IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මුරුන්ගස්යායේ නාහිමිගෙන් වෙද සිසුන්ට ශිෂ්‍යත්ව

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුංගස්යායේ ඥාණිස්සර නාහිමියන් විසින් 1998 දී ආරම්භ කරන ලද මුරුංගස්යායේ ඥාණිස්සර නාහිමි පදනම ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළුවන  අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන්හට වසරේදීත් ශිෂ්‍යත්ව පිරි නැමීය.

මෙවර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පවත්වන ලද්දේ කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේදීය. 

මුරුංගස්යායේ ඥාණිස්සර නාහිමි, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තමෙළියේ ඉන්දසාර නාහිමි, විතාරන්දෙණියේ මේදානන්ද හිමි, මුලනේ ගුණානන්ද හිමි, පුජ්‍ය කිරින්දේ පේමසිරි හිමි, පුජ්‍ය මහගම සුනීත හිමි, තෝරකොළයායේ රතනසිරි හිමි හා බලංගොඩ නන්දසිරි යන හිමිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙවර ශිෂ්‍යත්ව ලැබූ සිසු සිසුවියන් සියලු දෙනා සමඟ ඔවුනගේ දෙමාපියෝ එම උත්සවයට සහභාගී වුහ.

ඥාණිස්සර නාහිමි පදනම මගින් පසුගිය වසර 15 දී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි ආර්ථික දුෂ්කරතා ඇති දරු දැරියන් විශාල පිරිසකගේ අධ්‍යාපන කටයුතු සඳහා විවිධ අයුරින් උදව් උපකාර ලබාදී ඇත.

 

 

 

 

 



අදහස් (0)

මුරුන්ගස්යායේ නාහිමිගෙන් වෙද සිසුන්ට ශිෂ්‍යත්ව

ලකී Tuesday, 10 December 2013 08:27 PM

හොද වැඩක් (නි)

:       0       0

නන්ද පැරිස් Tuesday, 10 December 2013 10:05 PM

මෙම සත් ක්‍රියාව කරන මුරුන්ගස්යායේ හාමුදුරුවෝ මෙන්ම දිගු කලක සිට දුෂ්කර පෙදෙස් වල සිටින සිංහල සිසුන්ගේ දැස් පෑදු පැරිසියේ චන්දරතන හමුදුරුවන්ද මම මෙහිදී ගෞරව පුර්වකව සිහිපත් කරමි. (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 11 December 2013 11:56 AM

දේශපාලුවෝ සම්බන්ධ කර නොගැනීම පිළිබඳව මගේ ප්‍රණාමය!! ඔබවහන්සේලාට බුදු සරණයි. (ස)

:       0       0

සුසිලා පැරිස් Wednesday, 11 December 2013 12:31 PM

උන්වහන්සේ ප්‍රංශයේදී ගන්න වැටුපත් වතුපිටි වලින් ලැබෙන ආදායමත් දෙන්නේ දරුවන්ට. ආනන්ද සහ චන්ද්‍රරත්න සමාදානය කිරීමේ පිනම උන්වහන්සේට නිවන් දකින්න ඇති. (ස)

:       0       0

හේමාලංකාර හිමි Wednesday, 11 December 2013 12:12 AM

මේ උතුම් ක්‍රියාව දිගුකලක් කිරීමට නාහිමිට නිදුක් නිරෝගී සුව පතනවා. (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 11 December 2013 01:50 AM

මේ වගේ ප්‍රවෘත්තියක් අසන්න ලැබීමත් වාසනාවක්. ධනය රැස් කිරීම හා ආත්මාර්ථය අතර දුරාතීතයේ පටන් එන ගතානුගතික චින්තනය නිෂේධ කරමින් මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියන් ලොවට දෙන පණිවිඩය අනුශාසනා දහසකට වඩා වටිනවා. ඒ හිමියන් වෛද්‍ය සිසුන්ට ආධාර කරන්නේ දුප්පත් පවුලකින් වෛද්‍ය විද්‍යාලයට තේරුනත් අග හිඟකම් නිසා ඒ අධ්‍යාපනය කඩාකප්පල්වීමට ඇති ඉඩකඩ අහුරාලන්නයි. අනික මේ වෘත්තියෙන් රෝගාතුරව අසරණ වන ජනතාවට සෙත සැළසිය හැකි වීමයි. මේ කටයුත්ත අඛණ්ඩව පවත්වාගෙන යාමට ඥානිස්සර හිමියන්ට නිරෝගී සුව හා දීර්ඝායු පතමි. (නි)

:       0       0

ශිරානි Tuesday, 10 December 2013 04:49 PM

වෛද්‍යවරු වුනාට පස්සේ අමතක නොවේවා. දුප්පත් රෝගීන්ට කාරුණිකව සලකත්වා. (ස)

:       0       0

දයා Tuesday, 10 December 2013 04:55 PM

බෞද්ධ පුත්‍රයන් වූ ඔබ වහන්සේලා මගේ රටට වාසනාවන්. (ස)

:       0       0

ගාමිණි Wednesday, 11 December 2013 06:26 AM

මුදලට යටව සිවුරට මුවාවී දුසිරිතෙහි යෙදෙන අනෙකුත් භික්ෂුන් වහන්සේලාත් මෙය ආදර්ශයක් වේවා. (නි)

:       0       0

අසෝකා Tuesday, 10 December 2013 05:58 PM

උපදින අප සැවොම දිනකදී මිය යනවා ... ඒ යන විටදී වෙන ගෙනියන්නද මොනවා...... මිනිසත් බව ලැබූ අප අද දන් දෙනවා. ... මිය යන විටදී ඒ කළ හොද ගෙනියනවා.... (නි)

:       0       0

නුවන් Tuesday, 10 December 2013 07:17 PM

වෙන්න දොස්තර අයට විතරද මේ සැලකිලි හාමුදුරුවනේ ?. කලා විෂයන් කරන අයටත් මෙහෙම උදව්වක් කරන්න හාමුදුරුවනේ.(නදී)

:       0       0

මණ්ඩාවල හාමුදුරුවෝ Tuesday, 10 December 2013 07:32 PM

මේ හාමුදුරුවන්ගේ හෘදයාංගම පරිත්‍යාගයට මගෙන් හෘදයාංගම සුබ පැතුම්! (නි)

:       0       0

සනී Tuesday, 10 December 2013 07:42 PM

ඉතාම පින් අතේ වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 61 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 3 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 340 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 53 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 410 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 342 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14544 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site