වැලිවේරියේ ළිං ජල ප්‍රශ්නය හා යුද හමුදාව සමඟ පැවති ගැටුමේදී මිය ගිය තිදෙනා සම්බන්ධ කරුණු කාරනා ගැන මානව හිමිකම් කොමිසම මහජන නියෝජියන් හමු වීමට යයි.
කොමසාරි ආචාර් ප්‍රතිභා මහානාමහේවා පවසනුයේ රතුපස්වල හා අවට ජනයාගේ පානීය ජල පසුබිම ගැන ප්‍රදේශයේ පුජ්‍යපක්ෂ නායකයන් , සමිති සංවිධාන හා මහජනයා සමඟ සකච්ඡා කැර අදාළ බලධරයනට නිර්දේශ නිකුත් කිරීමට අදහස් කරන බව කොමසාරිස් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිභා, ඔයා කව්ද කියල මුළු රටම දන්නවා. ඔයා ආණ්ඩුවේ ඒජන්තයෙක්.(නදී)
මිනී කාක්කන්ට වලංගු නැහැ කිව්වට මිනී කාක්කෝ පැන පැන දෙනවා..(අ)
සත්‍යපාල මහත්තයෝ, ඇත්තටම එහෙම වෙලාද? (නි)
මානව හිමිකම් කොමිසම මගින් වැලිවේරිය ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇත්දැයි සොයා බැලීම පොදුවේ සියලුම රට වැසියට වැදගත් වේ. නිර්දේශ ඉදිරිපත් කර ප්‍රශ්න අමතක වූ කල්හි අමතක කර දැමීමට නොව රටෙහි කොතැනක සිදුවුඋවත් පුර්වාදර්ශයක් ලෙස ගත හැකි නිසාය. සිතීමේ නිදහසත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් නැවත අර්ථ දැක්වීමෙන් විධායකයේ බලපෑමෙන් මහජනතාවට වන පීඩා අවම කර ගැනීමට එම අර්ථ දැක්වීම වඩා වැදගත් වනු ඇත. මෙහිදී මූලික මිනිස් අයිතිවාසිකම් ගැන සාකච්චා කල යුතුය. ජීවත් වීම සඳහා යහපත් පරිසරයක් සදා ගැනීමට ඉදිරිපත් කරන අදහස් දැක්වීම බලය යොදා සීමා කිරීම පැහැදිලිවම මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංගනය කිරීමක් වන නිසා ඒ පිලිබඳ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පොදුවේ රටෙහිම වැසියන්ගේ යහපත සඳහා ඇතිවන ප්‍රවනතාවයක් ලෙස සැලකිය යුතුය. මූලික අයිතිවසිකමකට පසුව අනෙක් අයිතිවාසිකම් එයි. එක් ජන කොට්ඨාශයක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලන්ගන්ය වෙද්දී වඩා සුළු (උද්ගෝෂණයක් නිසා මාර්ගයක් අවහිර වීම නිසා ප්‍රමාදවීම වැනි) අයිතිවාසිකමක් ගැන ඉල්ලා සිටීමත් විහිළුවක් වැනිය. (ත)
බන්දුල මහත්තයෝ,මනෝජ් අභයදීරත් ඔයවගේ කඩේ යනකෙනෙක් (අ)
ලංකාවට ආවසියක්නේ එතකොට (දී)
ප්‍රතිබා වැඩේ ගානට අල කරයි.(නදී)
ඔන්න වැඩේ වැරදුන තැන
බල බල හිටියෙත් පොටක් පෑදෙනකල්
