මිනුවන්ගොඩ, හීනටියන පොත්ගුල් විහාරයේ 72 වැනි වාර්ෂික පොසොන් පෙරහර පසුගියදා විදි සංචාරය කළේය.
මෙහි විශේෂත්වය වන්නේ විවිධ සතුන්ගේ නිර්මාණ පනහක් පමණ පෙරහරට එක් කිරීමයි.
මිනුවන්ගොඩ, හීනටියන පොත්ගුල් විහාරයේ 72 වැනි වාර්ෂික පොසොන් පෙරහර පසුගියදා විදි සංචාරය කළේය.
මෙහි විශේෂත්වය වන්නේ විවිධ සතුන්ගේ නිර්මාණ පනහක් පමණ පෙරහරට එක් කිරීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන දර්ශනයක්. ගොඩක් කාලෙකින් දැක්කෙ.මේ වගේ දේවලට දරුවෝ යොමු වෙනකොට ඔවුන්ගේ සිත් මත්පැනට අපරාධ වලට යාම අඩුවෙනවා.ඉතාම හොදයි. (නි)
හරි ලස්සන ,හොද අගේ කළ යුතු වැඩක් (නි)
අපරාදේ සල්ලි. ගමේ ණය ගෙවාගන්න බැරුව කී දෙනෙක් දුක් විඳිනවා ඇතිද? නරකද ලබන පාර මේ සල්ලි එකතුකරලා ගමේ දුප්පත්/පීඩිත මිනිසුන්ට උදව් කරන එක ගැන හිතුවොත්? මේ මල්ලි නංගිලාගේ දුක් පීඩන අඩුකර අපි සතුටු වෙමු. (නි)
ඔය නිර්මාණ කොතෙක් දුරට පෙරහරට යාවිද කියන්න නම් මම දන්නේ නැහැ. නමුත් ඒවා අරගන යන්නේ නම් පාසල් දරුවෝ. ඔය අදහස් ප්‍රකාස කරන අය ඒ වයස් සීමාවට තමන්ගේ හිත අරන් යන්නකෝ. අනේ ඒ ආඩම්බර සතුට විස්තර කරන්න වචන හොයා ගන්න හැකිද? ළමයින්ගේ වැඩ ගැන වැඩිහිටි මනසින් නැතුව ළමා මනසින් හිතන්න.(නදී)
ඉතා හොඳ වැඩක්. මෙය ඉදිරිපත් කරන්න කොපමණ මහන්සි වෙන්න ඇතිද? මේවගේ දේවල් අපි අගේ කරන්න ඕනා ඒ අය දිරිමත් කරන්න ඕනා.(නදී)
මනරම් රැගුමන්, කදිමයි මේ මනුලොව කෙළි මඩුවකි, කැරකි කැරකි පාරේ... (නි)
මෙවැනි දේවල් දිනෙන් දින වැඩිවේවා. සියල්ල සමගි වේවා. සියලුදෙනාටම බුදුන්ගේම සරණ ලැබේවා! (නි)
ඉතාම හොද වැඩක්.(නදී)
සුජිත් ඔය හරි. මම පොඩිකාලේ මේ පෙරහරේ වෙස් නටලා තියෙනවා. අද හරි සතුටක් දැනෙනවා මගේ දරුවොත් ඒ පෙරහැර බලනකොට. ඔය ගොඩක් අය කියලා තියෙනේ දේවල්වල හැටියට සත්තු නොවේ මොන නැටුමක්වත් බුදු දහමට අදාල නැහැ. සතෙක් හදාගෙන පෙරහරේ ගියාට පව් සිද්දවෙන්නේ නැහැනේ. ඒ තුලින් අපේ දරුවන්ගේ ආකල්ප සිතුවිලි ධර්මයට ලැදී කරන්නට උදව් වෙනවා. එක සිල් ඇදුමක් දරුවෙකුට අන්දනවට වඩා ලේසියි. අනේ කරුමක්කාර මිනිසුනි, ඉන්දියාවේ ගැනුන්ගේ හෙලුවෙලි නැටුම්වලට උඩ පනින්නවට වඩා තමන්ගේ රටේ, දරුවන්ගේ දේ අගේ කරන්න පුරුදු වෙයල්ලා.(නදී)
ලස්සනයි.(නදී)
මේ පෙරහැර මම කුඩා කාලයේ (1980 ගනන් වල) ආශාවෙන් නරඹපු පෙරහැරක්. දැන් මගේ දරුවොත් මේ පෙරහැර අශාවෙන් බලනවා. හීනටියන කියන්නෙ මැරකම් වලට ප්‍රසිද්ධ ගමක් (සමාවෙන්න අපහාස කරනවා නෙමේ) අපි කුඩා කාලයේ නිකමටවත් මේ ගම මැදින් යන්නෙ නැහැ. හීනටියන කියන නමට ඒ තරම් බයයි.මෙවැනි ගමක් පාලනය කරගෙන, පිහියෙන් ඇනලා තවත් මිනිහෙක් මරන්න පසුබට නොවෙන පුද්ගලයෙක්ව ධර්මය කරා පොලඹවාගෙන මේ වගේ පෙරහැරක් නිර්මාණය කරපු හීනටියන හිටපු නායක ස්වාමින් වහන්සේට පින් ප්‍රාර්තනා කරන්න ඕනෑ. සත්තු සැරසිලි කොතරම් බුදු දහමට අදාලද දන්නෙ නැහැ. මාස ගානක් තිස්සෙ මේ වගේ සත්ව රූපයක් ලස්ස්සනට හදාගෙන හැතැම්ම ගානක් බයිසිකල් පැදගෙන පෙරහැරට සහභාගී වෙන එකම මදිද? (නි)
