මෑතදී මිය ගිය ධීවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ සීයක වන්දියක් ගෙවිය යුතු යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිත් ප්‍රේමදාස මහතා බේරුවලදී ප්‍රකාශ කළේය.
ඔහු මියගිය ධීවරයන්ගේ නිවෙස්වලට අද ගියේය.
ධීවරයන්ගේ මරණයට හේතුව නිසි පරිදි කාලගුණ අනාවැකි ඔවුනට නොලැබීම නිසා බව ද, අනාගතයේදී එවැනි දේ සිදු නොවීම සඳහා රජය පියවර ගත යුතු යැයි ද ඔහු අවධාරණය කළේය.
රජය මියගිය ධීවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ගෙවීමට තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටියක් වන්දි ගෙවන්න කොහේ තියෙන සල්ලියක්ද? (නි)
සජිත් මහාතණෙනි, ඔබට බෙහෙවින් ස්තූතියි (නි)
ගාන සාධාරනයි !. ඩොලර් මිලියන් ගණන් වියදම් කරන එකේ මේ අසරණ ධීවර ජීවිත වලට ලක්ෂ 100ක් වත් අඩුම තරමින් ගෙවිය යුතුමයි (නි)
ජීවිතයක වටිනාකම මුදලින් මනින්න බැහැ. නමුත් ජීවත් වෙන්න දරු පවුලට ක්‍රමයක් සකස් කර දීම රජයේ යුතුකමක්. (නි)
මේක පුදුම කතාවක්නේ. අඩු ගානේ කවුරුවත් මේ මිනිසුන්ට රෑට කන්න පාන් ගෙඩියක්වත් ගෙනත් දුන්නද? (නි)
ධීවර ජීවතයකට රුපියල් ලක්ෂ 50-75 ක් ගෙවන එක ඉතා සාදාරනයි. මේ ජීවිත විනාශයට කාලගුණ හා ධීවර අමත්‍යංශය දෙකම වගකිව යුතුයි නේද? (නි)
ඉතින් මේ අහිංසක මිනිස්සුන්ට ඔය මහත්තයා දුන්නා නම් හරිනේ කෝටිය ගානේ. (නි)
නිතරම මුහුදු යන අයට කාලගුණය ගැන දැනීමක් තියෙන්න එපැයි (නි)
අපේ ලාංකික ධීවරයන් කවදාවත් පුරුදු වෙලා නැහැ කාලගුණ වාර්තා අසන්න කියන එක ප්‍රශ්නයට උත්තරයක් නොවෙයි. රජය පැත්තෙන් අඩු පාඩුවක් වෙලා තියෙනවා. කළ යුත්තේ මෙවැනි දෙයක් තවත් නොවෙන්න කටයුතු කරන අතරේ මේ දුප්පත් මිනිසුන්ට සාධාරණයක් කරන එකයි. (නි)
මේ කාලගුනේ වෙනස් වෙන්නෙත් දැන් රජයේ වරදින් නිසා කියලයි සමහරු හිතා ඉන්නේ (නි)
අනේ සජිත් මහත්තයෝ, ඔයදේවල් කරන්න ගියොත් රට විතරක් නොවෙයි, වහල්ලු විධියට අපේ මිනිස්සුන්වත් විකුනන්න වෙනවා චීන්නුන්ට . එක නිසා කට පියාගෙන ඉන්න බලන්න. (අ)
සජිත් මහත්තය මේය සිදුවුනේ තම රැකියාවට ගොස් සිටියේදී ඒගැන අපට දුකි . අර ඒ කලේ ගෙදර නිදන් වුණ්න උගත් තරුණයන්ගේ ජිවිතවලට වන්දි තියා මරණ සහතිකෙත් නැහැ (අ)
