ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ඉදිරියේ පැවැති පරීක්ෂණයක් සඳහා පෙනී නොසිටීමෙන් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු නොපැවරීමට දින හතක් ඇතුළත නිදහසට කාරණා ඉදිරිපත් කරන්නැයි මොරටුවේ පාසලක විදුහල්පතිනියකට මානව හිමිකම් කොමිසම අද (01) නියෝග කළේය.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නවය හා ඒ අට ගත් ශිෂ්‍යාවන් ජනප්‍රිය පාසල්වලට යෑමට චරිත සහතිකයක් ඉල්ලූ විට බලහත්කාරයෙන් අස්වීම ලබා දුන්නැයි ද කියමින් එම පාසලේ දෙමාපියන් තිදෙනකු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබිණි.
මොරටුවේ විද්‍යාලයයෙන් අස්වීම දුන්නද ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කර නොගත් නිසා කිසිදු පාසලක් නැතිව දරුවන් අසරණ වී ඇතැයි දෙමාපියෝ කීහ.
මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතා ඉදිරියේ අද (01) එම සිද්ධිය විභාගයට ගත් අවස්ථාවේ ජනප්‍රිය පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරියකු පැමිණ සිටියත් චෝදනා ලාභී මොරටුවේ විදුහල්පතිනිය වෙනුවට පැමිණ සිටියේ එහි නියොජ්‍ය විදුහල්පතිනියකි.
කොමිසමේ නියෝග නොතකා විමර්ශනයේ දී පෙනී නොසිටීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු නොපැවරීමට නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි එම විදුහල්පතිනියට නියෝග කළේය.
මොරටුවේ විදුහල්පතිනියට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, ජාතික පාසල් අධ්‍යක්ෂ සහ කොළඹ ජනප්‍රිය පාසල් කිහිපයක විදුහල්පතිවරු එම පෙත්සම්වල වගඋත්තරකරුවෝ වෙති.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අගතියට පත් දෙමාපියන් වෙනුවෙන් පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගතියට පත් දෙමවුපියන්ට සාධාරණයක් ඉෂ්ට වේවා! (නි)
මානව හිමිකම් කොමිසමට කල හැක්කේ නිර්දේශ ඉදිරිපත් කිරීම පමනයි. මොවුන් ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විදුහල්පතිවරු නීත්‍යානුකූලව බැඳී නෑ. පලමුවසර ළමුන් ඇතුලත් කිරේමේ දී මොවුන් ගේ නිර්දේශයන් කිසිම විදුහල්පති කෙනෙක් ගනන් ගන්නේ නෑ.(දී)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අපිට මේ කොමිසම ගැන විශ්වාසයක් තියෙනවා... (දී)
මෙයාට දෙන දඩුවම කුමක් වේවිද? (නි)
මෙහි අවසානය කෙසේ වේවිද? (නි)
මේ තත්වය ගොඩක් රාජ්‍ය ආයතනවල දකින්නට තියනවා.දේශපාලන බලය අතට ගත්තු ලොක්කෝ මානව හිමිකම් එකේ තීරණ වලට ගරු කරන්නේ නැහැ.එක ලොකු ප්‍රස්නයක් බවට දැන් වර්ධනය වෙලා. (දී)
ඩයස් ඔයා ඉන්නෙ ලංකාවෙද?(දී)
චරිත සහතිකය දෙන්නේ නැතුව අස්වීමේ සහතිකයක් දුන්නද දන්නේ නෑ. (දී)
ඔබතුමාට තවත් නිදහසටත් කියන්න දේවල් තියෙනවද (දී)