IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මායි දිනක්ෂියි අදටත් හොඳම යාළුවො

2016-10-08-ent-141

මෑත කාලයේ බිහි වූ ආදර කතා අන්දරයන් අතර උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ වස්සාන සිහිනය කතාවට හිමිවන්නේ සුවිශේෂී තැනක්.

කසුන්ගෙයි චාපගෙයි ආදර කතාව ටෙලිනාට්‍යයකට නැගෙද්දී කසුන් කියන ආදරණීය චරිතය වටා නවකතාවේදී මෙන්ම ටෙලිනාට්‍යයේදී ද විශාල පිරිසක් එක් රොක් වුණා. කසුන් කියන්නේ ආදරය වෙනුවෙන් ආත්මීය පූජාවක් කරපු කෙනෙක්, පේ‍්‍රක්‍ෂක සිත් අතර ලැඟුම්ගත් ඒ ආදරණීය පේ‍්‍රමවන්තයා වුණේ මාධව විජේසිංහ.

ඔහුගේ පළමු ටෙලි නාට්‍යය එය වුවත් ආධුනික බවින් මිදී ඒ චරිතය ඉතා හොඳින් රඟ පෑ නිසාමයි පේ‍්‍රක්‍ෂකයා ඔහු වටා ආදරයෙන් බැඳුණේ, මෙවර සිත්ගත් රංගනයට මාධව එක්කර ගන්න හිතුවෙත් ඒ පිළිබඳ මතකය අවදි කරගැනීම සඳහාමයි. වස්සාන සිහිනයේ මතකය ඔහු අප හා බෙදාගත්තෙ මෙලෙසින්.

 

කසුන් චරිතය තුළින් මාධව ගොඩක් ජනප‍්‍රිය වුණා. ඒ ටෙලිනාට්‍ය ගැන කතා කරමු.

2016-10-08-ent-140ඒ ටෙලිනාට්‍යය මට රඟපාන්න ලැබෙන්නෙ අහම්බයක් විදියට. මම 2007 වර්ෂයේ සිටම දෙරණෙ නිවේදකයෙක් වෙලා හිටියා. නමුත් මේ ටෙලිනාට්‍යයට සම්බන්ධවීම නිවේදන ක්ෂේත‍්‍රයට නම් අදාල නෑ. ඒ දවස්වල මම දැක්කා වස්සාන සිහිනය ටෙලිනාට්‍යයෙ ප‍්‍රධාන චරිත වන කසුන් සහ චාපා කියන චරිත දෙකට දෙන්නෙක් තෝරනවා කියලා අයදුම්පත් කැඳවනවා. ඉතින් ඒ වෙනුවෙන් ඉන්ටවීව් තිබුණා. ඉතින් එයට බොහෝ පිරිසක් සහභාගි වුණා. කණ්ඩායම ඒ වෙනුවෙන් දෙන්නෙක් හෙව්වත් අවශ්‍ය කෙනා ලැබිලා තිබුණේ නෑ. මේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ ජානක සිරිවර්ධන මහත්මයා ඒ විදියට දිගටම හොයද්දී සුදර්ශන බණ්ඩාර රංගන ශිල්පියා මගෙ ඇතුළු තව කිහිප දෙනෙක්ගෙ දුරකථන අංක මේ වෙනුවෙන් ඔහුට ලබා දී තිබුණා. පසුව ඔහු මට කතා කළාම තමයි ඒ තිර පරීක්‍ෂණයට මම සහභාගි වුණේ. ඉන් අනතුරුව තමයි ඒ චරිතය සඳහා මාව තෝරා ගත්තෙ.

 

ඔබේ පළමු රංගනය නිසා එය අභියෝගයක් වුණේ නැද්ද?