කරුණු දෙකක් කියන්න තියෙනවා 1. සජිත් මහත්මයාගේ ආණ්ඩුවක් තිබුනා නම් මෙම කෝටිය ගෙවනවද? ගෙවන්නේ කොහොමද? 2. ධීවරයෝ වැඩි දෙනෙක් මෙම කාලගුණ තත්වය දැනගෙන මුහුදු ගියේ නැහැ. හිතුවක්කාර අය තමා මුහුදු ගියේ. තිත්ත ඇත්ත තමා එය. (නි)
සජිත මැතිතුමා හරි. අද රුපියල් ලක්ෂයකින් මොනවද කරන්න පුළුවන්? දේශපාපලකයෙකු වෙනුවෙන් ගෙවන වන්දියම මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුටත් ගෙවිය යුතුයි. (නි)
අද කාලගුන වාර්තව කොහොමද දන්නෙ නැහැ (නි)
වැසි දෙවියන්ට ස්තුතියි. (නි)
අපේ මිනිස්සු හැමදාම කඹ අදිනවා.වැඩක් කරන කෙනෙක්ට කරන්න දෙන්නෙත් නැහැ.හැමෝම එකමුතු වෙලා විපතට පත් වුන අයට උදව් කරන්න බලන්න. (නි)
කාලගුණය ගැන 100% නිවැරදිව කියන්න පුළුවන් තාක්ෂණයක් කිසිම රටකට නැහැ. එය ඔවුන්ගේ ඉරණම (නි)
මුහුදු යන්න බය සජිත් බොරදියේ මාළු බානවා. (අ)
සජිත් මහත්තයාට බැරිද මේ අයට වන්දි ගෙවන්න? මිනිස්සු කොච්චර නම් සිත පැහැදෙයිද? (නි)
නියමයි සජිත් මහත්තයා (නි)
සජිත් මහ්තයෝ, ඔයත් රනිල් මහත්තයට දෙවැනි නැහැ නොවැ. කට ඇරපු පලියට ප්‍රයෝගික නොවන කතා කියන්න එපා. මිනිස් ජිවිත වටින්නේ කෝටියක් නොවයි. ඔවුන්ගෙන් යැපුන අයට ඊටත් වඩා වටිනවා. (නි)
නායකතුමනි, මොනවහරි සුලුවෙන්හරි කරන්න බැලුවොත් නරකද?(නදී)
අනේ මන්දා සජිත් මහත්තයාට මොනවා වෙලාද කියලා (නි)
මම ප්‍රේමදාසවාදියෙක් නම් නෙමේ.ඒ වුනත් මේ වගේ වේලාවකදී සජිත් මහත්තයාගේ පියා සිටියා නම් ධීවරයන් වෙනුවෙන් ලොකු සාධාරණයක් ඉෂ්ට කරනවා. (නි)
කරන්න පුලුවන් දෙයක් කියන්න මහත්තයෝ. (නි)
නීල්, ඔබ නම් මන්ද බුද්ධිකයෙක්. මා සිතන විදියට ඔබ අඩු වයසෙන් උපන් කෙනෙක් (නි)
සර්, කෝටිය කියන්නේ බින්දු කීයක්ද? ටියුෂන් පන්තියක් එහෙම ළඟ නැතුව ඇති.(නදී)
මෙයත් මේ බන්නේ මාළු. ඒත් බොර දියේ.(නදී)
සජිත් මහත්තයාට මම සුභ පතනවා (දී)
ඔබ හරි
හොද යෝජනාවක් සජිත්. (නි)
එකනේ මෙතුමාට විතරනේ මේක තේරුනේ. අනේ දෙන්නකෝ මන්ත්‍රී තුමෝ. (අ)
මොකෝ අනුර වහෙන් ඔරෝ කියන්නේ ? (අ)
සජිත් මහත්තයෝ, මිනිස්සු මෝඩ නැහැ හොදේ (නි)
අර ඒ කාලේ හොයා ගත්ත ඒවා දෙන්න (අ)
