දකුණේ සිංහල හමුදා කෝප්‍රල්වරයෙක් හා මුලතිවි නැවත පදිංචි තරුණියක අද(30) මුලතිවි තන්නිරුටිරු කිතුනු දේවස්ථානයේදි කිතුනු චාරිත්‍රානුකූලව යුග දිවියට ඇතුළු විය.
මුලතිවි ශ්‍රී ලංකා යුද හමුදා 23 වන පාබල හමුදා කෝප්‍රල් සිරිමල් ප්‍රසංග කුමාර (22) හා මුලතිව් මුල්ලියාවේලි පොන්නගර්හි මේරි තෙරේසා (20) නව යුවළයි.
23 වැනි පාබල හමුදා අණදෙණ නිළධාරි කර්නල් සචින්ද්‍ර විජේසිරිවර්ධන මහතා පැවසුවේ තම බලකායේ නිළධාරියා මුලතිවි මුල්ලියාවේලි පොන්නගර් පදිංචි මේරි තෙරේසා සමග ප්‍රේම සමිබන්ධතාවයක් පවත්වන බැවි තමන්ට පැවසීමෙන් පසුව තමන් ඒ සමිබන්ධයෙන් මුලතිවි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එල්.බි.ආර් මාර්ක් මහතාට පැවසීමෙන් අනතුරුව මුලතිවි ආඥාපතිවරයා ඒ සමිබන්ධයෙන් ආරක්ෂක ලේකමි ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක ලේකමිතුමන්ගේ ආශිර්වාදය හා මගපෙන්වීම යටතේ මුලතිවි ආරක්ෂක සේනා ආඥාපතිතුන්ගේ මෙහෙයවීමෙන් මුලතිවි යුධ හමුදා සියලු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ ආශිර්වාදය හමුවේ යුද හමුදා කෝප්‍රල් සිරිමල් ප්‍රසංග කුමාර නිළධාරියාගේ විවාහ කටයුතු සංවිධානය කළ බවයි.
කෝප්‍රල්ගේ පියා වන එස්.සිරිපාල හා එස්.ගීතා දෙමාපියන් පැවසුවේ තම පවුලේ දෙවැනි දරුවා වු සිරිමල් ප්‍රසංග කුමාර මුලතිවි තරුණියක් සමග අතිනත ගැනීම සමිබන්ධයෙන් තමන් මහත් සතුටට පත් වන බවයි.
වැඩසටහන් අවස්ථාවට මුලතිවි දිසාපති එන් වේදනායගමි මහතා, 64 සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.ඩී.බී.පනන්වල මහතා,ආරක්ෂක සේනා මූලස්ථාන මුලතිවි පාලන අංශයේ බ්‍රිගේඩියර් ටි.පී.ජයවර්ධන මහතා,591 බළසේනාධිපති බ්‍රිගේඩියර් එස.කේ.ජී.එන්.බී. ඇහැළමල්පේ මහතා,593 බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්.වීරවර්ධන මහතා, විවාහපත් යුවළගේ දෙපාර්ශ්වයේ ඥාතීහු,මුලතිවි ප්‍රදේශවාසීන්, මුලතිවි ආරක්ෂක කලාපයට අයත් උසස් යුධ හමුදා නිළධාරීන් ඇතු`ථ විශාල පිරිසක් සහභාගි වි සිටියහ.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ මංගලම්.....!!!!ආදරයට ජාති කුල ආගම් භේද නොමැත. (නි)
ඔබ දෙපලට සුභ මංගලම්! (නි)
මගේ සුභ පැතුම්! (නි)
සුබ මංගලම්. බුදු සරණයි! (නි)
හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. ජය මංගලම් ...!! (නි)
සුබ මංගලම්! ආදරයට ජාති ආගම කුල බේද නැහැ (නි)
හිත ගිය තැන " මාළිගාව " කිව්වලු. බලමු හමුදාවේ නිලධාරීන්ගේ ගුණවත්භාවය. කෝප්‍රල්ගේ කැමැත්ත තේරුම් අරගෙන උදවු කරපු අන්දම.පොලීසියේ රාලහාමි කෙනෙක් කළා නම් ලොක්කන්ට කේලාම් කියලා මෙලහකට වැඩත් තහනම් කරලා. (නි)
වෙන්න ඕනෑ ඔහොම තමා. 13 අවශ්‍ය නැහැ (නි)
තවදුරටත් මේ වගේ දේවල් දකින්න ලැබේවා! (නි)
