2000 දෙසැම්බර 20 වැනි දා යාපනයේ මිරිසුවිල්හි දී බාල වයස්කරුවන් තිදෙනකු ඇතුළු සරණාගතයන් අට දෙනකු හිංසාවට ලක් කර මරා දැමුවේ යැයි ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් පස් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විශේෂ නඩු විභාගයේ විත්තියේ දේශන අද (07) ආරම්භ විය.
නීතීඥ ධනරාජ් සමරසිංහ මහතා මහාධිකරණ විනිසුරුවරුන් වන පී සූරසේන (සභාපති), ලලිත් ජයසූරිය යන විනිසුරුවරුන් ඉදිරියේ විත්තියේ දේශන පැවැත්වීය.
ගුණපාලන් රවි වීරන් ,සෙල්ලමුත්තු තිවකුලසිංහම්, විල්වරාසා ප්‍රදීපන් (13) නදීරන් ජයචන්ද්‍රන් , සින්නයියා විල්වරාසා (40) කදිරගාමර් චන්ද්‍ර (35),ඥානචන්ද්‍රන් ශාන්ත (15) හා විල්වරාසා ප්‍රසාද් (05) 2000.12.19 වැනිදා මරා දැමීයැයි චෝදනා 19 ක් යටතේ ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් සුනිල් රත්නායත,ලුතිනන් සේනක මුණසිංහ,ලාන්ස් කොප්‍රල් පී එම් ජයරත්න , පුෂ්ප සමන් කුමාර් හා කෝප්‍රල් ජෙමිණි මුණසිංහ ට එරෙහි නඩු පවරා ඇත.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පෙනී සිටි අතර නොවැම්බර 13 දක්වා විත්තියේ දේශන කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර අමු අමුවේ දෙමල සිංහල මුස්ලිම් ජනතාව මරා දමල, අද බටහිර රටවල හව්හරණ යටතේ වැජබෙන අයට නඩු මොකවත් නැද්ද ? (නදී)
නඩුව ගැන නම් මට තේරෙන්නේ නැහැ. නමුත් 'යුක්තිය ප්‍රමාදවීම යනු යුක්තිය ඉටු නොවීම' නොවේද කියලා නම් මට හිතෙනවා. (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මට නම් මේ ගැන ගැඹුරින් තේරෙන්නේ නැහැ (නි)
හමුදාවෙන් මැරුවා නම් නිකම්ම මරන්නෙත් නැහැනේ ත්‍රස්තවාදීන් වෙන්න ඇති (නදී)
අපි අද බය නැතුව කොලඹ එන්නේ හමුදාවට පින් සිද්ද වෙන්න.(අ)
මොනවා වුණත් වැරදිකරුවන් දඩුවම් ලැබිය යුතුයි (නි)
වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙන්න (නි)
සමහරු හිතන්නෙ පහේ පන්තියෙ ළමයින් වගේ හරිම බොළඳ විදියටයි (නි)