IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


"මම ගීතයක් ගැයුවේ අවුරුදු ගානක් කෝරස් කියලා"

රෝහණ වීරසිංහයන්ගේ මියුරු ගී තනුවකට කුමාරදාස සපුතන්ත‍්‍රී ලියූ මාරම්බරී වූ කලි විශාරද එඞ්වඞ් ජයකොඩි මීට දශකයකට පමණ ඔබ්බෙහිදී ඉර හඳ යට නම් කැසට් පටයට ගැයූ ගීතයකි. පසුකලෙක නිකුත් වූ අකුරු මැකී නෑ නම් වූ සංගත තැටියටද එකතු වූ මේ මියුරු ගීතය. අද වනවිට වඩාත් ජනප‍්‍රියව ඇත්තේ එඞ්වඞ් ජයකොඩිගේ ඒකපුද්ගල ගීත ප‍්‍රසංගය එනමින් හැඳින්වෙන නිසාය.

මාරම්බරී ශාස්ත‍්‍රීය ගීතයක් වූ නමුදු අදටත් එදා සේම ජනප‍්‍රියත්වය අඩුවක්ව නැත්තේය. එඞ්වඞ්ගේ මාරම්බරී ප‍්‍රසංගයේ ඇරැඹුම සිදුවන්නේ 2010 වසරේදීය. ඒ වනවිට එඞ්වඞ් සංගීත ක්ෂේත‍්‍රයට පිවිස තිස් පස් වසරක් ගතව තිබිණි. ඔහු සතුව තිබූ ගීත ගණන දෙසීයද ඉක්මවා තිබුයෙන් එඞ්වඞ්ගෙන් ඒකපුද්ගල ගී ප‍්‍රසංගයක් ඉල්ලා සිටි පිරිස අපමණ විය. 

”මට තාම ඒකට කාලෙ ඇවිත් නැහැ.”

ඒ හැමෝටම එඞ්වඞ් කීවේ, ඔහු සතු නිහතමානී හිනාවෙන් මුව පුරවා ගනිමිනි. එහෙත් ඔහු ආචාර්ය වික්ටර් රත්නායකගේ ස ප‍්‍රසංගයේ කෝරස් කීම ඒ වනවිටත් කරගෙන ගියේය.

ඒ කෝරස් කීම නිසා මට ඒකපුද්ගල ප‍්‍රසංගයක් පිළිබඳව දැනීමක් වැටහීමක් ලැබිලා තිබුණා. ඒකපුද්ගල ප‍්‍රසංගයක් කරනවා කියන්නෙ බොහොම අමාරු අසීරු වැඩක් කියන වැටහීමත් මා තුළ තිබුණා. ඒ මොකද පැය දෙක හමාරක් යනකම් රසිකයාව ඇද බැඳගෙන තියාගත යුතු නිසා. එඞ්වඞ් එවර ගාම්භීර පෙනුමක් මවා ගත්තේය.

සැබවි! එඞ්වඞ් නිවැරැදිය. එහෙත් අවසානයේදී ඔහු සුවහසක් රසික ඉල්ලීම් වලට හිස නැමුවේය.

ඒක පුද්ගල ප‍්‍රසංගයක් කිරිමට කැමැත්ත පළකළ ඔහු ඊළඟට සිය මිතුරන් සමග මේ ප‍්‍රසංගය ගැන කතා බහ කළේය. අවසානයේ ප‍්‍රසංගය පැවැත්වීමටත් එහි නම ලෙස මාරම්බරී නම යොදාගන්නටත් එකඟ විය .

”මුල්ම මාරම්බරිය පැවැත්වුනේ බී.එම්.අයි.සී.එච්. එකේ.”
එඞ්වඞ් මතකය අවදි කළේය.

මේ ප‍්‍රසංගයේ වූ සුවිශේෂත්වය කුමක්දැයි මම ඇසුවෙමි. ඒ මතක, චරිතාටත් මතක තිබූ බැවින්, ඇය කතාව ඇරඹුවාය.

