‘විවාහක කෙනෙක් අනියම් භාර්යාවක් තියාගෙන ඉන්නවා ඔහු වැඩිපුර ආදරය කරන්නේ අනියම් භාර්යාවටයි. දික්කසාද වෙලා ඉන්න මට අනියම් භාර්යාවක් නැහැ. මම ෆී‍්‍ර ලාන්ස් (නිදහස්) මිනිහෙක්” යැයි මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා අයවැයට ඇතුළත් නොකරන්නේ නම් තම පක්ෂයේ සහය ලබා නොදෙන බව ද කී ඔහු ජාතික ආණ්ඩුවක් ඇති කර ගැනීමට අවබෝධතා ගිවිසුම් අත්සන් කළ පමණින් එක්සත් ජාතික පක්ෂයේ සියලු කටයුතුවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොලැබෙන බව පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය හොර රහසේ දැමූ “ඩීල්“ දැන් එළිපිටම දකින්නට ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී අද (06) පස්වරුවේ පැවති අවස්ථාවට සහභාගි වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීවෙනි දික්කසාදය වුණත් ඔහු හරි. දේශපාලකයෙක් වුණත් ඔහුත් මනුස්ස අයිතිවාසිකම් ඇති කෙනෙක් (නි)
අනේ මොකටද මගේ කට? (නි)
යමෙක්ගේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක පවුල් ජීවිතෙන් පේනවා. (ම)
කිසිම ජන පදනමක් හා ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක් (ම)
මෙයාගෙ අනිත් වැඩ නම් අපිට වැඩක් නැහැ. නමුත් දික්කසාදය වෙලාම ෆ්‍රී ලාන්ස් වෙන එක හොඳයි කසාදය තියෙන ගමන් ෆ්‍රී ලාන්ස් වෙනවට වඩා. (බ)
කාගෙ කාගෙත් “ඩීල්“ අපිනම් දන්නවා. ගහ දන්න මිනිහට කොළ කඩා නොපානවානම් තමයි හොඳ (බ)
මම නිදහස් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක්. ඉංග්‍රීසියෙන් කියනවානම් මම ෆ්‍රීලාන්ස් අයිටී වෘත්තිකයෙක් මේ ප්‍රකාශයට වදන යොදා ගැනීම හෙලා දකිනවා. (බ)
වැට් පනතටත් කලින් කිව්වේ ඔය ටිකමනේ දැන් ඉතින් ඔය අපුරුවට ඡන්දෙ දෙන්න පිටපොට ගහන් ඉන්නේ ජනතාවට වැට් පනතෙන් කප්රුක පහල වෙන හින්දද? (බ)
මේකෙන්ම පේනවා මෙතුමා රට පාලනය කරන්න සුදුසු නැහැ කියල. තම පුද්ගලික කාරණා පාලනය කරන්න බැරි අය කොහොමද රට පාලනය කරන්නේ? දැන් තමයි තේරෙන්නේ මිනිස්සු මෙයාට ඡන්දෙ දීල නැත්තේ අැයි කියලා. එ්ත් ඉතින් යහපාලන ප්‍රතිපත්ති වලට පින්සිද්ධ වෙන්න ඇමතිකමකුත් ලැබුණා (නි)
කසාදය නැතිකරගෙන දික්කසාදය භුක්ති විඳින ෆ්‍රී ලාන්ස් කට්ටිය එන්න එන්නම වැඩිවෙනවා වගෙයි. (නි)
තමන් කළ දේවල් වලට ගෙවන්න වෙයි ළඟදීම (නි)
දික්කසාද නොවී කසාදය පවත්වාගැනීම නොවේද වටින්නේ? (නි)
මේ වගේ අයටත් ඇමතිකමක් ලැබුනානේ? අපි කාට කියන්නද මේ නරිනාටක. (නි)
දිලාන් මේ කියන්නේ එයාගේ ලොක්ක ගැනද ? (බ)
රාධා, කසාද ගැන කතා වැඩක් නැහැ. ඔය කටින් කෑගහනවාට වඩා දෙයක් කරනවා අපි නම් දැකලා නැහැ (නි)
කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනෙක් ලෙසයි අපි නම් දකින්නේ (නි)
පැති මාරුකළේ ඇයි කියලා ජනතාව දන්නවා. ඒවයි අපි ඩීල් කියන්නේ (නි)
යමෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ රට පාලනය කිරීමට මිස, අනුන්ගේ පවුල්වල කුණු ඇවිස්සීමට නොවේ (නි)
කටින්ද අප්පේ මේ කතා කරන්නේ? (නි)
හැම පැත්තටම නැවෙන දිවෙන් මොනවා කියන්න බැරිද? (නි)
ඉතින් කොහොමද අපි මෙයාලව විශ්වාස කරන්නේ? (නි)
කණ්ඩායමේ සාමුහික වගකීම කෝ මෙයාල නීතිවේදීන් නේද ? මට තේරෙන විදිහට නම් ළගදීම බොහෝ දෙනෙක් පාර්ලිමේන්තු ජීවිතයට සහ දේශපාලනයට ආයුබෝවන් කියයි කියල මට හිතෙනවා. මස් ටික කාලා ඉවරයි දැන් ඇත්තේ කට්ට පමණි ? (බ)
කීවෙනි දික්කසාදයද ? (හේ)
ඔන්න තිත්ත ඇත්ත (බ)
මේ මොකාටද එන්න හදන්නේ ? (බ)