රුපියල් මිලියන 5619 ක් කිමී 45 ක පාරක් හදන්න කොරියානු කියං නෑම් සමාගමට දෙන ආණ්ඩුවට මියගිය ධීවරයෙකුට රුපියල් කෝටියක් වන්දි ගෙවන එක සුලුදෙයක්. ඒ හැරත් කොළඹ හතේ හොඳම භූමියක කාලගුනේ වගේ නිෂ්පල සුදු අලියෙක් ඉන්න ඕනේ නැහැ. ඒ ඉඩම කාලගුණෙත් එක්කම විකුණලා වන්දි ගෙවන්න පුළුවන්. මෙතන අදහස් දාල තියෙන සම "හරක්" හිතන්නේ මාළු අල්ලන නිසා ධීවරයෙක් වටින්නේ මාලුවෙක් තරම්, රෙදි අපුල්ලන නිසා රෙදි නැන්දා වටින්නේ රෙද්දක් තරම්, ගෙදර උයන නිසා අම්මගේ නුවණ හැඳි මිටේ තරම් කියල. මියගිය ධීවරයෙක් වෙනුවෙන් කීයක් වන්දි ගෙව්වත් වැරදි කල බව පැහැදිලිවම ඔප්පුවී ඇති සියලු බලධාරීන් රටේ යහපත වෙනුවෙන් වහාම ඉවත්විය යුතුයි. (අ)
සජිත්, අනේ සර් ඔයා මේ මිනිස්සුන්ට කෝටියක් දෙන්න කියන්නේ ආණ්ඩුවට...,ඔයා ගිහින් අඩු ගානේ ඒ දරුවන්ට බිස්කට් පැකට් එකක්වත් බෙදුවද..ඕක ඔයාගේ අත්දෙකෙන්, ඔයාගේ සාක්කුවෙන්ම බෙදුවනම්.!!අනේ කොච්චර අගේද ..නේද මෙයා !(අ)
වසන්ති ධීවර ජනතාවගේ ශරිරයේ කොටස් අඩු ද නිකන් මෝඩ කතා කියන්න එපා (අ)
අනේ මහත්තයෝ කෝටිය මදිනේ.කෝටි 100 ක් කියන්ඩ තිබුනනේ.ඔයාගේ දේශපාලනේ බුද්දිමත් ජනතාවට හොඳට තේරෙනවා .(අ)
අපේ සජිත් මහත්තයා කතා කරන්නෙම ලොකු ගණන් වලින් . (අ)
ජිවිත වලට වන්දියක් දිය යුතුයි. මොකද මෙය ජාතික ආපදාවක් නිසා. ඒත් කෝටියක්? මම කියන්නේ ජිවිතයක් මුදල් වලින් මැනීම නෙමෙයි. ලෝකේ එන්න එන්න ආපදා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. (නි)
ඇත්තට පියාගේ කාලේ මරපු 60,000 ට වන්දි ගෙව්වද?.ගෙව්වනම් කීය ගානේද?(අ)
එහෙම නම් 2009 යුද්ධයේදී මැරුන ලක්ෂ ගානකට අධික මිනිස්සුන්ට??? (නි)
මේ මිනිස්සු ගැන අපිටත් දුකයි. නමුත් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන එක වැරදියි (නි)
ස්වාභාවික විපතකින් නෙමෙයි..ඔබතුමාගේ පියාගේ කාලේ ටයර් සැයවල යවපු 60000ක් වෙනුවෙන් ඔය වගේ වන්දියක් ඉල්ලලා දෙන්න.(අ)
අඩුම තරමේ ලක්ෂ 1000000 වත් දෙන්න ඕනි අනිත් මුදල් එම පවුල් වල දරුවන්ගේ සුබසාදනය වෙනුවෙන් වැයකරන්න . අධ්‍යාපනය , රැකියා ක්‍රීඩා නිවාස වෛද්‍ය වෙනුවෙන් මින් ඉදිරියටත් ජීවිත වල වටිනාකම හදුනාගෙන වැඩකිරීමට බලධාරින් සැලකිලිමත් විය යුතුය(අ)
ධීවරයින්ගේ ජීවිත බිලිගත්තේ පැහැදිලිවම සිය වගකීම හා යුතුකම පැහැර හරින ලද කාලගුණ හා ධීවර බලධරයන්. කාලගුණ විද්‍යා දෙ. නිසිකලට අනාවැකි නොකියන බව මේ සිදුවීමට දිනකට හෝ දෙකකට පෙරත් මා මෙහි මතක්කලා. කාලගුණ අනාවැකියක් වුවත් වරදින්න පුළුවන්. එවැනි තත්වයකට මුහුණදෙන්න ධීවර අමාත්යංශය අසමත් වුනේ ඔවුන්ගේ වරදින්. තවදුරටත් මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීමට අසමත් බලධරයන්ට ඉඩදිය යුතු නැහැ. ධීවර හා කාලගුණ බලධාරීන් දැන් කටයුතු කරණ ආකාරයෙන් ඔප්පුවෙනවා ඔවුන්ට මේ ජීවිත හානිය වලක්වාගත හැකිව තිබුණුබව. මිනිස් ජීවිතයක මිල තක්සේරු කල නොහැකියි.(අ)
