබ මංගලම් ! (නි)

:       0       0

රොෂාන් Monday, 01 July 2013 12:16 AM

ඔබ දෙපලට ජය මංගලම්. (නි)

:       0       0

බණ්ඩා Monday, 01 July 2013 12:18 AM

මේ මගුල කල් පවතීවිද? (නි)

:       0       0

මද්දුම Monday, 01 July 2013 12:01 PM

මෙය හොද පුර්වාදර්ශයක්. මෙයට රජයෙන් සහ වෙනත් සංවිදාන වලින් උපරිම සහයෝගයක් දිය යුතුයි. මගේ යෝජනාව නම් මෙවැනි අන්‍ය ජාතින් අතර සිදුවන විවාහයන් සදහා එම සෑම යුවලකටම රුපියල් 500000 ක් දායාදයක් වශයෙන් දියයුතුයි (දී)

:       0       0

සම්පත් Sunday, 30 June 2013 04:55 PM

ආදී කාලයේ සිට දෙමල සිංහල විවාහයන් සිදු වුනා. (නි)

:       0       0

මිලාන් Tuesday, 02 July 2013 08:48 AM

සබැ ආදරයට ජාති ආගම කුලය නැහැ. ඔබ දෙපලට ජේසු පිහිට ලැබේවා! (නි)

:       0       0

මංගල කොලොන්නාව Sunday, 30 June 2013 05:02 PM

මගෙත් උණුසුම සුබ පැතුම් මේ දෙදෙනාට , සෞභාග්‍යමත් අනාගතයක් වේවායි කියා පතන්නෙමි.(නදී)

:       0       0

ගිම්හානි Monday, 01 July 2013 12:13 PM

ජාතිය මොනවා වුනත් දෙන්නම කතෝලික .ඔයාලට ජේසු පිහිටයි (දී)

:       0       0

මනෝජ් Monday, 01 July 2013 01:03 AM

සුභ මංගලම්! (නි)

:       0       0

මනෝජ් Monday, 01 July 2013 01:11 AM

ඔබ දෙපළට සුභ මංගලම්! (නි)

:       0       0

තුෂාර Wednesday, 16 October 2013 02:24 PM

අපිත් එක්ක ඉන්න කෙනෙක් හින්දා අපිටත් ආඩම්බරයි......... (ස)

:       0       0

සත්‍ය Monday, 01 July 2013 12:29 PM

අනී මුස්ලිම් වැසියනි , ඔයාලගේ එක්කෙනක් ඉන්නවද වෙන ආගමක කෙල්ලෙක් බැදලා, ඒ කෙල්ලට තමන්ගේ ආගම අදහන්න නිදහස දීපු ?මේ මැද පෙරදිග එන සිංහල කෙල්ලෝ වැඩි හරියක් අමාරුවේ දාන්නේ ලංකාවේ මුස්ලිම් අය. (දී)

:       0       0

බමුණු Sunday, 30 June 2013 05:21 PM

මෙතැන ප්‍රශ්නය ආදරයෙන් වෙලුනාම ආගම පාවාදෙන එකයි. එයා බැන්දේ පල්ලියට ගිහිල්ලා. සිංහල කමයි බෞද්ධ කමයි ඉවරයි. ඇයි අර ගැහැණු ළමයට බුද්දාගමට එන්න බැරි උනේ.(නදී)

:       0       0

චන්දා Sunday, 30 June 2013 05:22 PM

අනේ පින් අයිතිවෙයි නොමනා මංගල තිලින නම් එපා ! ආයුබෝ වේවා ඔබට දුවේ පුතේ. (නදී)

:       0       0

නිශාන්ති දීපිකා Sunday, 30 June 2013 05:23 PM

මගෙන් උණුසුම් සුභ පැතුම්.(නදී)

:       0       0

බමුණු Sunday, 30 June 2013 05:24 PM

ආගමත් අත්හැරලා යන අයට අපි ඉස්කෝලේ යනකාලේ කීවේ හොද නමක්.(නදී)

:       0       0

පහන් Sunday, 30 June 2013 05:27 PM

මා පාතිමාට වෛර කරන අතර සෙල්ලම්මාට ආදරය කරමි. නඩරාජා මිතුරෙකු සේ සලකන අතර මොහොමඩ් සතුරෙකු සේ සලකමි.(නදී)

:       0       0

දොන් නවසීලන්තයේ සිට. Monday, 01 July 2013 03:18 AM

ඔබ දෙපලට සුබ පැතුම්! (නි)

:       0       0

බමුණු Monday, 01 July 2013 03:48 AM

සරෝජ්, මෙතන කී දෙනෙක් ආදරය මුල් කරගෙන ආගම පාවාදීම ගැන කතා කරනවද? ආදරය බොහොම ඉක්මනට වෙනස් වෙනවා. අන්න ඒක මතක් තියා ගන්න. ආදරය සදාකාලික නැත. සරෝජ් වගේ මැට්ටෙක් හැරෙන්නට කෙනෙක් ආගම ලෙහෙසියෙන් වෙන්ස් කරන්නේ නැත. ආදරය වෙනුවෙන් සටන් කරන්නේ එක් කෙනෙන් හෝ දෙන්නෙක් පමණි. නමුත් ආගම වනුවෙන් ජාතියම එකතුවෙලා සටන් කරනවා (නි)

:       0       0

සමන්ත Friday, 05 July 2013 10:18 AM

මෙවැනි දේ වලට රජය හා අනෙකුත් ආයතන අතදීම මගින් සබැ සාමය උදා කල හැකියි. (ස)

:       0       0

සුගත් Monday, 01 July 2013 04:03 AM

මගේ උණුසුම් සුබ පැතුම්! තව එකක්. මුස්ලිම් කවුරුවත් මේ දෙපලට සුබ පතලා නැහැ. ඕක තමයි ජාතිවාදේ කියන්නේ. සිංහල කෙල්ලෙක් මුස්ලිම් එකෙක් බැදගෙන මුස්ලිම් වුනා නම් එයාලා උඩ පනිවි.. (නි)