ඉස්සර හීනටියන කියද්දී මිනිස්සු බයවෙනවා. දැන් මේක දැක්කහම හිතෙනවා ඒවා වෙනස් වෙලා කියලා (නි)
අති සාර්ථක දෙයක්. ලස්සනයි. (නි)
ගොඩක් කාලෙකින් දැක්කෙ.සංස්කෘතික අංග පෙරහැරකට එකතු වුනහම බොහොම ලස්සන දර්ශනයක්. (නි)
ප්‍රසන්න වගේ මෝඩයෙක්... නච්ච ගීත වාදිත විසූක දස්සන තියෙන්නේ අට සිල්වල. ප්‍රසන්න දන්න බුදු දහම (නි)
බොහොම ලස්සනයි. කුඩු, ගංජා , අරක්කු බීලා තමන්වම විනාශ කරගන්න තරුණයෝ ඉන්න රටේ මේ තරුණ පරපුර රටට ආදර්ශයක්.මේ තරුණ පරම්පරාවට මග පෙන්නපු වැඩිහිටින්ටත් අපගේ ප්‍රණාමය! (නි)
නච්ච ගීත වාදිත විසූක දස්සන අනේ බුදුදහමට ගිය කල (අ)
ඇත්තටම අගය කළ යූතූමයි. හරිම ලස්සනයි. විශිෂ්ටයි. සන්විධානය කළ සැමටත් ලංකාදීප පූවත්පතේ නිළධාරින්ටත් ස්තූතියි. (නි)
ඉස්සර පෙරහැර වල අලි ඇතුන් ගෙන ගියා. ඒකත් වෙනස් වෙලා.දැන් යන්නේ හරක් වගේ හදපු රූප. සමහර සත්තු මොකුන්ද නොදනිමි. පෙරහරත් වෙනස් වෙලා කාලයත් සමග. මෙහි බුදුදහමට ඇති සම්බන්ධය කුමක්ද නොදනිමි. බුදුරජාණන් වහන්සේ මේවා දැක්කොත් මොනවා සිතාවිද? මේවා හොඳයි සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. බුදුදහම දියුණු වීමක් මෙහි නැත. කීදෙනෙක් මෙතන බුදුදහම ගෙන සිතනවද කියා සිතා ගන්න අමරුයි (නි)
හරිම ලස්සන පෙරහැරක්. මොනතරම් මහන්සි වෙන්න ඇද්ද? අවුරුද්දක් පාසා මේ පෙරහැර කරගන යාමට මේ හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ඇත්තටම හරී.....ම ලස්සනයි. මට ලියන්න අකුරු ගලපා ගන්න බැහැ. මේ මල් වගේ ලස්සන දරු පැටවුන්ගේ ,වැඩිහිටියන්ගේ වටිනා අනාගත හැමෝම අගයකල යුතුයි. අකාලයේ මියැදෙන්නේ මේ තරම් දක්ෂ ළමයි නේද ? අනේ දෙවියනේ, අපේ රටට ,අසරණ මිනිසුන්ගේ ජීවිත වලට සැනසීම , සතුට උතුම් මිනිස්කම් වලින් , ඔව්න්ගේ ජීවිත පිරිලා ඉතිරිලා යන්න ශක්තිය ධෛර්ර්ය ලැබේවා! මගේ රටට දළදා හිමිසරනයි! (නි)
මෙම නිර්මාණ සංකල්පය ඉතා ඉහලින්ම අගය කරමි. ඒවා නිර්මාණය කළ ඇත්තෝ සුවපත් වේවා! නමුත් මෙම අංගය බෞද්ධ පෙරහරකට සුදුසුද? කියලා දෙවරක් සිතා බැලිය යුත්තකි. (නි)
නැට්ටුවෝයි බෙරකාරයෝයි ගහ ගත්තා කිවුවේ මේ පෙරහැරේද? (නි)
මොකද්ද සත්තු එකතු කරන එකේ තේරුම? (නි)
කොයිතරම් ලස්සනද සිංහල බෞද්ධ සංස්කෘතික අංග පෙරහැරකට එකතු වුනහම. මේ බෞද්ධ රට රැකගන්න බොදුබල සේනා කරන සේවය විවේචනය කරමින් සිංහල බෞද්ධ රට රැකගන්න එකතු නොවන අයගේ අනාගතය අදුරු වේවී. (නි)
විශිෂ්ටයි. ආයේ කතා දෙකක් නැහැ (නි)
ඉතාම හොද වැඩක් (නි)
අමුතු ඇඳුම් ඇද හඬවන රබානකි අතේ, පොලවේ ඉඳල අඩි 10 ක් විතර උස ඇතේ, විදුලි වයරේ කකුල වැදෙයි කියල බය හිතේ, බොරු කකුල් කාරයෙක් එන්නේ අන්න අර පුතේ... (නි)
අගය කළ යුතු වැඩක්. කොහොම ස්තූති කරන්නද මන්දා. ඉදිරියටත් මේ වගේ කරන්න වාසනාව ලැබේවා! (නි)
ඔක්කොම සත්තු හරිම ලස්සනයි. ඒත් හරකා තමයි වැඩියෙන්ම සුන්දර. (නි)
ඉතා හොදයි (නි)