මේ වගේ වටිනා දේවල් ලෝකේ වෙන්නේ ලංකාවේ විතරයි. අනිත් රටවල යුද්දෙන් පස්සේ කරන්නේ සමුහ වශයෙන් ස්ත්‍රී දුෂණයයි. මේ උතුම් දේවල් අර "පිල්ලේ නෝනට, ජයලලිතාට, වෛකෝ වගේ ඇස් අන්ධ වෙච්ච අයට අනීවාර්යයෙන් පෙන්නන්න ඕනෑ. ඒ යුවලට ජේසු සමිඳු පිහිටයි. (නි)
සුබාසිරි මංගලම් යුවතිපති දෙපලට..(අ)
ස්ථිර සමයක් ඇති වන්නේ මේවගෙන් පමණයි. ජය මංගලම් ! (අ)
ඇත්තටම හරිම හොද ආදර්ශයක් මුළු රටටත් ලෝකයටත් දුන්නේ අපේ හමුදාව කියන්නේ මොකක්ද කියන එක ඉන්දියාවට සහ බටහිර රටවලට දුන්න හොද පණිවිඩයක් එදිරියේදී මෙවැනි දේවල් බහුලව සිදුවේව කියා මුළු හදින්ම ප්‍රර්ථනා කරමි (අ)
ජයමංගලම් ඔබ දෙපළට සිදු විය යුත්තේ මෙයයි එවිට මේ ගැටළු විසිවේවි (අ)
අතිගරු ජනාධිපතිකුමා තමා මේවට පා කැපුවේ ජයවේවා (අ)
අනේ මම දැන් ගොඩාක් වයසයි. නැත්නම් මාත් බඳින්නේ උතුරේ කෙනෙක්. ඔයාල දෙන්නට සුබම සුබ යුග දිවියකට ආසිරි! මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හමුදාවේ කෙනෙකුට බඳින්න ආරක්ෂක ලේකම්තුමාගෙන් අවසර ගන්නම ඕනෑද? එහෙම නැතුව බැන්දොත් මොකද වෙන්නේ ? දන්නා කෙනෙක් කියලා දෙනවද ?නොදන්නා නිසයි අහන්නේ (නි)
සුබාසිරි මංගලම් යුවතිපති දෙපලට! ඇත්තටම හරිම හොද ආදර්ශයක් මුළු රටටත් ලෝකයටත් දුන්නේ. අපේ හමුදාව කියන්නේ මොකක්ද කියන එක ඉන්දියාවට සහ බටහිර රටවලට දුන්න හොද පණිවිඩයක්. ඉදිරියේදී මෙවැනි දේවල් බහුලව සිදුවේවා කියා මුළු හදින්ම ප්‍රාර්ථනා කරමි (නි)
වාසනාවන්ත යුග දිවියකට ආසිරි....සුබ මංගලම්!(නදී)
මිනිස්සු ආදරයට ආදරෙයි. ඒකයි මේ විදියට කටයුතු සංවිධානය වි ඇත්තේ. (නදී)
පිට බෙද්දර ජයා ඔය දුක් වෙන්න එපා වයස ගියා කියලා. ඔයා කැමතිනම් කියන්න මගේ මුලතිව් ඉන්න යාලුවෙක්ගෙ කන වැන්දුම් ආච්චි කෙනෙක් ඉන්නවා. ඔයාට සෙට් කරලා දෙන්න පුළුවනි.(නදී)
කොච්චර ලස්සන රටක්ද මේ ප්‍රභාකරන් විනාස කරන්න හැදුවේ. කොටි වෙනුවෙන් කැගහන බල්ලන්ට මේවා ඇලජික් ඇති. සුබ මංගලම් ඔබ දෙපලට. මේක තමා අපේ රටේ එක මුතු කම.(නදී)
මෙන්න ජාතික සමගිය උදාහරණ. ඔබ දෙපොළට සුබ මංගල්ලයක් වේවා යිපතමි. අද අපේ රටේ විය යුතේ මෙයයි. දෙමල සිංහල මුස්ලිම් කියා ජාතින් නැත. ඔක්කොම ශ්‍රී ලාංකිකයන් ඔබ දේපොළ අපේ මුළු ලංකාවට නිදසුනක්. ඔබ දේපොළට දිර්ගායුෂ.(නදී)
ඔබ දෙපොළගේ යුග දිවියට මගේ හද පිරි සුබ පැතුම්. ඔබ දෙපොළ අපේ රටට ලොකු ආදර්ශයක්. ඔබ දෙපොළට බුදු සරණයි සහ සියලු දෙවි දේවතා පිහිට පතමි.(නදී)
මනමාලයා තරහ වෙලා වගේ මොකද බලහත්කාරකමක්ද?(නදී)
පිට බැද්දර, හමුදාවේ නීති තියෙනවා. කතාව හොදට කියවපන් , සාමයට පාලම් හදන මේ යුවලට මගෙන් සුබ පැතුම්.(නදී)
අන්න තවත් අන්‍යාගමිකරණයක් කෝ බොදු බල සේනාව?(නදී)