:       0       0

සමන් Monday, 01 July 2013 04:23 AM

ජය මංගලම් වේවා! (නි)

:       0       0

දිස්නා Monday, 01 July 2013 04:35 AM

මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි දැන් (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 01 July 2013 04:46 AM

පිටබැද්දර ජයා ඉස්සර හොඳ ක්‍රීඩකයෙක්. දැන් නම් එහෙම නැහැ වගේ.(නදී)

:       0       0

විහග Sunday, 30 June 2013 05:47 PM

ජය මංගලම් සුබ මංගලම්.(නදී)

:       0       0

රංග -දමාම් Sunday, 30 June 2013 05:53 PM

මේක හොද දෙයක්. වැඩේ තියෙන්නේ මුස්ලිම් කොල්ලෝ අපේ කෙල්ලෝ උස්සන් ගිහින් මුස්ලිම් කරනවා නමුත් කවදාවත් අපේ කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක්ව කසාද බැදලා ආගම වෙනස් නොකරන එකයි. එහෙම උන දාට අපේ අය මුස්ලිම් අය එක්ක මෙච්චර වෛරයක් ඇති කරගන්නේ නැහැ.(නදී)

:       0       0

පද්මිණී Sunday, 30 June 2013 06:00 PM

හරිම ලස්සනයි. මගේ රට ගැන ආඩම්බරයි. සගවා ගනු මැන ඔබ රුව සොදුරියේ.(නදී)

:       0       0

මධුක Monday, 01 July 2013 05:16 AM

සමන්, ඇයි ඔහොම තප්පුලන්නේ? අනේ මන්දා ලංකාවේද ඔහේ? මේ දෙපලට ආශීර්වාද කරන්නේ නැතුව රටේ නැති ප්‍රශ්න මෙතනටත් අදාල කරගන්නවනේ. නව ජිවිතයකට පිවිසෙන ඔබ දෙපලට සුබාසිරි! බුදුසරණයි..!! (නි)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 30 June 2013 06:03 PM

සාමයට මාවත විවර කරන ඔබ දෙපලට මගේ උණුසුම් සුභ පැතුම්. දෙන්නටම බුදු සරණයි.(නදී)

:       0       0

කුමාරිහාමි Thursday, 04 July 2013 04:47 AM

දෙවැනි ගමන උත්සවයේ ඡායාරූපයක් පත්තරයේ ඵල කරන්න. ඒක මොන චාරිත්‍ර අනුවද පැවැත්වූවේ. මනාලයා හා මනාලිය මොන ඇදුමද ඇන්දේ. සමහර විට ඒක සිංහල විදියට කරන්න ඇති.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 02 July 2013 10:24 AM

මේ මනාලයා මොන අගමේද කියා හෝ ආගම මාරු කලා කියා කොතනකවත් සඳහන් වී නැත. සාමාන්‍යයෙන් මංගල චාරිත්‍ර සිදුවන්නේ මනාලියගේ පාර්ශවය අනුවයි. මෙහි කිතුනු හා හින්දු චාරිත්‍රද කළ බව රූපවල පෙනේ.කිතුනුවන්ට විවාහ වීම ආගමික කටයුත්තක් වුනත් බොදුනුවන්ට විවාහය ආගමික කටයුත්තක් නොවේ. කෙසේ වුවත් විවාහය වැනි කාමය සංසිදුවන දෙයකට ආගම වෙනස් කරන්නා බලෙන් මුල් ආගමේම රඳවාගැනීම නිෂ්ඵලය. දෙමල අයගේ සිරුරු සිංහල අයගේ වගේම නිසා සිංහල කෙනෙක් බැන්දත් දෙමල කෙනෙක් බැන්දත් එකයි. මුස්ලිම් අයගේ සිරුරු වෙනස් නිසා මුස්ලිම් කෙනෙක් බඳින එකේ වෙනසක් තියෙනවා. (නි)

:       0       0

සමන් කුමාර Monday, 01 July 2013 05:39 AM

ජාතිවාදීන්ටත්, ආගම්වාදීන්ටත් මේවා බලා ඉන්න බැහැ. ඊළඟට තියන ලොකුම යුද්ධය තමයි ඒ වගේ අය මේ ලෝකෙන් අයින් කරලා දාන එක. (නි)

:       0       0

සුසිල්(බලන) Sunday, 30 June 2013 06:14 PM

ඔබ දෙපලට සුභ මංගලම්! (නදී)

:       0       0

ගාමිණී මහින්ද Monday, 01 July 2013 06:24 AM

මේවා ජිනීවා කට්ටියට පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

හර්ෂ Monday, 01 July 2013 01:24 PM

යුග ජීවිතයෙ දුක් කරදර නැතිවේවා.. ජීවන ගමන නිසි අයුරින් සැලසේවා.. සාමය සතුට බැඳි ප්‍රේමය පැවතේවා.. ඔබ මුළු පවුල යසඉසුරින් වැඡඹේවා! (දී)

:       0       0

සදුනි Sunday, 30 June 2013 01:09 PM

සුබ මංගලම්.....!!!!ආදරයට ජාති කුල ආගම් භේද නොමැත. (නි)

:       0       0

ෂිහාම් Sunday, 30 June 2013 06:21 PM

රංග.......... ඕන තරම් මුස්ලිම් සිංහල විවාහ සිදුවී තියනවා ඕක ගණන් බල බල වෙන දේවල් නොවෙයි කවුරුත් කැමැති නැහැ තව ජාතික කෙනෙකුට බදින්නැහැ අ වුනාට ලොවේ එක අවම කොහෙන් යනවා කියල හිටන්න (අ)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 02 July 2013 05:52 PM

ඔබ දෙපලට ජේසු පිහිටයි. මගේ සුපැතුම්!(නදී)

:       0       0

සෝමදාස Sunday, 30 June 2013 01:10 PM

ඔබ දෙපලට සුභ මංගලම්! (නි)

:       0       0

ලුම්බිණි Sunday, 30 June 2013 01:11 PM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