සුළඟක් වී මම එනවා සිංදුව මාරම්බරී ෂෝ එකේ තියෙනවනෙ. ඉතින් එදා මංගල දර්ශනය දවසෙ එඞ්වඞ් එක්ක නතාශා සිංදුව කියාගෙන ගියා. එයා සිංදුවෙ මැදක් දක්වා විතරයි කිව්වෙ. ඊට පස්සේ ශාරන්‍යා වේදිකාවට ගොඩවුණා. නතාෂා, ශාරන්‍යාගේ අත් දෙකින් අල්ලාගෙන එයාට වේදිකාව බාරකරලා බැහැලා ගියා. එතන ඉඳල, සුළඟක් වී සිංදුව දිගටම කියන්නෙ ශාරන්‍යා අපේ දු.

අපේ මුල්ම මාරම්බරී ප‍්‍රසංගයේ තවත් අපූරු වැඩක් වුණා. එඞ්වඞ් යුග ගීත ගණනාවක්ම කියල තියෙනවනෙ. අනික ඒ යුග ගීත වැලක් වගේ මේ ප‍්‍රසංගයේදී ඉදිරිපත් කෙරුණා. හැබැයි හැම යුග ගීතයකම කොටසක් විතරයි ගැයුනෙ. එඞ්වඞ් එක්ක චන්ද්‍රානි ගුණවර්ධන, ලතා මඩුල්ලක් කතා කරනවා තුරුලට එන්න කියා  කියන සිංදුව ​කියනවා. ඒකෙන් කොටසක් කියූ චන්ද්‍රානි වේදිකාවෙන් බහිනකොට ධම්මිකා වල්පොල එනවා. හමුවන්නට පෙර ලෙසින් සිංදුව කියාගෙන. එයා බහිනකොට නෙරංජලා සරෝජිනී එනවා සීතල පිනි කියාගෙන. එයා බහිද්දී පුන්‍යා කත‍්‍රිආරච්චි බකිනි මලෙන් සිංදුව කියාගෙන එනවා...

එයා යද්දී උරේෂා රවිහාරි, නැව් නැගලා සිංදුව කියාගෙන... ඔය විදිහට කෙරුණු යුග ගී වැල පළමුවැනි ප‍්‍රසංගයට හරිම ආලෝකයක් වුණා.

එතැන් පටන් මාරම්බරී රට වටේ ගියේය. නොනවතින ගමනක් ඇතිව රට වටේ ගිය මාරම්බරී ප‍්‍රසංගය 2012 ගිය වසරේදී එඞ්වඞ්ගේ උපන්දිනය දා පැවැත්වුනේ කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදීය.

ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ ප‍්‍රසංගාය, මාරම්බරී ප‍්‍රසංග මාලාවේ සුවිශේෂතම ප‍්‍රසංගය වූයේය.
නෙළුම් පොකුණෙ ප‍්‍රසංගයක් කරන්න වාසනාවක් තියෙන්න  ඕනෙ... එකක්, ඒ වගේ රඟහලක් අපිට ලැබුණෙත් වාසනාවට. ඒකෙ ප‍්‍රසංගයක් තියන්න ඉඩක් ලැබෙන්නෙත් අපේ වාසනාවට.

චරිතා, නෙළුම් පොකුණ ප‍්‍රසංගය ගැනද කතාවට එක්වූවාය.

”නෙළුම් පොකුණ ප‍්‍රසංගයේදී පලංචියේ ලී ඉරුවේ සිංදුවත් කිව්වා. සුනිල් එදිරිසිංහ එදා නෙළුම්පොකුණට ආවා.

මේ මියුරු ගී ප‍්‍රසංගය ලංකාවට පමණක් සීමාවූයේ නැත. එය විවිධ දේශවලටද මිහිර රැගෙන ගියේය. ඉතාලිය, ප‍්‍රංශය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, කුවේට්, ලන්ඩන් ඇතුළු රටවල් රැසක වෙසෙන ලාංකීය ගීත ලෝලීන්ගේ මනදොළ පිරවූයේය.

ඒ ආ ගමනේ පනස්වැන්න පැවැත්වෙන්නේ මෙම අපේ‍්‍රල් 06 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය රංග ශාලාවේදීය. එදින එඞ්වඞ්ගේ තවත් උපන්දින සැමරුමකි.