පිටබෙද්දර ජයා, එහෙම තමා දැන්. නීත්‍යනුකුලව කසාදයක් කරගන්න , නීත්‍යනුකුල ලිංගික සම්බන්ධතා පවත්වන්න රජයෙන් අවසර ගන්න ඕනෑ. එහෙම නැත්නම් ඔයාට විරුද්ධව නීතිය පොතේ හැටියටම ක්‍රියාත්මක වෙනවා. ඔයාට ඕනෑ නම් ඕනෑ අපරාධයක් හොරෙන් කරන්න පුළුවන්. අහුවුනාම ඔයාට කියන්න තියෙන්නෙ මොකුත් මතක නැහැ කියලා. බලන්න කොච්චර නිදහස්ද අලුත් ශ්‍රී ලංකාව ? (නි)
හැම දේම කියලා කරන්න ඕනෑද? (නි)
සුබපතනවා, මනාලිය මොඩලින් ඉන්ඩස්ට්‍රී එකට සුදුසු බව පෙනෙන නිසා යමෙක් ඈට අවස්ථාවක් ලබාදුන්නොත් එය අගනා මංගල තිළිණයක් වේවි. (අ)
ජය මංගලම්! සුභ මංගලම්! (නි)
මේ මෙතෝදිස්ත ආගමේ වගෙයි (නි)
හපොයි (අ)
ජිවිත තිඅන තුර අදරාන් බැදී එන්න පතමි (අ)
සුභ මංගලම් නව යුවතිපතීන්ට.(නදී)
හරිම සන්තෝසයක් .මේවා අපි විතරක් බලල මදි.ඔය මානවහිමිකම් ගැන කෑ මොරදෙන උදවියටත් පෙන්වන්න.වටිනා දේවල්. (අ)
මනමාල මහත්තයෝ,ලජ්ජා හිතිලද?තරහ වෙලා වගේ ඔරවාගෙන ඉන්නේ. (නි)
සමන් ගොඩක් වගේ කියවන්න එපා (අ)
සුබ මංගලම්.....!!!!ආදරයට ජාති කුල ආගම් භේද නොමැත.මේ වගේ වටිනා දේවල් ලෝකේ වෙන්නේ ලංකාවේ විතරයි. (නි)
යුග ජීවිතයෙ දුක් කරදර නැතිවේවා.. ජීවන ගමන නිසි අයුරින් සැලසේවා.. සාමය සතුට බැඳි ප්‍රේමය පැවතේවා.. ඔබ මුළු පවුල යසඉසුරින් වැඡඹේවා! (නි)
අනේ හොඳයි ,බලන්නත් ආසයි. සුබ මංගලම්! (නි)
ඉන්දික ඇත්ත කියනකොට සමහර කට්ටියට රිදෙනවා.බොදුබල සේනාවගේ ප්‍රධාන මාතෘකාවක් නේද අන්‍යාගමිකරණය? (නි)
සුබ පතනවා දෙන්නටම හොඳ ආනාගතයකට. මේ වගේ දේවල් තවත් වේවායි පතමු (නි)
සුබ මංගලම්! ආදරයට ජාති ආගම කුල බේද නැහැ (නි)
මටත් යුද්ධය ඉවර වෙනකල් ඉවසන්න බැරි වුනානේ. මට උතුර දකුණ මාරු වුනා. කොහොම වුනත් නව යුවලට ජය සතුට සම්පත සාමය සපිරි සෞබාග්‍යමත් අනාගතයකට ඉත සිතින් සුභ සුභ ප්‍රාර්ථනා කරමි ! (නි)
සුබ මංගලම්,ජය මංගලම්...! (නි)
බොදුබල සේනාව කියන දේ මොකක් ද කියන එක රට මුස්ලිම් වුනදාට ඔබලාට තේරේවි. නමුත් අහිංසක දෙමල සහෝදරියන් එහෙම මුලධර්මවාදී ආගමක් අදහන්නේ නැහැ (නි)
ජය ශ්‍රී මංගලම්! (නි)
මචෝ උඹ බැදපු එකටනම් මම ස්තුති වන්ත වෙනවා.(නදී)
මේක සුළු දෙයක්නේ (නි)
ඔබ දෙපොළගේ යුග දිවියට මගේ හද පිරි සුබ පැතුම්. ඔබ දෙදෙනාගේ ආදරය තුලින් වාසනාවන්ත දරු පරපුරක් අප මව් රටට බිහිවේවා! (නි)
සුබ මංගලම්! (නි)
නව යුවලට සුබ මංගලම්සහ දිගාසිරි.සොයුර ඔබ වැනිම වූ රටට වැඩ ඇති දරු කැලක් ලක් මාතාවට දායාද කිරීමට වාසනාවන්! (නි)
සුභ මංගලම්! (නි)
සුබ මංගලම් ! (නි)
ආදී කාලයේ සිට දෙමල සිංහල විවාහයන් සිදු වුනා. (නි)
මගෙත් උණුසුම සුබ පැතුම් මේ දෙදෙනාට , සෞභාග්‍යමත් අනාගතයක් වේවායි කියා පතන්නෙමි.(නදී)
මෙතැන ප්‍රශ්නය ආදරයෙන් වෙලුනාම ආගම පාවාදෙන එකයි. එයා බැන්දේ පල්ලියට ගිහිල්ලා. සිංහල කමයි බෞද්ධ කමයි ඉවරයි. ඇයි අර ගැහැණු ළමයට බුද්දාගමට එන්න බැරි උනේ.(නදී)
අනේ පින් අයිතිවෙයි නොමනා මංගල තිලින නම් එපා ! ආයුබෝ වේවා ඔබට දුවේ පුතේ. (නදී)
මගෙන් උණුසුම් සුභ පැතුම්.(නදී)