බමුණු Sunday, 30 June 2013 06:26 PM

"සාමයට මාවත විවර කරන ඔබ දෙපලට මගේ උණුසුම් සුභ පැතුම්. දෙන්නටම බුදු සරණයි." දෙන්නම දැන් ක්‍රිස්තියානි බුදුසරනින් වැඩක් නැත.(නදී)

:       0       0

උදය Sunday, 30 June 2013 06:47 PM

මම හිතන්නේ කොල්ල ගිහින් ඇති කෙල්ලගේ ආගමට. සාමාන්‍යයෙන් බුධාගමේ එකෙක් ආගම ඇත ඇරලා යනවා මිසක් ක්‍රිස්තියානි , මුස්ලිම් අය ආගම ඇත අරිනවා අඩුයි. මොකද දෙවියන් ඒ අයව බය කරලා තියෙන්නේ. (අ)

:       0       0

නිමල් Sunday, 30 June 2013 01:18 PM

සුබ මංගලම්. බුදු සරණයි! (නි)

:       0       0

ඩොනල්ඩ් Sunday, 30 June 2013 01:23 PM

හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. ජය මංගලම් ...!! (නි)

:       0       0

ශිරාණි Sunday, 30 June 2013 01:26 PM

සුබ මංගලම්! ආදරයට ජාති ආගම කුල බේද නැහැ (නි)

:       0       0

රූපවති Sunday, 30 June 2013 06:53 PM

ඔබ දෙපලට සුබ අනාගතයක් වේවා ...!ජීවිතගමනේ ... සෑම බාදකයක්ම ජයගෙන මියෙන තුරා සතුටින් ඉන්නට වාසනාව ලැබේවා...!(අ)

:       0       0

ගාමිණී -සිරි Sunday, 30 June 2013 01:26 PM

හිත ගිය තැන " මාළිගාව " කිව්වලු. බලමු හමුදාවේ නිලධාරීන්ගේ ගුණවත්භාවය. කෝප්‍රල්ගේ කැමැත්ත තේරුම් අරගෙන උදවු කරපු අන්දම.පොලීසියේ රාලහාමි කෙනෙක් කළා නම් ලොක්කන්ට කේලාම් කියලා මෙලහකට වැඩත් තහනම් කරලා. (නි)

:       0       0

චතුරංග Tuesday, 02 July 2013 06:15 PM

සුබ මංගලම්. (ත)

:       0       0

ගාමිණි බස්නායක Sunday, 30 June 2013 06:58 PM

හැමෝටම ආදර්ශයක් (අ)

:       0       0

සරත් Sunday, 30 June 2013 01:33 PM

වෙන්න ඕනෑ ඔහොම තමා. 13 අවශ්‍ය නැහැ (නි)

:       0       0

අංජන Sunday, 30 June 2013 01:35 PM

තවදුරටත් මේ වගේ දේවල් දකින්න ලැබේවා! (නි)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 30 June 2013 06:59 PM

බමුණු, ඔවුන් දේපල ක්‍රිස්තියානි බව ඇත්ත නමුත් මම මා අදහන ආගමට අනුව ඔවුනට සුබ පත ආශීර්වාද කලෙමි. ඔබට බුදු සරණින් වැඩක් නැතිව සේම මටද දෙවි පිහිටෙන් වැඩක් නැත. අනිත් කරුණ වන්නේ මෙම පුවතේ මනමාල මහතා ක්‍රිස්තියානි ආගම වැලදගත් බවට සදහන් කර නැත, මනාල මහත්මියගේ ගම ප්‍රදේශයේ උත්සවය ගත නිසා එය ඔවුන්ගේ ආගමට අනුව සිදුකලා විය හැක. (අ)

:       0       0

රූපා Monday, 01 July 2013 08:11 AM

සුබ මංගලම්, ආදරයට ජාති කුල ආගම් භේද නොමැත. ජන වාර්ගික ප්‍රශ්නයට හොඳ ආදර්ශයක්.(නදී)

:       0       0

කුමාර් Sunday, 30 June 2013 01:34 PM

මේ වගේ වටිනා දේවල් ලෝකේ වෙන්නේ ලංකාවේ විතරයි. අනිත් රටවල යුද්දෙන් පස්සේ කරන්නේ සමුහ වශයෙන් ස්ත්‍රී දුෂණයයි. මේ උතුම් දේවල් අර "පිල්ලේ නෝනට, ජයලලිතාට, වෛකෝ වගේ ඇස් අන්ධ වෙච්ච අයට අනීවාර්යයෙන් පෙන්නන්න ඕනෑ. ඒ යුවලට ජේසු සමිඳු පිහිටයි. (නි)

:       0       0

චන්දා Sunday, 30 June 2013 01:37 PM

සුබාසිරි මංගලම් යුවතිපති දෙපලට..(අ)

:       0       0

කුමාර Sunday, 30 June 2013 01:42 PM

ස්ථිර සමයක් ඇති වන්නේ මේවගෙන් පමණයි. ජය මංගලම් ! (අ)

:       0       0

තරු Monday, 01 July 2013 08:27 AM

සුබ මංගලම්! (නි)

:       0       0

පතිරණ Monday, 01 July 2013 02:04 PM

සුභ මංගලම්! (දී)

:       0       0

අරුණ Sunday, 30 June 2013 07:16 PM

ජය මංගලම් ! ශුබ මංගලම් ! (අ)

:       0       0

සමන් Sunday, 30 June 2013 01:49 PM

ඇත්තටම හරිම හොද ආදර්ශයක් මුළු රටටත් ලෝකයටත් දුන්නේ අපේ හමුදාව කියන්නේ මොකක්ද කියන එක ඉන්දියාවට සහ බටහිර රටවලට දුන්න හොද පණිවිඩයක් එදිරියේදී මෙවැනි දේවල් බහුලව සිදුවේව කියා මුළු හදින්ම ප්‍රර්ථනා කරමි (අ)

:       0       0

අජිත් Sunday, 30 June 2013 01:53 PM

ජයමංගලම් ඔබ දෙපළට සිදු විය යුත්තේ මෙයයි එවිට මේ ගැටළු විසිවේවි (අ)

