යුද්ධයේ දී අවතැන්වූවන් හා අතුරුදන්වූවන් ගැන මරදානේ දී විදේශිකයකුගේ ද සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකට බලයෙන් ඇතුළු වූ බව කියන පිරිසක් ද, සාකච්ඡාවට කැඳවූ පිරිස ද මරදාන පොලිසියට ගොස් සිටිති.
මේ අතර එම පිරිස අතර භික්ෂූන් කීප නමක් ද සිටින බව දැනගන්නට ඇත.
යුද්ධයේ දී අවතැන්වූවන් හා අතුරුදන්වූවන් ගැන මරදානේ දී විදේශිකයකුගේ ද සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකට බලයෙන් ඇතුළු වූ බව කියන පිරිසක් ද, සාකච්ඡාවට කැඳවූ පිරිස ද මරදාන පොලිසියට ගොස් සිටිති.
මේ අතර එම පිරිස අතර භික්ෂූන් කීප නමක් ද සිටින බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1971, 1989 හෝ 2009 කිසිම වෙනසක් නැහැ. මානව අයිතිවාසිකම් කාගේත් එකයි. මේක ගැන කතා කරන්න වත් අපේ අය අකමැති මොකද කියල මට නම් හිත ගන්න බැහැ. (නදී)
මේක අපේ රට අපිට තියෙන්නනෙ මෙච්චරයි.(දී)
මේවා ත්‍රස්තවාදීන්ගේ ඩොලර් සාක්කුවේ දාගන්න කට්ටියකගේ රට පාවල දෙන සමුළු.(නදී)
මතක තියාගන්න. අද මේවා කරන්නේ අපේ රට ඇතුළතයි .ඒවාට අයිතියක් තිබෙනවා (නි)
නීතියට අනුව වැඩක් නම් කම් නැත (දී)
ලෝකේ අනිත් රටවල මානව හිමිකම් උල්ලංගනය වෙන ඒවා හොයන්නන කලින් අපි අපේරටේ තියෙන අඩුපාඩු හොයලා නිවැරදි කර ගමු එතකොට අපේරටට ඇගිලි ගහන්න සුද්දන්න්ට බැරි වෙනවා.කළයුත්ත නොකර විකාර කතා කිව්වාට පලක් වෙන්නේ නැහැ. (දී)
මට නම් හරිම සතුටුයි (නි)
මේ ලියන කව්රුත් 1989 වාසු සහ ජනධිපති තුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සිලයට ගියපු එක මතක නැද්ද ජ වී පෙ මර්දනයට ප්‍රේමදාසට එරෙහිව. අද මතකවත් නැහැ වගේ ඉන්නේ (නදී)
1505 ඉඳලම අපිට ලෙඩ දැම්මේ ඔය සුද්දෝ තමයි. දැන්නම් ඉතින් ලේසි නැහැ දැන් ඉන්න ශ්‍රී ලාංකිකයෝ ටිකක් බුද්දිමත් (නදී)
තමන්ගේ වල කපාගන්න බව පේනවා. (නදී)
අවතැන් වූවන්ට සහන ලබා දෙන්නත් අතුරුදහන් වූ අය හොයලා දෙන්නත් පුළුවන් වුන එකම සංවිධානයක්වත් මෙච්චර කල් අපේ රටේ නම් ඇති උනේ නැහැ . සිදු උනේ අතුරුදහන් වූවන් සහ අවතැන් වූවන් විකුණාගෙන කෑමයි. මේකත් අනිවාර්යයෙන්ම ඒ වාගේ සංවිධානයක් බව පෙනෙනවා. හිටිය අය දිහා බැලුවහම. සමහර අන්‍ය ආගමිකයන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගැන පුදුම වයිරයක් තියෙන බව පෙනෙනවා දාලා තියෙන කොමෙන්ට්ස් දිහා බලපුවහම. (නදී)
මානව අයිතීන් කියන වචනයෙන් කියන්නේ තමන්ගේ ආරක්ෂාව සහ නිදහස කියලා දන්නේ නැද්ද? (නි)
අපි නම් බොහොම හොඳින් දන්නවා ඇත්ත (නි)
ප්‍රජාතන්ත්‍රවාදී රටක මනුෂ්‍ය ජීවිත අතුරුදහන් වෙන්න බැහැ. ත්‍රස්තවාදී සංවිධාන වලින් අතුරුදන් කළ අනිත් අතුරුදන්වීම් අහක දාන්න බැහැ. වහගකිවයුතු රාජ්‍යක යහපත් සමාජීය ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පමණයි ස්ථාපිත කරන්න පුළුවන්. අද අපි වෙනුවෙන් නොවුණත් අපගේ හෙට දරුවන් වෙනුවෙන් යහපාලනයක් සහ විනයක් ඇති නීතිගරුක සමාජයක් වෙනුවෙන් හරි අනුමත නොකළයුතු පීඩාවන්ට එරෙහි වන්න. (නි)
ලුම්බිනී, මේ ලෝකේ ලොකුම මානව හිමිකම් නැතිවෙලා තියෙන්නේ ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සිරියාව, සුඩානය සහ තවාත් ගොඩක් අෆ්‍රිකානු රටවල සිටින අහිංසක ජනතාවට. මේ ඔක්කෝටම වගකියන්න උනේ ඔය සුදු හම තියෙන අය තමා. මේ හුගක් දේවල් මම දැකපු දේවල්. මේවා ලෝකෙට විවෘර්ත නැහැ. ඇත්ත බොරු වෙලා බොරුව ඇත්ත වෙලා තමා ලෝකෙට එන්නේ. හැම තැනම මුදලට යටවෙලා. (නදී) අපිටත් ඒ ටික බොහොම ඉක්මනට ලගවේවි ඕකුන්ව විස්වස කලොත්.
