IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මිනිහාත් අලියාත් අලි අමාරුවේ : වැලිකන්දට බොන්න වතුරත් නෑ

බීමට දිය පොදක් නැතිව ළතැවෙන පොළොන්නරුව වැලිකන්දේ ගම්වැසියන් කබලෙන් ලිපට වැටී ඇත්තේ ජලය සොයා ගම්මානය දෙසට ඇදෙන වල් අලින්ගෙන් බේරීමට අමතර වෙහෙසක් දැරීමට සිදුවන නිසාය.

‘‘අලි වැටක් තිබුණත් වතුර නැති නිසා අලිවැට අර්ත් වෙන්නේ නෑ. ඉතින් ගම්මානයට අලි එනවා.̎ යැයි සිංහපුර ගොවි සංවිධානයේ සභාපති වික්‍රම රාජපක්ෂ මහතා කීවේය.

කොළඹ සිට කිලෝමීටර 256ක් දුරින් පිහිටි වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම සේවා වසම් 23කින් සමන්විතය. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය තොරතුරුවලට අනුව එම කොට්ඨාසයේ ජලය නැතිව පීඩා විදින සංඛ්‍යාව 29248 දෙනෙකි.

යුද්ධය නිසා දෙවතාවක් වැලිකන්ද අතහැර ගියත් 1992 වසරේ සිට වැලිකන්ද මහවැලිතැන්න ගම්මානයේ ජීවත් වන අයි එල් එම් හනීෆාගේ වත්ත පමණක් නොව වත්තේ ඇති ළිඳ ද  පැළිවලම් පැලී ඇත්තේ තුන් මාසයක සිට පවතින වැසි රහිත වියළි කාලගුණය නිසාය. හනීෆා සහ ඔහුගේ බිරිය එම් පාතුම්මා මෙන්ම­ මහවැලිතැන්න ගම්මානයම ජලය සපයා ගන්නේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ මෙහෙයවීමෙන් බෙදා හරින ජල බවුසරයෙන් ලැබෙන ජල ලීටර කිහිපයෙනි.

‘යුද්ධය නිසා දෙතුන් පාරක් ගම දාලා ගිය අපිට දැන් වතුර නැතිව ඊටත් වඩා පීඩාවක් විදින්න වෙලා තියෙන්නේ. ළිදත් වතුර නැතිව පැළිලා. පායන නිසා ඉන්න බෑ රස්නෙයි. හැම අවුරුද්දෙම මෙහෙම තමයි. හැබැයි මේ අවුරුද්දෙ ටිකක් දරුණුවට බලපාලා තියෙන්නේ. හම්බෙන වතුර ටික ගෑවෙන්නත් මදි.‘ යැයි එම් පාතුම්මා (59) කීවාය.

වැලිකන්දේ සිට මහවැලිතැන්න ගම්මානය බලා කිලෝමීටර තිහක් පමණ යද්දී දෙපසින්ම පෙනෙන්නේ වියළී ගිය කුඹුරු සහ ජලය හිදුණු ඇල පාරවල්ය. අතරින් පතර කටු මැටි ගෙවල්ය. අධික පෑවුමට ඔරොත්තු දෙන ගස් කොළන් කිහිපයක් පමණක් ඉතිරිව තිබුණත් ප්‍රදේශයේ බොහෝ ගස්වල කොළ නැත. ඇත්තේ කොළ හැලී ගිය අතු රිකිලි පමණි. නිවාස දහයක් පහළොවක් පාසා පාර අයිනේ කුඩා වතුර ටැංකි තබා තිබිණි. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ මෙහෙයවීමෙන් දිනකට රුපියල් ලක්ෂයක් පමණ වියදම් කර බෙදා හරින බවුසර ජලය එකතු කර ගැනීමටය.

පොළොන්නරුව ගල්ලෑල්ලෙන් ජලය පුරවා ගන්නා ලොකු බවුසර එතැන් සිට  ගම්මානවලට යෑමට කිලෝමීටර 55ක් දුර ආවත් ඇතැම් ගම්මානවල අතුරු පාරවල් පටු නිසා බවුසර යෑම අසීරුය. වැලිකන්දේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 28 සදහාම ඇත්තේ ජල බවුසර 16ක් පමණි. ඒවාද සපයාගෙන ඇත්තේ ඉතා අපහසුවෙනි. කිලෝමීටර 55ක් පමණ දුර පැමිණ ජලය බෙදා නැවත ගොස් ජලය ලබා ගැනීම අසීරු කාර්යයක් බව  ජල බවුසර රියදුරකු කීවේය. ‘දුර වැඩි නිසා දවසට එක බවුසරයකින් වතුර බෙදන්න ලැබෙන්නේ දෙපාරක් විතරයි.‘ යැයි එම රියදුරා සදහන් කළේය. වතුර බවුසරයෙන් දෙවරක් වතුර බෙදීමට නම් එම බවුසරය යා යුතු මුළු දුර කිලෝමීටර 220කි.