ආගමත් අත්හැරලා යන අයට අපි ඉස්කෝලේ යනකාලේ කීවේ හොද නමක්.(නදී)
මා පාතිමාට වෛර කරන අතර සෙල්ලම්මාට ආදරය කරමි. නඩරාජා මිතුරෙකු සේ සලකන අතර මොහොමඩ් සතුරෙකු සේ සලකමි.(නදී)
ජය මංගලම් සුබ මංගලම්.(නදී)
මේක හොද දෙයක්. වැඩේ තියෙන්නේ මුස්ලිම් කොල්ලෝ අපේ කෙල්ලෝ උස්සන් ගිහින් මුස්ලිම් කරනවා නමුත් කවදාවත් අපේ කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක්ව කසාද බැදලා ආගම වෙනස් නොකරන එකයි. එහෙම උන දාට අපේ අය මුස්ලිම් අය එක්ක මෙච්චර වෛරයක් ඇති කරගන්නේ නැහැ.(නදී)
හරිම ලස්සනයි. මගේ රට ගැන ආඩම්බරයි. සගවා ගනු මැන ඔබ රුව සොදුරියේ.(නදී)
සාමයට මාවත විවර කරන ඔබ දෙපලට මගේ උණුසුම් සුභ පැතුම්. දෙන්නටම බුදු සරණයි.(නදී)
ඔබ දෙපලට සුභ මංගලම්! (නදී)
රංග.......... ඕන තරම් මුස්ලිම් සිංහල විවාහ සිදුවී තියනවා ඕක ගණන් බල බල වෙන දේවල් නොවෙයි කවුරුත් කැමැති නැහැ තව ජාතික කෙනෙකුට බදින්නැහැ අ වුනාට ලොවේ එක අවම කොහෙන් යනවා කියල හිටන්න (අ)
"සාමයට මාවත විවර කරන ඔබ දෙපලට මගේ උණුසුම් සුභ පැතුම්. දෙන්නටම බුදු සරණයි." දෙන්නම දැන් ක්‍රිස්තියානි බුදුසරනින් වැඩක් නැත.(නදී)
මම හිතන්නේ කොල්ල ගිහින් ඇති කෙල්ලගේ ආගමට. සාමාන්‍යයෙන් බුධාගමේ එකෙක් ආගම ඇත ඇරලා යනවා මිසක් ක්‍රිස්තියානි , මුස්ලිම් අය ආගම ඇත අරිනවා අඩුයි. මොකද දෙවියන් ඒ අයව බය කරලා තියෙන්නේ. (අ)
ඔබ දෙපලට සුබ අනාගතයක් වේවා ...!ජීවිතගමනේ ... සෑම බාදකයක්ම ජයගෙන මියෙන තුරා සතුටින් ඉන්නට වාසනාව ලැබේවා...!(අ)
හැමෝටම ආදර්ශයක් (අ)
බමුණු, ඔවුන් දේපල ක්‍රිස්තියානි බව ඇත්ත නමුත් මම මා අදහන ආගමට අනුව ඔවුනට සුබ පත ආශීර්වාද කලෙමි. ඔබට බුදු සරණින් වැඩක් නැතිව සේම මටද දෙවි පිහිටෙන් වැඩක් නැත. අනිත් කරුණ වන්නේ මෙම පුවතේ මනමාල මහතා ක්‍රිස්තියානි ආගම වැලදගත් බවට සදහන් කර නැත, මනාල මහත්මියගේ ගම ප්‍රදේශයේ උත්සවය ගත නිසා එය ඔවුන්ගේ ආගමට අනුව සිදුකලා විය හැක. (අ)
ජය මංගලම් ! ශුබ මංගලම් ! (අ)
රට ජාතිය අගම කියන තුනම රැක ගන්න පුලුවන්නම් තමයි නියම වීරයෙක් වෙන්නේ.අන්‍ය ආගමකින් බැන්දට අපේ විරුද්දත්වයක් නැහැ.එත් නිල ඇඳුමත් ඇඳගෙනම ආගම අමු අමුවේම පවා දීලා.මේ ගමන්ම සමන්ටත් මුල්ලෙරියාවෙන් කෙනෙක් බන්දලා දෙනවනම් හොඳයි (අ)
නියම සිංහල කොල්ල ජාති ආගම කුලය වැඩක් නැ පුතේ මම ඔබට සුබ පතනවා (අ)
සුභ මංගලම් ඔබ දෙපලට!. ජේසු පිහිටි (අ)
බමුනුට සැහෙන්න දුකයි වගේ. අසේල. හමුදා නිල ඇඳුම ඇඳගෙන ඕන තරම් අය පල්ලියෙන් බඳිනවා. නිල ඇඳුම බෞද්ද ඇඳුමක් නෙමේ. (අ)
තවත් කොල්ලෙක් තමන්ගේ ආගම දහමට කොකා පෙන්නවු නේද..? අවුලක් නෑ, සුභ මංගලම් ! (අ)
හදවතින්ම සුබ පතමු. මේ ශ්‍රී ලංකික සුබ මංගල්ලයක්.අපි අපේම වේවා. (අ)
සුබ මංගලම්..(අ)
අනේ මන්දා කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කරල කසාද බෑන්දත් ප්‍රස්න ගොඩයි. ආගම, ජතිය, අරසේනා මෙසේනා, !! මොනවද මේ විහිලු (අ)
