IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මායා දර්ශන තලයේදී පානදුර වෙරළෙන් මතු වූ සුනාමි හොල්මන

2016-10-02-ent-76

ඔහු සහාය අධ්‍යක්ෂවරයකු ලෙස චිත‍්‍රපට පනහකට වැඩි සංඛ්‍යාවකට දායක වූවේය. එලෙසින් ආ ගමනේදී අධ්‍යක්ෂවරයකු ලෙස ප‍්‍රවේගකාරී කඩඉමක් සනිටුහන් කළේ ප‍්‍රවේගය චිත‍්‍රපටයෙනි. ඉනික්බිතිව මෙතෙක් සිංහල සිනමාවේ චිත‍්‍රපටයක් තිරගත වීම් අරඹා දින පහක් යාමට මත්තෙන් සියලූ ආදායම් වාර්තා බිඳ දැමූ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වීමට ඔහුට හැකිවිය. මේ දිනවල තිරගත කෙරෙන සදේශ් කුමාර් සහ ශ්‍රීමති සදේශ් කුමාර්ගේ නිෂ්පාදනයක් වන ‘‘මායා’’ එම චිත‍්‍රපටයයි. මායා අධ්‍යක්ෂණය කළ ඩොනල්ඞ් ජයන්ත එම චිත‍්‍රපටය රූගත කළ සමයේදී මුහුණදුන් අත්දැකීම් සහ මතකයන් මෙන්ම මායා සඳහා නළු නිළි පිරිස තෝරාගත් හැටි ආවර්ජනය කළේ මෙලෙසිනි.

2016-10-02-ent-72මේ චිත‍්‍රපටයේ කතාව මට ගෙනැත් දුන්නේ සදේෂ්. ඒක කාංචනා නමැති දමිළ චිත‍්‍රපටයේ පිටපතයි. ඉන්පසුව මෙහි සිංහල පිටපත ලිවීමේ කටයුත්ත පුබුදු චතුරංගට බාර කරලා තිබුණා. ඒ අභියෝගය පුබුදු හරි අපූරුවට සිංහලකරණය කළා. ඊට පස්සෙ නළු නිළියන් තෝරා ගැනීමේ කටයුත්තේදී ‘‘මායා’’ අක්කගෙ චරිතයට කවුද ගන්නේ කියන ප‍්‍රශ්නය මට තිබුණාට සදේශ්ට නම් එය ප‍්‍රශ්නයක් වුණේ නැහැ. මේ චරිතයට ‘‘රන්ජන්’’ ගන්න ඕනෑ කියලා සදේශ් කිව්වා. මම වික්ෂිප්තව බලාගෙන සිටියා. විහිළුවක් නෙවෙයි, මේ චරිතයට රන්ජන් ගන්නේ නැත්නම් මේ ෆිල්ම් එක හිට් කරන්නත් බැහැ කියලා සදේශ් කිව්වා.

මට තිබුණු ලොකුම ප‍්‍රශ්නය වුණේ, කාන්තා චරිතයක් රඟපෑමට රන්ජන්ට මම කොහොමද ආරාධනා කරන්නෙ කියලයි. කොහොමහරි ඕනෑ බැනුමක් අහනවා කියලා හිතාගෙන මම ගිහින් රන්ජන්ව හමුවුණා. ‘‘අනේ මචං මේක කරලා මට සවුත්තු වෙන්න බැහැ’’ කියලා රන්ජන් කිව්වා. හරි ඔයා පිටපත කියවලා බලන්නකො කියලා ඒ පාර මම කිව්වා. සුපිරි නළුවා ඒ ගමන පිටපත කියවලා හරි මම මේක කරන්නම්, හැබැයි මේ චරිතයට වෙස් ගැන්වීම් කරන්න ඉන්දියාවෙන් වේෂ නිරූපණ ශිල්පියකු ගෙන්වලා දෙන්න කීවා. ඉන්දියාවෙන් ගෙන්වන්න ඕනෑ නෑ අපේ ලංකාවේ හොඳම ශිල්පියෙක් ඉන්නවා, ඒ තමයි අපේ ප‍්‍රවීන වේෂ නිරූපණ ශිල්පී නලීන් පේ‍්‍රමතිලක, අපි ඔහු ලවා ටෙස්ට් එකක් කරලා බලමු කීවා.

