වැලිවේරිය නැදුන්ගමුව රතුපස්වල ඇතුළු ගම්මාන දහයක පමණ ළිං වතුරෙහි අම්ල ගතිය අඩුවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගේ චෝදනවට ලක්ව ඇති කර්මාන්ත ශාලාවට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා නීතිඥ සහය තමන් විසින් ලබා දෙන බව අද දහවල් ගම්පහ අධිකරණ භූමියට පැමිණි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවේය.
මර්වින් සිල්වා මහතා ඊයේ පෙරවරුවේ අදලා කර්මාන්ත ශාලාව වෙත පැමිණ එහි පාලානාධිකාරිය සම සාකච්ඡා කොට අද පෙරවරු දහය වනතෙක් කර්මාන්ත ශාලාව වසා දැමූ අතර එහි සේවකයින් ඉවත් කරමින් ගම්වැසියන්ට පොරොන්දු වූයේ ජලයේ පී.එච් අගය අඩුවීමට හේතුව කර්මාන්ත ශාලාවදැයි යන්න සෙවීම සඳහා කරන පරීක්ෂන වාර්ථා එනතුරු කර්මාන්තශාලාව වසා දැමීමේ අධිකරණ නියෝගකට යාමට ජනතාව සමග තමාද අධිකරණයට යාමට පැමිණෙන බවය.
පොරොන්දු වූ පරදි මර්වින් සිල්වා මහතා අද ගම්පහ අධිකරණ භූමියට පැමිණියේය.
‘එහිදී මර්වින් සිල්වා මහතා පැවසූවේ පෙරේදා තමන් විසින් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා ජනතාවගෙන් උද්ඝෝෂනය නතර කරන ලෙස ඉල්ලා සිටි මුත් ජනතාව ඒ සඳහා එකගතාවය නොදැක්වීම පිළිබඳව කනගාටු වන බවත් කෙසේ වුවත් තමන් රජය පැත්තේ නොව ඉදිරියටත් මෙම ප‍්‍රශ්නයේදී ජනතාව සමග සිටින බවය.
එහිදී ගම්වැසියන්ගේ සහයට පැමිණ සිටින මුල සිටම උද්ඝෝෂකයන්ට සහය දැක්වූ එම ප‍්‍රදේශයේම වැසියෙකු වූ නිතිඥ පාලිත සේනාරත්න මහතා මර්වින් සිල්වා මහතාට කරුණු පැහැදිලි කර දෙමින් කියා සිටියේ ගම්වැසියන් මර්වින් සිල්වා මහතාගේ ඉල්ලීමට පිටු පෑවේ අන් කිසි හේතුවක් නිසා නොව මෙතෙක් මේ ප‍්‍රශ්ණයට විසදුමක් දීමට සාකච්ඡුා කොතෙක් පැවත්වුවද මේ වෙන තෙක් පිළිගත හැකි විසදුමක් ඉදිරිපත් කර නොමැති බැවින් සහ මර්වින් සිල්වා මහතා හැරුනු කොට ප‍්‍රදේශයේ කිසිම ඉහළ පෙළේ දේශපාලඤයෙක් ගම්වැසියන්ගේ දුක දැකීමට පැමිණ නැති බැවින් බවත් කීවේය.
එසේම අදාල කර්මාන්ත ශාලාව පරිසරයට කර ඇති විනාශය පිලිබඳව කරුණු පැහැදිලි කළ පාලිත සේනාරත්න මහතා විවධ රසායානික අපද්‍රව්‍ය අවට ගල්වල වල් වලට සහ අවට ඉඩම් වල පුරවා පස්ගොඩවල් සේ ගොඩ ගසා දමා ඇති අන්දම පැහැදිලි කර දුන්නේය.
කෙසේ වෙතත් අවසානයේ මර්වින් සිල්වා මහතා පැවසුවේ මෙම ජල සටන ඉදිරියට ගෙනයාමට තමන්ගේ පූර්න සහයෝගය ලබා දෙන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතුන් සමග සාකච්ඡා කොට කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීම සඳහා තීරණයකට පැමිණෙන බවයි.
ඒ සඳහා මුදල්ද වියදම් කරන බවත් පැවසූ අමාත්‍යවරයා ජනාධිපකි නීතිඥයින් පවා අල්ලන බව කීය.