ලුම්බිණි 1971, 1989 අතුරුදහන් වුවන් ගැන විදේශිකයන්ගේ මැදිහත් වීමක් වෙනෙකක් නැහැ. මොකද ඒවගෙන් සංවිධායකයන්ට ඩොලර් හම්බවෙන්නේ නැහැ. මේක නියතවම එන්.ජී.ඕ ඩොලර් කාක්කන්ගේ වැඩක්. අවංකව මානව අයිතිවාසිකම් වෙනුවෙන් විදේශිකයන්ට පෙනිසිටිනවා නම් අද එ්කට සුදුසුම තැන පලස්තීනය (නදී)
අපේ තියන ප්‍රශ්න වලට විදේශිකයන් ගාව ගන්න එක අනුමත කරන්න බැහැ. කොහොම උනත් ඩොලර් වලට කරන රට පාවාදෙන එන්.ජී.ඕ නඩේක වැඩක් වගෙයි පේන්නේ. (නදී)
1971 දී සිංහල බෞද්ධ තරුණ තරුණියන් 10,000ක් අතුරුදහන් උනා. 1988-89 වකවානුවේදී ඒ වගේම තරුණ අය 80,000ක් විතර ඝාතනය උනා. මේ ගැන කව්රුත් මානව අයිතිවාසිකම් ගැන කතා කලේ නැහැ. හේතුව දන්නවනේ. (නදී)
මම ඔය ප්‍රවුර්තිය ෆේස් බූක් එකේ දැක්කා. ප්‍රසිද්ධ පාදිලි තුමන්ලා කිහිප දෙනෙකුත් රැස්වීමේ ඉදලා තියෙනවා. දෙමාපියන් රැසක් සහ අතුරුදන් වුවන්ගේ යැයි හිතන්න පුළුවන් උදවිය රැසක් හිටියා. භික්ෂුන් වහන්සේලා අතරමැදට වී බාධා කරන බවක් තමා පෙනෙන්ට තිබුනේ. කෙසේ වෙතත් ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව සාධාරණව කටයුතු කිරීම රටේ කීර්ති නාමයට හොඳයි. තියෙන ලෙඩ හොඳටම ඇති. (නදී)
ඔය සුද්දට බැරිද දන්නේ නැහැ ගාසා තිරයේ වෙන අතුරුදහන් වීම් බලන්න. (නදී)
මේකට ප්‍රතිචාර දාලා තියෙන අය දිහා බලපුවම තේරෙනවා රටට තියෙන ආදරේ. (නදී)
අසාම් ඔයාලගේ අවතැන් වෙච්ච අයට පහසුකම්, අලුත් නවාතැන් ලැබෙනවනේ. දන්නා තරමින් කව්රුත් අතුරුදහන් වෙලා නම් නැහැ නේද? සුද්දෙක් ඇවිත් හොයනවා නම් අපේ රටට ආදරේට නොවේ. ඉන්න රටට ආදරේ කරන්න.(නදී)
දැන් අතුරුදන් වූවන්ගේ කොමිසමක් තියෙනවනේ. ඉතින් එ්කට යන්නකෝ දැන් ඒ අය හැමතැනම ගියානේ.එකට ගියේ නැතිව එනවා මෙතන ලෝකේ වටේ යන්න.ඩොලර් කාක්කන්ට ඩොලර් ගන්න මොනවා හරි කරන්න ඕනනේ. (අ)
ලුම්බිණි..අපේ මානව අයිතිය ගැන කතා කරන්න විදේශිකයන් සහ ඔවුන්ගේ ඩොලර් අවශ්‍යමද? (අ)
අසාම්.ලුම්බිණි.කොටි අතුරුදහන් කරපු සිංහල.දෙමළ ,මුස්ලිම් .... අය ගැන මොනවද හිතෙනේ..(අ).
ලුම්බිණි ඔයා දන්නා මානව අයිතිය. (අ)
මේක තනිකරම ඩොලර් ගේමක් බව පේනවා විදේශිකයෝ ඉන්න එකෙන්ම. ඩොලර් දෙනවා නම් අපේ අය අම්මවත් විකුනගෙන කාවි.(නදී)
අබසරණයි (නදී)
මේක තමා අපේ මානව අයිතිය, ප්‍රජාතාන්ත්‍රික අයිතිය. ජය වේවා. (නදී)
අවතැන් වුවන්ට, අතුරුදන් වුවන්ට කිසිම පිහිටක් නැහැ එ්කටත් හෙනහුරා පාත් වෙලා (නදී)
පලස්තීනයේ රැස්වීමක් තියන්න යන්න ඔක්කොමලා. (නදී)