කුඩා ළමයින් සිටින පවුල්වලට ජල ගැටළුව වඩාත් තදින් බලපාන බව මහවැලිතැන්නේ සමන් මහතා පැවසීය. ඔහු දෙදෙරු පියෙකි. වී ගොවිතැනෙන් ජීවත් වන ඔහු මේ දිනවල දිවි ගෙවන්නේ දැඩි අපහසුවෙනි. ‘අපි ගොවිතැන් කරනවා. දැන් පායන නිසා ගොවිතැන් කරන්න බෑ. වතුර නැති නිසා වතුර හොයාගෙන අලි එනවා. රෑකට අසනීපයක් වුණොත් බෙහෙත් ගන්න යන්න කිලෝමීටර තිහක් පමණ යන්න ඕනෑ. අලි ගහන නිසා යන්න බෑ. කළින් දවසේ උදෙත් දොර අරිද්දී අලියෙක් දොරකොඩ. අපි හරිම බයෙන් දැන් ජීවත් වෙන්නේ.‘ යැයි සමන් කීවේය.

දවස් දෙක තුනකට වරක් මහවැලිතැන්නේ වැවට ජලය සපයනුයේ ගම්වැසියන්ට දිය නෑම සදහාය. එනමුත් කැලේ වැව් රැසක් හිදී ගොස් ඇති නිසා ජලය සොයා වැවට අලි ඇතුන් ඇදෙන හෙයින් දිය නෑම අවධානම් සහගත බව ගැමියෙක් පැවසීය.

වනජීවී ආරංචි කියනුයේ වැලිකන්ද කොට්ඨාසය ආශ්‍රිතව අලි ඇතුන් 400ක් පමණ සිටින බවයි.

මහවැලිතැන්නට අප යන අවස්ථාවේදී වියළී ගිය කැළය පැත්තේ සිට විසි දෙනකුගෙන් පමණ සමන්විත අලි රංචුවක් වැවට පැමිණ දිය බී යළි කැළය දෙසට යනු දක්නට ලැබිණි. එම අලි රංචුව පැමිණෙන්නේ ත්‍රිකෝණමඩු රක්ෂිතය දෙස සිට බව ගම්වැසියෙක් කීවේය.

ගම්මානය හා වනාන්තරය වෙන් කරමින් රුපියල් ලක්ෂ 2800ක වියදමින් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයෙන් කිලෝමීටර 29ක පමණ අලි කොරිඩෝවක් මෑතකදී ඉදි කළේය. ත්‍රිකෝණමඩු රක්ෂිතයත් මාදුරුඔය රක්ෂිතයත් යා කරමින් එම අලි කොරිඩෝව ඉදි කර ඇතත් ගම්මානයට පැමිණි අලි තවමත් එම කොරිඩෝවට පලවා හැර නැතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ප්‍රකාශකයෙක් කීවේය. ඒ සදහා තවත් කාලයක් ගත වනු ඇතැයි ඔහු කීවේය.

ජලය වෙනුවට දූවිල්ලෙන් නැහැවෙන වැලිකන්දේ ප්‍රාදේශීය ලේකම්වරයා හර්ෂ බණ්ඩාර මහතාය. ප්‍රදේශයට ජලය සපයා දීමට මේ දිනවල දැඩි වෙහෙසක් ගන්නා බණ්ඩාර මහතා කීවේ ප්‍රදේශයේ ජල උල්පත් අඩු බවයි. ඇත්තේ ඉහළ ප්‍රදේශවලින් එන ජලය බව ඔහු සදහන් කළේය.