පතාගෙන ආහැටි ,, බොහොම හොඳයි..සුභ මංගල්‍යයක් වේවා. (අ)
උදය ඔය කාවවත් බය කරන්න මෙහෙ ආපු බික් නැහැ හැබය් යුදෙව්,ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් තුනේම පොත්වල ලියල තියනවා ආගම අත්හැර යන එකාව මරපිය කියල. එහෙම කලට පවු නැහැ දෙවියන් එයට ආශිර්වාද කරනවා කියලත් ලියල තියනවා,පටන්ගන්නේ නම් මහා කාරුනිකවූ පරම දයාබරවූ කියල. ලියපු එකදා පිළිගන්න එකදා --- කියන්න මමනම් දන්නේ නැහැ. (අ)
සුභ මංගලම් ඒත් ආගම පාවා දෙන්න එපා (අ)
සුබ මංගලම් එත් ආගම පාව දෙන්න එපා (අ)
අත්වැල් බැඳ කෝවිල් යමු - පෝයදාට පන්සල් යමු ....... ඔබ දෙපලට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! සියලු දෙමවුපියන්ටත් තරුණ තරුණියන්ටත් ආදර්ශයක් වේවා! (අ)
සුබ මංගලම්. බුදු සරණයි.(නදී)
පහන් ඔබ නිවැරදියි.(නදී)
බලමු හමුදාවට මුලතිව් තරුණිය මුහුණ දෙන හැටි. සුබ මංගලම් !(නදී)
පළමුව මගෙන් සුබ පැතුම්. මට ඔය යුවලට අවවාදයක් දෙන්න ඕනා. ඉදිරි අනාගතයේදී..පොඩි මතබේදයක් හට ගත්තොත්, කිසිම වෙලාවක එකිනෙකාගේ ජාතිය හෝ ආගම, ඇදගන්න එපා. එකිනෙකට අපහාස කරගන්න එපා. හිත රිදෙන්න යමක් කිවොත් එය රෙපයාර් කරන්න බෑ.(නදී)
මෙතුවක් කල් සිත් වල පැවතුනාවූ ඔල මොට්ටල අදහස් සැමගෙන් තුරන්වී ආදරය හරහා සුන්දර ව්න ලෝකයේ පරම පිවිතුරු මාර්ගයට බැඳී ඉනි වැටවල් මුලින් උදුරා දමා හෙට දින සුන්දර ලොවකට එක්වන්න ඔබ දේපල සැමට ආශීර්වාදයක් වේවා. ජය වේවා .(නදී)
පිල්ලෙයාන්ට, වයිකෝට, ජයලලිතාට ඉන්දියාවේ සහ යුරෝපයේ සිටින වල්ග කපාපු කොටි හරක්ට මේවා පෙන්වන්න ඕනේ.(නදී)
ඔබ දෙපළ මේ තනලා තිබෙන්නේ උතුර දකුණ යා කරන පාලමයි. මෙන්න ජාති බේදය රටෙන් තුරන් වීමට පිළියම.(නදී)
රණවිරුවෙකු වන මේ තරුණයා ආගම අත හරින්න තරම් නපුංසකයෙකු වේවි කියා මන් හිතන්නේ නෑ. තරුණියගේ ආගම අනුව පල්ලියේදී බැන්දට අනික බොදු පිළිවෙත් අනුව පල්ලි ගියාට ගැටළුවක් නොවන නිසාත් ආගමික සහනසීලිත්වය තියෙන නිසාත් තරුණිය සිය ආගම වෙනස් කල යුතුත් නැහැ. එවැනි ජෝඩු ඉතා සාර්ථකව පවුල් කනවා මම දැක තියෙනවා. ඔබට බුදු සරණයි.!..ජේසු පිහිටයි..!.සුබ මංගලම්....!!!!(නදී)
මට නම් හරිම සතුටුයි ඒ වගේම ආඩම්බරයි ඔබ දෙදෙනා ගැනම. මම මගේ හදවතින්ම සුභ පතනවා වාසනාවක්ත යුග දිවියක් ඔබ දෙපලට.(නදී)
දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී ආදරය නුබට බාරයි රැක ගනින් දේවතාවී.(.ගුණදාස කපුගේ ) (නදී)
ඇත්තටම අපි තේරුම් ගත් මනුෂ්‍යත්වය මෙයයි. ජය මංගලම්.(නදී)
බැන්ඳා වගේම දිගටම ඔය ආදරේ දෙන්නට දෙන්න දක්වන්න.(නදී)
කලබලයෙන් විවාහ වන්නා නිවීසැනසිල්ලේ පසුතැවේ. මේ දෙදෙනා මේ වයසින් විවාහවීම මම නම් අනුමත කරන්නේ නැහැ. තව අවුරුදු 2 වත් ඉන්න තිබුනා. කවුරුහරි බලකලාද? සිංහල දෙමල සමගිය පෙන්නන්න ඕනා නිසා.(නදී)