ලංකාවේ මානව හිමිකම් කොමිසම කියන්නේ හරියටම කියනවනම් සිංහ සමාජය වගේ. ලෝකයෙන් ලැබෙන කෝටි ගණනින් මුදල්වලින් තරු පහේ හෝටලයක් බූක් කරලා මුළු පවුලම හොදට කාල බීලා නටලා යන්නේ. අන්තිමට අසරණ මිනිසුන් වෙනුවෙන් කරපු දෙයක් නැහැ.(නදී)
ඉස්සර යුද්දය තිබුන කාලේදී සමහරු ලිව්වා ජෙනරාල් සරත් පොන්සේකා කියන්නේ ලෝකයේ හිටිය දක්ෂම හමුදා නායකයා කියලා. කොටින්ම මාස්ටර් මොළ කාරයා ඔහුයි. දැන් යුද්දය ගැන ලියවෙනවා. රට නිදහස් කර ගත්තු එක ගැනත් ලියවෙනවා. ඇත්ත ජෙනරල් එස්.එෆ් ඒ ගැන වචනයක්වත් පල නොකළේ ඇයි?(නදී)
ඔය සති අන්ත සමහර පුවත්පත් වල ලියන ගොඩ දෙනෙක් සත්‍ය ලියන මාධ්‍යවේදීන් නෙමෙයි. ඔවුන්ට රටේ මොළ හෝදනවට දහසින් බැදී පියලි වලින් ලැබෙනවා වගේම සති අන්තයේ තමන් කැමති හොටලේක පවුලත් සමග විනෝද වීමට අවස්තාව ලැබෙනවා. කවදාවත් මුහුදු වතුර බොන්න වෙන්නේ නැති රක්සාවක් එයාලා කරන්නේ. ඔහේ වගේ මෝඩයෙක් එයාලගේ ලිපි කියෙව්වට මොලේ තියෙන මිනිහෙක් ලිපියේ අග කව්ද කියල බලල ලිපිය කියවීම පවා ප්‍රතික්ෂේප කරනවා. කරුණා කරලා මෙය ඵලකරන්න.(නදී)
සැම්සන් 2013-08-11 16:50:53 රතුපස්වලට ගහන්න හමුදාව යවන්න අණ දුන්නේ කවුද? හමුදාව කැරළි මර්ධනයට යොදා ගැනීමට නම් හදිසි නීතිය තිබිය යුතුය! හමුදාවට කැරළි මර්ධනය සඳහා අවශ්‍ය වන රබර් උන්ඩ දැමිය හැකි තුවක්කු නොමැත! හමුදාව යවා මුලු හමුදාවම අපකීර්තියට පත්කළේ කවුද? හමුදාවේ අවම අවිය ටී 56ද? ඔවුන්ට වෙඩි තැබීමට තරම් දුරදිග යාමට ඇතිවූ බලපෑම කුමක්ද? මේ සඳහා යැවීමට කැරලි මර්ධන කණ්ඩායම් නොසිටියේද? රතුපස්වල ඇතිවූයේ කැරැල්ලක්ද? රතුපස්වල ඇති කර්මාන්තශාලාව වෙනුවෙන් කඩේ යන්නන්ට ජනතාව ගැන කැක්කුමක් නැත්තේ ඇයි? කර්මාන්ත ශාලාව ගැන මේ තරම් ඇති කැක්කුම කුමක්ද? මේ ගැටුම පිටුපස කර්මාන්තශාලාවෙන් 2013 වසරේ ජනවාරි මස දොට්ට දැමූ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිටියාද? පල්ලියේ පියතුමන්ට හා පූජකවරියන්ට පහර දුන් බවත් ඔවුන්ගේ පපුවට තුවක්කු එල්ල කර තරජනය කළ බවත් වාර්ථා නොකරන්නේ ඇයි? මුදල් සහ බලය ඉදිරියේ බොහෝ ජනමාධ්‍ය නැමෙන බව ජනතාව දනී. ජනතාව විසින් ජනමාධ්‍ය, බලය ඇත්තන්, සල්ලි ඇත්තන් හා ආයුධ අතැත්තන් පිළිකුල් කරමින් සිටී.(නදී)
සත්‍යපාල මහත්තයා,ඉවසලා ඉන්න (නි)