‘මාදුරුඔය ජලාශයෙන් තමයි වැඩිපුරම මේ ප්‍රදේශයට ජලය එන්නේ. වී වගාකරන කන්න වලට ඊට ඇති වෙන්න ජලය එවනවා. අනිත් කාලවලට ඉහළ ප්‍රදේශවලට පෑව්වොත් මෙහෙට වතුර අඩු වෙනවා. අපි දැඩි වෙහෙසක් අරගෙන මේ ගම්මානවලට වතුර බෙදනවා. ඉදිරියේදී පොළොන්නරුව නැගෙනහිර ජල ව්‍යාපෘතිය ආරම්භ වුණාම මේ ගැටළුවට විසඳුම් ලැබෙයි.‘යැයි බණ්ඩාර මහතා සඳහන් කළේය.

ප්‍රදේශයට ජලය සැපයීමට ප්‍රාදේශීය ලේකම්වරයා දැඩි වෙහෙසක් ගනු දක්නට ලැබිණි.

යුනෙස්කෝ සංවිධානයේ ලෝක ජල සංවර්ධන වාර්තාව සකසන  කාන්තා පුරුෂ සමාජභාවය පිළිබද කමිටුවේ  සම සභාපති කුසුම් අතුකෝරල මහත්මිය ජල ප්‍රශ්නය ගැන මෙසේ කීවාය.

අපි කරන්න ඕනෑ දේශගුණ විපර්යාසවලට අනුගත වීමයි. නමුත් අපේ සමාජේ ඊට සූදානම්ද? සමහර වැව් හදලා තියෙන්නේ ජලය රදවා ගන්න. ඇතැම් වැව් සතුන් සදහා. නමුත් දැන් වැව් රැසක් නෑ. තියෙන වැව් භාවිත කරන්නේ කෘෂිකාර්මික වැඩවලට පමණයි. අපි දේශගුණ විපර්යාසයන්ට අනුගත විය යුතුයි. වර්ෂාපතනය අඩු වීගෙන එද්දි අපි දන්නවා දැන් නියඟයක් අත ළඟ බව. නමුත් අපි මොනවත් කරනවාද? අපි ඊට සූදානමක් නෑ. බවුසර්වලින් වතුර දෙන්නත් ජලය තිබිය යුතුයි. අපේ ජල මූලාශ දැන් ගොඩක් හිදිලා. කදුකරයේ ගස් කපන එක නැවැත්විය යුතුයි. ජල ගැටළුව විසදීමට නම් ගෙවල් මට්ටමින් ජල කළමනාකරණයක් විය යුතුයි. ඒ වගේම රජයේ ආයතන එක් වෙලා තීන්දු තීරණ ගත යුතුයි. නිසි සම්බන්ධීකරණයක් ඇතිව වැඩ කටයුතු සිදු කළ යුතුයි.‘‘

Welikanda-001 Welikanda-002 Welikanda-003 Welikanda-07 Welikanda-08 Welikanda-09

a Day-1---4K.mp4 Day-1---4K.mp4.Still007 Day-1---4K.mp4.Still011 Day-1---4K.mp4.Still027 saa ss ssa Welikanda-003 Welikanda-04 Welikanda-05 x

(ඩ්‍රෝන් ඡායාරූප හා වීඩියෝ සංජන හත්තොටුව )

 



අදහස් (0)

මිනිහාත් අලියාත් අලි අමාරුවේ : වැලිකන්දට බොන්න වතුරත් නෑ

ඉසුරු මහවත්තගේ Tuesday, 11 October 2016 02:13 PM

තව ගස් කෙපුවම හරියි... හරිම විසදුම දැන්වත් හැම ප්‍රදේශයකම වන වගව, ඉඩම් කට්ටි කිරීම නතර කල යුතුයි. (ර)

:       0       0

මොහාන් Tuesday, 11 October 2016 03:07 PM

මෙයට හේතුව ඊසානදිග මෝසම් සුළං සමඟ එන වැහි මෙවර ප්‍රමාදවීම. නොවැම්බර් මුල වනවිට වැස්ස ලැබේවි පොළියත් එක්ක. එතකොට වැස්සට බනිමු. (නි)

:       0       0

සරත් Tuesday, 11 October 2016 04:17 PM

අපේ මිනිස්සු කරන පරිසර විනාශයට වෙන පලවිපාක. ලොකු මිනිස්සු කැලෑ කපනවා. පොඩි මිනිස්සු වතුර පොදක් නැතුව වේළෙනවා. එහෙන් වස විස නිසා ලෙඩ රෝග. මෙහෙන් වතුර නැතුව හාමතේ. අපි තව කොයි කාලයක් ජීවත්වෙයිද දන්නේ නැහැ මෙහෙම පරිසරය විනාශ කළොත් (නි)