:       0       0

අතුල Sunday, 30 June 2013 01:54 PM

අතිගරු ජනාධිපතිකුමා තමා මේවට පා කැපුවේ ජයවේවා (අ)

:       0       0

අසේල Sunday, 30 June 2013 07:21 PM

රට ජාතිය අගම කියන තුනම රැක ගන්න පුලුවන්නම් තමයි නියම වීරයෙක් වෙන්නේ.අන්‍ය ආගමකින් බැන්දට අපේ විරුද්දත්වයක් නැහැ.එත් නිල ඇඳුමත් ඇඳගෙනම ආගම අමු අමුවේම පවා දීලා.මේ ගමන්ම සමන්ටත් මුල්ලෙරියාවෙන් කෙනෙක් බන්දලා දෙනවනම් හොඳයි (අ)

:       0       0

රංග ශනි Monday, 01 July 2013 08:42 AM

මුස්ලිම් කියන නම ගැන වචනයක්වත් කතා කරන්න බැහැ මුස්ලිම් අයට තරහා යනවා. පොඩ්ඩක් පාලනය කර ගන්න නැත්නම් ලොකු විනාශයක් වෙන්නේ. කොහොම වුනත් සුභ මංගලම් ඔබ දෙපලට.(නදී)

:       0       0

නිමල් රණසින්ග්හේ Sunday, 30 June 2013 07:26 PM

නියම සිංහල කොල්ල ජාති ආගම කුලය වැඩක් නැ පුතේ මම ඔබට සුබ පතනවා (අ)

:       0       0

නාමල් Sunday, 30 June 2013 07:27 PM

සුභ මංගලම් ඔබ දෙපලට!. ජේසු පිහිටි (අ)

:       0       0

රේ Monday, 01 July 2013 08:46 AM

සුබ පැතුම් !(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Sunday, 30 June 2013 02:05 PM

අනේ මම දැන් ගොඩාක් වයසයි. නැත්නම් මාත් බඳින්නේ උතුරේ කෙනෙක්. ඔයාල දෙන්නට සුබම සුබ යුග දිවියකට ආසිරි! මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හමුදාවේ කෙනෙකුට බඳින්න ආරක්ෂක ලේකම්තුමාගෙන් අවසර ගන්නම ඕනෑද? එහෙම නැතුව බැන්දොත් මොකද වෙන්නේ ? දන්නා කෙනෙක් කියලා දෙනවද ?නොදන්නා නිසයි අහන්නේ (නි)

:       0       0

රොෂාන් Sunday, 30 June 2013 07:46 PM

බමුනුට සැහෙන්න දුකයි වගේ. අසේල. හමුදා නිල ඇඳුම ඇඳගෙන ඕන තරම් අය පල්ලියෙන් බඳිනවා. නිල ඇඳුම බෞද්ද ඇඳුමක් නෙමේ. (අ)

:       0       0

දිල් Sunday, 30 June 2013 02:09 PM

සුබාසිරි මංගලම් යුවතිපති දෙපලට! ඇත්තටම හරිම හොද ආදර්ශයක් මුළු රටටත් ලෝකයටත් දුන්නේ. අපේ හමුදාව කියන්නේ මොකක්ද කියන එක ඉන්දියාවට සහ බටහිර රටවලට දුන්න හොද පණිවිඩයක්. ඉදිරියේදී මෙවැනි දේවල් බහුලව සිදුවේවා කියා මුළු හදින්ම ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 30 June 2013 08:05 PM

තවත් කොල්ලෙක් තමන්ගේ ආගම දහමට කොකා පෙන්නවු නේද..? අවුලක් නෑ, සුභ මංගලම් ! (අ)

:       0       0

අනුරාධ Monday, 01 July 2013 09:00 AM

නව යුවලට සුභ මංගලම්! හැබැයි අර බුද්ධ ශාසනය විනාශකරන සේනාවෙන් ටිකක් ප්‍රවේසම් වෙන්න. ඒ ගොල්ලන්ට මේ වගේ දේවල් නයාට අඳුකොළ වගේ.(නදී)

:       0       0

දීපාල් Sunday, 30 June 2013 08:12 PM

හදවතින්ම සුබ පතමු. මේ ශ්‍රී ලංකික සුබ මංගල්ලයක්.අපි අපේම වේවා. (අ)

:       0       0

ෂොන් Monday, 01 July 2013 09:03 AM

ඔබ දෙපලට සුබ මංගලම්! හැමදාම සතුටින් සාමයෙන් ඉන්න වාසනාව උදා වේවා!(නදී)

:       0       0

නදී Sunday, 30 June 2013 02:12 PM

වාසනාවන්ත යුග දිවියකට ආසිරි....සුබ මංගලම්!(නදී)

:       0       0

ධමිම Sunday, 30 June 2013 02:13 PM

මිනිස්සු ආදරයට ආදරෙයි. ඒකයි මේ විදියට කටයුතු සංවිධානය වි ඇත්තේ. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 01 July 2013 09:07 AM

සමහර අයගේ අදහස් දැක්කහම පුදුම හිතෙනවා. උතුම් මිනිස් ගුනදර්මය තරම් උසස් ධර්මයක් ලෝකෙයේ කොහෙවත් නැහැ.(නදී)

:       0       0

තරංග Sunday, 30 June 2013 08:21 PM

සුබ මංගලම්..(අ)

:       0       0

සමන් Tuesday, 02 July 2013 07:07 PM

අනේ මන්ද තමන්ගේ වාසියට ආගමත් වෙනස් කරන කට්ටියට මොනවා කියන්නද? (දී)

:       0       0

නදීකා Monday, 01 July 2013 09:11 AM

හලෝ, ගැනියෙක් හින්දා තමන්ගේ ආගම පාවා දෙන්ඩ එපා. මෙතන සැමියා වෙනුවෙන් බිරිදගේ ආගම පාවා දෙන්නේ නැහැනේ. පේනවද කෙලින් වැඩ. ජීවිතය පටන් ගන්න කොටම දෙකට නැමුනම ජීවිත කාලයම නැමිලා ඉන්ඩ වෙන්නේ.(නදී)

