IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මොරටු විදුහල්පතිනියකගෙන් නිදහසට කරුණු විමසයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති   ඉදිරියේ පැවැති පරීක්ෂණයක් සඳහා පෙනී නොසිටීමෙන් කොමිසමට අපහාස  කිරීම සම්බන්ධයෙන් නඩු නොපැවරීමට දින හතක් ඇතුළත නිදහසට කාරණා ඉදිරිපත් කරන්නැයි  මොරටුවේ පාසලක විදුහල්පතිනියකට මානව හිමිකම් කොමිසම අද (01) නියෝග කළේය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නවය හා ඒ අට ගත් ශිෂ්‍යාවන් ජනප්‍රිය පාසල්වලට යෑමට චරිත සහතිකයක් ඉල්ලූ විට බලහත්කාරයෙන් අස්වීම ලබා දුන්නැයි ද කියමින් එම පාසලේ දෙමාපියන් තිදෙනකු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබිණි.

මොරටුවේ විද්‍යාලයයෙන් අස්වීම දුන්නද ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කර නොගත් නිසා කිසිදු පාසලක් නැතිව දරුවන් අසරණ වී ඇතැයි දෙමාපියෝ කීහ.

මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතා ඉදිරියේ අද (01) එම සිද්ධිය විභාගයට ගත් අවස්ථාවේ ජනප්‍රිය පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරියකු පැමිණ සිටියත් චෝදනා ලාභී මොරටුවේ විදුහල්පතිනිය වෙනුවට පැමිණ සිටියේ එහි නියොජ්‍ය විදුහල්පතිනියකි.

කොමිසමේ නියෝග නොතකා විමර්ශනයේ දී පෙනී නොසිටීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු නොපැවරීමට නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි එම විදුහල්පතිනියට නියෝග කළේය.

මොරටුවේ විදුහල්පතිනියට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, ජාතික පාසල් අධ්‍යක්ෂ සහ කොළඹ ජනප්‍රිය පාසල් කිහිපයක විදුහල්පතිවරු එම පෙත්සම්වල වගඋත්තරකරුවෝ වෙති.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අගතියට පත් දෙමාපියන් වෙනුවෙන් පෙනී සිටියේය.

 



අදහස් (0)

මොරටු විදුහල්පතිනියකගෙන් නිදහසට කරුණු විමසයි

සඳුන් පෙරේරා Wednesday, 02 July 2014 12:01 PM

චරිත සහතිකය දෙන්නේ නැතුව අස්වීමේ සහතිකයක් දුන්නද දන්නේ නෑ. (දී)

:       0       0

සීවලී Wednesday, 02 July 2014 12:07 AM

මෙයාට දෙන දඩුවම කුමක් වේවිද? (නි)

:       0       0

සංඛ Wednesday, 02 July 2014 03:56 AM

මෙහි අවසානය කෙසේ වේවිද? (නි)

:       0       0

සුපුන් Wednesday, 02 July 2014 01:25 PM

ඔබතුමාට තවත් නිදහසටත් කියන්න දේවල් තියෙනවද (දී)

:       0       0

එඩ්වර්ඩ් Tuesday, 01 July 2014 05:04 PM

අගතියට පත් දෙමවුපියන්ට සාධාරණයක් ඉෂ්ට වේවා! (නි)

:       0       0

නිමල් පෙරේරා Tuesday, 01 July 2014 05:47 PM

මානව හිමිකම් කොමිසමට කල හැක්කේ නිර්දේශ ඉදිරිපත් කිරීම පමනයි. මොවුන් ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විදුහල්පතිවරු නීත්‍යානුකූලව බැඳී නෑ. පලමුවසර ළමුන් ඇතුලත් කිරේමේ දී මොවුන් ගේ නිර්දේශයන් කිසිම විදුහල්පති කෙනෙක් ගනන් ගන්නේ නෑ.(දී)

:       0       0

නුවන් Tuesday, 01 July 2014 06:50 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුජා Wednesday, 02 July 2014 08:51 AM

මේ තත්වය ගොඩක් රාජ්‍ය ආයතනවල දකින්නට තියනවා.දේශපාලන බලය අතට ගත්තු ලොක්කෝ මානව හිමිකම් එකේ තීරණ වලට ගරු කරන්නේ නැහැ.එක ලොකු ප්‍රස්නයක් බවට දැන් වර්ධනය වෙලා. (දී)

:       0       0

ඩයස් Tuesday, 01 July 2014 07:15 PM

අපිට මේ කොමිසම ගැන විශ්වාසයක් තියෙනවා... (දී)

:       0       0

කුමාර රාජකරුනා Wednesday, 02 July 2014 09:44 AM

ඩයස් ඔයා ඉන්නෙ ලංකාවෙද?(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 951 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1568 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1423 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1209 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site