මේ සැණකෙළි,උත්සව වලට වියදම් කරන කරන විදිහට කෝටියක් දෙන්නත් පුළුවන් තමයි. ඔබතුමා හරි. (නි)
මමත් සජිත්ගේ කීමට එකග වෙමි. (නි)
මියගිය ධීවරයෝ හට සාදාරන වන්දියක් දෙන්න ඕනෑ තමයි. නමුත් මෙහෙම කතා කරනවා නම් ඒක වැරදියි (නි)
මොකද්ද ඒ කතාවේ තියෙන වැරැද්ද (දී)
මේවට තමා පාර්ලිමන්ට් ජෝක් කියන්නේ . තාම දේශපාලනය සෙබේ අවබෝදයක් නැතුව වගේ . ඔය කියන තරම් මුදල් ගෙවන්න දුප්පත් ජනතාවට අපහු බදු බර ජිවන මිල දරා ගන්න බැරුව යනවා . නරකද විදේශ රටවල තිබෙන ඔබේ මුදල් ඕවට යෙදුවොත් (අ)
වසර ගණනාවක්ම ධීවර කාර්මිකයෙක් හැටියට දුකසේ රටට සේවයක් ඉටුකරමින් සිටියදී ජීවිත පුජාකළ විරුවනි, මේ නිසා දරුවන්ට පියෙක් නැති විය .භාර්යාවට ස්වාමියෙක් අහිමි විය. ඉදිරියට දරුවන්ට කන්න දෙන්නේ ,පාසල් යවන්නේ,පොත් පත්,ඇඳුම් ,ලයිට් , ජල බිල් ,බෝට්ටුවට ,දැල් ගන්න ,ණයට ගත් මුදල්,පොලිය ගෙවන්නේ කෙසේද? මේ ධීවර පවුල් වල විලාපයට කෝටියකුත් මදියි වගේ !! (නි)
මේ වගේ පොදු විපතක් වුණාම අපි යම් සදාචාරාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. ඔබට සුභ අනාගතයක්! (නි)
ඇත්තටම මිනිස් ජීවිතයක් කෝටියකටත් වඩා වටිනවා. (නි)
කටට එන ගනන් කියන්නේ නැතුව අපි සාධාරණ කියන ගාණක් ඉල්ලුවා නම් නේද හොද? (නි)
කාළගුණ නිවේදනය කෙසේ වෙතත් කාළගුණය වෙනස් වීමට රජය පළි නැහැ නේද? (නි)
දෙයක් කියන්න කලින් කියන දේ ප්‍රායෝගිකද කියලා හිතන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ. (නි)
මියගිය සියලු දෙනාට නිවන් සුව පතනවා! එක අතකින් බැලුවම දෙන්න බැරිකමක් නැහැ.සුනාමිය ඉවර වෙලා අවුරුදු කීයක්ද? ඒකට ගොදුරු වුන මිනිස්සු තවම ඉන්නවා ගෙයක් නැති. (නි)
මිය ගිය ධීවරයෙකුගේ ජීවිතය ලක්ෂයද වටින්නේ? (නි)
සජිත් මහත්තයාට පුළුවන්ද ඒ ගාණ දෙන්න? පුළුවන් නම් දෙන්නකෝ. කොච්චර පිනක්ද? (නි)
ප්‍රයෝගික නැහැ මහත්තයෝ (දී)
අමාලි සිල්වා, ඔයා තමා නියම ප්‍රතිචාරය දීලා තියෙන්නේ. (නි)
මියගිය ධීවරයෙකුට රුපියල් කෝටියක් දුන්නොත්, අපේ රටේ පළමු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඔය වගේ ආපදාවක් වුනොත් රටේ මිනිසුන්ට මාස තුනක් විතර බඩගින්නේ ඉන්නවෙයිනේ. (නි)