:       0       0

ජයසේන රැද්‍රිගු Monday, 01 July 2013 09:47 PM

ලෝකය එකම ගමක් (අ)

:       0       0

ලසන්ත Sunday, 30 June 2013 08:29 PM

අනේ මන්දා කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කරල කසාද බෑන්දත් ප්‍රස්න ගොඩයි. ආගම, ජතිය, අරසේනා මෙසේනා, !! මොනවද මේ විහිලු (අ)

:       0       0

රොෂාන් සංජීව Kumara Sunday, 30 June 2013 08:35 PM

පතාගෙන ආහැටි ,, බොහොම හොඳයි..සුභ මංගල්‍යයක් වේවා. (අ)

:       0       0

සරත් Sunday, 30 June 2013 02:21 PM

පිට බෙද්දර ජයා ඔය දුක් වෙන්න එපා වයස ගියා කියලා. ඔයා කැමතිනම් කියන්න මගේ මුලතිව් ඉන්න යාලුවෙක්ගෙ කන වැන්දුම් ආච්චි කෙනෙක් ඉන්නවා. ඔයාට සෙට් කරලා දෙන්න පුළුවනි.(නදී)

:       0       0

තිලක් Sunday, 30 June 2013 08:41 PM

උදය ඔය කාවවත් බය කරන්න මෙහෙ ආපු බික් නැහැ හැබය් යුදෙව්,ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් තුනේම පොත්වල ලියල තියනවා ආගම අත්හැර යන එකාව මරපිය කියල. එහෙම කලට පවු නැහැ දෙවියන් එයට ආශිර්වාද කරනවා කියලත් ලියල තියනවා,පටන්ගන්නේ නම් මහා කාරුනිකවූ පරම දයාබරවූ කියල. ලියපු එකදා පිළිගන්න එකදා --- කියන්න මමනම් දන්නේ නැහැ. (අ)

:       0       0

චමී Sunday, 30 June 2013 02:23 PM

කොච්චර ලස්සන රටක්ද මේ ප්‍රභාකරන් විනාස කරන්න හැදුවේ. කොටි වෙනුවෙන් කැගහන බල්ලන්ට මේවා ඇලජික් ඇති. සුබ මංගලම් ඔබ දෙපලට. මේක තමා අපේ රටේ එක මුතු කම.(නදී)

:       0       0

Padma Abeykoon Kudarala Lekamalage Sunday, 30 June 2013 08:42 PM

සුභ මංගලම් ඒත් ආගම පාවා දෙන්න එපා (අ)

:       0       0

දම්මික පෙරේරා Sunday, 30 June 2013 02:24 PM

මෙන්න ජාතික සමගිය උදාහරණ. ඔබ දෙපොළට සුබ මංගල්ලයක් වේවා යිපතමි. අද අපේ රටේ විය යුතේ මෙයයි. දෙමල සිංහල මුස්ලිම් කියා ජාතින් නැත. ඔක්කොම ශ්‍රී ලාංකිකයන් ඔබ දේපොළ අපේ මුළු ලංකාවට නිදසුනක්. ඔබ දේපොළට දිර්ගායුෂ.(නදී)

:       0       0

පද්මා Sunday, 30 June 2013 08:45 PM

සුබ මංගලම් එත් ආගම පාව දෙන්න එපා (අ)

:       0       0

අමාලි සිල්වා Sunday, 30 June 2013 02:29 PM

ඔබ දෙපොළගේ යුග දිවියට මගේ හද පිරි සුබ පැතුම්. ඔබ දෙපොළ අපේ රටට ලොකු ආදර්ශයක්. ඔබ දෙපොළට බුදු සරණයි සහ සියලු දෙවි දේවතා පිහිට පතමි.(නදී)

:       0       0

ශශිනි Monday, 01 July 2013 09:42 AM

ඔබ දෙපළට සුභ පැතුම්! :) (නි)

:       0       0

දමයන්ති Sunday, 30 June 2013 02:36 PM

මනමාලයා තරහ වෙලා වගේ මොකද බලහත්කාරකමක්ද?(නදී)

:       0       0

ජානක Sunday, 30 June 2013 02:35 PM

පිට බැද්දර, හමුදාවේ නීති තියෙනවා. කතාව හොදට කියවපන් , සාමයට පාලම් හදන මේ යුවලට මගෙන් සුබ පැතුම්.(නදී)

:       0       0

ආනන්ද ආර් Sunday, 30 June 2013 08:53 PM

අත්වැල් බැඳ කෝවිල් යමු - පෝයදාට පන්සල් යමු ....... ඔබ දෙපලට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! සියලු දෙමවුපියන්ටත් තරුණ තරුණියන්ටත් ආදර්ශයක් වේවා! (අ)

:       0       0

සමන් Sunday, 30 June 2013 02:37 PM

අන්න තවත් අන්‍යාගමිකරණයක් කෝ බොදු බල සේනාව?(නදී)

:       0       0

කවී Tuesday, 02 July 2013 12:01 PM

සමන් කියනවා වැඩිනේ. (ත)

:       0       0

ඉන්ග්‍රීඩ් Saturday, 06 July 2013 12:22 AM

ඔබ දෙපලට ජේසු පිහිටයි. මගේ සුභ පැතුම්! (නි)

:       0       0

රොෂාන් සෞදි Monday, 01 July 2013 11:07 PM

ලංකාවේ බෞද්දයන්ගේ තුන්කලක්ම දේවාල සහ කෝවිල් වලට යනවා පල්ලියෙන් කව්රු හරි බැන්දොත් ඉතින් ඉවරය පුදුම ආගම වාදියෝ ලංකාවේ ඉන්නේ (අ)

:       0       0

ජීවන Sunday, 30 June 2013 09:05 PM

සුබ මංගලම්. බුදු සරණයි.(නදී)

:       0       0

අසාද් Sunday, 30 June 2013 09:05 PM

පහන් ඔබ නිවැරදියි.(නදී)

:       0       0

රොෂාන් සෞදි Monday, 01 July 2013 09:58 AM

සුබ මංගලම් ජයවේවා ජයවේවා ! ඔය ජාතිවාදී ආගමවාදී සියල්ලන්ටම හොද ආදර්ශයක් (නි)

