|
රෝහණ වීරසිංහයන්ගේ මියුරු ගී තනුවකට කුමාරදාස සපුතන්ත‍්‍රී ලියූ මාරම්බරී වූ කලි විශාරද එඞ්වඞ් ජයකොඩි මීට දශකයකට පමණ ඔබ්බෙහිදී ඉර හඳ යට නම් කැසට් පටයට ගැයූ ගීතයකි. පසුකලෙක නිකුත් වූ අකුරු මැකී නෑ නම් වූ සංගත තැටියටද එකතු වූ මේ මියුරු ගීතය. අද වනවිට වඩාත් ජනප‍්‍රියව ඇත්තේ එඞ්වඞ් ජයකොඩිගේ ඒකපුද්ගල ගීත ප‍්‍රසංගය එනමින් හැඳින්වෙන නිසාය.
මාරම්බරී ශාස්ත‍්‍රීය ගීතයක් වූ නමුදු අදටත් එදා සේම ජනප‍්‍රියත්වය අඩුවක්ව නැත්තේය. එඞ්වඞ්ගේ මාරම්බරී ප‍්‍රසංගයේ ඇරැඹුම සිදුවන්නේ 2010 වසරේදීය. ඒ වනවිට එඞ්වඞ් සංගීත ක්ෂේත‍්‍රයට පිවිස තිස් පස් වසරක් ගතව තිබිණි. ඔහු සතුව තිබූ ගීත ගණන දෙසීයද ඉක්මවා තිබුයෙන් එඞ්වඞ්ගෙන් ඒකපුද්ගල ගී ප‍්‍රසංගයක් ඉල්ලා සිටි පිරිස අපමණ විය.
”මට තාම ඒකට කාලෙ ඇවිත් නැහැ.”
ඒ හැමෝටම එඞ්වඞ් කීවේ, ඔහු සතු නිහතමානී හිනාවෙන් මුව පුරවා ගනිමිනි. එහෙත් ඔහු ආචාර්ය වික්ටර් රත්නායකගේ ස ප‍්‍රසංගයේ කෝරස් කීම ඒ වනවිටත් කරගෙන ගියේය.
ඒ කෝරස් කීම නිසා මට ඒකපුද්ගල ප‍්‍රසංගයක් පිළිබඳව දැනීමක් වැටහීමක් ලැබිලා තිබුණා. ඒකපුද්ගල ප‍්‍රසංගයක් කරනවා කියන්නෙ බොහොම අමාරු අසීරු වැඩක් කියන වැටහීමත් මා තුළ තිබුණා. ඒ මොකද පැය දෙක හමාරක් යනකම් රසිකයාව ඇද බැඳගෙන තියාගත යුතු නිසා. එඞ්වඞ් එවර ගාම්භීර පෙනුමක් මවා ගත්තේය.
සැබවි! එඞ්වඞ් නිවැරැදිය. එහෙත් අවසානයේදී ඔහු සුවහසක් රසික ඉල්ලීම් වලට හිස නැමුවේය.
ඒක පුද්ගල ප‍්‍රසංගයක් කිරිමට කැමැත්ත පළකළ ඔහු ඊළඟට සිය මිතුරන් සමග මේ ප‍්‍රසංගය ගැන කතා බහ කළේය. අවසානයේ ප‍්‍රසංගය පැවැත්වීමටත් එහි නම ලෙස මාරම්බරී නම යොදාගන්නටත් එකඟ විය .
”මුල්ම මාරම්බරිය පැවැත්වුනේ බී.එම්.අයි.සී.එච්. එකේ.”
එඞ්වඞ් මතකය අවදි කළේය.
මේ ප‍්‍රසංගයේ වූ සුවිශේෂත්වය කුමක්දැයි මම ඇසුවෙමි. ඒ මතක, චරිතාටත් මතක තිබූ බැවින්, ඇය කතාව ඇරඹුවාය.
සුළඟක් වී මම එනවා සිංදුව මාරම්බරී ෂෝ එකේ තියෙනවනෙ. ඉතින් එදා මංගල දර්ශනය දවසෙ එඞ්වඞ් එක්ක නතාශා සිංදුව කියාගෙන ගියා. එයා සිංදුවෙ මැදක් දක්වා විතරයි කිව්වෙ. ඊට පස්සේ ශාරන්‍යා වේදිකාවට ගොඩවුණා. නතාෂා, ශාරන්‍යාගේ අත් දෙකින් අල්ලාගෙන එයාට වේදිකාව බාරකරලා බැහැලා ගියා. එතන ඉඳල, සුළඟක් වී සිංදුව දිගටම කියන්නෙ ශාරන්‍යා අපේ දු.