මේ ප්‍රශ්න දිහා සදාරනව මධ්‍යස්තව බලන අදහස් දාන අයගෙන් ඉල්ලනවා සති අන්ත පුවත් පතක මනෝජ් අබයදීර කියන මාධ්‍ය වේදියා ලියලා තියෙන ලිපිය කියවන්න කියලා. සැම්සන්ට ඇසලට අවශ්‍ය උත්තරය එතන තියෙනවා. මිනී කාක්කන්ට වලංගු නැත.(නදී)
පිස්සු කතා කරන්න එපා. සමාගම දැන්මම යන්නේ නැහැ. (නදී)
රතුපස්වලට ගහන්න හමුදාව යවන්න අණ දුන්නේ කවුද? හමුදාව කැරළි මර්ධනයට යොදා ගැනීමට නම් හදිසි නීතිය තිබිය යුතුය! හමුදාවට කැරළි මර්ධනය සඳහා අවශ්‍ය වන රබර් උන්ඩ දැමිය හැකි තුවක්කු නොමැත! හමුදාව යවා මුලු හමුදාවම අපකීර්තියට පත්කළේ කවුද? හමුදාවේ අවම අවිය ටී 56ද? ඔවුන්ට වෙඩි තැබීමට තරම් දුරදිග යාමට ඇතිවූ බලපෑම කුමක්ද? මේ සඳහා යැවීමට කැරලි මර්ධන කණ්ඩායම් නොසිටියේද? රතුපස්වල ඇතිවූයේ කැරැල්ලක්ද? රතුපස්වල ඇති කර්මාන්තශාලාව වෙනුවෙන් කඩේ යන්නන්ට ජනතාව ගැන කැක්කුමක් නැත්තේ ඇයි? කර්මාන්ත ශාලාව ගැන මේ තරම් ඇති කැක්කුම කුමක්ද? මේ ගැටුම පිටුපස කර්මාන්තශාලාවෙන් 2013 වසරේ ජනවාරි මස දොට්ට දැමූ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිටියාද? පල්ලියේ පියතුමන්ට හා පූජකවරියන්ට පහර දුන් බවත් ඔවුන්ගේ පපුවට තුවක්කු එල්ල කර තරජනය කළ බවත් වාර්ථා නොකරන්නේ ඇයි? ජනමාධ්‍ය එහිදී ගුටි කෑවේ යැයි හොටු පෙරමින් හඬති. ඔවුන්ට එය වාර්ථා කිරීමට නිදහස ලබාදී තිබුනේ නම් මෙම සිද්ධිය අගක් මුලක් නෑර කපන්නේ කොටන්නේ නැතිව ඇත්ත ඇති හැටියේ වාර්ථා කරයිද? මුදල් සහ බලය ඉදිරියේ බොහෝ ජනමාධ්‍ය නැමෙන බව ජනතාව දනී. ජනතාව විසින් ජනමාධ්‍ය, බලය ඇත්තන්, සල්ලි ඇත්තන් හා ආයුධ අතැත්තන් පිළිකුල් කරමින් සිටී.(නදී)
මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්. "ලග්ගලදී වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක ගැටී මව-පුතු මියයෑමෙන් පසු ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට මැදිහත් වුණු තරුණයන් සොයා ලග්ගල පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එසේ පොලිස් අත්අඩංගුවට ගැනුණු තරුණයකුට සිදුකර ඇති පහරදීමක් හේතුවෙන් එම තරුණයා අසාධ්‍ය තත්ත්වයෙන් මාතලේ මූලික රෝහල වෙත ඇතුළත් කොට ඇත. ලග්ගල, කළුගඟ, හත්තොට අමුණ පදිංචි ඒ. එම්. නිලන්ත බණ්ඩාර (25) යන අය මෙසේ රෝහල් ගතකර