:       0       0

චන්ද්‍ර ගුප්ත ලන්ඩන් Sunday, 30 June 2013 02:43 PM

පිටබෙද්දර ජයා, එහෙම තමා දැන්. නීත්‍යනුකුලව කසාදයක් කරගන්න , නීත්‍යනුකුල ලිංගික සම්බන්ධතා පවත්වන්න රජයෙන් අවසර ගන්න ඕනෑ. එහෙම නැත්නම් ඔයාට විරුද්ධව නීතිය පොතේ හැටියටම ක්‍රියාත්මක වෙනවා. ඔයාට ඕනෑ නම් ඕනෑ අපරාධයක් හොරෙන් කරන්න පුළුවන්. අහුවුනාම ඔයාට කියන්න තියෙන්නෙ මොකුත් මතක නැහැ කියලා. බලන්න කොච්චර නිදහස්ද අලුත් ශ්‍රී ලංකාව ? (නි)

:       0       0

අමිළ Sunday, 30 June 2013 09:05 PM

බලමු හමුදාවට මුලතිව් තරුණිය මුහුණ දෙන හැටි. සුබ මංගලම් !(නදී)

:       0       0

ජය Sunday, 30 June 2013 02:43 PM

හැම දේම කියලා කරන්න ඕනෑද? (නි)

:       0       0

මිනීපෙ Sunday, 30 June 2013 09:11 PM

පළමුව මගෙන් සුබ පැතුම්. මට ඔය යුවලට අවවාදයක් දෙන්න ඕනා. ඉදිරි අනාගතයේදී..පොඩි මතබේදයක් හට ගත්තොත්, කිසිම වෙලාවක එකිනෙකාගේ ජාතිය හෝ ආගම, ඇදගන්න එපා. එකිනෙකට අපහාස කරගන්න එපා. හිත රිදෙන්න යමක් කිවොත් එය රෙපයාර් කරන්න බෑ.(නදී)

:       0       0

නීල් රණා Sunday, 30 June 2013 02:44 PM

සුබපතනවා, මනාලිය මොඩලින් ඉන්ඩස්ට්‍රී එකට සුදුසු බව පෙනෙන නිසා යමෙක් ඈට අවස්ථාවක් ලබාදුන්නොත් එය අගනා මංගල තිළිණයක් වේවි. (අ)

:       0       0

සුජා Wednesday, 03 July 2013 05:20 PM

සුබ මංගලම් සතුටින් ජීවත් වෙන්න (අ)

:       0       0

රකිත් Monday, 01 July 2013 10:01 AM

මෙම පුවතේ සඳහන් වී තිබෙනවද මේ හමුදා නිලධාරියා කිතුනු ආගමේ නොවේ කියලා? සිංහල හමුදා කෝප්‍රල්වරයෙක් කී පමණින් සක්සුදක්සේ පැහැදිලි වෙනවද ඔහු බෞද්ධ කියලා? ඔහු බෞද්ධ වුනත් පල්ලියේ සිය විවාහ මංගල්‍ය ගැනීමෙන් කොහොමද ඔහුගේ ආගම පාවා දුන්නා කියන්නේ? බෞද්ධයකු වශයෙන් මා දන්නා තරමින් බහුතරයක් බෞද්ධයින් පන්සල්වල විවාහ වීම සිදු නොකෙරේ. බුදුරදුන්ගේ දේශනාව අනුව අන්‍ය ආගමකට මම ගරු කරමි. ආගම පාවා දෙන්නේ උදේ හවස පන්සිල් කියමින් දවස පුරා දස අකුසල් වල නියැලෙන අයයි. (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 30 June 2013 02:49 PM

ජය මංගලම්! සුභ මංගලම්! (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 30 June 2013 02:54 PM

මේ මෙතෝදිස්ත ආග‍මේ වගෙයි (නි)

:       0       0

සමන් Sunday, 30 June 2013 03:05 PM

හපොයි (අ)

:       0       0

සරත් සෞදි Sunday, 30 June 2013 03:07 PM

ජිවිත තිඅන තුර අදරාන් බැදී එන්න පතමි (අ)

:       0       0

නේත්‍රා Sunday, 30 June 2013 09:28 PM

මෙතුවක් කල් සිත් වල පැවතුනාවූ ඔල මොට්ටල අදහස් සැමගෙන් තුරන්වී ආදරය හරහා සුන්දර ව්න ලෝකයේ පරම පිවිතුරු මාර්ගයට බැඳී ඉනි වැටවල් මුලින් උදුරා දමා හෙට දින සුන්දර ලොවකට එක්වන්න ඔබ දේපල සැමට ආශීර්වාදයක් වේවා. ජය වේවා .(නදී)

:       0       0

අමිල Monday, 01 July 2013 10:13 AM

සාදි, ඔයාගේ අදහස හරියටම හරි. මෙතන අදහස් දාන ගොඩක් අය අන්තවාදී විදිහට හිතන අය වගේ. කිසිම බෞද්ධයෙක් උත්සාහ කරන්නේ නැහැ වෙන කාවවත්ම බලෙන් බුද්ධාගමට බඳවාගන්න. ඒක අපේ ආගමේ තියන ගුණයක්. "එව බලව... "...හොඳ නම් පිළිපදින්න.... (දී)

:       0       0

සම්පත් Sunday, 30 June 2013 09:28 PM

පිල්ලෙයාන්ට, වයිකෝට, ජයලලිතාට ඉන්දියාවේ සහ යුරෝපයේ සිටින වල්ග කපාපු කොටි හරක්ට මේවා පෙන්වන්න ඕනේ.(නදී)

:       0       0

සිනෙත් Monday, 01 July 2013 10:16 AM

සුභ මංගලම්! (දී)

:       0       0

අමිල Sunday, 30 June 2013 03:12 PM

සුභ මංගලම් නව යුවතිපතීන්ට.(නදී)

:       0       0

චානක Sunday, 30 June 2013 09:32 PM

ඔබ දෙපළ මේ තනලා තිබෙන්නේ උතුර දකුණ යා කරන පාලමයි. මෙන්න ජාති බේදය රටෙන් තුරන් වීමට පිළියම.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 01 July 2013 10:20 AM

