IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මාරුවෙන් පසු තවත් චෝදනා පත්‍රයක්

අසාධාරණ ගුරු මාරුවක් ලැබුණු බව කියමින් ඊට  විරෝධය පා  කොළඹ රාජකීය විද්‍යාලයයේ වහළය උඩ නැගි ගුරුවරිය    මාධ්‍යයට අදහස් දැක්වීමේ චෝදනාවට ද යටත් කර නව සංශෝධිත චෝදනා පත්‍රයක් නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.

2012.09.08 වැනි දා නිකුත් කළ මුල් චෝදනා පත්‍රය සංශෝධනය කරමින් නව සංශෝධනය එවා ඇත්තේ 2013.12.11 වැනි දා ය.

පළමු චෝදනා පත්‍රය අනුව පත් කළ විනය පරීක්ෂණය පසු ගිය 12 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශයේ දී විනය පරීක්ෂණය ආරම්භ කළේය. ඊට එම ගුරුවරියද සහභාගී වී ඇත.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2-2 පන්තියේ නිලධාරිනියක වන විතානගේ කළ්‍යානි දිසානායක මහත්මිය රාජකීය විද්‍යාලයයේ වහළය උඩට නැංගේ පසුගිය අගෝස්තු 30 වැනි දාය.

ඇයට ලබා දී තිබූ ස්ථානමාරුව අවලංගු කර ඇය දැනට කලාප කාර්යාලයයට අනියුක්ත කරනු ලැබ සිටින්නීය.

අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නව චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලයයේ සේවය කරමින් සිටියදී වෘත්තියට නොගැලපෙන සිද්ධියක් පිළිබඳ ජනමාධ්‍යවලට ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමෙන් ආයතන සංග්‍රහයේ  වගන්ති උල්ලංඝනය කර ඇති බවයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මාධ්‍යයට අදහස් දැක්වීම ගැන එම ගුරුවරියට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කළත් ඇයට එරෙහිව අදහස් ප්‍රකාශ කළ එම විද්‍යාලයයේ අනිත් ගුරුවරුන් ගැන පරීක්ෂණයක් නැති බවයි.

මෙය එම ගුරුවරියගෙන් පළි ගැනීමට කළ වැඩක් බවත්, ඇයට ස්ථාන මාරුව ලැබුණේ අසාධාරණකම්වලට එරෙහිව හඩ නැගීම නිසා බවත් නීතිය සැමට සාධාරණ නම් අනිකුත් ගුරුවරුනට එරෙහිව ද විනය පරීක්ෂණ පැවැත් විය යුතු බවත් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා පැවසුවේ අනිත් ගුරුවරුන්ට එරෙහිව පැමිණිලි ලැබී නැති බවයි. එවැනි පැමිණිල්ලක් ලදහොත් සාධාරණ විමර්ශනයක් පවත්වන බව ද දිසානායක මහතා කීවේය.

 



අදහස් (0)

මාරුවෙන් පසු තවත් චෝදනා පත්‍රයක්

බණ්ඩාර Tuesday, 24 December 2013 12:08 AM

ගුරුවරයෙකුට අසාධරනයක් උනොත් එයාටම ගහනවා. අක්කා බය නැතුව ඉන්න. ඔයාට විතරක් ආයතන සංග්‍රහය ක්‍රියාත්මක කළොත් බලමුකො. (ත)

:       0       0

විශ්වජිත් Tuesday, 24 December 2013 06:22 AM

නිතිය කාටත් පොදු විය යුතුයි . සියලු දෙනාම එයට ගරු කළොත් රට හැදේවි නැත්නම් රට විනාශයි.. නීතිය බලය අනුව භාවිතා නොකලයුතුය.(අ)

:       0       0

රූපවතී Tuesday, 24 December 2013 07:34 AM

තදින්ම දඬුවම් කරන්න.(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 24 December 2013 09:10 AM

ආයතන සංග්‍රහයේ වගන්තිවලින් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා නේද? (නදී)