”මේ ප‍්‍රසංගයේදීත් අපි අමුතුම දේවල් ටිකක් ඉදිරිපත් කරන්නයි සැලසුම් කරගෙන ඉන්නෙ. හැබැයි ඒක දැම්ම කියන්නෙ නෑ” 
එඞ්වඞ් චරිතා යුවළ කියයි.

 

 

”මාරම්බරී ප‍්‍රසංගය අපි පවත්වන්නෙ පවුලෙ හැමෝටම. හුඟාක් වෙලාවට මේ වගේ ප‍්‍රසංග වලින් ළමයි අයින් වෙනවා වගේ පෙනෙන්න තියෙනවා. ඒ නිසා අපි, අපේ ප‍්‍රසංගයෙ ළමයින් වෙනුවෙනුත් ගීත කීපයක්ම ගයනවා. සුළඟක් වී, කොප්පර කොප්පර පිපිඤ්ඤා, අකුරු මැකී නෑ වගේ ගීතවලට ළමයි හුඟාක් ආදරය කරනවා. එතකොට නිහඬ කල්පනා, වසන්තයේ අග හමුවෙමු වගේ ගීතවලට යෞවනය ආදරය කරනවා. ඔය වගේ හැම වයස් කාණ්ඩයකම රසික රසිකාවන් මාරම්බරී ප‍්‍රසංගයට ආකර්ෂණය කරගන්න අපි වෙහෙසවෙනවා.”

මාරම්බරී ප‍්‍රසංගය කොහොමටත් පවුලේ ප‍්‍රසංගයක් වැන්න. මෙහි ගී එඞ්වඞ්, චරිතා සහ ශාරන්‍යා ගෙනි. යුග ගායනාවලින් තවත් ඔවුන් සමග සම්බන්ධ වන ගායිකාවක සිටී. ඇය ශ‍්‍රියා කාරියවසම්ය.

රෝහණ වීරසිංහ ප‍්‍රමුඛ පිරිසගේ සංගීතයට අනුව ප‍්‍රසංගය ඉදිරිපත් කරන්නේ ගුවන්විදුලි නිවේදක වසන්ත රෝහණය. ප‍්‍රසංගයේ පිටපත පෙළ ගැහෙන හැටි ගැන ඔහුගෙන් ද ඇසුවෙමි.

”ප‍්‍රසංගය පටන් ගන්නේ කරදිය ගැඹරේ සිංදුවෙන්. මේ සිංදුව කියන්න කලින් එඞ්වඞ් ඔහුගේ සංගීත ගමන්මග ගැනත් කතා කරනවා. ඔහු අවුරුදු පහක් විතර වෙනතුරු කිව්වෙ කෝරස්. ඊට පස්සෙ ආධුනික ගී තරඟවලට සහභාගි වෙනවා. පිබිදෙන ගායක පරපුරෙන් තමයි ඔහු මතුවෙන්නෙ. ඔය විදිහට අවුරුදු දහයක් දොළහක් ගියාට පස්සෙයි මුල්ම සරල ගීතය ගයන්නෙ. ඒක තමයි කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ ගීතය.
ඒ ගීතයත් එක්ක මට මතක් වෙන්නෙ මගේ පාසල් ජීවිතය. මම ඉස්කෝලෙ යන්න සූදානම් වෙනකොටම අරුණ කිරණ වැඩසටහනෙන් කරදිය ගැඹරේ ගීතය යනහැටි මට මතක් වෙනවා.”

ඒ වසන්ත රෝහණය.

මාරම්බරී පනස් වැනි පියවර දාටත් අනෙකුත් ප‍්‍රසංගවලදී මෙන්ම ජනප‍්‍රිය ගීතාවලියක් පෙළ ගැසීමට නියමිතය. කැරකෙන රෝදේ පුංචි කරත්තේ, පින්න මලේ සුද, නිල් නුවන් පෙනෙන, වසන්තයේ අග හමුවෙමු සොඳුරිය, මේ ඉර හඳ යට හමුවී දේදුනු පාලම ළඟ එකී ගී අතර  වෙයි.