තිබේ. ඉකුත් 8 වැනිදා ලග්ගල පොලිසියෙන් දැනුම් දුන්නා ප්‍රකාශයක් සටහන් කරගන්න පොලිසියට එන්න කියලා. ගිය ගමන් මගේ හිසට, පපු පෙදෙසට, පිටට, යටිපතුල්වලට හොඳටම පහරදීලා ඇහුවා උද්ඝෝෂණයට සම්බන්ධයක් තියෙනවාද කියලා. මම නැහැ කිව්වා. ඊට පස්සේ පොලිස් කූඩුවට දැම්මා. රාත්‍රියේ ෂොපින් බෑගයකට පෙට්රල් දාලා ඒකෙන් මගේ මූණ වැහුවා. මම මැරෙන්න යනවා කියලා කෑගැහුවා. ඊට පස්සේ ඒක ගලවල දාලා මාව ජීප් එකේ දාගෙන කළු ගඟට අරන් ගිහිල්ලා ගඟට දාන්න උත්සාහ කළා." පසුදා මාව නාඋල අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී ශරීර ඇප මත මුදාහැරියා. ක්ලාන්තය, හිස කරකැවිල්ල, වමනය, ශරීරයේ වූ දැඩි වේදනාව නිසා හත්තොට අමුණ රෝහලට ඇතුළු වුණා. එතැනින් මාතලේ රෝහලට මාරු කළා."(නදී)
මෙතෙන මේ උද්ඝෝෂණය මෙහෙයෙව්වේ කවුද කියන එක නොවේ ප්‍රශ්නය. මොකද මිනිස්සු උද්ඝෝෂණය කලේ කියලා හොයන්න. කව්රුත් දන්නවා ලක්ෂ සංඛ්‍යාත දරුවන් මෙන්ම වැඩිහිටියන් පීඩා විදින ආකාරය. බොරුවට දැන් කව්රුත් තොත්ත බබාලා වෙන්න හදනවා. අසරණ මින්ස්සු වෙඩි තියලා පොලු මුගුරු වලින් ගහලා, පල්ලියට ගිහින් ගහලා, දන ගස්සවලා තුවක්කු බටවල් වලින් ගහලා. පාරවල් දිගට ලේ පෙල්ලම්. අපේ සිංහල මිනිස්සුන්ට මෙහෙම කරනවානම් අර ද්‍රවිඩ යට කොහොම කරන්න ඇතිද? මේ සම්බන්ධව සැවොම හොයලා පෝරකේට යවන්න ඕනි. වීර හමුදාවේ නම කෙලෙසුවා. මිනිසුන්ගේ ආදරය අනුකම්පාව නැවත ලැබෙන්නේ නැහැ. සමහර අය කියනවා හමුදාව වෙඩි තිබ්බේ ආත්ම ආරක්ෂාවට කියලා. ඒ මිනිස්සු බාල මහලු තරුණ අය අතේ ආයුද තිබුනේ නැහැ. හැම තැනදීම ඔය කතා කියන්නේ අහිංසකයෝ මරලා.(නදී)
අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම. දැන් බොරුවට හේතු හෙයනවා.(නදී)
ඇසල මල්ලි..මේ මානව හිමිකම් ඔක්කොම මෙයාලට විතරද?..එතකොට පාර දෙපැත්තේ හිර කරන් හිටපු මිනිස්සුන්ට එහෙම හිමිකමක් නැද්ද? .හමුදාව වෙඩි තිබ්බ එක ගැන හොයනවා වගේම මිනිස්සුන්ට හිරි හැර පීඩා ගෙන දෙන විදියට මානව හිමිකම් කඩ වෙන විදියට මේ උද්ඝෝෂණය මෙහෙයවපු උන් ගැනත් හොයන්න..හමුදාව වෙඩි තිබ්බේ ආසාවට නෙමෙයි ..තමන්ගේ ජීවිත බේර ගන්න. එතරම් තත්වයක් එතන ඇති කරපු මරණ කීපෙකට වග කිව යුතු අය කොහොමද අද නිදහසේ ඉන්නේ කියන එකය් අපේ ප්‍රශ්නය.
