හැත්තෑහැවිරිදි පස් දරු මවකට පහර දී මිය ගියැයි සිතා තඹුත්තේගම බෝක්කුවක් යටට දමා ගිය බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන පුතා එම සිද්ධියෙන් දින 18 කට පසුවද අත්අඩංගුවට ගෙන නැතැයි අසල්වැසියෝ කියති.
සන්ධ්‍යා මේබල් වික්‍රමසිංහ මතාව හා ඇගේ තවත් පුතකු පොලීසියට කියා ඇත්තේ හිටපු කොස්තාපල් මව පදිංචි නිවස හා දේපොළ ඉල්ලා කරදර කරන බවට පොලීසියට පැමිණිලි කිහිපයක්ම කැර ඇති බවයි.
පසුගිය 23 වැනිදා ඇයට පහරදීමෙන් පාදයක් කැඩී ඇතැයි ද රෝහලේදී සැත්කමක් කැර ඇතැයි ද වෛද්‍යවරු කියති.
තඹුත්තේගම රැජන හන්දියේ ගල්නෑව පාරේ බෝක්කුවක් යට කෙදිරිගාමින් සිටි මෙම කාන්තාව දුටු ගැමියෝ පිරිසක් ඇය රෝහලට බාර දුන්හ.
ඇගේ පුතා බව කියන හිටපු කොස්තාපල් උතුරුමැද පළාත් සභාවේ ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවෙකි ද ගැමියෝ පවසති.
මව දමා ගිය බව කියන බෝක්කුව



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ....මිනිසත් බව ලැබ කුමට උපන්නෝ..? (නදී)
බැරිද බනක් කියල මේ මිනිසුන්ව යහ මග ගන්න. (නදී)
වර්තමාන බහුතර අපේ රටේ ජනයා මත්කුඩු වලින් හා මත්පැන්වලින් මත්වෙලා ඉන්නේ. කියන්නේ කරන්නේ මොනවද කියල දන්නේ නැහැ. මහ පාරේ ගමන් කරන යාචකයාව මරල මුදල් අරන් මත්පැන් බොන ජන කොටසක් එක්ක තමයි අපි අද ජිවත් වෙන්නේ. මේ අයව යහමගට ගන්න ඉන්න ඇත්තොත් අයාලේ ගිහින්. යහපත් මිනිස් පරපුරක් ගොඩ නගන්න නම් යහපත් පාලනයක් අවශ්‍යයි (නදී)
මේයා අම්මගෙන්ම කිරි බීල බීපු කිරි වල ගුනේවත් දන්නේ නැති පුතෙක්(නදී)
පවුවලින් නරකම පව වන ආනන්තරීය පාපය මෙම අජාසත්තට ලැබී අැත. මෙය ගෙවිය නොහැකි පවකි (නි)
නෑ...නෑ ..මෙයා හොදට අම්මට කීකරුව හිටපු කොල්ලෙක්. මේක උනේ මෙයා පොලිසියට ගියාට පස්සේ. පසුව දේශපාලකයා ලගට ගියාට පසු අම්මත් අමතක උණා (නදී)
මේ පුතාට පිරිමියෙක් හැටියට තමන්ගේ කියලා ගෙයක් දොරක් හදාගන්න බැරි ඇයි? ලංකාවේ පුදුම නීති හදාගෙන තියෙන්නේ.ගෙදර ලී බඩු ලොකු දුවගේ දෑවැද්දට, අම්මාගේ රත්තරන් බඩු පොඩි දුවගේ දෑවැද්දට , කුඹුර ලොකු පුතාට , මහගෙදර බාලයාට ආදී වශයෙන්. ඉතින් ළමයින් කැමති නැහැ මහන්සි වෙලා තමන්ගේ දෑවැද්ද සහ ගෙවල් දොරවල් හදාගන්න. මම කියන්නේ අපි මේ ක්‍රමය ඉදිරියට එන පරම්පරාවට හරි කියලා වෙනස් කරවා ගන්න ඕනෑ. (නි)
පවුවලින් නරකම පව වන ආනන්තරීය පාපය කරලා ඉවරයි. මේ පව කවදා හරි දවසක තමන්ගේ දරුවන්ගෙන්ම පොලියත් එක්කම ලැබෙයි. (නදී)