” ඒ වසන්ත රෝහණගේ සුන්දර මතකයයි.
ඉතින් ආදරණීය ගායක එඞ්වඞ් ජයකොඩිට සුබ උපන්දිනයක් ප‍්‍රාර්ථනා කිරීමටද මේ ප‍්‍රසංගය අවස්ථාව උදාකර දෙයි. ඒ වෙනුවෙන් ඔහු අපට ලබාදෙන තිලිණය මාරම්බරීය.

එඞ්වඞ්, ඔබට සුබ උපන් දිනයක්.... පාඨක ඔබ වෙනුවෙන් සඳැල්ලේ පැතුම එයයි.

 

ශාන්ත කුමාර විතාන

 

 



අදහස් (0)

"මම ගීතයක් ගැයුවේ අවුරුදු ගානක් කෝරස් කියලා"

චන්දන Saturday, 06 April 2013 09:46 PM

ඔබත් අනෙක් අසහාය ගායිකාවනුත් සමග ගයන යුග ගී සුසංයෝග අසන්න අප පින් කළා මදිද? (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 03 April 2013 04:17 PM

විශාරද සංගීත වේදියානෙනි. දැයේ පිනට පහළ වූ අතලොස්සකින් ඔබද එක්කෙනෙකි. ඔබේ කැරකෙන රෝදේ පුංචි කරත්තේ අපි ආසාකරන එක් ගීයකි. ඔබට ජය වේවා!(නදී)!

:       0       0

සෑම් Wednesday, 03 April 2013 01:31 AM

අද ඊට වඩා වෙනස්. තාක්ෂණය දියුණු හින්දා දක්ෂයට ඉක්මනට යන්න පුළුවන්. (නි)

:       0       0

ලක්ෂණ Wednesday, 10 April 2013 03:57 PM

එඩ්වර්ඩ් ජයකොඩි මහතා සහ නිරෝෂා විරාජිනී ගයන යුග ගීයක් අසන්න බලවත් ආසාවකින් පෙලෙන්නෙමි.(ස)

:       0       0

කීර්ති Tuesday, 09 April 2013 10:04 AM

ඔබෙන් කැලණිය ගුරුකුලයෙන් ඉගෙන ගන්නට ලැබීම මගේ පිනක්. ඇදුරුතුමනි, ඔබට චිරං ජයතු! (නි)

:       0       0

සදුනි Monday, 01 April 2013 08:43 PM

ඔබ සදා අපට වාසනාවන්! (නි)

:       0       0

සමන් Monday, 08 April 2013 06:09 AM

ඇත්තටම මොකද ඔබ යුග ගී නොගයන්නේ? (නි)

:       0       0

රසීක් Thursday, 04 April 2013 12:51 PM

මගේ ප්‍රියතම ගායකයාණෙනි, ඔබට සුභ පැතුම් සහ දීර්ඝායු! (නි)

:       0       0

සේනානායක Wednesday, 03 April 2013 11:49 PM

නිරහංකර කෝකිලයණනි. සුභාවිත ගීතයෙන් ජන මන සනසන ඔබට දීර්ඝායුෂ.(නදී)

:       0       0

ප්‍රදීප Monday, 01 April 2013 09:06 PM

ඉතාමත්ම ආසාවෙන් ඉන්නේ මේ ප්‍රසංගය බලන්න. නැවත නිවාඩුවට ආවහම අවස්ථාවක් උදාකරගන්නම ඕනේ. කලාකරුවාණෙනි ඔබට ජය...(ත)

:       0       0

රුක්ෂි Tuesday, 09 April 2013 04:54 PM

ඔබ ජනප්‍රිය ගායිකාවන් සමග යුග ගී ගැයුවෙනම් ඒවා අනිවාර්යයෙන්ම ජාතික උරුම වනු ඇත. (ස)

:       0       0

වරුණ Wednesday, 03 April 2013 07:52 AM

ඒකට දැන් ඉන්න ආශ්චර්යයේ ගායකයෝ? කොරස් කටින් හරි කමක් නැහැ අනුන්ගේ සිංදුවක් කියලා ජනප්‍රිය වෙන්න බලන්නේ. (නි)