:       0       0

අශෝකා Tuesday, 24 December 2013 07:10 PM

පළවෙනියෙන්ම කිව යුත්තේ අද අපේ රටේ පාසල් වර්ග කිරීම නතර කල යුතුයි. මොකද රෝයල් විසාඛා වලට යන ගුරුවරු හිතන්නේ එයාල තමයි ඉහල පැලැන්තිය කියලා. ඒ ගොල්ලෝ ඉන් පසුව වෙනත් පාසල් වලට යන්න කැමති නැහැ. ඊලග එක තමයි ටියුෂන් සෙල්ලම ගම් වලට බෝ උනෙත් ඔන්න ඔය කියන ලොකු පාසල් වලින්. දැන් මේ ගුරුතුමියගේ ප්‍රශ්නය සාධාරණද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් කාගේ උනත් ප්‍රශ්නයකට සාධාරණ පිලියමක් තිබිය යුතුයි.(නදී)

:       0       0

ප්‍රියන්ත සිංහආරච්චි Tuesday, 24 December 2013 10:25 AM

මතු පිටින් පෙනෙන දෙය නෙවෙයි සෙවිය යුත්තේ. එතුමිය වහලට නගින්න තරමට ඇය ඒ තත්වයට පත් කල අයටයි පරීක්ෂණ පැවැත්විය යුත්තේ. නැතිව නිකං කෙනෙක් වහලට නගින්නේ උස බලන්න ද? (නදී)

:       0       0

යසවතී Tuesday, 24 December 2013 11:19 AM

මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. (ස)

:       0       0

සරසී Tuesday, 24 December 2013 09:45 PM

ගමේ පාසලෙන් යන්න බෑ කියල වහලේ උඩ නැගපු කව්රුත් ඉන්නවද.? (නදී)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 24 December 2013 12:29 PM

ඉස්සර ගුරුවරු දැන් වගේ උඩ පනින්නේ නැහැ. ඉස්කෝල තියෙන්නේ ළමයින්ට ඉගෙනගන්න. ගුරුවරු ඉන්නේ ළමයින්ට උගන්වන්න. මෙයාලා සේරම කරන්නේ ළමයි බිල්ලට තියන් ආණ්ඩුවෙන් කප්පම් ගන්න එක.(නදී)

:       0       0

ආනන්ද Tuesday, 24 December 2013 12:34 PM

ලංකාවේ අධ්‍යාපන බලධාරීන් හොඳයි. නියම තීන්දු තීරන ගන්නේ. අධ්‍යාපන බලධාරීන්ට නායකත්වය සපයන අයද එසේමය.(නදී)

:       0       0

චින්තක Tuesday, 24 December 2013 12:55 PM

තමන්ට සිදුවුණු අසාධාරණය ගැන ගුරු මාතාවක්‌ වෙලත් වහලට නැගීමට තරම් එඩිතර වීම ගැන ආඩම්බර වෙනවා. ආයතන සංග්‍රහයේ මොනවා තිබ්බත් තමන්ට වුණු අසාධාරණය ගැන කියන්නේ නැතිව ගොලුවෙක්‌ වගේ ඉන්න කියලද කියන්නේ. ලංකාවේ සේවකයන්ට තිබෙන අයිතිවාසිකම්වල තරම මේවායින්ම තෙරෙනවා. (නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 24 December 2013 01:50 PM

"වෘත්තියට නොගැලපෙන සිද්ධියක්" කියන්නේ මොකක්ද? ළමයින්ට ඉගැන්වීමට අමතරව තව කොතෙක් දේවල් තියෙනවද ගුරු වෘත්තියට අදාලව? ඇගේ මාරුව හරි නම් මොකටද අවලංගු කලේ?ආයතන සංග්‍රහයේ තියෙන්නේ මෙන අසාධාරණය වුනත් ඉවසගෙන ලොක්කන්ට ඕනැ විදියට ඉන්න කියලද? පිරිමි ගුරුවරුන්ට නැති හයියක් මෙතුමියට තිබුනා. මේ වගේ ගුරුතුමියන් ඉන්න ඕනේ දරුවන්ට ආදර්ශෙට ගන්න. නැත්නම් බිහිවෙන්නේ අසාධාරනයට ඔලුව පහත් කරන නිවට පරපුරක්. ලොක්කන්ට බිහිකරගන්න ඕනත් එහෙව් පරපුරක් වෙන්නැති. ඒකයි මෙතුමියට මෙතරම් අරියාදුව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 312 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 429 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 90 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 618 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 906 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site