මියන්මාර් රජයෙන් පරිත්‍යාග කැරුණු ‘මියන් කුමාර‘ ඇත්පැටවා (6) ශ්‍රී ලංකා මියන්මාර් තානාපති උම්මියෝ ලුන් මහතා බෙල්ලන්විල රජමහා විහාරයේ දී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියනට විහාරාධිපති බෙල්ලන්විල විමලරතන නාහිමියනට බාරදුන්නේය. ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නාහිමියෝ හා විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පිරීස් ද එහි වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑන් ඉතින් සතුන්ට හිංසා කරන්න එපා කියලා ගිනි තියා ගනීද දන්නෙ නැහැ කවුරු හරි. (නි)
සතුන්ට ඔවුන් කැමති කැලෑබද පරිසරයක ජීවත් වීමට ඉඩ හැරිය යුතුය. මොනයම් ආකාරයකට වුවද සතකු තම ග්‍රහණයට පත්කොට, ඔවුන්ගේ පරිසරයෙන් වෙන්කොට කොපමණ ආහාර පාන ලබාදුන්නත් එහි ඇති පලය කිම? ලොව්තුරු බුදු බණ ක්‍රියාවෙන් පිළිපැදිය යුතු වන්නේය!!! (නි)
සාදු!සාදු!! සාදු!!! (නි)
පන්සල් වලට අලි ඇත්තු කුමටද? අලි වලිගෙ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්නවත් ,අලින්ට දාන සීල භාවනා පුරුදු පුහුණු කරලා නිවන් මාර්ගයට යොමුකරන්නවත් නෙමෙයි පන්සල තියෙන්නේ. බුදුන්වහන්සේ වැඩ සිටි කිසි තැනක අලි ඇත්තු හිටියේ නැහැ. නාලාගිරි ඇතාව බුදුන් ලඟට එව්වෙත් දේවදත්තයයි. (නි)
සිරිකොතට පූජා කළා නම් තමයි හොද (නි)
කොහොමත් නුදුරු අනාගතේ මෙයාලව පිටින් තමා ගෙන්නන්න වෙන්නේ මේ මරණ මැරිල්ලේ හැටියට (නි)
අපේ සත්ව අවිහිංසා සමිතිය බුද්ධාගමට කරන කෙනෙහිලි දකින්න ඇති. (නි)
නවසීලන්තයට තෑග්ගක් හැටියට කිරි එළදෙනක් දුන්න වගෙයි. අලි ඉන්න රටේ, ඔයිට වඩා ලොකු පිනක් නායක හාමුදරුවනේ වගා ලින් වලට වැටිලා බේරාගත් පොළොන්නරුවේ වෙඩි කාලා මියගිය ඇතින්නගේ පැටවා රැලෙන් අතරමංවූ ඇත්පටව් කීපදෙනෙක්ම ජනාධිපති තුමාගෙන් ඉල්ලා ඇතිදැඩි කලානම් . හක්ක පටස් ,වසකාල,ලින්වලට වැටිලා අකල් මරණ දිනපතාම වාර්තා වීම බලවත් සංවේගයට කරුණක්.(නදී)
දඹදිවෙන් ගෙනාව බුද්ධාගමත් රැකගන්න බැරි මෙයාලා. පට්ටම් තානාන්තර රැක ගන්න නොයෙක් නොයෙක් දේවල් කරනවා. සර්ව ආගමික සංකල්ප කියලා මර උගුල් අටවල අහිංසක බෞද්ධයන්වත් අපා ගාමී කරවනවා. නරකද හාමුදුරුවනේ විනයානුකූලව සොයා බැලුවොත් කොතනද වැරදුනේ කියලා.(නදී)
අපේ ලංකාවේ ඉන්න අලි සමිපත ආරක්ෂා කරන් නැතුව තවත් රටවලින් අලි ගෙන්වා පන්සල්වලට පුජාකිරීම හරිම විහිලුවක් ඇයි අපේ අලි පන්සල්වලට නොගන්නේ අපේ අලි කලුද?(නදී)