ඇත්තටම ලොකු අභියෝගයක්. මොකද මට රඟපෑම පිළිබඳ ලොකු හැදෑරීමක් සහ ඒ ගැන හැකියාවක් තිබුණෙත් නෑ. නමුත් විශේෂයෙන්ම මතක් කරන්නෙ ජානක සිරිවර්ධන මහත්මයාව ඔහු ලොකු අවදානමක් අරගෙන ඒ චරිතය මට ලබා දුන්නෙ. ඒ පිළිබඳ ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මමත් උත්සාහ කළා පළවෙනි දවස්වලම මොකද්ද මේ සිද්ධ වෙන්නෙ කියන දේ ඉක්මණින් වටහාගෙන එයට අනුව චරිතය නිරූපණය කරන්න.

 

කසුන් කියන්නෙ ගොඩක් ආදරණීය චරිතයක්නෙ. ඒක ඔයාට කොහොමද දැනුණෙ?

අපි මේ චරිතයට ගියෙ අපේ පාසල් වයසේදීම වගේනෙ. ඒ වෙද්දී මට අවුරුදු 21යි. ඉතින් ඒ වෙද්දී මම ඒ චිත‍්‍රපටය බලලා තිබුණා. ඒක ගොඩක් ආදරණීය චිත‍්‍රපටයක්. ඒත් එක්කම වස්සාන සිහිනය පොතත් කියෙව්වා. ඒකත් වෙනස්ම කෝණයකින් මම දැක්කා. එය වසර ගණනාවක්ම බොහොම ආදරණීය නවකතාවක් වුණා පාඨකයො අතර. ඔවුන් අතර මේ පොත ඉතා ජනප‍්‍රියයි. ඉතින් මම තේරුම් ගත්ත එකම දේ තමයි මේ සඳහා අතිශය සාධාරණයක් ඉටුකරන්න ඕන කියන දේ. ඉතින් ආධුනික රංගන ශිල්පියෙක් විදියට මගෙ උපරිමය ඒ වෙනුවෙන් ලබා දුන්නා. කසුන් සහ චාපා, ඒ කියන්නෙ මාධව සහ දිනක්ෂි, ඔබ දෙපළ අළුතින්ම රංගනයට පිවිසියත් නව යුවළක් විදියට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඒ ගැන

 

මොකද කියන්න තියෙන්නෙ?

මේ මගෙයි දිනක්ෂිගෙයි පළමු ටෙලිනාට්‍ය රංගනය. ඇත්තටම කියන්න ඕන මේ නාට්‍යය කණ්ඩායම ක්ෂේත‍්‍රයට නවකයො වන අපි ගැන ගත්තු අවදානමට උපරිම සාධාරණයක් කරන්න ඕන කියලා තමයි අපි හිතට ගත්තෙ. ඉතින් අපිට මේ වෙනුවෙන් ලැබුණු ප‍්‍රතිචාර ඉතා ඉහළයි. තවත් ටෙලිනාට්‍යවලට දායක වෙන්නත් ආරාධනා ලැබුණා. ඒ දවස්වල. ඇත්තටම කියන්න ඕනෙ අපි හොඳම යාළුවො බවට පත්වුණා මුලින්ම. එතැන් පටන් මේ වැඩ කටයුත්ත කරන්න හරි පහසුයි. අපි බොහොම සුහඳව වැඩ කරගෙන ගියා. ඒ වගේම මෙහි සෙසු චරිත කරපු සියලූ දෙනාමත් අපි හැමෝම එක වයසක වගේ හිටපු පිරිසක්. ඒ නිසා බොහොම සහයෝගයෙන් විනෝදයෙන් වැඩ කරගෙන යන්න පුළුවන් වුණා.

 

කතාවෙ කසුන්, චාපා වගේ සැබෑ ජීවිතේ ඔය දෙන්නා මුණගැහුණොත්?