නලීන් පේ‍්‍රමතිලක ටෙස්ට් එක කරලා පෙන්නුවාම, ආයෙ ඉන්දියාවෙන් කවුරුවත් ඕනෑ නෑ, නලීන් තමයි මේකට සුදුසුම කියලා රන්ජන් කිව්වා. ඉන්පසුව මේ මායාගේ වෙස් ගැන්වීම් සඳහා ලක්ෂ ගණනක් වියදම් කොට ඇමරිකාවෙන් විශේෂිත වේෂ නිරූපණ ආම්පන්න සහ අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කර දුන්නා.

මේ විදියට රන්ජන් මායා වෙද්දි, අපි ප‍්‍රධාන චරිතයකට අලූත් නිළියක් තෝරා ගත්තා. ඒ තමයි ෂෙහාරා හේවදේව. ප‍්‍රවීන නිළි නදීකා ගුණසේකර තමයි මුලින්ම ෂෙහාරාව උදයකාන්ත හරහා හඳුන්වා දුන්නෙ. ඇත්තටම ෂෙහාරා අලූත් වුණාට ඇය මෙහෙයවන්න අසීරු වුණේ නැහැ. මේ චිත‍්‍රපටය රූගත කිරීම් සඳහා රෙඞ් කැමරාවට අමතරව ඇලෙක්සි කැමරාව සදේශ් එක්කෝටි අසූලක්ෂයක් වියදම් කරලා මේ වෙනුවෙන්ම ගෙන්නුවා. දවසකට එය හයර් කළොත් 125,000 ක් විතර යනවා.

 

ඩොනල්ඞ්, මෙය රූගත කරද්දී මතකයේ රැුඳි සිදුවීම් ගැන කිව්වොත්?

රන්ජන් සිටින තැන ඇත්තටම හරිම විනෝදජනකයි. දවස ගෙවෙනවා තේරෙන්නෙ නැහැ. පානදුර වෙරළ තීරයේ රූගත කිරීම් යොදාගෙන තිබූ දිනෙක ආලෝක පද්ධති සවිකරන තෙක් මම රන්ජන්, පුබුදු සහ අශෝක ආරියරත්න වෙරළ අද්දරට වෙලා කතා කරමින් සිටියෙ. එතකොට බොහෝ ? බෝවී තිබුණා. අපි සිටි තැනට එහාට වන්නට මනුස්සයෙක් ඇවිත් වාඩිගෙන මුහුද දිහා බලාගෙන උන්නා. ඒ වෙලාවේ මායා අක්කා ලෙස රන්ජන්ට වෙස් ගන්වලා තිබුණෙ. මුහුණෙ ලේ පෙරෙන විදියට වෙස්ගන්වා තිබුණා. අපි දර්ශන තලයෙන් ඈතට වන්නට සිටි නිසා ඒ මනුස්සයා හිතන්න ඇත්තෙ අපිත් වෙරළට ඇවිත් සිටින කට්ටියක් කියලා වෙන්නැති. ඒ මනුස්සයා ලොකු කල්පනාවක සිටින අතරේ, රන්ජන් කළුවරේම හෙමිහිට මුහුද මැද්දට ගියා. ගිහින් එක පාරටම වෙරළ දිහාට මතුවෙලා අර මනුස්සයා සිටි තැනට දත් විලිස්සාගෙන හඬ නගාගෙන ආවා. මේ මනුස්සයා බෑග් එකත් දාලා, ගාථා කියමින් බුදු අම්මෝ කිය කියා පණ එපා කියලා දිව්වා. රන්ජනුත් එයා පස්සෙම දිව්වා. ඒ මනුස්සයා වැටි වැටී දිව්වා. එයාගෙ ජීවිතේ දුවපු ලොකුම දිවිල්ල එය වෙන්න ඇති. මේ මනුස්සයා දුවලා දුවලා ගිහින් ගමකට ඇතුල්වෙලා. රන්ජන් ඇවිත් රූගත කිරීම්වල යෙදුණා.

