ගල් ගසා බරපතල තුවාල සිදු කළ පිඹුරකුට බෙහෙත් කර වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට තරුණ සත්වවේදීයෙක් සැරැසෙයි.
මිය යෑමට ආසන්නව සිටි මේ පිඹුරා අඩි අටක් පමණ දිගය.වයස අවුරුදු අටක් පමණ වේ. ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජික චාමින්ද ලක්ෂාන් මේ පිංකම කළ පුද්ගලයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිඹුරා කියන නමයි, උගේ විශාලත්වයයි නිසා මිනිස්සු ඌට බයයි. ඒ වුණාට අනේ ඌ හරිම අහිංසක සතෙක්. ඌ ස්වභාවිකව මාංස භක්ෂක සතෙක්. ඒ වුණාට ඌ මරන්න එපා කවදාවත්. (ස)
සොයුර ඔබට උපනුපන් ජාති ජාති මේ පින පලදේවා..(අ)
ඇති යන්තම් නරක කෙනෙකුට අහු නොවී පිඹුරා මෙහෙම මහත්තයෙකුට හමු වුණේ.....(දී)
මොන බෙහෙත්ද? ඇති තම්බලා නොකාපු එක (නි)
චාමින්ද ලක්ෂාන් මල්ලි ,ගොඩක් පින් ඔයාට. (නි)
ඉතාම වටිනා සේවයක් මේ කරන්නේ. අද කාලේ මිනිස් ගතිගුණ නැතිවෙමින් යද්දී මෙහෙම දේවල් කරන අය ගැන අහන්න ලැබීමත් වාසනාවක්. (ස)
ආදර්ශමත් වැඩක්. (නදී)
බලාගෙන සමහර විට ඔය පිඹුරා මගේ කියලා නළඟනුන් එයි ඉල්ලගෙන. (ස)
ලෝකය දියුණු වුණාට ලංකාවේ වැදී යුගයේ මිනිස්සු ඉන්නවා ..සතෙක් දුටු තැන ගහලා මරනවා ..පන්සිලුත් ගන්නවා. (ස)
අනේ වාසනාවන් මල්ලි. (ස)
නියමයි.. මම දන්නේ නැහැ ඇයි මිනිස්සු මේ වගේ සත්තුන්ට ගල් ගහලා කරදර කරන්නේ කියලා. ඔය කැලේකට අතාරින්න පුළුවන්නේ. (ස)
ඔයා නියම මනුස්සයෙක්.(නදී)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද. දෙවි දේවතාවන් දිව්‍යාංගනාවන් ඇත. (ස)
ඔබට දීර්ඝායුෂ සොයුර තවත් මෙවන් පුත්රුවන් ලක්මවට ලැබේවා (දී)
නියමයි නියමයි . මෝඩ මිනිස්සු මේ සත්තු මරණ කාලෙක ඔබ කරන්නේ ඉතාම හොද වැඩක් . තව කාලෙකින් මේ සත්තු එකෙක්වත් අපිට දැක ගන්න ලබෙන්නේ නැහැ මේගොලලන්ව ආරක්ෂා කරගන්න . (දී) ඔබට පින් .
කරුණාබර හදවතක් ඇති ඔබටත් පවුලේ අයටත් යහපතක්ම වේවා. (නදී)
තවත් හොඳ මිනිසෙක් ඔබට පින් (ස)
ගම්වල සමහර මිනිස්සු ළඟ බෝසත් ගති තියෙනවා තාමත්.මේ දයාව ආරක්ෂා කර ගන්න, පතුරන්න, අමාරුම නම් ඔබලාට යහපතක්ම වේවා. (ස)
හොද වැඩක් . ඔබ ඉතාමත් නිහතමානි (දී)
ගොඩක් පින් තෙරුවන් සරණ ඔබ සියලු දෙනාට !!! (ස)
ඔබට පින්, ජීවිතය කාගේ වුනත් එහි වටිනාකම මිල කළ නොහැකියි. (ස)
හොඳ වැඩක්. (ස)