මෙතන අදහස් දක්වල තියෙන සමහරු කියනවා යුරෝපා රටවල උසස් සංස්කෘතියක්, හැදියාවක් තියෙනවලු. තමන්ගේ මාතෘභූමියට නින්දා කරන්න එපා. ඇමරිකාවේ මර්ඩර් කේස් එකකට දඬුවම උපරිම අවුරුදු 20 යි. මෙහෙ ජීවිතාන්තය දක්වා. එහෙ අපරාධකරුවෙකුට මරණ දණ්ඩනය දෙන්නේ මිනිස්සු 50ක්,60ක් විතර මරල ස්ත්‍රී දුෂණ විශාල සංඛ්‍යාවක් කරාට පස්සේ. මෙහෙ එක මර්ඩර් එකටත් ජීවිතාන්තය දක්වා දෙනවා. එහෙ බන්ධනාගාර වලින් නිතරම පැනල ගිහින් ආයෙත් අපරාධ කරනවා. මෙහෙ ලේසියෙන් පැනල යන්නත් බැහැ. එහෙ මහපාරේ ෂුට් කරගන්නවා. ඉතාලියේත් කොච්චර අපරාධ වෙනවද? නිකන් බොරුකියන්න එපා. (නදී)
ඇමරිකාවෙත් සෑම විනාඩියකටම ස්ත්‍රී දුෂණ 10ක් පමණ සිදුවන බව පුවත්පතක් මෑතකදී වාර්තා කර තිබුණා. වසර 2500 කටත් පෙර සිටම උසස් සංස්කෘතියක්, සභ්‍යත්වයක්, උසස් ශිෂ්ටාචාරයක් තිබුණු, මනුස්සකම තිබුණු මිනිසුන් සිටිය අපේ රට පහත් කාමුක, පරගැති සිරිත් පුරුදුකොට විනාශකලේ ඔය උසස්ය කියන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තමයි. (නදී)
ඇමරිකාවේ මිනිස්සු මහපාරේ කොච්ච්චර වෙඩි තියාගන්නවද? එහෙ පොලිසියටවත් ඒවා පාලනය කරන්න බැහැ. වෙඩි වැදිලා මනුස්සයෙක් පාරේ වැටිලා හිටියත් කවුරුත් උදව්වට එන්නේ නැහැ එහෙ. දැක්කේ නැහැ වගේ ලඟින් යනවා එහෙ මිනිස්සු. ඒ රටවල වැඩි දෙනා ආත්මාර්ථකාමියි. (නදී)
කියන්න කණගාටුයි. සමහර බටහිර රටවල පාසල් ශිෂ්‍යයන් තම සහෝදර ශිෂ්‍යයාවන් වගේම තමන්ගේ මව වැනි ගුරුවරියන්ද පන්ති කාමර වලදී රංචු ගැසී දුෂණය කරන බවට ප්‍රවෘති නිතරම පාහේ වාර්තා වෙනවා. (නදී)
"නස්රී" ඒක කිව්වේ කින්ඩියටද මන්දා (නදී)
මහා ලොකුවට පුරසාරම් කියනවා ලෝකෙම් උතුම් රට දර්මද්වීපය අර දීපේ මේ දීපේ කියලා. හැබැයි අහන්න ලැබෙන්නේ අපායේ වත් අහන්න නැති දුක් වේදනා. (නදී)
මෙයාට යන්න අපායක් නැහැ (නදී)
බීපු කිරිවල අගය නොදන්නා තිරිසන්නු (නදී)
මේවා ඉස්සර කාලෙත් උනා,අදත් වෙනවා,හෙටත් වෙයි. මේවට රට ජාතිය ආගම කුලය බලපාන්නේ නැහැ. බටහිර වගේම ආසියාවේත් ඒ වගේම ලෝකයේ අනිත් රටවලත් මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙනවා. මේවට බලපාන හේතුන් හොයලා බලලා නිවැරදි කිරීම තමයි වෙන්න ඕනා. (නදී)
මේ වගේ අයට යන්න වෙනම අපායක් හදන්න වෙනවා (දී)