පැය දෙක තුනක් ගිය පසු අපි එදින රූගත කිරීම් හමාර කළා. අර මනුස්සයා ගමේ අයට මේ විස්තරය කියලා ගමේ අයත් හොල්මන බලන්න ඒ මනුස්සයා එක්ක එතැනට ආවා. මම හෙමිහිට ගිහින් මොකද ඔයා දිව්වෙ කියලා ඇහුවා. ‘‘මහත්තයා මේ මගුලක් කතා කරනවා. සුනාමියෙන් මැරුණ ගැහැණියෙක්ගෙ අවතාරේ මගේ පස්සෙන් ආවා’’ කියලා මනුස්සයා වෙව්ලමින් කිව්වා. හොල්මන් කියන්නෙ ඇත්තක් මහත්තයො කියලත් එයා කිව්වා. කොහොම හරි එයා යන්න ගියේ ගමේ අයගෙ උපදෙස් අනුව ශාන්ති කර්මයක් කරවා ගන්නයි.

ආයෙත් දවසක රූගත කිරීම් කරන අතරේ රන්ජන්ට බැංකුවට යන්න ඕනෑ වුණා. කොල්ලූපිටියෙ අපි රූගත කිරීම් සිදු කරමින් සිටියෙ. ‘‘ඔයා ඔය සාරිය ඇඳගෙන ඔය විදියට යන්න එපා කියලා මම කිව්වා.’’ නෑ නෑ කමක් නෑ මම ගිහින් එන්නම් කීවා. බැංකුවට ගියාම කවුරුවත් මෙයා රන්ජන් කියලා හඳුනාගෙන නැහැ. ඔක්කෝමලා වැඩ නවත්තලා හිනාවෙන්න පටන්ගෙන. කවුද මේ හැඩිදැඩි කාන්තාව කියලා මිනිස්සු කතා වෙන්න පටන්ගෙන. මේ මෙයා ඉන්දියාවෙන් එන්න ඇත්තෙ කියලා සමහරු කතා වුණාලූ. මැනේජර් පවා හිතලා තියෙන්නෙ එහෙමයි. ඒත් රන්ජන් එක පාරටම ගිහින් මැනේජර් ළඟ ඉඳගෙන බලාගෙන හිටියලූ. මැනේජර්ට කර කියාගන්න දෙයක් නැතුව සිටියදී මම රන්ජන් කියලා කිව්වලූ.

මේ විදියට රන්ජන් ගැන කියන්න තියෙන සිදුවීම් නම් එමටයි. නමුත් කේරළයේ රූගත කිරීම් සිදු කෙරෙද්දී වූ සිදුවීමක් ගැන නම් කියන්නම වෙනවා. පිරිසක් සිටින තැනකට එන රන්ජන් ඒ පිරිසේ කාගෙ හරි අතේ නහරයකට ඇඟිල්ලෙන් පහරක් එල්ලකරන සිද්ධිය දන්නෝ දනිති. ඒ නිසා රන්ජන් සිටින තැන අපි අත් පරිස්සම් කරගෙන ඉන්නෙ. එදා කේරළයේ ප‍්‍රකෝටිපතියකුගෙ නිවසේ අපට භෝජන සංග‍්‍රහයක් තිබුණා. මම අර කෝටිපති නිවසේ හිමිකරු සමග කතා කරමින් සිටියදී, රන්ජන් ඇවිත් පිටුපසින් අර මිනිසාගෙ බාහුවට සුපුරුදු ප‍්‍රහාරය එල්ල කළා. කරන්ට් වැදිලා වගේ ඒ මනුස්සයා උඩ ගියා. මේ ගෙදර කවුද මට ගහන්න ඉන්නෙ කියලා මනුස්සයා මා දිහාට කඩා පැන්නා. මම හොඳටම බයවුණා. මම අත්දෙක බැඳගෙන සිටිය නිසා එයාටත් පුදුමයි මේ සිද්ධිය. පසුව එයා ඒ විශාල මන්දිරයේ සේවක පිරිස කැඳවලා කරන්ට් ලීක් එකක් තියෙනවද කියලා පරීක්ෂා කරවලා බැලූවා.

රන්ජන් ඔයා නම් මාරයි, තව පොඞ්ඩෙන් ඒ මනුස්සයාගෙන් මම ගුටිකනවා කියලා මම කිව්වා.

මේ වගේ තව සිද්ධි නම් බොහෝමයි.

 

සඳුන් ගමගේ

 

2016-10-02-ent-77
2016-10-02-ent-75
2016-10-02-ent-74
2016-10-02-ent-73



අදහස් (0)

මායා දර්ශන තලයේදී පානදුර වෙරළෙන් මතු වූ සුනාමි හොල්මන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 803 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 700 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 936 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1015 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 322 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 698 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site