අපේ මුල්ම මාරම්බරී ප‍්‍රසංගයේ තවත් අපූරු වැඩක් වුණා. එඞ්වඞ් යුග ගීත ගණනාවක්ම කියල තියෙනවනෙ. අනික ඒ යුග ගීත වැලක් වගේ මේ ප‍්‍රසංගයේදී ඉදිරිපත් කෙරුණා. හැබැයි හැම යුග ගීතයකම කොටසක් විතරයි ගැයුනෙ. එඞ්වඞ් එක්ක චන්ද්‍රානි ගුණවර්ධන, ලතා මඩුල්ලක් කතා කරනවා තුරුලට එන්න කියා කියන සිංදුව කියනවා. ඒකෙන් කොටසක් කියූ චන්ද්‍රානි වේදිකාවෙන් බහිනකොට ධම්මිකා වල්පොල එනවා. හමුවන්නට පෙර ලෙසින් සිංදුව කියාගෙන. එයා බහිනකොට නෙරංජලා සරෝජිනී එනවා සීතල පිනි කියාගෙන. එයා බහිද්දී පුන්‍යා කත‍්‍රිආරච්චි බකිනි මලෙන් සිංදුව කියාගෙන එනවා...
එයා යද්දී උරේෂා රවිහාරි, නැව් නැගලා සිංදුව කියාගෙන... ඔය විදිහට කෙරුණු යුග ගී වැල පළමුවැනි ප‍්‍රසංගයට හරිම ආලෝකයක් වුණා.
එතැන් පටන් මාරම්බරී රට වටේ ගියේය. නොනවතින ගමනක් ඇතිව රට වටේ ගිය මාරම්බරී ප‍්‍රසංගය 2012 ගිය වසරේදී එඞ්වඞ්ගේ උපන්දිනය දා පැවැත්වුනේ කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදීය.
ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ ප‍්‍රසංගාය, මාරම්බරී ප‍්‍රසංග මාලාවේ සුවිශේෂතම ප‍්‍රසංගය වූයේය.
නෙළුම් පොකුණෙ ප‍්‍රසංගයක් කරන්න වාසනාවක් තියෙන්න ඕනෙ... එකක්, ඒ වගේ රඟහලක් අපිට ලැබුණෙත් වාසනාවට. ඒකෙ ප‍්‍රසංගයක් තියන්න ඉඩක් ලැබෙන්නෙත් අපේ වාසනාවට.
චරිතා, නෙළුම් පොකුණ ප‍්‍රසංගය ගැනද කතාවට එක්වූවාය.
”නෙළුම් පොකුණ ප‍්‍රසංගයේදී පලංචියේ ලී ඉරුවේ සිංදුවත් කිව්වා. සුනිල් එදිරිසිංහ එදා නෙළුම්පොකුණට ආවා.
මේ මියුරු ගී ප‍්‍රසංගය ලංකාවට පමණක් සීමාවූයේ නැත. එය විවිධ දේශවලටද මිහිර රැගෙන ගියේය. ඉතාලිය, ප‍්‍රංශය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, කුවේට්, ලන්ඩන් ඇතුළු රටවල් රැසක වෙසෙන ලාංකීය ගීත ලෝලීන්ගේ මනදොළ පිරවූයේය.
ඒ ආ ගමනේ පනස්වැන්න පැවැත්වෙන්නේ මෙම අපේ‍්‍රල් 06 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය රංග ශාලාවේදීය. එදින එඞ්වඞ්ගේ තවත් උපන්දින සැමරුමකි.
”මේ ප‍්‍රසංගයේදීත් අපි අමුතුම දේවල් ටිකක් ඉදිරිපත් කරන්නයි සැලසුම් කරගෙන ඉන්නෙ. හැබැයි ඒක දැම්ම කියන්නෙ නෑ”
එඞ්වඞ් චරිතා යුවළ කියයි.
”මාරම්බරී ප‍්‍රසංගය අපි පවත්වන්නෙ පවුලෙ හැමෝටම. හුඟාක් වෙලාවට මේ වගේ ප‍්‍රසංග වලින් ළමයි අයින් වෙනවා වගේ පෙනෙන්න තියෙනවා. ඒ නිසා අපි, අපේ ප‍්‍රසංගයෙ ළමයින් වෙනුවෙනුත් ගීත කීපයක්ම ගයනවා. සුළඟක් වී, කොප්පර කොප්පර පිපිඤ්ඤා, අකුරු මැකී නෑ වගේ ගීතවලට ළමයි හුඟාක් ආදරය කරනවා. එතකොට නිහඬ කල්පනා, වසන්තයේ අග හමුවෙමු වගේ ගීතවලට යෞවනය ආදරය කරනවා. ඔය වගේ හැම වයස් කාණ්ඩයකම රසික රසිකාවන් මාරම්බරී ප‍්‍රසංගයට ආකර්ෂණය කරගන්න අපි වෙහෙසවෙනවා.”