:       0       0

ගජබා Tuesday, 11 October 2016 05:26 PM

දේශපාලන යකුනේ, මේ රටේ තියන ගස් නොකපා සිටිවු! නැත්නම් තව වසර කිහිපයකින් ලංකාව වතුර නැතිම රටක් වේවි. බටහිර, සිංගප්පුරුව දිහා බලන්න. කොච්චර ගස්කොලන් සිටවා තියනවද (නි)

:       0       0

සංජීව Tuesday, 11 October 2016 05:27 PM

පොළොන්නරුවට දේව ශාපයක්ද කොහෙද. (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 11 October 2016 05:31 PM

අනේ මන්දා මේ වෙලාවේ දෙගොල්ලොම අසරණයි (නි)

:       0       0

අසංක Tuesday, 11 October 2016 06:26 AM

දේවෝ වස්‌සතු කාලෙන... සස්‌ස සම්පත්ති හේතුච... දීතෝ භවතු ලෝකෝච... රාජා භවතු ධම්මිකෝ... (නි)

:       0       0

විලී Tuesday, 11 October 2016 06:31 AM

අනේ!! විල්පත්තුවේ ඉතුරු ගස් ටිකත් කපන්නකෝ (නි)

:       0       0

දම්මික Tuesday, 11 October 2016 06:46 AM

රට පාලනය කිරීම කෙසේවෙතත් අපේ පාලකයෝ අඩුගානේ බොන්න වතුර ටිකක්වත් දුන්නා නම්... (නි)

:       0       0

ධම්ම Tuesday, 11 October 2016 07:20 AM

පොළොන්නරුවට වතුර නැතිවුනාට කොළඹට වතුර තියෙනවානේ. මං බය වුනේ අපේ ජනාධිපතිතුමාටත් වතුර නැති වුනාවත්ද කියලා. (බ)

:       0       0

නිශාන්ත Wednesday, 12 October 2016 12:14 AM

රට කරවන අය මේවා ගැන මොකක්ද ගන්න පියවර? (නි)

:       0       0

සිරි Wednesday, 12 October 2016 12:54 AM

කණගාටුයි, කලකට ඉහත වාරිමාර්ග ඇමතිලාගෙන් තමුන්ගේ පළාතටවත් යමක් වෙලා නැහැ වගෙයි. මට හිතෙනවා වැඩක් කරන්න දීලා නැහැ කියයි කියලා. අපි බලමු (නි)

:       0       0

සජී Wednesday, 12 October 2016 03:07 AM

දැන් සමහරු කියයි මහින්ද මහත්තයා යුද්ධය අවසන්කළ නිසයි මේ ඔක්කොම කරදර කියලා (නි)

:       0       0

රනා Thursday, 13 October 2016 06:15 AM

රාජා භවතු ධම්මිකෝ....... තව මොනවත් ඕනෑ නෑ (ම)

:       0       0

රොමේෂ් Tuesday, 11 October 2016 10:57 AM

අලි මීහරක් ගානට කෙට්ටු වෙලා. මිනිස්සු ගැන හිතාගන්න ඡායාරූප අවශ්‍ය නැහැ. කලකට ඉහතදී අපි උගන්ඩාවටත් වතුර දුන්නේ අපේ රටේ මෙහෙම දුක්විඳින ජනතාවක් ඉන්දැද්දී නේද කියලා මතක්වෙද්දී දුකත් හිතෙනවා. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 13 October 2016 06:26 AM

මට ගොඩක් දුක මේ සතා සිව්පාවා ගහකොළ විදින දුක ගැනයි (ම)

:       0       0

ඉෂාන් Tuesday, 11 October 2016 11:39 AM

දැන් වැසි වැටුනොත් හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. (ර)

:       0       0

අරවින්ද Tuesday, 11 October 2016 12:47 PM

මේ සියලු කරදර දුප්පත් අපේ රටටමයි. උදේ රෑ පිරිත් අසන අපේ රටට දෙවියෝවත් සලකන්නේ නැත්තේ ඇයි? (ර)

:       0       0

රජින්ද Tuesday, 11 October 2016 01:29 PM

මේ මිනිස්සුන්ව වනාන්තර අවටින් ඉවත් කරන්න. වන ආරක්‍ෂණ කළාපයක් ඇති කරන්න. සත්වයින්ගේ නිජ භුමි ජනාවාස නොකර වන ගහණය වැඩි වෙන්න දෙන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 705 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1375 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 300 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1262 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 448 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1142 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site