කෙසේ වෙතත් ස්ථිර විසදුමක් ලැබෙන තෙක් දිගටම උද්ඝෝෂණය කරන බව ගම්වැසියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා. තව ටික දවසයි. ජය සිකුරුයි. (නි)
අපේ ඇමතිතුමා කේන්ති ගනීද මන්දා.හෙට අනිද්දා ඡන්දෙත් එනවනේ නේද? බොන්න වතුර හදෙන් හරි දෙනවා කියන්නකෝ...නැත්නම් ඇල් වතුර නිවලා හරි බොන්න දෙනවා කියන්නකෝ. අනේ...! (නි)
කොහොම වුණත් අහිංසක ජනතාවට ලොකු සවියක් (නි)
ඇමතිතුමා මට මතක නැහැ කියයිද වැඩේ ළං වෙනකොට? (නි)
මෙවැනි ප්‍රශ්නයක් වෙනකොට, නිත්‍යානුකුලව පියවර ගන්න අතරම විද්‍යාත්මක පියවරයන්ද ගත යුතුයි. එනම් පරිසරයෙන් ගත් ජලය සාම්පලයකුත්, පස් සාම්පලයකුත් සහ කර්මාන්ත ශාලාවෙහි භාවිතා කරන රසායන ද්‍රව්‍ය සාම්පලයක් සහ ඉවතලන අපද්‍රව්‍ය සාම්පලයකුත් රසායනාගාරයකට යවා පරික්ෂා කොට සංසන්දනය කිරීමෙන් පසුව සාකච්චා කර සන්සුන්ව නිවැරදි තිරණයකට එළඹීම හොඳයි නේද. මේ කටයුත්තට පරිසරය පිළිබඳ කටුතු කරන දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කර ගත්තොත් හොඳයි (නි)
එයා මොකටද රතු පස්වලට ගියේ ඔය නඩුවට? අනික මට සැකයක් තිබෙනවා (නි)
අපි දන්නවා කාගේ කාගෙත් හැටි. අපි නම් රවට්ටන්න අමාරුයි. (නි)
පරිසර අධිකාරිය , පරිසර ඇමතිතුමා මොකද නිහඬ? මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න බැරිනම් පරිසර ඇමති ඉල්ලා අස්වෙලා මර්වින්ට පරිසර ඇමතිකම දෙමුද? (නි)
මේක හරිම හතර බීරි කතාවක්නෙ. මේ සම්බන්ධව වැඩ කරන්න වෙනමම ඇමති කෙනෙක් ඉන්නවා නේද? (නි)
මොනවා වුණත් මෙතුමා වැඩේට බැස්සොත් මොනවා හරි වෙනවා. (නි)
අර පරීක්ෂණය කරද්දී අපේ සියළුම ශක්තිය යොදා ආරක්ෂාව සපයා වැඩකරන්න වෙයි. දන්නවානේ සමාගම් වල ක්‍රමය. (නි)
මර්වින් සිල්වා මෙතනට එන්න ඇත්තේ ඇයි කියලද හිතන්නේ? (නි)
අපේ මිනිස්සු කොච්චර මෝඩද කියලා හිතෙනවා මේ අදහස් දෙස බලනවිට. ඔලු වලට කෑමවල/ වතුරේ විස ගහලාද? මේක ජාතියම නැති කරන්න තරම් ලොකු ප්‍රශ්නයක්. විහිලුවක් නොවේ. පරීක්ෂා කරන්න පුළුවන් අවංක අයත් එකතු වෙන්න ඕනෑ. නැත්නම් කියයි මේ වස මිනිස්සු මරන්න තරම් වැඩි නැහැ. ලෙඩ කරනවා විතරයි කියලා. කිරිපිටි වලට වගේ..? (නි)
ඇමතිතුමනි, පීඩාවට පත්ව සිටින දහස් සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම මහජන නියෝජිතයා ඔබතුමා පමණයි (නි)
කෝ අපේ පාරිසරික ඇමතිතුමා? (නි)
මර්වින් ඇමතිතුමා කෙලින් වැඩ කරන හැමදාම ජනතා යහපතට වැඩකරන කෙනෙක්. හොරුන්ගෙන් ඉඳුල් කාපු අයට එතුමාගේ යහපත් වැඩ වහකදුරු වගෙයි. (නි)
ඇමතිතුමනි, පළාතේ අනිත් කර්මාන්ත ශාලා වලින් බැහැර කරන අපජලය ගැනත් හොයලා බැලුවොත් පළාතේ ජනතාවට යහපතක් වේවි නේද ? බියගම වෙළඳ කලාපයේ අප ජලය පිරිසිදු කරන ස්ථානයක් නම් තිබෙනවා. වැඩ කරනවද දන්නේ නැහැ. (නි)
හිත හොඳ කෙලින් කතා කරන නියම සිංහලයෙක්. (ස)
මේවා ඡන්ද ගුණ්ඩු වෙන්නත් පුළුවන් (නි)
ජජනතාවනි ,නොරැවටෙන්න (නි)
මෙතුමා හොද වැඩත් කරනවා
ඉල්ලන්නේ බොන්න වතුර, දෙන්න යන්නේ කළු කෝට්. (ස)
නුවන්, නියම සිංහලයෙක් හැටියට මොහුව ආදර්ශයට ගන්න ඉතින් මට පිස්සු හැදිලා තියෙන්න ඕන.. (දී)