එහෙම සිද්ධවෙන එකක් නම් නෑ. ඇත්තටම එදා සිට අද දක්වා අපි හොඳම යාළුවො. නිතරම කතා බහ කරන්න ලැබෙන්නෙ නෑ දෙන්නාගෙම තියෙන වැඩකටයුතුත් එක්ක. නමුත් ඕනෑම දේකට දුකට, සැපට කතා කරන්න, අදහස් හුවමාරු කරගන්න ඒ හැමදේටම වගේ තිබුණු යාළුකම එදා සිට අද දක්වාම අඛණ්ඩව පවතිනවා.

 

මාධවට ඒ වෙද්දී අවුරුදු 21ක් කිව්වනෙ. ඉතින් ඒ වගේ පොඩි වයසකදී ආදර ජවනිකාවලට එහෙම කොහොමද මුහුණ දුන්නෙ?

ඇත්තටම කියනවනම් හරි කෝඩුකාර හැඟීමක්. අපිට කැමරාවක් ඉදිරියෙ රංගනයක් ඉදිරිපත් කරන්න ඕන. ඒ දේවල් හරියට ඉදිරිපත් කළොත් තමයි මිනිස්සුන්ට ඒක දැනෙන්නෙ ඉතින් හරි අභියෝගයක්. මීට කළින් රඟපාලා එහෙමත් නෑනෙ. ඉතින් එහි අධ්‍යක්‍ෂතුමා ජානක සිරිවර්ධන, සහය අධ්‍යක්‍ෂ තිළිණ බොරලැස්ස, ප‍්‍රදීප් මානවඩුගේ ඇතුළු ඒ හැමදෙනාම අපේ චරිතවලට අවශ්‍ය පසුබිම ඇතුළු සියලූම දේවල් කියලා දුන්නා. ඒ නිසා හැම ජවනිකාවකටම හොඳින් මුහුණ දීලා බියක්. චකිතයක් නැතිව ඉදිරිපත් කළා.

 

ඔබේ පළමු නාට්‍යය වුවත් ප‍්‍රවීණයො එක්ක වැඩ කරන්න ලැබුණනෙ? ඉන් ඔබේ ජීවිතයට ලැබුණු වටිනාකම සහ අද්දැකීම් ඇති නේද?

ඔව් අනිවාර්යයෙන්ම. එහිදී මගේ පියාට රඟපාන්න හිටියෙ දයා අල්විස් මහත්මයා. ඔහු අද ජීවතුන් අතර නෑ. ඔහු ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕන. මේ ටෙලිනාට්‍යයෙන් පසුව එක් දිනක් ඔහුට පාරෙදි මාව මුණ ගැහුණා පසු කලකදී. ඒ වෙද්දී මම තවත් ටෙලිනාට්‍යවලට සම්බන්ධවෙලත් හිටිය. ඉතින් මාව දැකලා පුතා... පුතා... කියලා ඔහු කතා කරලා මට කිව්වා ඔයාගෙ ටෙලිනාට්‍ය ජීවිතේ මම තමයි පළවෙනි තාත්තා කියලා. ඉතින් ඒ මොහොතෙදී මට හරිම සතුටක් හිතට දැනුණෙ.

ඔහුගෙ තියෙන නිරහංකාර බව නිහතමානිත්වය සහ ඒ ලබාදුන් සහයෝගය මතක් කරන්නම ඕනෙ. ගිහාන් ප‍්‍රනාන්දු, පේ‍්‍රමා පතිරාජ, අවන්ති අපොන්සු, නිල්මිණි කෝට්ටෙගොඩ ඒ හැම දෙනාම මේ වෙනුවෙන් දායක වෙලා හිටියා. ඒ හැමදෙනාම අපි අපි ආධුනිකයි කියන වඟ අපිට අඟවන්නෙ නැතිවෙන්න උපරිම සහයෝගය ලබා දුන්නා. නොදන්න දේවල් කියලා දුන්නා. ඇත්තටම එහෙම කියලා නොදෙන්න අළුත් කෙනෙකුට ක්ෂේත‍්‍රයේ රැුඳෙන්න බැහැ. ඉතින් අපිට ඒ හැමෝම ලබාදුන් සහය අතිවිශිෂ්ටයි.