මාරම්බරී ප‍්‍රසංගය කොහොමටත් පවුලේ ප‍්‍රසංගයක් වැන්න. මෙහි ගී එඞ්වඞ්, චරිතා සහ ශාරන්‍යා ගෙනි. යුග ගායනාවලින් තවත් ඔවුන් සමග සම්බන්ධ වන ගායිකාවක සිටී. ඇය ශ‍්‍රියා කාරියවසම්ය.
රෝහණ වීරසිංහ ප‍්‍රමුඛ පිරිසගේ සංගීතයට අනුව ප‍්‍රසංගය ඉදිරිපත් කරන්නේ ගුවන්විදුලි නිවේදක වසන්ත රෝහණය. ප‍්‍රසංගයේ පිටපත පෙළ ගැහෙන හැටි ගැන ඔහුගෙන් ද ඇසුවෙමි.
”ප‍්‍රසංගය පටන් ගන්නේ කරදිය ගැඹරේ සිංදුවෙන්. මේ සිංදුව කියන්න කලින් එඞ්වඞ් ඔහුගේ සංගීත ගමන්මග ගැනත් කතා කරනවා. ඔහු අවුරුදු පහක් විතර වෙනතුරු කිව්වෙ කෝරස්. ඊට පස්සෙ ආධුනික ගී තරඟවලට සහභාගි වෙනවා. පිබිදෙන ගායක පරපුරෙන් තමයි ඔහු මතුවෙන්නෙ. ඔය විදිහට අවුරුදු දහයක් දොළහක් ගියාට පස්සෙයි මුල්ම සරල ගීතය ගයන්නෙ. ඒක තමයි කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ ගීතය.
ඒ ගීතයත් එක්ක මට මතක් වෙන්නෙ මගේ පාසල් ජීවිතය. මම ඉස්කෝලෙ යන්න සූදානම් වෙනකොටම අරුණ කිරණ වැඩසටහනෙන් කරදිය ගැඹරේ ගීතය යනහැටි මට මතක් වෙනවා.”
ඒ වසන්ත රෝහණය.
මාරම්බරී පනස් වැනි පියවර දාටත් අනෙකුත් ප‍්‍රසංගවලදී මෙන්ම ජනප‍්‍රිය ගීතාවලියක් පෙළ ගැසීමට නියමිතය. කැරකෙන රෝදේ පුංචි කරත්තේ, පින්න මලේ සුද, නිල් නුවන් පෙනෙන, වසන්තයේ අග හමුවෙමු සොඳුරිය, මේ ඉර හඳ යට හමුවී දේදුනු පාලම ළඟ එකී ගී අතර වෙයි.
” ඒ වසන්ත රෝහණගේ සුන්දර මතකයයි.
ඉතින් ආදරණීය ගායක එඞ්වඞ් ජයකොඩිට සුබ උපන්දිනයක් ප‍්‍රාර්ථනා කිරීමටද මේ ප‍්‍රසංගය අවස්ථාව උදාකර දෙයි. ඒ වෙනුවෙන් ඔහු අපට ලබාදෙන තිලිණය මාරම්බරීය.
එඞ්වඞ්, ඔබට සුබ උපන් දිනයක්.... පාඨක ඔබ වෙනුවෙන් සඳැල්ලේ පැතුම එයයි.
