මීරිගම පොලිසියේ උප සේවා කොස්තාපල්වරයකුගේ රිවෝල්වරය පත්තුවී බිත්තියේ වැදී අඩි 18ක් ඈත සිටි සැකකරුවකුගේ පාදයේ වැදී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබුවේ මීරිගම ඝාමිණී රාජපක්ෂ නම් තුන් දරු පියෙකි.
රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු පොලිස් අත්අඩංගුවේ පසු විය.
රාජකාරියේ යෙදී සිටි ගැබිනි පොලිස් කාන්තාවක ද කම්පනයෙන් රෝහල් ගත කරනු ලැබුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය දනහිසෙන් පහලට වෙඩි තියන්න ඉගෙන ගන්නවා (දී)
ඔය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණයක් තියෙන බව අර තුමා කිවේ නැද්ද තාම? (නදී)
පීසී ලට ඇයි රිවෝලවර දෙන්නේ. ඒක දෙන්න පුලුවන් එස්.අයි ලගෙන් ඉහළට නේද? (නදී)
නුසුදුස්සන්ට ආයුධ දීමේ ප්‍රතිඵල... (නි)
පොලිස්සියට මෝල් ගස් දෙමු. (නදී)
උණ්ඩය රබර්ද? බිත්තිය යකඩද? (නි)
තුවක්කු අයිනේ තියල පොලු කෑල්ලක් දුන්න නම් හරි දැන්. (නදී)
ඒක ඔටෝමැටික් එකක් වෙන්න ඇති (නි)
දැන් හැමදේම ඉබේනේ වෙන්නේ. ඒකයි (නි)
රාළහාමිට අමතක වුණාවද්ද? (නි)
මෙහෙ රටේ පොලිසිය මිනිසුන් සමග මොන තරම් සමීපද කියල හිතනකොට මට අපේ ලංකාවේ පොලිසිය මතක් වුණා. (ස)
මට හිනාව නවත්ත ගන්න බැහැ (දී)
දැන් ඔක්කොම වෙන්නේ ඉබේ නේද (දී)
ප්‍රත්‍යක්‍ෂයෙන්ම මේකනම් ඉබේ පතුවෙලම තමයි . අද රටේ වෙන හැම දෙයක්කම වෙන්නේ ඉබේ ඉතින් කොහොමද මේක ඉබේ නොවී තියන්නේ ? අනෙක් කාරණය පහුගිය දවස්වල පොලිසිය වෙඩි තියපු විදිහට උවමනාවෙන් වෙඩි තිබ්බනම් කීයටවත් කලුලට තියන්නේ නැහැ .(දී)
ඉබේ පත්තු උනාට ඕන වෙලාවට පත්තු වෙන්නේ නැහැ. ඕව පත්තු වෙන්නේ ඉබේ. එහෙම නැත්නම් අහිංසකයෙකුට. (දී)
කවුරු මොනවා කිවුවත් පොලිසියේ ඉන්න කට්ටිය ගැන දැන් දැන් වැරදි මතයක් තමයි ඇතිවෙලා තියෙන්නේ, ජනතාව තුළ. (නි)
පොලීසියට තුවක්කු හම්බවුනා කියන්නේ වඳුරට දැලිපිහිය ලැබුන වගේ. දැන් කීදෙනෙක්ට නිකරුනේ වෙඩි වැදුනද? (ස)
මේවගේ ඇත්ත නැත්ත දෙය්යෝ තමයි දන්නේ,,,නැහැ නැහැ,,,පොලිසියත් දන්නවා ඇති,,(ස)
රජයේ රස පරිෂකට පුළුවනි පිස්තෝලේ පරික්ෂා කරලා බලන්න. වැරද්දක් තියෙනවනම් කගේ හරි පිටින් යවන්න බැරිය. (ස)
වදුරන්ට දැලි පිහි දෙන්න එපා දෙයියනේ.......(ස)
තුවක්කුවක් පාවිච්චි කරන්න දන්නේ නැති මිනිස්සුද පොලිසියේ ඉන්නේ? (දී)
හොද වෙලාවට ඉනේ තියෙද්දී පත්තු නොවුනේ (දී)
මම හිතන්න නම් ඕක අමූලික බොරුවක්. (ස)
පොලිසියේ දැන් තියෙන අවි පරණයි. ඕවගෙන් වැඩක් ගත්ත කාලයක් කවුරුවත් දන්නේ නැතිව ඇති. ඒ නිසා සියලුම අවි ඉවත් කරලා අලුතෙන් අවි ගෙන්න ළඟදීම කැබිනට් පත්‍රිකාවක් දාමු. (ස)
යුද්ධයක් නැති කාලේ දැන්... සද්දෙටත් කම්පනය හැදෙන එක පුදුමයක්යැ. (ස)
ඇත්තටම පොලිසිය මාරාන්තිකයිනේ. (ස)
කෝ අර ගිරවා? (ස)
ඔයින් බේරුනා ඇති. (නි)
අනේ මන්දා පොලිසියෙත් වෙන දේවල්! (නි)