තමන් හැමදාම බීපු වතුර වල වෙනසක් දැනුනම ඒකට උද්ඝෝෂණය කරන්න කව්රුත් උගන්නන ඕනෙද?අපිට නොමිලේ ලැබුනේ වතුර ටික විතරයි. (ස)
ප්‍රතිභා ශ්‍රී ලංකික ජනතාව මෝඩයා කරන්න ඔයාට බෑ. මම දන්නවා ඔයා කව්ද කියල. (ස)
මෙතන වෙලා තියන ප්‍රශ්නය මුලික හේතුව නොසොයන එකයි. කවුද මේ උද්ගෝෂණ මෙහෙයුවේ. (නි)
පව් උතුරු මැද, වයඹ පළාත්වල වකුගඩු රෝගී රට වැසියන්. මානව හිමිකම් හොයන්න බලන්න යන්න දුර වැඩි ද? බොරුවට නිදන් ඉන්න අය ඇහැරවන්න කවදාවත් බැහැ.(නදී)
සමාගමට වැඩි ආයුෂ නැහැ.(නදී)
ඔක්කොම ජිනීවා යැවුවා නම් හරි (නි)
දැන් සකලවිධ ප්‍රශ්නනිවාරණය වෙයි. බය වෙන්න එපා.නිර්දේශ ආ ගමන් ක්‍රියාත්මක වෙයි.ජනතාව ගොඩ. (නි)
මෙතන ජනතාව හැසිරුණ විදියේ ප්‍රශ්නයකුත් තියනවා, එහෙත් මේ ප්‍රශ්නේ මේ තරම් ඔඩු දුවන්න දෙන්නේ නැතුව විසදලා දෙන එක ප්‍රදේශයේ දේශපාලයක්න්ගේ වගකීම.විශේෂයෙන් ප්‍රාදේශීය දේශපාලුවන්ගේ වගකීම නම් ජනතාවගේ සල්ලි වලින් තමන්ගේ මඩිය තර කර ගන්නේ නැතුව මේ වගේ පොඩි ප්‍රශ්ණ වලට මැදිහත් වෙලා හොද විසදුමක් ලබලා දෙන එක. මේ ප්‍රශ්නයේ සම්පුර්ණ වගකීම ගන්න ඕනෑ, ප්‍රදේශයේ දේශපාලකයන් , සහ මුරණ්ඩු ලෙස වැඩ කළ සමහරක් ගම්වැසියන්. (නි)
නිර්දේශ දෙන හැටි බලමුකෝ දැන්. (නි)
ඔබතුමා ගැන අපි දන්නවා (නි)
රතුපස්වලට ගහන්න හමුදාව යවන්න අණ දුන්නේ කවුද? හමුදාව කැරළි මර්ධනයට යොදා ගැනීමට නම් හදිසි නීතිය තිබිය යුතුය! හමුදාවට කැරළි මර්ධනය සඳහා අවශ්‍ය වන රබර් උන්ඩ දැමිය හැකි තුවක්කු නොමැත! හමුදාව යවා මුලු හමුදාවම අපකීර්තියට පත්කළේ කවුද? හමුදාවේ අවම අවිය ටී 56ද? ඔවුන්ට වෙඩි තැබීමට තරම් දුරදිග යාමට ඇතිවූ බලපෑම කුමක්ද? මේ සඳහා යැවීමට කැරලි මර්ධන කණ්ඩායම් නොසිටියේද? රතුපස්වල ඇතිවූයේ කැරැල්ලක්ද? රතුපස්වල ඇති කර්මාන්තශාලාව වෙනුවෙන් කඩේ යන්නන්ට ජනතාව ගැන කැක්කුමක් නැත්තේ ඇයි? කර්මාන්ත ශාලාව ගැන මේ තරම් ඇති කැක්කුම කුමක්ද? මේ ගැටුම පිටුපස කර්මාන්තශාලාවෙන් 2013 වසරේ ජනවාරි මස දොට්ට දැමූ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිටියාද? පල්ලියේ පියතුමන්ට හා පූජකවරියන්ට පහර දුන් බවත් ඔවුන්ගේ පපුවට තුවක්කු එල්ල කර තරජනය කළ බවත් වාර්ථා නොකරන්නේ ඇයි? ජනමාධ්‍ය එහිදී ගුටි කෑවේ යැයි හොටු පෙරමින් හඬති. ඔවුන්ට එය වාර්ථා කිරීමට නිදහස ලබාදී තිබුනේ නම් මෙම සිද්ධිය අගක් මුලක් නෑර කපන්නේ කොටන්නේ නැතිව ඇත්ත ඇති හැටියේ වාර්ථා කරයිද? මුදල් සහ බලය ඉදිරියේ බොහෝ ජනමාධ්‍ය නැමෙන බව ජනතාව දනී. ජනතාව විසින් ජනමාධ්‍ය, බලය ඇත්තන්, සල්ලි ඇත්තන් හා ආයුධ අතැත්තන් පිළිකුල් කරමින් සිටී.(නදී)