අනිකුත් යුරෝපා රටවල නිදහසට උඩුබුරන්න පෙර තම රටේ කාන්තාවන්ට ගරු කරන හැටි ඉගෙන ගන්න. උතුම් පිරිමියෙක් හැටියට තම මවට සොහොයුරියට , බිරිඳට, දියණියට මේ සැමට ගරුකරන්න. අසරණ ශ්‍රී ලංකාවේ, කාන්තාවගේ ඉරණම තව වසර 10න් විසදෙන හැටි අද සමාජය දෙස බැලුවාම අපිට පේන කිව හැකියි? එයයි යතාර්ථය. තවත් ඇමරිකාවක් බිහි කරන්න අතදෙන සියල්ලටම කියන්නේ තම පව්ලේ කාන්තාවට මෙන් අසල නිවසේ කාන්තාවට ගරු කලාම ඔබ මුළු සමාජයටම ගරු කරන පුද්ගලයෙක් වෙන්නේ ඉබේමයි. එයයි මා ඔබෙන් බලා පොරෝත්තුවෙන්නේ කාන්තාවක් හැටියට. මාද ඒ හා සමානව පිරිමියාට ගරුකරමි. (නදී)
හෙන ගහන අපරාදයක්නේ (දී)
අනේ පව් මේ වගේ අයට මිහිපිටම පඩිසන් දෙන්න ඕනේ (නදී)
හැබෑවටම මේ නම් වසලයෙක්. (නදී)
හැමදාමත් පිටරට ජීවත් වෙන්න බැහැනේ. යුරෝපයේ සංස්කෘතිය, හැදියාව, හැකියාව අතින් දියුනුයි කියා පිළිගන්නවා. නමුත් මගේ රට මට වටිනවා. (නදී)
ඔහු නම් අනිවාර්යයෙන්ම දඩුවම් විිඳිය යුතුයි (නි)
මෙයාව නම් තියන්න වටින්නෙ නැහැ (නි)
මේ වගේ ළමයි මොන හිතකින් මේ අසරණ අම්මාට ගහන්න ඇද්ද? (නි)
මෙහෙම අයත් මිනිස් ආත්ම ලබනවානේ? (නි)
පොලිසියේ ඉන්න කාලේ කොහොම ඇද්ද? (නි)
අපේ හාමුදුරුවනේ මේකයි මින්සුන්ගේ තත්වය කරුණාකර ඔය මඩ ගොහොරු දේශපාලනයට වඩා දර්මයේ මාර්ගයෙන් මිනිසුන් හදන්ඩ. මේ ආයාචනය විශේෂයෙන්ම මහා නායක හාමුදුරුවන්ගේ සහ, බොදු බල සංවිදානය, රාවනා බලය වැනි උගත් දක්ෂ හාමුදුරුවන්ගේ අවදානය පිණිසයි. (නදී)
ඔවු සතිස් , මේ පුත්‍රයා ඉගෙනගෙන තියෙන්නේ වෙන මොකක්ද පොතකින්. (නි)
අම්මා කෙනෙක්ගෙන් කිරි බීපු දරුවෝ මෙහෙමද හැසිරෙන්නේ? (නි)
මේකා නම් මාරම පුතෙක් තමයි (නි)
නුතන අජාසත්තලා තමයි. මේ. ආනන්තරීය පාපකර්මයක් කරගෙන තියෙන්නේ. (නි)
අම්මා අප්පච්චි මහන්සිවෙලා උපයලා නිවහනක් හදලා දීලා, ලොකුමහත් කරලා, සමාජයට දුන් පුතණ්ඩියා හැසිරුන හැටි අපුරුයි. මෙහෙම පුත්තු පමණක් නොවෙයි දුවරුත් ඉන්නවා. (නි)
අම්මෝ! දේශපාලඥයන්ගේ ප්‍රබල ආධාරකරුවනුත් අත්අඩංගුවට අරගෙනද? (නි)
මේ වගේ කාලකන්නි අද අපේ රටේ ඕනෑ තරම් ඉන්නවා මුන්ව කොහේ හරි ලැයිස්තුවකට ඇතුලත් කරලා හඳුනා ගැනීමේ ක්‍රම වේදයක් අද රටට අවශ්‍යයි. අඩුම තරමින් සමාජයෙන් කොන් කරලා හරි දමන්න ඕනේ. නීතියක් නැහැනේ ඕවාට. අනික ඉතින් එතනත් දේශපාලනේ ගෑවිලානේ (නදී)
මේ පුතෙක්ද ඇත්තටම? (නි)
අනුන් හම්බකළ දේවල් බලෙන් ඉල්ලාගෙන තමන්ට අයිතිකරගන්න තරම් ලැජ්ජාවක් නැති පිරිසක් අද බිහිවෙලා. අම්මා අප්පාගේ ගුණය දන්නේ නැහැ. (නි)
මෙයින් පෙනෙන්නේ ගුණධර්ම පිරිහීමක්. ගුණධර්ම පිරිහෙමින් යන සමාජයකට අවශ්‍ය අධ්‍යාත්මික නායකත්වයක්. එහෙත් අපේ හාමුදුරුවරුන් කරන්න යන්නේ දේශපාලන නායකත්වයක් ගොඩ නගන්න තැත් කිරීමක්. (ස)
ඉතාම කණගාටුදායක පුවතක්. තමන් වපුරාපු වී තමයි අස්වනු වෙන්නේ. (නි)
