සිරකරුවන් 27 දෙනකු මරා දැමූ වැලිකඩ බන්ධනාගාර කැරැල්ල ගැන පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කොමිසම සැරැසෙයි. කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවැසූයේ සිරගෙදර ජ්‍යෙෂ්ඨ නිලධරයන් කොමිසම හමුවට කැඳවන බවයි. සිරකරුවන්ගේ ආරක්ෂකයන් ද ඔවුන් සිය රාජකාරීය හරියට නොකළ බව පෙනේ යැයි ඔහු කියයි. දරුණු ගණයේ අපරාධකරුවන්, කුඩුවලට ඇබ්බැහි වූවන් හා සිරකරුවන්ගෙන් රිමාන්ඩ් සිරකරුවන් වෙන් කොට තැබීමේ කාලය ළඟා වී ඇතැයි ද ඔහු කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට හමුදාවත් එක්ක වෙඩි තියාන මැරුණම අපරාධකාරයන්ට මරණ දඩුවම දෙන්නෙ නැද්ද? ඔවුන් දින නියම කර එල්ලා මැරිය යුතුයි.. එවිට ඔවුන්ට මරණ බිය දැනෙයි.. ක්ෂණික මරණ ඔවුන්ට උරුම නැත..!(නු)
අනේ ඉඩ දෙන්න . ලොකු ඉල්ලමක් මෙයාලටත් ලැබෙන්න යන්නේ (ස)
කන්න ඕනෑ වූ විට කබරගොයා හරි තලගොයා කියයි. අපරාධකරුවන් ආයුධ අරගන්නා විට සිල් ගන්න කියනවා වෙන්න ඇති. (නි)
මේ වගේ අය මැරුණෙ නැත්නම් රට හදන්න බැහැ.. මේ අය කවදාවත් හැදෙන්නෙ නැහැ.. මෙහෙම තමයි කරන්න ඕන.. මම අහලා තියෙන කතාවක් සිංගපූරුවෙ ජනාධිපති කෙනෙක් මුලින්ම ආවාම පාතාලයේ සියළුදෙනාම රැස්වීමක් තියලා මරලා දැම්මාලු..!(නු)
ඒක හරිම විනෝද ජනකයි.. ගොඩක් මිනිසුන් හිතන්නේ මිනිසුන් මරණ එක විසදුමක් කියලාද? අපි සමාජකරණයේ අදුරු පැතිකඩකටද යන්නේ..?(නු)
යෝනු, ඇත්ත තමයි. ඔය මානව හිමිකම් කියන දේ දැන් අපේ රටට කරදරයක් වෙලයි තියෙන්නේ. (නි)
මෙයාලා අතින් මැරුම් කෑව.. දූෂණ්‍ය උන දේපල අහිමි උන මිනිසුන්ට මානව හිමිකම් තිබුණෙ නැද්ද? නැත්නම් ඒය මානවයො නෙවෙයිද?(නු)
මානව හිමිකම් කොමිසම මේ සූදානම් වෙන්නේ අපරාධකරුවන්ට කොලේ වහලා ගහපු නිසා.. ඇයි දන්නෙ නැහැ මේ අයට නීත්‍යානුකූලව එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නෙ..?(නු)
මරණ දඩුවම ඇමරිකාවෙ මැද පෙරදිග චීන ඉන්දුනීසියාවෙ කැනඩා ඇෆ්රිකාවෙ ලෝකෙ ගොඩක් රටවල පාවිච්චි කරයි.. අපි නොකරන්නෙ..?(නු)
මැරුණු සියල්ල අනෙක් අයගේ මානව හිමිකම් උල්ලංඝණය කරපු අයයි.. මේ කොමිසම මොකටද ඒ අයගේ හිමිකම් හොයන්නේ..?(නු)
සුද්දන්නේ කාලෙ හදපු හිරගෙවල් අද හොදටම ඉඩ මදි.. රටේ හැමෝම කැමති මේ අපරාධකරුවන් මරලා දානවාට.. නඩු අහලා මේ අයව පිළිගත්ත ක්‍රමවේදයක් තුල දඩුවම් දෙන්න.. අපරාධකරුවන්ටත් මරණීය වේදනාව දැනෙන්න..!(නු)
අනේ මගේ කට... (නි)
මොවුන් විසින් ඝාතනය කරන ලද හා දේපළ සොරා ගැනීම් සම්බන්ධයෙන් මේ කොමිසම මොකක්ද කළේ? දරුවාව කොනිත්තලා තොටිල්ල හොලවන්න එපා.මෙම ක්‍රියාව 100% නිවැරදියි. මෙවැනි මෙහෙයුම් දිගින් දිගටම සිදුවේවායි කියා ප්‍රාර්ථනා කරමි. අද වතුපිටිවල ඝාතනයක්...මේ කුමක් සදහාද? මෙම ඝාතකයන්ට දෙන දඩුවම? තොටිල්ලේ දමා නැලවීමද? (නි)
අනේ කරුණාකරලා තියෙන වැඩක් බලාගන්න. (නි)
අපේ රටට අපකීර්තියක් නොවන ලෙස..!(නු)
හිරකරුවන්ට අපරාධකරුවන්ට සැප දෙන්නද කියන්නේ.!(නු)
මෙවන් විනාශකාරී අවි භාවිතය තුල අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ලවීමේදී ඇතිවන තත්ත්වයන් පිළිබද නිවැරදි තක්සේරුවක් කළ නොහැක..!(නු)
පාතාල වැඩ හින්දා මානව හිමිකම් නැතිවෙච්ච අය ගැන හොයන්නේ නැද්ද දන්නෙ නැහැ? (නි)