IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මනාලියට නිතර අඳින ලංකාවේ අයිෂ්

  cover SAN_0020 SAN_0044

 

සම්පූර්ණ නම: අයිෂාරා අතුකෝරළ


නමුත් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රකටව සිටින්නේ?
‘‘අයිෂ්’’ කියලා.

 

ගම:- බොරලැස්ගමුව
පාසල:- විශාඛා. උසස් අධ්‍යාපනයට ලන්ඩන් ගියා


මොනවද ඉගෙන ගත්ත විෂයයන්
A/L වාණිජ අංශයෙන්. ලන්ඩනයේදී නීති උපාධිය කළා ලංකාවේ නීති විද්‍යාලයේ නීතිය හදාරණවා.

 

 

  •  ඒ කියන්නේ වෘත්තිය ලෙස නීතිඥ වෘත්තියද? 

ඔව්. LLB උපාධිය ඉවරයි. නමුත් ලංකාවේ නඩු කතා කරන්න නම්, ලංකාවේදී හැදෑරීම කරන්න වෙනවා. මේ දිනවල ඒ විභාග වලට ලැහැස්ති වන්නේ.

 

 

  •  ඒ අතරෙදීද මේ නිරූපන කටයුතු කරන්නේ?

ඔව්. වෙලාව ලැබෙන හැටියට, නිරූපණය සහ නිවේදනය කරනවා.

 

 

  •  නිවේදිකාවක ලෙස මොනවද කරන්නේ.

ස්වර්ණවාහිනියේ zLive Sunday' වැඩසටහන.

 

 

  •  එතකොට අයිෂ් ගැන වැඩි දෙනා කතා කරන්න ගත්තේ?

නිරූපන ක්‍ෂේත‍්‍රය සහ නිවේදන අංශය නිසා.

 

 

  •  නිතරම ‘මනාලියක ලෙස පෙනී සිටිනවා නේද?’

වැඩිපුර කරන්නේ විලාසිතා නිරූපණයයි. ඒ අතරේදී බ‍්‍රයිඩල් අවස්ථා සඳහා පෙනී සිටිනවා.

 

 

  •  නිරූපන ක්‍ෂේත‍්‍රය නිසා හොඳ වෘත්තීය වටිනාකමක් ලැබෙනවාද?

වෘත්තියක් ලෙස නොවෙයි කරන්නේ. එහෙම වුණොත් ලැබෙන සියලූ අවස්ථා බාර ගන්න වෙනවා. ඒකට අකමැතියි. නිර්මාණාත්මක සහ ගුණාත්මක සහ මට ගැලපෙන කළ හැකි දේට තමයි මේ දක්වා දායකවුණේ. ඉදිරියටත් එහෙමයි.

 

 

  •  සමහරු හිතන්නේ ඔබ ලංකාවේ කෙනෙක් නොවෙයි කියලයි?

ඔව්... ඒක ඇත්ත. එක දිගටම ලංකාවේ වසර 12ක් විතර හිටියෙත් නැති නිසා මගේ පෙනුම නිසාත් එහෙම හිතනවා. මල්ලියි-මායි එහේ හිටියේ. සැරින් සැරේ අම්මා තාත්තා ආවා.

 

big big2

big3

 

 

  •  අයිෂ් කොහොම චරිතයක්ද?

සරලයි, සාමාන්‍යයි.

 

 

  •  කලාවේ වෙනත් අරමුණු තියෙනවද?

රඟපෑමට අවස්ථා ලැබී තිබෙනවා. දැන් ඒ ගැනත් හිතෙනවා. 

 

 

  •  රඟපෑම ගැන හිත ගියේ?

චිත‍්‍රපටවලට ගොඩක් ආසයි. සෑම චිත‍්‍රපටයක්ම වගේ නරඹනවා. ලංකාවට ආ විගස ‘සමනළ සංධ්ව්නිය’ බැලූවා. කලාත්මක අංශයට වඩා ආසයි.

 

 

  •  සංගීතයටත් උනන්දු වග ආරංචියි?

ඔව් සංගීතයට ගොඩක් ආසයි. අමරසිරි පීරිස්, මාලනී බුලත්සිංහල, නන්දා මාලනී, පණ්ඩිත් අමරදේව මහත්ම-මහත්මීන්ගේ ගීත වලට අසයි. නිතරම එයාලගේ ගීත අහනවා. ඉංග‍්‍රීසි ගීතත් අහනවා.

