වරුවකටත් වැඩි වේලාවක් ගාලු පාරේ උද්ඝෝෂණය කළ වඩු කාර්මිකයෝ මොරටුවේ වීර පුරන්අප්පු ක්‍රීඩාංගනය රැස්වූහ. රජයට බාරදීම සඳහා සංදේශයක් ප්‍රදේශිය ලේකම් ජේ.සී. නිරෝෂණ මහතාට බාර දුන්හ. මොල්පේ ආනන්දාරාමාධිපති බේරුවල ආනන්ද හිමියෝ එම සංදේශය ලේකම්බරයාට බාර දෙමින් පැවසුයේ වඩු කාර්මිකයන්ගේ දුක් ගැනවිලි වලට ඉක්මණින් සහානය සලසන ලෙසයි. එතෙක් පැයකට ආසන්න කාලයක් පොලිස් ආරක්ෂාව යටතේ රැඳි සිටි ඇමැති ජිවන් කුමාරතුංග මහතා නික්ම ගියේය. ගාලු පාරේ වාහන තද බදයට අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකට මොකක් වෙයිද දන්නෙ නැහැ (නි)
මොන දේකට උද්ගෝෂණ කලත් දැන් පාර අවහිර කරන එක පුරුද්දක් වෙලා. මෙහෙම ගියොත් ගමනක් යන්න සතියකට කලින්වත් එලියට බහින්න වෙයි. රජයට මේ වෙන දේ පේන්නේ නැද්ද? නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්නත් බැරි වෙනවා මෙහෙම ගියොත්.(නදී)
මොනවා වෙන්නද , ඉල්ලීම් නොදුන්නොත් කන්න වෙන්නේ පරාල ඇන.(නදී)
මාර වැඩක්නේ. මෙයාලගේ දවසක ගාන 3000 හරි 3500 තව වැඩි කරන්ඩද කියන්නේ? පැන්ට්‍රි කබර්ඩ් අඩියට 4500 දවසට අඩි 10ක් විතර ගහනවා. මාර වැඩක්නේ.(නදී)
නීතියක් දන්නා ඕනෑ උද්ගොෂණයකට පාරට බැස්සොත් පාරේ ඉන්න අයට නිතිය ක්‍රියාත්මක කරනවා කියලා (නි)
මේ පාරට බහින අයට විසඳුම් දෙනවා පෙන්වනකොට හැම කෙනාම පාරට බහිනවා. පැය ගණන් මිනිස්සු රස්තියාදුවේ. විදේශ විනිමය වැය කර ගෙන්වපු ඉන්ධන ලීටර් දහස් ගානක් නිකන් පිච්චෙනවා. ඊයේ එළිපිට දුම්රියට තර්ජනය කරමින් මිනිස්සු හැසිරුණා. ආණ්ඩුව දැන්වත් මේ විකාර වැඩවලට ඉඩ දෙන එක නවත් වන්න. ගහන්න කඳුළු ගෑස්. බැටන් පාරක් දීලා හොඳට ඒවා රුපවාහිනියේ පෙන්වන්න.(නදී)
මේ වැඩේට තිත තියන්න ඕනෑ. මානව හිමිකම් වලින්වත් බැරිද මේවා කරන අයට දඩුවම් කරන්න? (නි)
අපේ රටේ දේවල් විකුණගන්න බැරී පිටරටින් ගෙන්නන දේ නිසයි. ප්ලාස්තික් වලින් නිපදවන ගෘහ උපකරණ සීමිත කරනවා නම් මෙහෙම තත්වයක් ඇතිවෙන්නේ නැහැ (නි)
මේ වගේ උද්ගෝෂණ වලට රජයට කරන්න දෙයක් නැහැ. වඩු කාර්මිකයා රජයේ සේවකයෙක්ද. ලි බඩු වල මිල ගණන් තීරණය කිරීම පරිබෝගිකයා සතුයි. සල්ලි ඇත්නම් ගනී නැත්නම් නොගනී. (අ)
නීතියක් දාන්න ඕනෑ උද්ඝෝෂණ කරන්න පාරට බැසීම තහනම් කියලා. (නි)
වඩු වැඩක් කර ජීවිතය ගැටගහගන්න හදන පිටබැද්දර උන්නැහේට පරාල ඇන කන තත්ත්වයක් උදාකරන්න එපා.වඩුකර්මාන්තයේ නියැලෙන සියලුම වඩු කාර්මිකයන්ගේ දැවෙන ප්‍රශ්න රජයේ අවධානයට යොමුවේවා! (නි)
ජීවන් මහත්තයා කොයිතරම් ජනප්‍රියද? (නි)
රටෙ ඉන්නේ මෝඩයින් නෙවෙ.රජයක් සැමවිටම ප්‍රායෝගික විය යුතුයි.සෑම දෙනා හැමදාම රවට්ටන්න බැහැ. (නි)