නියමයි එහෙම තමා වෙන්න ඕනා. තව සිංහල - මුස්ලිම්, ටැමිල් - සිංහල, ටැමිල් - මුස්ලිම් සේරම කලවම් වෙන්න ඕනා. ජය වේවා!(නදී)
ජන වාර්ගික ප්‍රශ්නයට හොඳ විසඳුමක්.(නදී)
ඔබ දෙපොල අප ශ්‍රී ලංකාවට විතරක් නොව මුළු ලෝකෙටම ආදර්ශයක් සුබ අනාගතයක් තෙරුවන් සරණයි.(නදී)
බමුණු ඔබ නම් හාල් පාරුවෙක්. සිංහල අය ඉන්නවා ක්‍රිස්තියානි දෙමල අයත් ඉන්නවා ක්‍රිස්තියානි. මේ දෙදෙනා එයට අයිති දෙදෙනෙක් වෙන්න ඇති. මෙතනට අවශ්‍ය දෙදෙනාගේ මුල්වූ ආදරය. ආදරයට හැම දේම යටය. සමහර රජ වරු ආදරය නිසා රජ කම පවා දාලා ගියා. මන්ද බුද්ධික ප්‍රතිචාර දමා ආගම්වාදය, ජාතිවාදය නොවපුරන්න මේ දෙදෙනා අපට හොඳ ආදර්ශයක්. ඔවුන්ට ආශීර්වාද කරන්න.(නදී)
ජාති ආගම් බේද දුරලන්න හොඳ ආදර්ශයක් මෙය. මෙවැනි දේ තුල බිහිවන අනාගත පරම්පරාවල් ගොඩක් බුද්ධිමත්. හැබැයි මේ ''සමන්'' ටයි ''උදය'' ටයි පිස්සුද කොහෙද? (නදී)
සුබ මංගලම්! අපේ හාමුදුරුවෝ ලොකයේ විශිෂඨතම හාමුදුරුවෝ.(නදී)
හඳ ගිලුනට කමක් නෑ..ඉර ගිලුනට කමක් නෑ සංසාරේ පැතූ ලෙසට ආදර සයුරේ කිමිදියන් මලේ. (නි)
ඔබ දෙපලට ජය මංගලම්. (නි)
මේ මගුල කල් පවතීවිද? (නි)
සුභ මංගලම්! (නි)
ඔබ දෙපළට සුභ මංගලම්! (නි)
ඔබ දෙපලට සුබ පැතුම්! (නි)
සරෝජ්, මෙතන කී දෙනෙක් ආදරය මුල් කරගෙන ආගම පාවාදීම ගැන කතා කරනවද? ආදරය බොහොම ඉක්මනට වෙනස් වෙනවා. අන්න ඒක මතක් තියා ගන්න. ආදරය සදාකාලික නැත. සරෝජ් වගේ මැට්ටෙක් හැරෙන්නට කෙනෙක් ආගම ලෙහෙසියෙන් වෙන්ස් කරන්නේ නැත. ආදරය වෙනුවෙන් සටන් කරන්නේ එක් කෙනෙන් හෝ දෙන්නෙක් පමණි. නමුත් ආගම වනුවෙන් ජාතියම එකතුවෙලා සටන් කරනවා (නි)
මගේ උණුසුම් සුබ පැතුම්! තව එකක්. මුස්ලිම් කවුරුවත් මේ දෙපලට සුබ පතලා නැහැ. ඕක තමයි ජාතිවාදේ කියන්නේ. සිංහල කෙල්ලෙක් මුස්ලිම් එකෙක් බැදගෙන මුස්ලිම් වුනා නම් එයාලා උඩ පනිවි.. (නි)
ජය මංගලම් වේවා! (නි)
මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි දැන් (නි)
පිටබැද්දර ජයා ඉස්සර හොඳ ක්‍රීඩකයෙක්. දැන් නම් එහෙම නැහැ වගේ.(නදී)
සමන්, ඇයි ඔහොම තප්පුලන්නේ? අනේ මන්දා ලංකාවේද ඔහේ? මේ දෙපලට ආශීර්වාද කරන්නේ නැතුව රටේ නැති ප්‍රශ්න මෙතනටත් අදාල කරගන්නවනේ. නව ජිවිතයකට පිවිසෙන ඔබ දෙපලට සුබාසිරි! බුදුසරණයි..!! (නි)
ජාතිවාදීන්ටත්, ආගම්වාදීන්ටත් මේවා බලා ඉන්න බැහැ. ඊළඟට තියන ලොකුම යුද්ධය තමයි ඒ වගේ අය මේ ලෝකෙන් අයින් කරලා දාන එක. (නි)
මේවා ජිනීවා කට්ටියට පෙනෙන්නේ නැද්ද? (නි)
සුබ මංගලම්, ආදරයට ජාති කුල ආගම් භේද නොමැත. ජන වාර්ගික ප්‍රශ්නයට හොඳ ආදර්ශයක්.(නදී)
සුබ මංගලම්! (නි)
මුස්ලිම් කියන නම ගැන වචනයක්වත් කතා කරන්න බැහැ මුස්ලිම් අයට තරහා යනවා. පොඩ්ඩක් පාලනය කර ගන්න නැත්නම් ලොකු විනාශයක් වෙන්නේ. කොහොම වුනත් සුභ මංගලම් ඔබ දෙපලට.(නදී)
