අම්බලන්තොට රුහුණු රිදියගමින් අනවසරයෙන් කැපූ කොහොඹ දැව තොගයක් ලොරියක පටවාගෙන යමින් සිටිය දී අම්බලන්තොට බැරගමදී වන නිලධරයන්ගේ අත්අඩංගුවට පත් විය.
කාරයකින් හා යතුරුපැදි නවයකින් ආ මැර පිරිසක් දැව තොගය පාරේ දමා රියදුරා හා ලොරිය රැගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශ්චර්ය තරු පෙනෙන්නේ තවත් ඉදිරියටයි (නි)
තවත් නයිජීරියාවක් හඳුන්වාදීම පිළිබඳව තුති. (නදී)
චමිල ඒකද ඔයාට දැන් තියන ප්‍රශ්නය? (නදී)
මම මේ කල්පනා කළේ,අපේ ලංකාව ලෝකයේ මොන රට සමඟද දැන් සංසන්දනය කරන්නේ කියලා. හැත්තෑව දශකයේ පිලිපීනයටද ,එහෙම නැත්නම් හැත්තෑව දශකයේ උගන්ඩාවටද? (නි)
නිශාර්ඩ් ප්‍රීනා ඔබ හරි. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනේ නැහැ. අප විසින් විසඳාගත යුතු ප්‍රශ්නය ලබන සැරෙත් මැරයන්ටම පාලන බලය දෙනවද කියන එක. ඒ කත් මැර බලය යොදා ලබා ගත්තොත් (ඉතිහාසයේ කළා වගේම) ශ්‍රී ලංකාවට සතර වරම් දෙවි පිහිටයි.(නදී)
මේ රටේ වෙන ගොඩක් වැරදි වැඩවලට දකුණ ගැවිලා තියනවා . (අ)
මැරයෝ පැන්නම රාජකාරිය අහවරද? පොලිසියට කෝල් කරලා පලා යන වාහනය අල්ලගන්න බැරිද? (නදී)
රටේ හැම තැනකම හොරකම වංචාව දුෂණය කාටද ආඩම්බර (නදී)
කොහොමද රටේ වැඩ. (නදී)
කාරයකින් හා යතුරුපැදි නවයකින් ආවා නම් හිතා ගන්න පුළුවන් කව්ද පස්සෙන් ඉන්නේ කියලා. (නදී)
දැව පටවා ගෙන යන දැව හොරුන් පසුපස.. වනජීවී හෝ පොලීසියෙන් එලවන්නේ නම් බැරිම තැන කරනුයේ දැව තොගය පාරට ටිපර් කර පලා යාමයි .එසේ කරන්නේ වාහනය රාජසන්තක කරගැනීම වලකා ගැනීමටත් හා නීතියෙන් දඬුවම් විඳින්නත් සිදුවෙන බැවිනි (නදී)
ලංකාවේ අනිත් පළාත් සමග සන්සන්දනය කර බලනකොට දකුණ මේ වගේ දේවල්වලට සෑහෙන්න ප්‍රසිද්ධියක් උසුලනවා වගෙයි. මම මෙහෙම මගේ නිදහස් අදහස් පල කලාට කවුරු හරි මට බනිවිද කියලත් සැකයි. දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කරමින් සිදුවෙන මෙවැනි දේවල් ලංකාවේ කොහෙවත් සිදු නොවිය යුතුයි, ඒවාට වහාම තිත තැබිය යුතුයි. (නදී)
මේ මැරයෝ අයසරලත් අයද ? (නදී)
ආයේ කතා දෙකක් නැහැ, දේශපාලුවෙක් මේක පිටුපස ඉන්නවා (නි)
අහෝ ශ්‍රී ලංකා! (නි)
මේවට මොකද කියන්නේ "මේ පිළිබද පරීක්ෂන පවත්වනව" කියයි වෙන මොනව කියන්නද (නදී)
සමහර දේශපලකයොත් ඕවා පසු පස සිටී නම් වෙන කතා කුමටද? (නදී)
මේක තමා රුහුණේ අභිමානය. (නදී)
දැයට කිරුළ (නදී)
ඔත්තුවටත් නඩුවටත් හරියන්න දැවටික තියල කට්ටිය සතුටින් විසිර යති, දැන් දෙගොල්ලොටම සතුටුයි (නදී)
එතකොට පොලිසියේ අය නිදාගෙනද දන්නේ නැහැ නේද හිටියේ? (නි)
ඇයි නීතිය තදින් ක්‍රියාත්මක නොවෙන්නේ? (නි)
ඔන්න ඕක තමයි ආශ්චර්යය කියන්නේ (නි)