 

මෙහිදී සිදුවුණු අමතක නොවන සිදුවීමක් මතක් කරමුද?

මගෙ ජීවිතේට අමතක නොවන අඳුරු වූ සොඳුරු මතකයක් තියෙනවා. මම ඒ දවස්වල ෂූටින් යන්නෙ බයිසිකලේ. උදේ 5 ට 5.15 ට වගේ තමයි ගෙදරින් පිටත් වෙන්නෙ. ඒ දවස්වල ෂූටින් තිබුණෙ බොරලැස්ගමුව අවට ප‍්‍රදේශවල. ඉතින් මම එක දවසක් ෂූටින් යද්දි පන්නිපිටියට එද්දිම අහස කළුවෙලා තද විදියට.

මහා වැස්සක් වහින්නට පටන් ගත්තා. ඉතින් මම පන්නිපිටියෙ කඩයක් ළඟ නැවැත්තුවා. ඒ වෙලාවෙ කඩ විවෘත කරලා තිබුණෙත් නෑ. ඉතින් මම පැයක් විතර හිටියා. ඒත් වැස්ස අඩුවක් නෑ. කොහොමහරි 6.30ත් පහුවුණා. අපි 6.30 වෙද්දී ෂූටින්වලට මේකප් කරගෙන ලෑස්ති වෙන්නත් ඕනෙ. ඒත් මට යන්න විදියක් නෑ. අධ්‍යක්‍ෂතුමාටත් කතා කරලා කිව්වා එන්න විදියක් නෑ. වැස්සට අහුවෙලා ඉන්නෙ කියලා. ඒ මොහොතෙ ඔහුත් කිව්වෙ ප‍්‍රශ්නයක් නෑ තව ටිකක් බලන්න කියලා. ඉතින් තව ටික වෙලාවක් එහෙම ඉද්දී මට බයික් එකේ එහෙමම නින්ද ගිහින් ඒ නැගිටිද්දි වෙලාව 9ත් පහුවෙලා.

ඒ වෙද්දී මිනිස්සුත් එතනින් එහා මෙහා ගමන් කරනවා. ඉතින් මම හරිම අපහසුතාවයකට තමයි එදානම් පත්වුණේ. ඉතින් ඒ නැගිටලා ෂූටින් ගියත් එදා දවසෙ ෂූටින් කැන්සල් වුණා. මම ආයෙමත් එහෙම ගෙදර ආවා. එදා වුණු ඒ සිදුවීම නම් මට කවදාවත්ම අමතක වෙන එකක් නැහැ. අවසාන වශයෙන් කතා කරමු. කසුන්ට තිබුණු පේ‍්‍රක්‍ෂකයන්ගෙ ආදරේ පිළිබඳව.

අම්මෝ.... පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ඉතා ඉහළයි. සමහර වෙලාවට තවමත් කසුන් නමින් ආමන්ත‍්‍රණය කරන අයත් ඉන්නවා. රසික රසිකාවියන්ගෙන් සෑහෙන ලිපි ප‍්‍රමාණයක් ඒ දවස්වල ලැබුණා. ෆේස්බුක් හරහාත් හොඳ ප‍්‍රතිචාර තිබුණා.

නවකතාවක් තුළින් බිහිවුණු දැවැන්ත චරිතයක් රූප මාධ්‍යයට ගෙන එද්දී ටෙලිනාට්‍යයක් ඔස්සේ මට ඒ චරිතය කරන්න ලැබීම ලොකු අවස්ථාවක් සහ භාග්‍යයක් විදියට මම දකිනවා. ඒ ගැන නිහතමානීව ගොඩක් සතුටු වෙනවා.

 

ධනු විජේරත්න

 

2016-10-08-ent-139



අදහස් (0)

මායි දිනක්ෂියි අදටත් හොඳම යාළුවො

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 72 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 475 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 241 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 671 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1526 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 451 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site