දැන්නම් පෙනෙන විදිය අනික් පැත්තට පනින හැඩයි. අපි යන්තම් බේරුනා කියලා මට හිතෙනවා (නි)
කට්ටිය එකතු වෙලා නීතිමය පියවර ගන්න. ඔය ගැට වලට අහුවෙන්න එපා. සල්ලි දෙන අයට වාසියට තමා නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අහු වෙන්න එපා. (නි)
හොඳ එකෙක් හොඳ පපුවක් (අ)
අනේ අපේ දෙවියා කැළණියට ආයෙත් පත් කරන්න කියලා අපි උද්ඝෝෂණයක් මෙතුමාගේ අනුග්‍රහයින් පවත්වමුද?(අ)
මේ පළාත්වල අහිංසක ජනතාව පත්වෙලා තියෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න කිසිවෙක් ඉදිරිපත් නොවෙන්නේ අදාල සමාගමෙන් සන්තෝෂම් ලැබිලද? ඡන්ද කාලෙදී අරවා දෙනවා කිය කියා යන දේශපාලකයන් කෝ දැන් මේ මිනිසුන්ගේ පමණක් නොවේ අනාගත පරම්පරාව වෙනුවෙන් කරන මේ සටනට සහයක් නොදෙන්නේ. මේ වන තෙක් කිසිම පක්ෂයක නියෝජිතයෙක් ඇව්ල්ලා නෑ නේද මර්වින් සිල්වා මහත්තයා ඇරෙන්න. ඇයි මේ මිනිසුන්ට සාධාරණයක් කරන්නේ නැත්තේ. (අ)
වැලිවේරිය රවට්ටන්න්න ටිකක් අමාරුයි .(අ)
රටේ කොච්චර සුදනෝ හිටියත් මෙතුමා විතර නේ මිනිසුන්ගේ මේ ප්‍රස්සනේ ගැන බලනේ. (අ)
මෙතුමාගේ සහය ජනතවට ඕනද.? කරුණාකර මේ වගේ දේශපාලකින්ට අහුවෙන්ද නම් (අ)
මේ බයිලා වලට රැවටෙන්ඩ එපා. (අ)
පරිස්සමින් පැත්ත මාරුකරයි (අ)
සිල්වා මහත්තය විතරද අපෙන් ඡන්දෙ ගත්තේ?කෝ මේ අනිත් අය?එතකොට පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යයංශය නිදිද? ඊළග පාරත් අපි මර්වින්ට විතරයි (නි)
ගම්පහ අය ලේසියෙන්ම රවටන්න පුළුවන් බව අපේ ඇමති තුමා දන්නවා ..(අ)
කට්ටිය එකතු වෙලා නීතිමය පියවර ගන්න. ඔය නළු බට්ටන්ගේ ගැට වලට අහු වෙන්න එපා.(අ)
නොරැවටෙනු ! ජනතාවනි , වැලිවේරිය (අ)
අදාල සමාගමෙන් සන්තෝෂම් හරි තැන්වලට ලැබිලා නැහැ වාගේ (අ)
තවදුරටත් මේ මිනිස්සු අසහනයට පත් නොකොට බලධරින් මේ ප්‍රශ්නය ගැන ජනතව දැනුවත් කල යුතුය..බලධරින්ගේ නිහැඩියාව ප්‍රශ්සන රැසක් ඇති කර ඇත (අ)
ඔය බොරු වලට අහුවෙන මෝඩ මිනිස්සු තාම රටේ ඉන්නවද, ඔය කොම්පැනිය මහින්දගේ ගොලයෙක්ගේ , මර්වින් ව එවන්ඩ ඇත්තේ උද්ගෝෂණ අලකරන්ට වෙන් ඇති. (අ)
ඔන්න ඇමති තුමා වැඩ පෙන්නලා ලකුණු දාගන්න වෙලාව.අරින්න එපා ඔහොම යමු. (අ)
ඇමතිතුමා ආණ්ඩුව එක්ක අමනාපෙන් වගේ..කිරි පැණි වගේ නේ හිටියේ.(අ)
යන එනමන් නැති වෙනකොට තමා ජනතාව මතක් වෙන්නේ..කට කටත් හොද පාඩම් මේවා.(අ)
ඔන්න බලන්න කොහොමද වැඩේ නේ ..? කෑමට පමණක් කට ඇරියේ ..ලගදීම වැඩකට බැහැල මිනිස්සුන්ව රවට්ටගන්න පුළුවන් . බව දන්නා නිසා .? මොකද සේරටම අමතක වෙනකම් හිටියේ ...කෙරුවාවල් ...? (අ)
ඔය කැකිල්ලේ රජ්ජුරුවෝය් ඔය එන්නේ !!! හිටපල්ලා නිශ්ශබ්ද වෙලා !!! කුමාර්. (අ)
එයාගේ නීතිඥයො නඩුවේදී අනිත් පැත්තට කතා කරයි (අ)
ප්‍රමිතියකින් තොරව හිතට එන එන දේ කරන එක නම් එපමණ සුදුසු නැහැ හොදේ (නි)
ගුටි නොකා ගිය එක පුදුමයක්.මෙය හදන්නේ අසරණ මිනිස්සුන්ගේ කර උඩින් යන්න.මේ සම්බන්ද පැමිණිල්ල මෙහය වන්න ඕනේ ආණ්ඩුවේ සල්ලිවලින්. නැතුව මරර්වින්ගේ මුදලින් නොවේ.මෙය හදන්නේ මිනිසුන්ව සල්ලිවලට ගන්න.(අ)