ලංකාවේ දේශපාලනය කරන්න හොදටම සුදුසුකම් තියෙනවා මේ පොලිස් පුත්‍රයාට.(නදී)
මේ යුරෝපා රටවල ලංකාවට වඩා උසස් සංස්කෘතියක් සහ චර්යා රටාවක් තියෙනවා. මෙහෙ හැදෙන අපේ ළමයින් ගැන අපිට හරිම ආඩම්බරයි. (නදී)
අද වනතුරු මේ පොලිස් පුතාගෙන් කොපමණ පීඩා විඳින්න ඇතිද? පනාගොඩ කියා තිබෙන දේ මමත් අනුමත කරනවා. මෙහෙ දරුවන් අවුරුදු 18න් පසු උසස් අධ්‍යාපනයට පිට වුනාම නැවත ආපසු ගෙදර එන්නේ නැහැ. වෙනම පදිංචි වෙනවා. මෙහෙම අවුල් නැහැ. (නදී)
අපේ රටේ ළමයින්ට අතට පයට කරලා දීලා නරක කරගන්නේ දෙමව්පියන්මයි. නැහැ බැහැ නොකියා ඉල්ලන ඉල්ලන දේ දීලා හැදෙන දරුවන් ඊළඟට ඒවා නොලැබුන තැන මේ වගේ තිරිසන් වැඩ කරන්නේ. පිට රටවල් වල යන්තම් වයස 13/14 වෙනකොට ළමයින් අර්ධ කාලින රැකියා කරලා තමන්ගේ වියදම සොයා ගන්නවා. මෙහෙ දරුවන්ට වගේ දෑවැද්ද දේපල ලැබෙන්නේ නැහැ. (දිල්)
මේ අම්ම දිහා බලන්න කොච්චර දුක හිතෙනවද ? (නදී)
මේ නරුම පුතාව ආරක්ෂා කරනවට, පලා බබාටත් කවදා හරි විදවන්න වෙවී.(නදී)
මට නම් මේවට ලියන්න වචන ගලපා ගන්න බැහැ, ලීවොත් ඒ ව අපේ කතෘ තුමාට කොහොමට වත් බැහැ පත්තරේක පල කරන්න. අද මම එක අතකින් ගොඩාක් සතුටු වෙනවා මේවා දැක්කම. ඇයි ඒ අද මම මගේ දරු පැටවුනුත් සමග විදේශයක ජීවත් වෙන නිසා. මම මගේ දරුවනුත් ඔය පාපතරයන් අතරේ ජීවත් උනානම්, ඒවායින් කොටසක් මගේ දරුවොනුත් භුක්ති විදලා ඒ වගේ ප්‍රති විපාක මගේ දරුවන් නෙලා ගන්න කොට මට හූල්ලල මැරෙන්න වෙනවා. එ්ත් අද මට ෂුවර් යුරෝපා රට වල තියන හැදියාව. යහපත් මිනිස් අයිතිවාසිකම් සමග ගුණයහපත් කම් සමගින් ලොකුවන මගේ දරුවන්ගේ කාටවත් අතනොපා, වැඩිහිටියන්, දෙගුරුන් සරණේ, ජීවිත ආලෝකමත් කියන හැගීම මට සැනසීමයි. මගේ දරුවන්ට තෙරුවන් සරණයි (නදී)
අපේ හාමුදුරුවනේ මේකයි මින්සුන්ගේ තත්වය. කරුණාකර ඔය මඩ ගොහොරු දේශපාලනයට අන්‍ය ආගම් විරෝදින්ට වඩා දර්මයේ මාර්ගයෙන් මිනිසුන් හදන්ඩ. මේ ආයාචනය විශේෂයෙන්ම බොදු බල සංවිදානය, රාවනා බලය වැනි හාමුදුරුවන්ගේ අවදානය පිණිසයි.(නදී)
මේ අම්මට මල් තියලා වදින්න ඕන මැරුනේ නැති හින්දා. බැරිවෙලා වත් මැරුණා නම් අර පුතා කරගන්නා අකුසලේ බලයෙන් කල්පයක් නිරයේ පැහෙන්න තිබුනා. (නදී)
පේනවා නේද මේ තිරිසනුන්ගේ තියෙන හැදියාව. තමන්ගේ අම්මට මෙහෙම කරන්න පුළුවන් පාහරයින් පිට මිනිස්සුන්ට මොනවා කරාවිද? (නදී)
අත් දෙකම කපන්න ඕනේ (නදී)
පුතාව මේ වගේ තැනකට ගේන්න කොපමණ මහන්සි වෙන්න ඇද්ද ? (නදී)
මේක දැන් එළිපිට නිරයක් වෙලා. (නදී)