මට ලෝකෙම තියන කුණුහරුප මතක් වෙනවා මේවට (නි)
ඉස්සර මිනිහෙක් හිටිය කාල ගුනේ කියල . ඒ මනුස්සය මැරුන නිසා මේ ඔක්කොම උනේ මං හිතන්නේ (අ)
අපේ ලංකික ධීවරයන් කවදාවත් පුරුදු වෙලා නැහැ කාල ගුණ වාර්තා අසන්ට . ඔවුන් එය ගණන් ගන්නෙත් නැහැ . මොනවා හරි සිදු උනාම තමා ඔවුන් රජයටත් බලදරින්ටත් වැරදී කියන්නේ . අපේ මින්සුන්ට වඩා තිරිසන් සතුන්ට කාල ගුණය ගැන හොඳ අවබෝදයක් තිබෙනවා . මතකනේ ලංකාවට සුනාමිය එන වෙලේ සතුන් එය මගහැර රට ඇතුලට දිව්වා . අපේ රට ඇතුලේ හිටපු මිනිස්සු සුනාමි බලන්න මුහුදු වෙරළට දිව්වා . එකෙන් උන විපත් පෙනුනනේ . මොනවා උනත් සජිත් පේමදාස බලන්නෙත් බොර දියේ මලු බාන්න . (ත)
කතාව ඇත්ත මමත් ඒ කතාව අනුමත කරනවා (දී)
මිනිසෙකුගේ ජිවිතයක් මිල කරන්න බැහැ, නමුත් රු 10000 ට වඩා මේ මුදල හොදයි (දී)
ඔබතුමා ඇත්තටම ජනතා නියෝජිතයෙක්
නියමයි සජිත් මහත්තයා. ධීවරයාට කෝටියක් අරන් දෙන්න. (නි)
වන්දි දෙනවා කියලා පොරොන්දු වෙලානේ තියෙන්නෙ. තවත් මොනවද ඉල්ලන්නෙ? (නි)
ඔබතුමාලගේ ආණ්ඩුතක් තිබුණා නම් කෝටිය ගණනේ දෙනවද? (නි)
පරණ දේවල් ඇදලා අරගෙන දැන් ප්‍රශ්නය යටපත් කරලා දාන එකද විය යුත්තේ ?නැත්නම් අසරණ වුන කෙනාට උදව් කරන එකද ? ප්‍රතිපලය හොද නම් කියන කෙනා අදාළ වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ වෙන්නත් මේ ටිකම තමා."අනේ අපි කවදාක හිනැහෙමුද '? මේ රටේ." (නි)
ඔය කියුවට වැඩේ වෙන්නේ නැහැ (දී)
සජිත්ට නම් ඉතින් සල්ලි තියෙනවනේ. ඒකෙන් දෙන්න පුළුවන්නේ (නි)
මනුස්සයෙක් ගේ ජීවිතයක් මිල කළ නොහැකියි තමයි. ඒත් දෙපාර්ශවයේම වගකීම් තියෙනවා. ධීවරයන් කාලගුනේ බලන්නේ නැද්ද මුදු යන්න කලින් ? අනික මමත් දැක්කා පත්තරේ තියෙනවා ලංකාවේ කාලගුණ වාර්තාව මේවා වෙන්න කලින්. එහි කියලා තිබුනේ කුණාටු සුලං ඇතිවෙනවා තද වර්ෂාවත් සමග කියලා (නි)
සජිත්ට නම් තියනවනේ පරම්පරාවෙන් ආපු සල්ලි නේද ? අනේ අපි නොදන්න පරම්පරා සල්ලිඅ.(නදී)
මම නම් මොකුත් කියන්නේ නැහැ මේ ගැන (දී)
සජිත් මහත්තයෝ, ඔබතුමාට පුළුවන් නේද කෝටිය ගානේ වන්දි ගෙවන්න.සල්ලි තියෙනවානේ.(නදී)
අපේ අය හරිම කරුණාවන්තයි.අනුන්ගේ සල්ලි බෙදල දෙන්න.අර ස්ට්‍රයික් කාරයන්ට මුදලාලි ගේ මිනුස්සු දැම්මල අම්බානක දුන්නා මතකද.පව් ඒගොල්ලන්ගේ වන්දි..(අ)