ලස්සන දසුනක්. ඔබ දෙපලට සුභ අනාගතයක් (දී)

:       0       0

ජිනදාස Tuesday, 02 July 2013 01:26 AM

ලංකාදීපය ට අදහස් දාන අයගෙන් 80%ක්ම අඥානයෝ. අනේ මන්දා කවදා හැදෙයිද? (නි)

:       0       0

සේනානායක Sunday, 30 June 2013 03:16 PM

හරිම සන්තෝසයක් .මේවා අපි විතරක් බලල මදි.ඔය මානවහිමිකම් ගැන කෑ මොරදෙන උදවියටත් පෙන්වන්න.වටිනා දේවල්. (අ)

:       0       0

සාදි Sunday, 30 June 2013 09:43 PM

රණවිරුවෙකු වන මේ තරුණයා ආගම අත හරින්න තරම් නපුංසකයෙකු වේවි කියා මන් හිතන්නේ නෑ. තරුණියගේ ආගම අනුව පල්ලියේදී බැන්දට අනික බොදු පිළිවෙත් අනුව පල්ලි ගියාට ගැටළුවක් නොවන නිසාත් ආගමික සහනසීලිත්වය තියෙන නිසාත් තරුණිය සිය ආගම වෙනස් කල යුතුත් නැහැ. එවැනි ජෝඩු ඉතා සාර්ථකව පවුල් කනවා මම දැක තියෙනවා. ඔබට බුදු සරණයි.!..ජේසු පිහිටයි..!.සුබ මංගලම්....!!!!(නදී)

:       0       0

චූලා‍ Monday, 01 July 2013 10:26 AM

වර්ගවාදී, ජාතිවාදී අධම තිරිසනුන්ට ප්‍රබාකරන් ගැහුවා මදි. මෙවන් සමාජයකින් වෙන්වෙලා ජිවත් වෙන්න දෙමල ජනයා යුද්ධ කරන එක අහන්නත් දෙයක්ද. (නදී)

:       0       0

සේනානායක Sunday, 30 June 2013 03:20 PM

මනමාල මහත්තයෝ,ලජ්ජා හිතිලද?තරහ වෙලා වගේ ඔරවාගෙන ඉන්නේ. (නි)

:       0       0

ඉන්දික නිරෝෂණ් Sunday, 30 June 2013 03:20 PM

සමන් ගොඩක් වගේ කියවන්න එපා (අ)

:       0       0

ට.මහේන්ද්‍ර Monday, 01 July 2013 10:31 AM

අද වගේ දිනක ඉහත සදහන් මෙම මංගල යුවලට ඉහත සියලු දෙනාගේම සුබ පැතුම්! ඉදිරි අනාගතයේ අපේ මවුබිම එදා අද මෙන් මේ හෙටත් ඒකීය රජයක සහෝදර ජනතාවක් ගොඩ නැගෙන බව අනිවාර්යයි. මෙම දෙපලට මගෙත් සුබපැතුම්. (දී)

:       0       0

රෝහිත Sunday, 30 June 2013 09:52 PM

මට නම් හරිම සතුටුයි ඒ වගේම ආඩම්බරයි ඔබ දෙදෙනා ගැනම. මම මගේ හදවතින්ම සුභ පතනවා වාසනාවක්ත යුග දිවියක් ඔබ දෙපලට.(නදී)

:       0       0

උපාලි Monday, 01 July 2013 10:33 AM

ඔබ දෙපළ මේ තනලා තිබෙන්නේ උතුර දකුණ යා කරන පාලමයි.සුබ මංගලම්.බුදුසරණයි. (දී)

:       0       0

බිමල් Sunday, 30 June 2013 03:25 PM

සුබ මංගලම්.....!!!!ආදරයට ජාති කුල ආගම් භේද නොමැත.මේ වගේ වටිනා දේවල් ලෝකේ වෙන්නේ ලංකාවේ විතරයි. (නි)

:       0       0

සරත් Monday, 01 July 2013 10:33 AM

සුබ මංගලම්. 83 ට කලින් කොහොම හිටපු අපිද විරසක වුනේ? නැවතත් අපේ දරුවන්ට ඒ කාලය උදාවේවි. (දී)

:       0       0

පහන් Sunday, 30 June 2013 09:57 PM

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී ආදරය නුබට බාරයි රැක ගනින් දේවතාවී.(.ගුණදාස කපුගේ ) (නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 30 June 2013 09:58 PM

ඇත්තටම අපි තේරුම් ගත් මනුෂ්‍යත්වය මෙයයි. ජය මංගලම්.(නදී)

:       0       0

සරත් Sunday, 30 June 2013 10:01 PM

බැන්ඳා වගේම දිගටම ඔය ආදරේ දෙන්නට දෙන්න දක්වන්න.(නදී)

:       0       0

ජයී තිසර Sunday, 30 June 2013 03:27 PM

යුග ජීවිතයෙ දුක් කරදර නැතිවේවා.. ජීවන ගමන නිසි අයුරින් සැලසේවා.. සාමය සතුට බැඳි ප්‍රේමය පැවතේවා.. ඔබ මුළු පවුල යසඉසුරින් වැඡඹේවා! (නි)

:       0       0

ඩෙනම් Sunday, 30 June 2013 03:30 PM

අනේ හොඳයි ,බලන්නත් ආසයි. සුබ මංගලම්! (නි)

:       0       0

පහන් Sunday, 30 June 2013 10:02 PM

කලබලයෙන් විවාහ වන්නා නිවීසැනසිල්ලේ පසුතැවේ. මේ දෙදෙනා මේ වයසින් විවාහවීම මම නම් අනුමත කරන්නේ නැහැ. තව අවුරුදු 2 වත් ඉන්න තිබුනා. කවුරුහරි බලකලාද? සිංහල දෙමල සමගිය පෙන්නන්න ඕනා නිසා.(නදී)