:       0       0

ධම්මික Wednesday, 03 April 2013 07:54 AM

සංගීත විශාරදයාණෙනි, මම ඔබතුමාගේ ගීත වලට මහත් සේ ඇලුම් කරමි. සුළගක් වී මං එනවා... ගීතය මමත් මගේ දුවත් අදටත් රසවිදිනවා. ඔබතුමා එම ගීය ගයද්දී මට හිතෙන්නේ ඒ මමද කියන්නේ කියලා මගේ දුවත් එක්ක. මම ඔබේ ප්‍රසංගය පහුගිය දෙසැම්බර් වල හොරණ ශ්‍රී පාලි ශාලාවේදී නැරඹුවා. ඔබතුමාට සුභ උපන් දිනයක් හා දීර්ඝායුෂ පතමි. (නි)

:       0       0

මේරි Friday, 03 May 2013 03:31 PM

ඔබගේ කටහඬ ලස්සනයි. (නි)

:       0       0

සමන්තා පෙරමුණ Wednesday, 03 April 2013 02:07 PM

මා ආසා කරන ගායකයන් අතර එක්කනෙක් තමා ඔබ තුමත්. ඔබතුමා හරිම නිහතමානි කෙනෙක්. ඔබ තුමාට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි.(ස)

:       0       0

නිලන්ති Monday, 08 April 2013 11:04 PM

ඔබ යුග ගී නොගයන්නේ ඇයි? (නි)

:       0       0

සුදත් ඇන්තනි Wednesday, 10 April 2013 05:32 AM

එඩ්වර්ඩ් අයියේ යුග ගී වලට ඉල්ලීම් නම් බොහොමයි. ඔන්න ඔහේ උරේෂා හරි සමිතා එක්ක හරි සින්දුවක් කියල දාන්නකෝ.(නදී)

:       0       0

කුසුම් Wednesday, 03 April 2013 09:20 AM

සරල ගී කියන්න බොහෝ දෙනෙකුට පුළුවන්. (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 06 April 2013 05:04 PM

ඔබ අලංකාර යුග ගීයක් තවම ගයා නැහැ නේද? (නි)

:       0       0

මහින්ද Thursday, 02 May 2013 07:53 PM

නුඹ අපිට ඉන්න ජාතික උරුමයක්. නුඹට තිබෙන ලස්සන සිනහව ඇති අපිට. ඔබට වාසනාවන්ත උපන් දිනයක් වේවා! (නි)

:       0       0

මිගාර Tuesday, 09 April 2013 07:27 PM

එඩ්වර්ඩ්- නන්ද මාලිනි, එඩ්වර්ඩ්-සුජාතා, එඩ්වර්ඩ්-උරේෂා, එඩ්වර්ඩ්-සමිතා වැනි 'රික්තක' නොපියවීම බලවත් වේදනාවක් ගෙන දෙන්නකි. (නදී)

:       0       0

මනෝජ් Wednesday, 03 April 2013 03:11 PM

මෙයක් වන්දි භටිටයෙක්ද?(නදී)

:       0       0

ජෙසී Wednesday, 17 April 2013 12:21 PM

ඔබට ජයන් ජයම පතමි.(නදී)

:       0       0

ලාල් ගලබඩ ලෙක්කෝ නගරයේ සිට Saturday, 06 April 2013 06:43 PM

රංජිත් පිටිගල අයියේ, එඩ්වර්ඩ් ජයකොඩි මහතා විශාරද සුනිල් එදිරිසිංහ සමග ගයන 'පලංචියේ' සින්දුව අලංකාර යුග ගීයක් නොවේද? (නි)

:       0       0

ගාමිණී Friday, 19 April 2013 01:54 AM

ඔබතුමාගේ සිංදු හරිම ඉහලයි. ගායනයද ඉතාම ඉහලයි. ඔබතුමා පුද්ගලයෙක් විදියටත් හරිම නිහතමානීය. ඔබේ මේ සියලු ගුණාංග සමග රටේ සිටින හොඳම කලාකරුවෙක් බව රටම පිළිගනී. මම ඔබට මුළු හදින්ම සුභ පතමි. (නි)

:       0       0

ගයනි Monday, 08 April 2013 04:54 PM

දක්ෂ ගායිකාවන් සමග යුග ගී නොගැයීම ඔබ ඔබට සහ රසික අපට කරන ලොකු අසාධාරණයකි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 513 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 56 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 405 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 497 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 699 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 993 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site