සුබ පැතුම් !(නදී)
නව යුවලට සුභ මංගලම්! හැබැයි අර බුද්ධ ශාසනය විනාශකරන සේනාවෙන් ටිකක් ප්‍රවේසම් වෙන්න. ඒ ගොල්ලන්ට මේ වගේ දේවල් නයාට අඳුකොළ වගේ.(නදී)
ඔබ දෙපලට සුබ මංගලම්! හැමදාම සතුටින් සාමයෙන් ඉන්න වාසනාව උදා වේවා!(නදී)
සමහර අයගේ අදහස් දැක්කහම පුදුම හිතෙනවා. උතුම් මිනිස් ගුනදර්මය තරම් උසස් ධර්මයක් ලෝකෙයේ කොහෙවත් නැහැ.(නදී)
හලෝ, ගැනියෙක් හින්දා තමන්ගේ ආගම පාවා දෙන්ඩ එපා. මෙතන සැමියා වෙනුවෙන් බිරිදගේ ආගම පාවා දෙන්නේ නැහැනේ. පේනවද කෙලින් වැඩ. ජීවිතය පටන් ගන්න කොටම දෙකට නැමුනම ජීවිත කාලයම නැමිලා ඉන්ඩ වෙන්නේ.(නදී)
ඔබ දෙපළට සුභ පැතුම්! :) (නි)
සුබ මංගලම් ජයවේවා ජයවේවා ! ඔය ජාතිවාදී ආගමවාදී සියල්ලන්ටම හොද ආදර්ශයක් (නි)
මෙම පුවතේ සඳහන් වී තිබෙනවද මේ හමුදා නිලධාරියා කිතුනු ආගමේ නොවේ කියලා? සිංහල හමුදා කෝප්‍රල්වරයෙක් කී පමණින් සක්සුදක්සේ පැහැදිලි වෙනවද ඔහු බෞද්ධ කියලා? ඔහු බෞද්ධ වුනත් පල්ලියේ සිය විවාහ මංගල්‍ය ගැනීමෙන් කොහොමද ඔහුගේ ආගම පාවා දුන්නා කියන්නේ? බෞද්ධයකු වශයෙන් මා දන්නා තරමින් බහුතරයක් බෞද්ධයින් පන්සල්වල විවාහ වීම සිදු නොකෙරේ. බුදුරදුන්ගේ දේශනාව අනුව අන්‍ය ආගමකට මම ගරු කරමි. ආගම පාවා දෙන්නේ උදේ හවස පන්සිල් කියමින් දවස පුරා දස අකුසල් වල නියැලෙන අයයි. (දී)
සාදි, ඔයාගේ අදහස හරියටම හරි. මෙතන අදහස් දාන ගොඩක් අය අන්තවාදී විදිහට හිතන අය වගේ. කිසිම බෞද්ධයෙක් උත්සාහ කරන්නේ නැහැ වෙන කාවවත්ම බලෙන් බුද්ධාගමට බඳවාගන්න. ඒක අපේ ආගමේ තියන ගුණයක්. "එව බලව... "...හොඳ නම් පිළිපදින්න.... (දී)
සුභ මංගලම්! (දී)
ලස්සන දසුනක්. ඔබ දෙපලට සුභ අනාගතයක් (දී)
වර්ගවාදී, ජාතිවාදී අධම තිරිසනුන්ට ප්‍රබාකරන් ගැහුවා මදි. මෙවන් සමාජයකින් වෙන්වෙලා ජිවත් වෙන්න දෙමල ජනයා යුද්ධ කරන එක අහන්නත් දෙයක්ද. (නදී)
අද වගේ දිනක ඉහත සදහන් මෙම මංගල යුවලට ඉහත සියලු දෙනාගේම සුබ පැතුම්! ඉදිරි අනාගතයේ අපේ මවුබිම එදා අද මෙන් මේ හෙටත් ඒකීය රජයක සහෝදර ජනතාවක් ගොඩ නැගෙන බව අනිවාර්යයි. මෙම දෙපලට මගෙත් සුබපැතුම්. (දී)
ඔබ දෙපළ මේ තනලා තිබෙන්නේ උතුර දකුණ යා කරන පාලමයි.සුබ මංගලම්.බුදුසරණයි. (දී)
සුබ මංගලම්. 83 ට කලින් කොහොම හිටපු අපිද විරසක වුනේ? නැවතත් අපේ දරුවන්ට ඒ කාලය උදාවේවි. (දී)
ඔබ දෙපලට සුභ මංගලම්.මෙන්න මෙයයි විය යුත්තේ.එකම ජාතියක්,එකම රටක් ලෙස ජීවත් වෙන්න නම්. (දී)
එගොඩත් මේගොඩත් ගම් යා කරලා ,පාලම සාදා බලා සිටින්නේ, අත්වැල් බැඳ කෝවිල් යන්නයි. පෝයදාට පන්සල් යන්නයි. (දී)
කවුරු මොනවා කිවුවත් දෙදෙනාටම හදවතින්ම සුභ පතනවා (දී)
සියළු දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා! (දී)
සිංහල දමිල ජාතිවාදීන්ට ගහපු කනේ පාරක්. 13 වැනි පනත සම්මත කර ගැනීමෙන්වත් , පොලිස් බලතල දීමෙන්වත්, වාර්ගික සමගිය ඇති කරන්න බැහැ. මෙන්න වැඩ . (දී)