 

 

  •   නිරූපණය කියන වෘත්තිය දෙස බලන පැති තියෙනවා. ඒ අංශය මොන විදියට හිතෙනවා නම්ද ඔබ කැමති?

ලංකාවෙ දකුණු ආසියාතික, සීමා එක්ක පවතින සංස්කෘතියක් පවතින නිසා මේ රටේ ජීවත් වෙන්න  ඕනෑනම් එක් සීමාවක සිට තමයි නිරූපණය කළ යුත්තේ. ඒක ඉදිරියටත් එහෙම වේවි. බාහිරව මොඞ් වීමට වඩා අපි අපේ ඇතුළාන්තයෙන් මොඞ් වෙන්න  ඕනෑ. ගතානුගතික සිතිිවිලි නිතරම හරි යන්නෙත් නැහැ. නමුත් සම්ප‍්‍රදාය ඇතුළේ ජීවත් වීම කළයුතු වෙනවා.

 

 

  •   තව මොනවද කියන්න තියෙන්නේ? ඉදිරි බලාපොරොත්තු මොනවාද?

‘අයිෂ් ක්ලෝතින්’ නම් වූ. විලාසිතා නිර්මාණ සහිත වූ ආයතනය කරගෙන යනවා. එකිනෙකාගේ කැමැත්ත පරිදි නිර්මාණ එහිදී සිදුකර දීම වෙනවා.

(ඩිසයිනර් වෙයාර්) එය දියුණු කරගැනීම අරමුණයි.

 

SAN_0388 SAN_0396

 


හැඩගැන්වීම: ලක්කිත උක්වත්ත දේවිකා පි‍්‍රයදර්ශනී

 

sadun-gamage



අදහස් (0)

මනාලියට නිතර අඳින ලංකාවේ අයිෂ්

රොෂාන් Tuesday, 15 December 2015 05:04 AM

ඇත්තටම ලස්සනද? (බ)

:       0       0

ගීත් Sunday, 20 December 2015 02:21 PM

මේ නිකමට අහන්නේ අර ඔයා ලන්ඩන් ඉද්දි වුණු වැඩේ කොහොමද (බ)

:       0       0

ගීත් Sunday, 20 December 2015 02:26 PM

ඇත්තටම ලස්සනයි.(හේ)

:       0       0

නිපූ Saturday, 26 December 2015 08:46 PM

මම දන්න තරමින් මෙයා ඉස්කෝලේ ගියේ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට සාමාන්‍ය පෙළ වෙනකන්. විසාක ගියේ උසස් පෙලට අවුරුදු 2ක්. ඒ උනාට පාසැල විසාකා. මුල අමතක වෙලා. (ස)

:       0       0

නන්දලාල් Saturday, 26 December 2015 09:29 PM

සායම් බකට් එකකට වැටිච්ච අයිස් කැටයක් වගෙයි පෙන්නේ. (ස)

:       0       0

කමල් Tuesday, 08 December 2015 07:55 AM

ලස්සනයි (නි)

:       0       0

නවින් Tuesday, 08 December 2015 04:47 PM

සඳුන් අයියා හොඳට ෆොටෝ ටික අරගෙන තිබෙනවා. (නි)

:       0       0

කසුන් Tuesday, 08 December 2015 09:33 AM

මේකප් ටික හේදුනොත් හරි වැඩේ වෙන්නේ. (ර)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 12 December 2015 04:34 AM

හරිම ලස්සනයි. (නි)

:       0       0

හේමන්ත Tuesday, 08 December 2015 10:38 AM

මෙයාගේ අදහස් වලට කැමතියි, මොකද ලංකාවේ සංස්කෘතිය හදුනන කෙනෙක්. එත් මෙයාට දීපු මේකප් එකනම් මෙයාව හොල්මන් කරලා තියෙන්නේ. වම් ඇහි බැම අනිකට වඩා මීටර් එකක් විතර උසයි වගේ පෙනෙන්නේ. කරාබු දාල තියෙන තැන දැක්කම, අපේ මේකප් කාරයොන්ගේ චින්තනයේ හැටි හිතාගන්න අමාරු නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 570 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 657 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2105 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1565 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1503 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1750 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24748 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23347 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site