:       0       0

සමන් Sunday, 30 June 2013 03:35 PM

ඉන්දික ඇත්ත කියනකොට සමහර කට්ටියට රිදෙනවා.බොදුබල සේනාවගේ ප්‍රධාන මාතෘකාවක් නේද අන්‍යාගමිකරණය? (නි)

:       0       0

මගලී Sunday, 30 June 2013 10:06 PM

නියමයි එහෙම තමා වෙන්න ඕනා. තව සිංහල - මුස්ලිම්, ටැමිල් - සිංහල, ටැමිල් - මුස්ලිම් සේරම කලවම් වෙන්න ඕනා. ජය වේවා!(නදී)

:       0       0

අනුර Sunday, 30 June 2013 03:43 PM

සුබ පතනවා දෙන්නටම හොඳ ආනාගතයකට. මේ වගේ දේවල් තවත් වේවායි පතමු (නි)

:       0       0

පියල්-ජෙඩා Sunday, 30 June 2013 10:15 PM

ජන වාර්ගික ප්‍රශ්නයට හොඳ විසඳුමක්.(නදී)

:       0       0

රංග ශානි Sunday, 30 June 2013 10:25 PM

ඔබ දෙපොල අප ශ්‍රී ලංකාවට විතරක් නොව මුළු ලෝකෙටම ආදර්ශයක් සුබ අනාගතයක් තෙරුවන් සරණයි.(නදී)

:       0       0

මහේෂ් Tuesday, 31 December 2013 05:11 PM

සුභ මංගලම්..(අ)

:       0       0

තිසල් Sunday, 30 June 2013 03:48 PM

සුබ මංගලම්! ආදරයට ජාති ආගම කුල බේද නැහැ (නි)

:       0       0

කමල් Monday, 01 July 2013 10:55 AM

ඔබ දෙපලට සුභ මංගලම්.මෙන්න මෙයයි විය යුත්තේ.එකම ජාතියක්,එකම රටක් ලෙස ජීවත් වෙන්න නම්. (දී)

:       0       0

සමීර Sunday, 30 June 2013 03:49 PM

මටත් යුද්ධය ඉවර වෙනකල් ඉවසන්න බැරි වුනානේ. මට උතුර දකුණ මාරු වුනා. කොහොම වුනත් නව යුවලට ජය සතුට සම්පත සාමය සපිරි සෞබාග්‍යමත් අනාගතයකට ඉත සිතින් සුභ සුභ ප්‍රාර්ථනා කරමි ! (නි)

:       0       0

රණා Monday, 01 July 2013 10:55 AM

එගොඩත් මේගොඩත් ගම් යා කරලා ,පාලම සාදා බලා සිටින්නේ, අත්වැල් බැඳ කෝවිල් යන්නයි. පෝයදාට පන්සල් යන්නයි. (දී)

:       0       0

ලාල් ජකර්තා Sunday, 30 June 2013 03:49 PM

සුබ මංගලම්,ජය මංගලම්...! (නි)

:       0       0

සරෝජ් Sunday, 30 June 2013 10:46 PM

බමුණු ඔබ නම් හාල් පාරුවෙක්. සිංහල අය ඉන්නවා ක්‍රිස්තියානි දෙමල අයත් ඉන්නවා ක්‍රිස්තියානි. මේ දෙදෙනා එයට අයිති දෙදෙනෙක් වෙන්න ඇති. මෙතනට අවශ්‍ය දෙදෙනාගේ මුල්වූ ආදරය. ආදරයට හැම දේම යටය. සමහර රජ වරු ආදරය නිසා රජ කම පවා දාලා ගියා. මන්ද බුද්ධික ප්‍රතිචාර දමා ආගම්වාදය, ජාතිවාදය නොවපුරන්න මේ දෙදෙනා අපට හොඳ ආදර්ශයක්. ඔවුන්ට ආශීර්වාද කරන්න.(නදී)

:       0       0

ආකාශ් Sunday, 30 June 2013 03:51 PM

බොදුබල සේනාව කියන දේ මොකක් ද කියන එක රට මුස්ලිම් වුනදාට ඔබලාට තේරේවි. නමුත් අහිංසක දෙමල සහෝදරියන් එහෙම මුලධර්මවාදී ආගමක් අදහන්නේ නැහැ (නි)

:       0       0

මධු Monday, 01 July 2013 11:00 AM

කවුරු මොනවා කිවුවත් දෙදෙනාටම හදවතින්ම සුභ පතනවා (දී)

:       0       0

නෙතුමි Sunday, 30 June 2013 10:51 PM

ජාති ආගම් බේද දුරලන්න හොඳ ආදර්ශයක් මෙය. මෙවැනි දේ තුල බිහිවන අනාගත පරම්පරාවල් ගොඩක් බුද්ධිමත්. හැබැයි මේ ''සමන්'' ටයි ''උදය'' ටයි පිස්සුද කොහෙද? (නදී)

:       0       0

අනුර Sunday, 30 June 2013 03:58 PM

ජය ශ්‍රී මංගලම්! (නි)

:       0       0

මිතුන් Sunday, 30 June 2013 04:03 PM

මචෝ උඹ බැදපු එකටනම් මම ස්තුති වන්ත වෙනවා.(නදී)

:       0       0

ලියා Monday, 01 July 2013 11:18 AM

සියළු දෙවියන්ගෙ ආශිර්වාදය ලැ‍බේවා! (දී)

:       0       0

රෝහණ Sunday, 30 June 2013 11:05 PM

සුබ මංගලම්! අපේ හාමුදුරුවෝ ලොකයේ විශිෂඨතම හාමුදුරුවෝ.(නදී)

:       0       0

මංජුල රියාද් Sunday, 30 June 2013 04:28 PM

මේක සුළු දෙයක්නේ (නි)

:       0       0

කොස්වත්ත Sunday, 30 June 2013 04:30 PM

ඔබ දෙපොළගේ යුග දිවියට මගේ හද පිරි සුබ පැතුම්. ඔබ දෙදෙනාගේ ආදරය තුලින් වාසනාවන්ත දරු පරපුරක් අප මව් රටට බිහිවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 883 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4006 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1441 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 690 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2439 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37796 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site