ආගම දෙකක අය විවාහ වීම ඉතා හොදයි. නමුත් අද මේවගේ අනිත් අය හිතන්නේ නැහැ (දී)
ඔබ දෙපලට සුබ මංගලම්. පුතා,ආගම ජාතිය ජීවිතයට ප්‍රශ්නයක් කරනොගන්නා තරමට උසස් මානසිකත්වයක් ඔබට ලැබේවායි පතමි. අනාගතයේදී ඔබේ දරුවන්ටත් ඔබටත් ලාංකීය සමාජය තුල ජීවත්වීමට අවශ්‍ය ධෛර්ය ලැබේවායි පතමි. (දී)
මෙය හොද පුර්වාදර්ශයක්. මෙයට රජයෙන් සහ වෙනත් සංවිදාන වලින් උපරිම සහයෝගයක් දිය යුතුයි. මගේ යෝජනාව නම් මෙවැනි අන්‍ය ජාතින් අතර සිදුවන විවාහයන් සදහා එම සෑම යුවලකටම රුපියල් 500000 ක් දායාදයක් වශයෙන් දියයුතුයි (දී)
ජාතිය මොනවා වුනත් දෙන්නම කතෝලික .ඔයාලට ජේසු පිහිටයි (දී)
අනී මුස්ලිම් වැසියනි , ඔයාලගේ එක්කෙනක් ඉන්නවද වෙන ආගමක කෙල්ලෙක් බැදලා, ඒ කෙල්ලට තමන්ගේ ආගම අදහන්න නිදහස දීපු ?මේ මැද පෙරදිග එන සිංහල කෙල්ලෝ වැඩි හරියක් අමාරුවේ දාන්නේ ලංකාවේ මුස්ලිම් අය. (දී)
යුග ජීවිතයෙ දුක් කරදර නැතිවේවා.. ජීවන ගමන නිසි අයුරින් සැලසේවා.. සාමය සතුට බැඳි ප්‍රේමය පැවතේවා.. ඔබ මුළු පවුල යසඉසුරින් වැඡඹේවා! (දී)
සුභ මංගලම්! (දී)
ලෝකය එකම ගමක් (අ)
ලංකාවේ බෞද්දයන්ගේ තුන්කලක්ම දේවාල සහ කෝවිල් වලට යනවා පල්ලියෙන් කව්රු හරි බැන්දොත් ඉතින් ඉවරය පුදුම ආගම වාදියෝ ලංකාවේ ඉන්නේ (අ)
ලංකාදීපය ට අදහස් දාන අයගෙන් 80%ක්ම අඥානයෝ. අනේ මන්දා කවදා හැදෙයිද? (නි)
සුභ අනාගතයක් ! (නි)
සබැ ආදරයට ජාති ආගම කුලය නැහැ. ඔබ දෙපලට ජේසු පිහිට ලැබේවා! (නි)
මේ මනාලයා මොන අගමේද කියා හෝ ආගම මාරු කලා කියා කොතනකවත් සඳහන් වී නැත. සාමාන්‍යයෙන් මංගල චාරිත්‍ර සිදුවන්නේ මනාලියගේ පාර්ශවය අනුවයි. මෙහි කිතුනු හා හින්දු චාරිත්‍රද කළ බව රූපවල පෙනේ.කිතුනුවන්ට විවාහ වීම ආගමික කටයුත්තක් වුනත් බොදුනුවන්ට විවාහය ආගමික කටයුත්තක් නොවේ. කෙසේ වුවත් විවාහය වැනි කාමය සංසිදුවන දෙයකට ආගම වෙනස් කරන්නා බලෙන් මුල් ආගමේම රඳවාගැනීම නිෂ්ඵලය. දෙමල අයගේ සිරුරු සිංහල අයගේ වගේම නිසා සිංහල කෙනෙක් බැන්දත් දෙමල කෙනෙක් බැන්දත් එකයි. මුස්ලිම් අයගේ සිරුරු වෙනස් නිසා මුස්ලිම් කෙනෙක් බඳින එකේ වෙනසක් තියෙනවා. (නි)
සමන් කියනවා වැඩිනේ. (ත)
ඔබ දෙපලට ජේසු පිහිටයි. මගේ සුපැතුම්!(නදී)
සුබ මංගලම්. (ත)
අනේ මන්ද තමන්ගේ වාසියට ආගමත් වෙනස් කරන කට්ටියට මොනවා කියන්නද? (දී)
සුබ මංගලම් සතුටින් ජීවත් වෙන්න (අ)
දෙවැනි ගමන උත්සවයේ ඡායාරූපයක් පත්තරයේ ඵල කරන්න. ඒක මොන චාරිත්‍ර අනුවද පැවැත්වූවේ. මනාලයා හා මනාලිය මොන ඇදුමද ඇන්දේ. සමහර විට ඒක සිංහල විදියට කරන්න ඇති.(නදී)
මෙවැනි දේ වලට රජය හා අනෙකුත් ආයතන අතදීම මගින් සබැ සාමය උදා කල හැකියි. (ස)
ඔබ දෙපලට ජේසු පිහිටයි. මගේ සුභ පැතුම්! (නි)
අපිත් එක්ක ඉන්න කෙනෙක් හින්දා අපිටත් ආඩම්බරයි......... (ස)
සුභ මංගලම්..(අ)