ශාන්ත කුමාර විතාන
|
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබත් අනෙක් අසහාය ගායිකාවනුත් සමග ගයන යුග ගී සුසංයෝග අසන්න අප පින් කළා මදිද? (නි)
ඔබගේ කටහඬ ලස්සනයි. (නි)
නුඹ අපිට ඉන්න ජාතික උරුමයක්. නුඹට තිබෙන ලස්සන සිනහව ඇති අපිට. ඔබට වාසනාවන්ත උපන් දිනයක් වේවා! (නි)
ඔබතුමාගේ සිංදු හරිම ඉහලයි. ගායනයද ඉතාම ඉහලයි. ඔබතුමා පුද්ගලයෙක් විදියටත් හරිම නිහතමානීය. ඔබේ මේ සියලු ගුණාංග සමග රටේ සිටින හොඳම කලාකරුවෙක් බව රටම පිළිගනී. මම ඔබට මුළු හදින්ම සුභ පතමි. (නි)
ඔබට ජයන් ජයම පතමි.(නදී)
එඩ්වර්ඩ් ජයකොඩි මහතා සහ නිරෝෂා විරාජිනී ගයන යුග ගීයක් අසන්න බලවත් ආසාවකින් පෙලෙන්නෙමි.(ස)
එඩ්වර්ඩ් අයියේ යුග ගී වලට ඉල්ලීම් නම් බොහොමයි. ඔන්න ඔහේ උරේෂා හරි සමිතා එක්ක හරි සින්දුවක් කියල දාන්නකෝ.(නදී)
එඩ්වර්ඩ්- නන්ද මාලිනි, එඩ්වර්ඩ්-සුජාතා, එඩ්වර්ඩ්-උරේෂා, එඩ්වර්ඩ්-සමිතා වැනි 'රික්තක' නොපියවීම බලවත් වේදනාවක් ගෙන දෙන්නකි. (නදී)
ඔබ ජනප්‍රිය ගායිකාවන් සමග යුග ගී ගැයුවෙනම් ඒවා අනිවාර්යයෙන්ම ජාතික උරුම වනු ඇත. (ස)
ඔබෙන් කැලණිය ගුරුකුලයෙන් ඉගෙන ගන්නට ලැබීම මගේ පිනක්. ඇදුරුතුමනි, ඔබට චිරං ජයතු! (නි)
ඔබ යුග ගී නොගයන්නේ ඇයි? (නි)
දක්ෂ ගායිකාවන් සමග යුග ගී නොගැයීම ඔබ ඔබට සහ රසික අපට කරන ලොකු අසාධාරණයකි.(නදී)
ඇත්තටම මොකද ඔබ යුග ගී නොගයන්නේ? (නි)
ඔබ සදා අපට වාසනාවන්! (නි)
රංජිත් පිටිගල අයියේ, එඩ්වර්ඩ් ජයකොඩි මහතා විශාරද සුනිල් එදිරිසිංහ සමග ගයන 'පලංචියේ' සින්දුව අලංකාර යුග ගීයක් නොවේද? (නි)
ඔබ අලංකාර යුග ගීයක් තවම ගයා නැහැ නේද? (නි)
මගේ ප්‍රියතම ගායකයාණෙනි, ඔබට සුභ පැතුම් සහ දීර්ඝායු! (නි)
නිරහංකර කෝකිලයණනි. සුභාවිත ගීතයෙන් ජන මන සනසන ඔබට දීර්ඝායුෂ.(නදී)
විශාරද සංගීත වේදියානෙනි. දැයේ පිනට පහළ වූ අතලොස්සකින් ඔබද එක්කෙනෙකි. ඔබේ කැරකෙන රෝදේ පුංචි කරත්තේ අපි ආසාකරන එක් ගීයකි. ඔබට ජය වේවා!(නදී)!
මෙයක් වන්දි භටිටයෙක්ද?(නදී)
මා ආසා කරන ගායකයන් අතර එක්කනෙක් තමා ඔබ තුමත්. ඔබතුමා හරිම නිහතමානි කෙනෙක්. ඔබ තුමාට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි.(ස)
සරල ගී කියන්න බොහෝ දෙනෙකුට පුළුවන්. (නි)
සංගීත විශාරදයාණෙනි, මම ඔබතුමාගේ ගීත වලට මහත් සේ ඇලුම් කරමි. සුළගක් වී මං එනවා... ගීතය මමත් මගේ දුවත් අදටත් රසවිදිනවා. ඔබතුමා එම ගීය ගයද්දී මට හිතෙන්නේ ඒ මමද කියන්නේ කියලා මගේ දුවත් එක්ක. මම ඔබේ ප්‍රසංගය පහුගිය දෙසැම්බර් වල හොරණ ශ්‍රී පාලි ශාලාවේදී නැරඹුවා. ඔබතුමාට සුභ උපන් දිනයක් හා දීර්ඝායුෂ පතමි. (නි)
ඒකට දැන් ඉන්න ආශ්චර්යයේ ගායකයෝ? කොරස් කටින් හරි කමක් නැහැ අනුන්ගේ සිංදුවක් කියලා ජනප්‍රිය වෙන්න බලන්නේ. (නි)
අද ඊට වඩා වෙනස්. තාක්ෂණය දියුණු හින්දා දක්ෂයට ඉක්මනට යන්න පුළුවන්. (නි)
ඉතාමත්ම ආසාවෙන් ඉන්නේ මේ ප්‍රසංගය බලන්න. නැවත නිවාඩුවට ආවහම අවස්ථාවක් උදාකරගන්නම ඕනේ. කලාකරුවාණෙනි ඔබට ජය...(ත)